අසරණ සුන්ඛයින් ගෙදරට ගෙනැවිත් මැණිකේ ඇන්ටි කරන සමාජ සේවාව


බව්… බව්…..වව්ව්ව්ව්ව්ව්ව්ව් 🐶🐕🐶

දැන් හැමෝම බලනව ඇති මොකද මම මේ බුරන්නෙ කියල නේද…?? ඔව්.. මම දැන් කියන්න යන්නෙ පොඩි බලු කතාවක්. අන්න ඒක නිසයි පටන් ගන්නකොටම පොඩියට බව්ව පාරක් දාලම පටන් ගත්තෙ…
ඇත්තටම මේ කතාවෙන් කියන්නෙ බව්වන් වෙනුවෙන් වෙන්වූ සමාජ සත්කාරයක් ගැන… 😊😊

මට මේ කතාව ලියන්න ගොඩාක් කාලෙක ඉඳන් ලොකු ඕනකමක් තිබ්බත්, මේ ටිකේම තිබ්බ පට්ට බිසිය නිසාම මේ වැඩේ ටික ටික පස්සට ගියා.

ඒත් මූණු පොතේ දැක්ක දෙයක් නිසා, මේ ලිපිය අද කොහොමහරි ලියනවමයි කියල හිතාගත්ත.

ඉස්සෙල්ලම කියන්නම් එහෙනම් මේ ලිපිය ලියන්නම ඕන කියල හිතට බල කරපු සිද්ධිය මොකද්ද කියල.

ඒකනම් පට්ටම බලු වැඩක්…. නෑ.. නෑ… එහෙම කිව්වොත් ඒක අපේ බව්වොන්ට අපහාසයක් වෙනව. ඒ නිසා ඒක බලු වැඩකට වඩා අන්ත, පහත් වැඩක් කියල කිව්වට වරදක් නෑ. ඇත්තටම ඒක මිනිසත් බව ලබපු අමනුස්සයෙක් කරපු වැඩක්.

ඒ පාපතරයා, පාරෙ ගිය අහිංසක බව්වෙක්ට පිහියෙන් ඇනල මරල තිබ්බ…. 😢😢

මේක මේ මනුස්සය කරපු පළවෙනි වැඩේ නෙමෙයි කියලත් කියනව. කොහොමහරි මේ වෙනකොට ඒ අහිංසක බව්ව ජීවිතෙන් සමු අරගෙන ඉවරයි. 😓😓

එහෙනම්, ඔන්න ඉතින් මේ ලිපිය ලියන එක ඉක්මන් කරවන්න මූලික වෙච්ච නිධාන කතාවනම් කියල ඉවරයි.

මැණිකේ ඇන්ටිගේ කතාව

ඉතින් මම මේ කියන්න හදන ප්‍රධාන ලිපියෙන් මට අවශ්‍ය වෙන්නෙ, මේ මැණිකේ ඇන්ටි කරන සමාජ සේවාවට මට කරන්න පුලුවන් උපරිම සහය ලබාදීම තමයි….. 😊

ගෙදරක ආරක්ෂාවට, තනිකම පාලුව මකාගන්න, අන්ධ මිනිස්සුන්ගෙ ලඟම හිතවතා විදියට ඉන්නත්, රටක ආරක්ෂක අංශ වලට විවිධ ආකාරයට සහයෝගය ලබා දෙන්නත් මේ බව්වො ගොඩක් දායක වෙනව.

ඉතින් මේ විදියට ගොඩක් අය බව්වොන්ගෙන් වැඩ ගත්තත්, කරුණා පාරමිතාවක් විදියට මේ අහිංසක බව්වන්ට පිහිට වෙන්නෙ ඉතාම සීමිත පිරිසක් තමයි…

පවතින නවීන තාක්ෂණය හරහානම් ගොඩක් සංවිධාන එකතුවෙලා , අසරණ සත්තුන්ට පිහිට වෙනව දකින එකත් සතුටට කාරණාවක්…

ඉතින් මම මේ කියන්න යන්නෙත්, තමන්ගෙ මහන්සියෙන්, බොහොම අමාරුවෙන් අසරණ බව්වොන්ව රැක බලාගන්න කෙනෙක් ගැන…

කවුද මේ මැණිකෙ කියන්නෙ…

ඇය නමින් මැණිකේ දයාරත්න මහත්මිය.

පාන්දුර, නිව්ඩාව, අළුබෝමුල්ල පැත්තෙ කොල්ලු කනත්ත පාරෙ තමයිමේ මැණිකෙ මහත්මිය එයාගෙ බව්වො සෙට් එකත් ආදරෙන් ඇතිකරගෙන බලා කියාගෙන ඉන්නෙ.

ඇය මේ ඉඩම කාලෙකට කලින් වෙන්දේසි වත්තකින් අරගෙන තමයි නිවස හදල තියෙන්නෙ. හැබැයි ඉතින් මේ නිවස හදල තියෙන්නෙ ඇයටත් ඇයගෙ පවුලෙ අයටත් විතරක් ඉන්නනම් නෙමෙයි

ඒ ගෙදර හදල තියෙන්නෙ, අසරණ බව්වොන්ටත් රැකවරණය දෙන්න පුලුවන්වෙන විදියටනෙ…

ඉතින් මම අහල බැලුව ඇයි මේ විදියට අසරණ බව්වොන්ට පිහිට වෙන්න හිතුනෙ කියල :

ඒක ටිකක් පරණ කතාවක්..

මීට අවුරුදු 12කට විතර කලින් මැණිකෙ මහත්මිය රස්සාව කරල තියෙන්නෙ රත්මලාන පැත්තෙ ආයතනයක. ඔන්න ඉතින් එක දවසක් උදේම එයා වැඩට යන්න පාරට ඇවිල්ල බස් එකක් එනකන් බලන් ඉන්නවලු. ටික වෙලාවක් ඉන්නකොට මේ ඇන්ටි දැකල තියනව ඒ කිට්ටුවම පාර අයිනෙ තිබ්බ පාලු ගෙයක් ලඟ බව් අම්ම කෙනෙකුයි, එයාගෙ පැටව් 6 දෙනෙකුයි සෙල්ලම් කර කර ඉන්නව. පොඩි උන්ගෙ දාන්ගලේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්. ඒක සත්තුන්ටත් එකයි, මිනිස්සු වුන අපිටත් එකයි. ඉතින් මේ බව් පැන්චො සෙට් එක දඟල දඟල පාරටත් ඇවිල්ල. මේ ඇන්ටිත් ඉතින් බස් එකක් එනකන් පාරට වෙලා ඉන්න ගමන් මේ පුන්චි උන්ගෙ බලු සුරතල් බල බල ඉඳල තියනව.

කොහොමහරි බව් පැන්චො ටික පාරට ආපු එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි කියල මේ ඇන්ටි හිතනකොටම ඈතින් වෑන් එකකුත් ඇවිල්ල තියනව.

ඇන්ටිත් ආයෙ හිත හිත ඉන්නෙ නැතුව අර වෑන් එක එන්න කලින් මේ පැන්චො ටික පාරෙන් අයින් කරන්න ඕන කියල හිතාගෙන ඔක්කොම පැන්චො ටික අල්ලගත්තලු. එහෙම අල්ලගෙන ඔක්කොම පරිස්සමට ඉන්නව නේද කියල බලනකොටම,

වේගෙන් ආපු අර වෑන් එකත් එතනින් “චරා..ස්” ගාල සද්දෙකුත් එක්කම එතනින් ඉගිලුනාලු…

ඒත් එක්කම පුන්චි බව් පැට්ටෙක් මහා… මර ළතෝනියක් එක්ක කෑගහගෙන පාර මැද්දෙ වැටිල බාගෙට චොප්ප වෙලා ඉන්නව දැක්ක මේ ඇන්ටිගෙ මුලු ලෝකම නැවතුනා වගේ දැනුනලු… 😢

ඒ අහිංසක බව් අම්මත් මේක දැකල පුදුමාකාර දුකකින් තමන්ගෙ මැරුනු බව් පැට්ටව ඉව කර කර බැලුවලු…

තමන්ගෙ ළමයෙක් නොවුනත්, හිතක් පපුවක් තියන මනුස්සයෙක්ටනම් ඒ වගේ සිද්ධියක් දිහා හිනාවෙවී බලන් ඉන්න පුලුවන් වෙයි කියලනම් හිතන්න බෑ. ඒ බව් අම්මට තමන්ගෙ දරුවෙක් පාරෙ මැරිල ඉන්නව දකින වේදනාව මට මෙතන වචන වලින් කියල දෙන්න විදියකුත් නෑ.

කොහොමහරි ඒ සිද්ධිය නිසා ගොඩාක් කම්පනයට පත් වුන මේ ඇන්ටි, ටික වෙලාවක් යනකන්ම එහෙමම ඉඳල, පස්සෙ තමන්ගෙ හිත ටිකක් යථාතත්වයට ආවට පස්සෙ පාරෙ අයිනට වෙලා ටිකක් කල්පනා කරල තීරණයක් ගත්තලු.

ඒ තමයි… අර පාරෙ හිටපු බව් පවුලම එයාගෙ ගෙදරට එක්කගෙන ගිය එක.

අන්න එදා ඉඳන් තමයි මේ කථානායිකාවගෙ ගෙදර, පාරෙ ඉන්න අසරණ බව්වොන්ට විවෘත වෙන්නෙ….

මේ විදියට පටන් ගත්තු සුනඛ නවාතැනේ දැන් නම් සෑහෙන්න බව්වො ඉන්නව කියනවනෙ.

මේ වෙනකන් ආපු ගමන…??

මේ විදියට ඉතින් ටික කාලයක් අර බව් පවුල බලාගෙන ඉන්නකොට, ඒ ගෙදරට බව් සාමාජිකයො ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගත්තලු. ඒ ඔක්කොම බව්වො පාරෙ අසරණ වෙලා හිටපු උන්නෙ. ඉතින් මේ ඇන්ටිත්, පාරෙ යනකොට කන්න බොන්න නැතුව අසරණ වෙලා ඉන්න බව්වෙක් දැක්ක ගමන් ඌව ගෙදරට එක්කගෙන එන්න පුරුදුවෙලා තියනව. ඔන්න ඔය විදියට ටික ටික බව් සෙට් එක සෑහෙන්න වැඩි වෙලා තියනව.

මුල් කාලෙනම් මේ ඇන්ටි එයාගෙ රස්සාවත් කරන ගමන් තමයි මේ බව්වොන්ව බලා කියාගෙන තියෙන්නෙ. ගෙදර ස්ථිර නවාතැන් අරගෙන ඉන්න බව්වන්ට අමතරව, ඒ ඇන්ටිලගෙ ගෙවල් පාරෙ ඉන්න හැම බව්වෙක්ටම කන්න බොන්න දෙන්නත් මේ ඇන්ටි පුරුදුවෙලා තියනව. ඒ වැඩේ අදටත් කරනවනෙ.

ඔය විදියට වැඩ කෙරීගෙන යනකොට තමයි වටේ පිටේ ඉන්න මිනිස්සු දැනගෙන තියෙන්නෙ මේ ඇන්ටිගෙ ක්‍රියා කලාපය ගැන.

ඒක දැනගත්තු මිනිස්සු ඊට පස්සෙ තමන්ගෙ ගෙවල් වල ඉන්න බව්වොත් පාරට දැම්මලුනෙ. ඇයි ඉතින් මේ ඇන්ටි කන්න බොන්න වෙලාවට දෙනව කියල දන්න නිසා.

අනේද කියන්නෙ ඉතින්…

ගොඩක් අය තමන්ට හදාගන්න බැරි බව්වන්ව රෑට හොරෙන්ම ගෙනත් මේ ඇන්ටිගෙ වත්තට දාල යන්න පටන් ගත්තලු. සමහර මිනිස්සු, තමන්ගෙ ගෙදර අසාවෙන් හුරතලේට හදපු අහින්සක බව්වො වයසට ගියාට පස්සෙ ඒක ගෙදර අයට වදයක් වගේ නිසා, එයාලත් ඒ වයසක බලු සීයල, ආච්චිලව මේ ඇන්ටිගෙ ගෙවල් පැත්තෙ අත ඇරල යන්න පටන් ගත්තලු.

අපේ ලංකාවෙ ඉන්නෙ ඉතින් අමුතු ජාතියෙ මිනිස්සුනෙ. මුල අමතක වීමේ රෝගයනම් සෑහෙන්න දෙනාට තියනව කියනවනෙ. ඒ නිසාද මන්ද ඉතින්, පුංචි කාලෙ හෙන ආදරෙන් හුරතල් කරපු බව් පැන්චො ලොකු වෙලා සීයල , ආච්චිලා වගේ උනාම ඒ බව් අයිතිකාරයො කරන්නෙ, ඒ අහිංසක සතාව පාරට ඇදල දාන එක. තමන්ව දස මාසයක් බඩේ තියන් හදල, කන්න බොන්න දීල, වෙලාවට බෙහෙත් දීල, අත පය නොකඩ හදපු තමන්ගෙ අම්ම, තාත්ත වයසට ගියාම, එයාලට සලකන්නෙ නැතුව, ඒ අහිංසක අම්ම, තාත්තට සලකන එක තමන්ට මදි කමක් කියල හිතාගෙන, ඒ අම්මල, තාත්තලව මහ පාරට ඇදල දාන අරුම පුදුම ළමයි ඉන්න මේ වගේ කාලෙක, තමන්ගෙ ගෙදර සුරතලේට හදපු බව්වෙක්ව පාරට ඇදලා දාන එක මහ දේකුත් නෙමෙයි ඉතින්.

කොහොම කොහොමහරි ඉතින් මැණිකෙ ඇන්ටිගෙ තියන සත්ව කරුණාව නිසාම ඒ හැම බව්වෙක්ටම ඒ ඇන්ටිගෙ ගෙදර නවතැන් ලැබෙනව. නවාතැන් නොලැබුනත්, පාරෙ ඉන්න හැම බව්වෙක්ටම කන්න බොන්න දෙන්නත්, වෙලාවට බෙහෙත් ටික දීල සනීපෙන් තියන්නත් මේ ඇන්ටි කවදාවත් පස්ස ගහන්නෙ නෑ.

මේ වැඩ වලට මැණිකෙ ඇන්ටිට බර වියදම් ඇති නේද..??

ඔව්.. ඇත්තටම බර වියදම් තමයි..

බව්වන්ට කන්න බොන්න දෙන්න, නවාතැන් හදල දෙන්න, නාවල කරල බෙහෙත් ටික කලට වෙලාවට දීල ලස්සනට බව්වො ටික තියාගන්න නිකන් බෑනෙ ඉතින්.

ඇත්තටම මේ හැමදේම වෙනුවෙන් ඇයට පෞද්ගලිකව සෑහෙන මුදලක් මාසිකව දරන්න වෙලා තියනව.

නිකන් හිතල බලන්නකො, ඔයාලගෙ ගෙදර ඉන්න එක බව්වෙක්ට කන්න බොන්න දීල බෙහෙත් ටික දීල හදාගන්න කොච්චර වියදමක් යනවද? ඉතින් එක්කෙනෙක්ට එහෙමනම්, බව්වො 25-30කට ඒ දේවල් කරන්න ගියාම කොච්චරනම් වියදමක් යනව ඇත්ද කියල.

ඇය කියන විදියටම මාසෙට හාල්ම කිලෝ60 කට වැඩිය යනව කියනවනෙ. හාල් විතරක් තම්බ තම්බ දීල හරියන්නෙ නෑනෙ ඉතින් බතුත් එක්ක, මාළු, කරවල, පළා ජාති, පරිප්පු එහෙමත් දෙන්න වෙනව. ඒ වගේම පුන්චි බව් පැන්චොන්ට බයි කන්න අමාරු නිසා ඒ අයට වෙනමම කුක්කු පිටි හදල දෙන්න වෙනවලු. ඔයාලත් ඉතින් හරි ආසවෙන් කුක්කු බොන අයනෙ නේද… බොනව වගේම ඒවල ගනන් එහෙම දන්නවත් ඇතිනෙ.

ඒ විතරක්නම් මදෑ….

ඒ බව්වොන්ට කලට වෙලාවට බෙහෙත් ටික දෙන්න ඕන, ඒවටනම් බර වියදම්ලු. ඒ වගේම, බව්වොන්ට ඉන්න ඉඩ පහසුකම් තියන කූඩුත් ගොඩක් ඇයගෙ ගෙවත්තෙ මායිමේ තියනව. ඕව හදන්නත් ඉතින් නිකන් බෑනෙ.

දැන් ඉතින් ඔයාලට තේරෙනවනෙ මේ කාන්තාව කරන සමාජ සත්කාරය ගැන. අයාලෙ යන බව්වන්ව අයාලෙ නොයාවා මෙහෙම බලාගන්න එකම සමාජයට කරන ලොකු සේවයක්.

ඒත් ඉතින්.. දැන් මේ ඇන්ටි රස්සාවකට යන්නෙත් නෑ.. රස්සාවක් කරන්න වෙලාවක් තියනවද ඉතින් මේ බලු රාළලත් එක්ක.

 

මැණිකෙ ඇන්ටි කලින් රස්සාවෙන් අයින් වෙනකොට ලැබුනු මුදල් වලින් තමයි මෙච්චරකාලයක් මේ වැඩේ කරගෙන ගිහින් තියෙන්නෙ. ඒත් ඉතින් දැන් ඒ සල්ලිත් ඉවරයි කියනවනෙ.

කොහොම උනත් ඇයට ඒ ප්‍රදේශයෙ ඉන්න පශු වෛද්‍ය තුමානම් බව්වොන්ට බෙහෙත් ටිකවත් දීල සපෝර්ට් එකක් දෙනවලු.

අසරණ බව්වො වෙනුවෙන් අපිත් යමක් කරමුද..??

ඇත්තටම මේ වගේ සත්තුන්ට කරුණාව දක්වන එක ලොකු පිනක්. ඒ වගේම ඒක මේ සමාජෙට කරන ලොකු සේවයක්. ඒත් ඉතින් ඇය කරනව වගේ ගෙදර බව්වො 25-30ක් ඇතිකරන්න අපි හැමෝටම බෑ. ගෙදර ඉඩ ප්‍රමාණය, ගෙදර දවස තිස්සෙ මිනිස්සු ඉන්නවද නැද්ද වගේ ප්‍රායෝගික ගැටළුත් තියනවනෙ.

කොහොම උනත් ඔයාල බව්වොන්ට ඇත්තටම ආදරෙයිනම්, ඔයාලගෙ ගෙදරම බව්වෙක් හදාගන්න බැරිඋනා කියල ගැටළුවක් නෑ. මොකද, ඔයාලට පුලුවන්, බව්වන්ට ආදරෙන් හොඳින් රැකවරණය ලබාදෙන මේ වගේ කෙනෙක්ට ඒ සඳහා උපකාර කරල අසරණ බව්වො වෙනුවෙන් යමක් කරන්න.

ඇත්තටම දැන් ඇයට අවශ්‍ය වෙන්නෙත් ඒකම තමයි. බව්වොන්ට කොච්චර ආදරේ කලත්, රස්සාවකුත් නොකර අවුරුදු ගානක් තිස්සෙ බව්වො 25-30ක් බලාගත්ත උනාට තවත් ඉදිරියටනම් ඒ දේ කරන්න අපහසු තැනක තමයි මේ මැණිකෙ මහත්මිය ඉන්නෙ.

හැබැයි ඉතින් මේ වෙනකන් ඇයට උදව් කියල ලැබුනෙ, අර මම කලින් කිව්ව වගේ, සමහර ගෙවල් වල හිටපු බව්වොත් මැයටම බලාගන්න වෙච්චි එකයි.

ඔන්න ඉතින් ඔයාලත් ආසනම් මේ වැඩේට සෙට් වෙන්න, එහෙම නැත්නම් පුලුවන් විදියකට දායක වෙන්න ඔයාලත් මේක අවස්ථාවක් කරගන්න. ඔයාලත් උදව් කලොත්, තවත් පාරෙ අයාලේ යන අසරණ බව්වෙක්ට හොඳ ජීවිතයක් ලැබිල මැරෙනකන් සැපෙන් සනීපෙන් කාල බීල ජොලියෙ ඉඳියි.

වැඩි විස්තර ඕනනම් මේ නොම්මරේට කතාකරලම බලන්නකො.

0779086106 / 0382251174 (හවස 6-8ත් අතර විතරක් කොල් කරන්න හොඳේ)

මෙන්න මේකයි ඇයගෙ බැංකු ගිණුම් අංකය

005035442668101 මැණිකේ දයාරත්න – සෙලාන් බැංකුව

ඉතින් ඔයාලටත් පුලුවන්නම් මාසෙ පඩිය ගත්තම ඔයාට පුලුවන් විදියකට, පුංචියටහරි කමක් නෑ යම්කිසි උදව්වක් කරන්න බලන්න.

ඔයාගෙ පුංචි රුපියල් සීයකින් පාරෙ ඉන්න පුංචි බව් පැන්චෙක්ගෙ බන්ඩිය වේල් 2-3ක් පුරවන්න පුලුවන් වෙයි.

එහෙනම් ඉතින් ඔයාල හැමෝටම ජයම වේවා..!!


Like it? Share with your friends!

290 SHARES
290 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
3
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
5
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අසරණ සුන්ඛයින් ගෙදරට ගෙනැවිත් මැණිකේ ඇන්ටි කරන සමාජ සේවාව

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes