web analytics

අද්භූත නෞකාව


❤️ පොතපත කියවන, චිත්‍රපටි නරඹන අය ඕනැතරම්  දන්නවා නාවික ඉතිහාසයේ තිබුන නැව් සහ ඒවා සම්බන්ධ රසවත් සිදුවිමි. ඒවා අතරින් බොහොමයක්‌ ඇත්තේ මහ සයුරේ ගිලී ගිය නෞකා ගැනයි.

❤️උදාහරණයක් තමයි අපි හැමෝම දන්න ටයිටැනික් නැවේ සිදුවිම . ටයිටැනික් නැව ගිලෙන්න හේතු වුනු කාරණාව හදුනාගෙන තිබුනත් , බොහෝමයක් නැව්  ගිලී ගියේ ඇයි දැයි අදටත් අභිරහසක්. එලෙස අද්භූත අන්දමින් ගිලී ගිය අභිරහස්‌ නෞකාවක් තමයි එස්‌. එස්‌. ඔරෑන්ග් මේඩාන් (S.S. Ourang Medan) කියන්නේ .

❤️ මේ සිදුවිම සිද්ද වුනේ, 1947 වසරේ ජුනි මාසයේදි යි. ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත් අසල මලක්‌කා සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් සිටි නෞකා කිහිපයකට හදිසි ආපදා පණිවුඩයක්‌ ලැබුනා. ඒ තමයි, නැව පිළිබඳ කිසිම හැඳින්වීමක්‌ නැතිවම ලැබුණු අමුතු විදියේ ප්‍රකාශය. එම පණිවුඩයෙන් කියෑවෙන්නේ ඇඟ කිලිපොළා යන මෙවන් ප්‍රකාශයකි.

“කැප්ටනුයි අනෙක්‌ කට්‌ටියයි මැරුණා. සිරුරු පාලන මැදිරියේ ඇති. දැන් ඔක්‌කොම කට්‌ටිය මැරිලා… මාත් මැරෙනවා” 

❤️ මේ ප්‍රකාශනයෙන් පස්සේ, මලක්‌කා මුහුදු තීරයේ ගමන් ගත්ත ඇමරිකානු නෞකා දෙක වහාම මලක්‌කා මුහුදු තීරය පුරාවටම විමර්ශන කටයුතු සිදු කරන්නට පටන් ගන්නවා . මේ අතර සිල්වර් ස්‌ටාර් (Silver star) නම් ඇමරිකානු නෞකාවට ඉන්දුනීසියානු සාගරයේ පාවෙමින් තිබෙන නැවක්‌ දර්ශනය වෙන්න පටන් ගන්නවා. එයට ලංවී බලන කල ඔවුන්ට දක්‌නට ලැබෙන්නේ මිනිස්‌ පුළුටක්‌ පවා නොමැතිව පාළුවට ලක්‌ වී තිබෙන මෙම නෞකාව හුදෙකලා ගමනක නිරත වෙන බවයි. නැව ආසන්නයටම ගොස්‌ බලන විට මෙම නෞකාව එස්‌. එස්‌. ඔරෑන්ග් මේඩාන් (S.S. Ourang Medan) බවට ඔවුන් හඳුනා ගන්නවා .

❤️වහාම ක්‍රියාත්මක වුනු සිල්වර් ස්ටාර් නැවේ නාවිකයන් තම නැවේ ආරක්ෂක බෝට්ටු වලින් ඔරෑන්ග් මේඩාන් නැව වෙත යනවා. නැවට ගොඩවුනු පසු ඔවුන්ට දකින්නට ලැබුනේ ඇස් අදහා ගත නොහැකි අද්භූත සිදුවිමකි. ඒ ඔරෑන්ගේ මේඩාග් නෞකාවේ නැවියන් ඉහළ ආකාශය දෙස නෙත් යොමා බිහිසුණු ලෙස මැරී වැටී සිටි අන්දමයි.

❤️ මේ නාවිකයන් , මැරි වැටි සිටි මිනිසුන්ගේ මුහුණු වලින් දැක්කේ හරි අමුතු , බය හිතෙන දෙයක්. මොකද ඔවුන් හැමදෙනාගේම මුහුණු වල ගැබ් වෙලා තිබුනේ අමනුෂ්‍යකුට බිය වී මැරි සිටිනවා වගේ හැසිරිමක් . මොකද මළසිරුරුවල එකදු හෝ සීරීම් ලකුණක්‌වත් නොමැති බව මළ සිරුරු පරීක්‍ෂා කිරීමේදී ඔවුන් හඳුනාගන්නවා. එමෙන්ම SOS පණිවුඩයේ සඳහන් වූ අන්දමට නැවේ කැප්ටන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පාලන මැදිරියේ තිබි හමුවෙනවා. එම නෞකාවේ සිටි සුනඛයෙක්‌ට පවා මෙම බිහිසුණු මරණයට මුහුණ දීමට සිදුවිම පුදුම සහගත කාරණාවක්.

❤️සන්නිවේදන කාමරයට යන ඔවුන්ට පණිවුඩය එවූ තැනැත්තාගේ සිරුර මුණගැසෙයි. ඔහු ද සන්නිවේදන මේසයට බරදී මැරී වැටී ඇත. ඔරෑන්ග් මේඩාන් නෞකාවේ සියලු දෙනාම අද්භූත මරණයකට පත් වී ඇත. සිල්වර් ස්‌ටාර් නාවිකයෝ හෝඩුවාවක්‌ සොයා නැව සම්පූර්ණයෙන් සෝදිසි කළ නමුත් ඔවුන්ට කිසිවක්‌ හමුනොවීය. පසුව ඔවුන් කරන්නේ ඕරෑන්ග් මේඩාන් නැව සිල්වර් ස්‌ටාර් නැවේ ගැටගසා අසල පිහිටි වරායක්‌ වෙත ඇදගෙන යැමට සූදානම් කිරීමයි.

❤️ගමන ආරම්භ කර ටික වේලාවකින් ඔරෑන්ග් මේඩාන් නෞකාවේ පහළ තට්‌ටුවෙන් දුමක්‌ නගින්නට පටන් ගනියි. මෙම නෞකාව භාණ්‌ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම දුම දුටු සැණින් ක්‍රියාත්මක වන සිල්වර් ස්‌ටාර් නැවියෝ ඔරෑන්ග් මේඩාන් නැව ඇදගෙන යන රැහැන් කපා දැමීය. ඒ සමඟම ඔරෑන්ග් මේඩාන් නෞකාව මහා පිපිරුමක්‌ සමගින් ගිනිගෙන මුහුදුබත් වන්න සිල්වර් ස්‌ටාර් නෞකාවට හෝ එහි කාර්ය මණ්‌ඩලයට කිසිදු හානියක්‌ නොකරමිනි.

❤️කාලයේ වැලි තලාවෙන් සැඟවී තිබූ මෙම ඛේදවාචකය 1952 වර්ෂයේ ඇමරිකානු වෙරළාරක්‍ෂක හමුදාවේ සඟරාවක පළවීමෙන් පසු ලොව පුරා මහත් අවධානයට ලක්‌වූ සිදුවීමක්‌ වෙයි. පසුව මෙම නෞකාවට සිදුවූයේ කුමක්‌ ද යන්න උපකල්පනය කරමින් විවිධ වාර්තා වැඩසටහන් හා නිර්මාණ බිහි වුවත් ඇතැමුන්ගේ මතයක්‌ වූයේ මෙම නෞකාවේ පහත මාලයේ ප්‍රවාහනය කරමින් තිබූ පොටෑසියම් සයිනයිඩ් හෝ නයිට්‍රොaග්ලිසරීන් හෝ ඒ හා සමාන විෂ සහිත ද්‍රව්‍යයකට මුහුදු ජලය මිශ්‍ර වී වායුවක්‌ පිටවීමෙන් මෙම නාවිකයන් මියගිය බවත් නෞකාව පුපුරා ගිය බවත්ය.

❤️ ඒ වගේම, තවත් අය පවසන්නේ නෞකාවේ සිටි පිරිසට යම් අද්භූත බලවේගයක බලපෑම් එල්ල වී ඇති බවත්ය. මෙහි ප්‍රධාන කාරණාව වන්නේ මේ පිළිබඳ කිසිදු වාර්තාවක්‌ සොයා ගැනීමට නොහැකි වීමයි. කෙසේ වෙතත් නාවික ඉතිහාසයේ ගුප්ත සලකුණක්‌ තබමින් මෙතෙක්‌ අනාවරණය කර ගැනීමට නොහැකි වූ අභිරහසකුත් සමඟ එස්‌. එස්‌. ඔරෑන්ග් මේඩාන් මහ සයුරේ සදහටම වැළලී සිටියි.

( අන්තර්ජාල මුලාශ්‍රයන් ඇසුරෙනි )


Like it? Share with your friends!

16 SHARES
16 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අද්භූත නෞකාව

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes