web analytics

ගෙදරදිම ටැටු ගහන්න පුළුවන් අළුත්ම ගැජට් එක


ලස්සනට අඳින්න හැඩට වැඩට ඉන්න අපි හැමෝම ආසයි. එක එක කාලයට එන විවිධ විලාසිතාවන් වලින් සැරසෙන්නේ ඒ නිසයි. ඒ වගේම අනික් අය  අතර කැපීපෙනන විවිධ විලාසිතාවන් වලට යොමු වෙන්නෙත් ඒ නිසාමයි.

ඒ අතරින් ටැටු කියන්නෙත් දැන් පුරුෂ පාර්ශවයේ වගේම කාන්තා පාර්ශවයෙත් අවධානය දිනා ගත්ත කලාවක්. ටැටු ආරම්භ වෙලා තියෙන්නේ 1876 වර්ෂයේදි අප්‍රිකානු ගෝත්‍රිකයන්ගෙන් .

ටැටූ නිර්මාණයක් තම සිරුරේ සිත්තම් කරගන්න තරමක වියදමක් දරාගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. එන්නත් කටු වැනි සියුම් කටුවලින් සම සිදුරු කර ඒ තුළට වර්ණක ඇතුළු  කරන නිසා වේදනාවක් ගෙන දෙන කාර්යයක් විදියටද ටැටූ හඳුන්වන්න පුළුවන් .

ඒ වගේම ටැටු එක ඉවත් කරන්නත් ඊට වඩා වියදමක් සහ වේදනාවක් විඳින්න වෙනවා. ඒ නිසා මේකට අළුත් විසඳුමක් දකුණු කොරියාව හොයාගෙන තියෙනවා. අද ලිපියෙන් කථා කරන්නේ ඒ ගැනයි.

මේ අළුත්ම උපකරණයේ නම Prinker. නිෂ්පාදනය කළේ මාස කිහිපයකට පෙර දකුණු කොරියාවේ Sketch on ආයතනය විසින්. දැන් ටැටු එකක් ගහන්න කරදර වෙන්න ඕන නැහැ. හේතුව මේ prinker එකෙන් තමන්ට ඕන වේලාවට , තමන්ට කැමති ටැටු එකක් ගහ ගන්න පුළුවන් වේදනාවක් නැතුවම. විනාඩියක් වගේ අඩු කාලයකින් ඕනම ටැටු එකක් ගහන්න පුළුවන්? එක නම් පුදුමයි නේද?.

මේ උපකරණය එහා මෙහා ගෙනියන්නත් පහසුයි වගේම ඕනම සමකට ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ පොඩි ළමෙකුගේ සමකට උනත් ගැළපෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ . මොකද මේකට යොදාගෙන තියෙන්නේ විෂ රහිත සායම් වර්ග.

කොහොමද මේක වැඩ කරන්නේ? මෙහෙමයි මේකට sketch on ආයතනය App එකක් හඳුන්වලා දිලා තියෙනවා. Android ,සහ IOS වලින් මේ APP එක අරගෙන , තමන්ට කැමති ටැටු එකක් ඇදගන්න විතරයි තියෙන්නේ.

තමන්ගේ නම, නැත්තම් පින්තූර, ඔය ඕන එකක් ඇදගන්න පුළුවන්. තමන්ගේ ඇගේ ටැටු එක ගහන්න ඕන තැන මේ ගැජට් එක එක පාරක්, ඇදගෙන යන්න විතරයි තියෙන්නේ.හරිම පහසුයි.

මේ ටැටු එක උපන්දින පාටියකට, ට්‍රිප් එකක් යද්දි වගේ නම් නියමෙට ගැළපෙනවා. දවස් තුනක් වගේ නොමැකි තියෙන නිසා වැඩේ තවත් පහසුයි. ඒ වගේම ඔයාට ඕන වේලාවට අයින් කරලා දාන්නත් පුළුවන්. සබන් ටිකක් ගාලා හොඳලා දාන්න විතරයි තියෙන්නේ.

මේ ගැජට් එක ගැහැණු ළමයින්ට නම් ගොඩක් වටිනවා. මොකද වැඩි වේලාවක් යන්නෙන් නැහැ.ඒ වගේම වේදනාවකුත් නැහැ. Prinker එකේ මිල ඩොලර් 200ක් වගේ වෙන්නේ. ට්‍රයි කලොත් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් වෙයි.


Like it? Share with your friends!

16 SHARES
16 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ගෙදරදිම ටැටු ගහන්න පුළුවන් අළුත්ම ගැජට් එක

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes