‘පනාවිටිය’ පාවෙන අම්බලම – අතීත ශ්‍රී ලංකාවේ කැටයම් විභූතිය


අම්බලමක් කියන්නේ පුරාණ ලංකාවේ බහුල වශයෙන් භාවිතයට ගැනුන වැදගත් පොදු ගොඩනැගිල්ලක්. බොහෝ විද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ ගමේ වැඩිහිටියන් පොදු කාර්යන් සදහා එක් රැස්වුන පොදු වැඩ කටයුතු ගන සාකච්ජා කිරීම සඳහා පිරිස එක් ‍රැස් වුණ ගොඩනැගිල්ලක් විදිහට හඳුන්වන්න පුලුවන්කියල.එහෙත් තවත් සමහර විද්වතුන්ගේ මතයක් වන්නේ අම්බලම යනු දුර ගමන් යනෙන මගීන්ගේ ගමන් පහසුව සලසා ගැනීම වෙනුවෙන් නිර්මාණය කල ගොඩනැගිලි බවයි.

කලින් මතයට වඩා මේ මතය අපට පිළිගන්න පුළුවන්,හේතුව තමයි බොහෝ අම්බලම පිහිටා ඇත්තේ එකල ශ්‍රී ලංකාමේ දුර ගමන් සඳහා භාවිතා වූ මාර්ග අශ්‍රිතව වීම. වර්තමානය වන විට හොඳ තත්වයේ පවතින අම්බලම කිහිපයක් තවමත් දැක ගන්නට පුළුවන්. එවන් අතිශය අලංකාර සහ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත පනාවිටිය අම්බලම ගැන සටහනකි මේ.

අම්බලම ඈතට දිස්වන අයුරු  |  © Nadeera Liyanage

ගමන් මාර්ගය -කොළඹ -කුරුණෑගල (අංක 05) ප්‍රධාන මාර්ගයේ ගිරිඋල්ල සහ දඹදෙණිය නගරය පසුකර කුරුණෑගල දෙසට ගමන් කරන විට මැටියගනේ ඉස්කෝල හන්දිය නැමැති ස්ථානයෙන් වමට ඇති මාර්ගයේ ගමන් කල යුතුයි. මාර්ගයේ කි.මී. 3 කට නොඅඩු දුරකදී ඔබට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිහිටවන ලද “පනාවිටිය අම්බලම” නාමපුවරුව හමුවනු ඇත. එතැනින් ඇරඹෙන වමට ඇති අතුරු මාර්ගයෙහි කි.මී. 2 කට නොඅඩු දුරකදී ඔබට පනාවිටිය ලංකාතිලකාරාමය විහාරය සහ අනතුරුව සුප්‍රසිද්ධ පනාවිටිය අම්බලම මුනගැසෙනු ඇත.

පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ ගමන් සලකුණු   |  © Nadeera Liyanage

පාගමනින් හෝ කරත්තයෙන් ගමනේ යෙදුන අතීතයේ ඇත්තන්ට, නැවතී ගිමන් හැරීමටත් රාත්‍රිය ආරක්ෂා සහිතව ගතකිරීමටත් පහසුකම් සැපයීම අම්බලමක ප්‍රධාන කාර්යභාරයක් වුණා. සංචාරකයන්ගේ පැන් පහසුව සදහා ලිඳක් හෝ නිරතුරු ගම්වැසියකු විසින් නඩත්තු කරනුලබන පින්තාලියක් පැවතීමත් අම්බලමක අනිවාර්ය අංගයක් වුණා. නමුත් පනාවිටිය අම්බලම ආසන්නයේ “පිංතාලියක් ” තිබූ බවට මෙතෙක් කරන ලද පුරා විද්‍යා ගවේශණය මගින් සොයා ගෙන නැහැ. මෙසේ ආගන්තුකයන්ට නොමිලේ පහසුකම් සැපයීම බොහෝ බටහිර ජාතීන්ගේ විමතියට හේතුවුනත් ඔබ හැමෝම දන්නා විදිහට බුදුදහමින් හැඩගැසුන අපේ සංස්කෘතිය තුල ආගන්තුක සත්කාරයත්, පරාර්ථ සේවයේ යෙදීමත් අමුතු දේවල් නොවෙයි.

කලු ගල් මත ‍රැඳි පාදම   |  © Nadeera Liyanage

පනාවිටිය අම්බලම දෙස දුරින් හිඳ බලන්නකුට මෙම අම්බලම දිස්වන්නේ පොළොවෙන් අඩි 2-පමණ උස් ව හිස් අවකාශයේ ‍රැඳී පවතින බවයි. සැබැවින් ම සම්පූර්ණ අම්බලම ‍රැඳී ඇත්තේ මේ විශාල ගල් හතර මතයි.එම ගල් හතර මත තිරස් අතට පිහි‍ටුවා ඇති දැවැන්ත දැව කඳන් 4 ක් මෙහි පාදම ලෙස යොදා ගෙන ඇත.

කලු ගල් මත ‍රැඳි පාදම | © Nadeera Liyanage

ඒ මුළු ගොඩනැගිල්ලේ ම පාදමයි. මෙම ටැම්පිට ගොඩනැගිලි කලාව 19 වන සියවස දක්වා ප‍්‍රචලිතව පැවතුණකි. වටකුරු ටැම් 4 මඳක් අභ්‍යන්තරයට වන්නට පිහිටුවා ඇති බැවින් එක් වරම බැලූ විට ඒවා නො පෙනේ.

මෙය බැලූ බැල්මට පාවෙන ගොඩනැගිල්ලක් ලෙසින් දිස්වනුයේ එහෙයිනි.

ශ‍්‍රී ලංකාවේ භාවිතා වී ඇති මෙවන් සියුම්, දුර්ලභ ගෘහ නිර්මාණ ශිල්පීය විධි ක‍්‍රමයන් ලොව කිසි ලෙසකින් සුලභ නො වේ. මුළුමනින් ම දැවයෙන් නිර්මිත මෙය නිතර වැසි දියෙන් තෙමීමෙන් ද වේයන් වැනි කෘමීන්ගෙන් ආරක්ෂා කිරීමේ අටියෙන් ද රාත‍්‍රී නවාතැන් ගන්නා පිරිස් හට සර්පයන් වැනි සතුන්ගෙන් සිදුවිය හැකි උපද්‍රව අවම කරගැනීමේ අටියෙන් මෙන් ම බොහෝ දෙනා පරිභෝජනය කරනා බැවින් නඩත්තු කටයුතුවල පහසුව උදෙසා ද මෙසේ පොළොවෙන් මඳක් උස් ව ඉදිකොට ඇතැයි සැලකේ.

වහලයේ ලී දඬු රඳවා ඇති අයුරු  |   © Nadeera Liyanage

මෙහි වහලය ද ඉතා සුවිශේෂී නිමැවුමක් වන්නේ එහි මූට්ටු සවිකොට ඇති ආකාරය නිසාවෙනි. එසේ ම වහලයේ ලී ද කැටයම් කොට විසිතුරු අයුරින් වර්ණ ගන්වා ඇත.

ශ‍්‍රී ලාංකීය සාම්ප‍්‍රදායික කැටයම් රටාවන්ගෙන් පැහැදිලි ලෙසින් අපගමනය වූ පනාවිටියේ ලී කැටයම් තත්කාලීන සමාජයට කැටයමින් පණ දුන් නිර්මාණයකි. කල්පිත මනෝභාවයන් තුළ කැටයම් වූ මල්කම්, ලියකම් හෝ වෙනත් රූපකායන් වෙනුවට එදිනෙදා මඟතොටේ, විහාරයේ, බෝ මළුවේ, වෙල් යායේ, රජ වාසලේ, හටන් මඩුවේ, ඇත් හලේ දී නිතර නෙත ගැටෙනා යථාවාදී දසුන් පනාවිටියේ ගල් කණු මත අදටත් දිවමන් ව ඇත.

කැටයමින් සමන්විත ඇතුලට ලී දඬු  |   © Nadeera Liyanage

මල් පූජා කරන්නන්, අණබෙරකරුවන්, පණිවුඩකරුවන්, සක් පිඹින්නන්, ඇත් ගොව්වන් ආදීන් දැනුදු පනාවිටිය අම්බලමේ කණු මත ජීවමානව හිඳිනා අතර නාටිකාංගනාවන්, අංගම්පොර ශිල්පීන් මෙන් ම නළු නිළියන් ද මේ කැටයම් අතර වේ. නිසල බෝ මළුව ද පරිසර අසිරිය ද සත්ව ලෝකය ද මේ මහානීය නිමැවුමේ කොටස්කරුවෝ ය.

කැටයමින් සමන්විත ඇතුලට ලී දඬු  |   © Nadeera Liyanage

මෙහි කැටයම් ව තිබෙනා සොඳුරු බෝ පත්, විසිතුරු නෙළුම් මල්, මුවන්, හස්තීන්, සිංහයන්, මොනරුන් මෙන් ම ගුරුලන්, නාගයන් හා යක්ෂයන් ද එදා කැටයම්කරුවාගේ නිර්මාණ වපසරිය මොනවාට කියාපායි.

ඉතින් ඔබත් නිවාඩු වෙලාවක එන්න මේ අම්බලම බලන්න. හැබැයි මේ අවට පරිසරයට කිසිම හානියක් නොවන ආකාරයට කටයුතු කරන්න හොඳින් මතක තබා ගන්න.

විශේෂ ස්තූතිය -දඹදෙණිය පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලය


Like it? Share with your friends!

280 SHARES
280 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
6
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

‘පනාවිටිය’ පාවෙන අම්බලම – අතීත ශ්‍රී ලංකාවේ කැටයම් විභූතිය

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes