web analytics

ගෘහ සේවිකාවක් ලෙස පැමිණ ව්‍යාපාරිකාවක් දක්වා ගමන් කළ දිරිය කාන්තාව


මේ දවස්වල ඔබ බොහෝ දෙනෙක් මේ ප්‍රවෘත්තිය පුවත්පත් හා අන්තර්ජාල මාධ්‍යයෙන් දකින්න ඇති. ලංකාවෙ කාන්තාවක් මේ ආකාරයට ඉතාම පුංචි තැනකින් පටන් අරන් ව්‍යාපාරික ලෝකයේ මුදුනටම ගමන් කිරීම රටක් හැටියට අපිට විශාල ආඩම්බරයක් වගේම ගෞරවයක්. කවුද මේ දිරිය කාන්තාව?

ඇය නමින් නිලූෂිකා ජයවීර.

2001 වසරේදී තරුණ ගෑනු ළමයෙක් සිංගප්පූරුවට එනව ගෘහසේවිකාවක් වශයෙන් රැකියාවක් කරන්න. දෙමව්පියන් අහිමිව සිටි මෙම තරුණියට රැක බලාගන්න තවත් සහෝදර සහෝදරියන් සිව් දෙනෙක් සිටිනව. ඔවුන් සියලු දෙනාගෙ ජීවිත ගතවුනේ අනාථ නිවාසයක් තුළයි. තමන්ගෙ සහෝදර සහෝදරියන්ට යහපත් අනාගතයක් උදාකරන්නනම් තවදුරටත් අනාථ නිවාසයක් තුළ සිටීමෙන් කිසිවක් සිදු නොවන බව වටහාගන්න මෙම තරුණිය එතනින් එළියට ඇවිත් පළමුවෙනි කඩුල්ල පනින්න තීරණය කරනව. ඒ අනුව තමයි ඇගේ සහෝදර සහෝදරියන්ගෙන් වෙන්වෙලා රැකියාවක් සොයාගෙන ඇය සිංගප්පූරුවට එන්නෙ. ඒ තමයි ඇගේ කතාවෙ ආරම්භය.

නිලූෂිකා අධ්‍යාපනය හැදෑරූ සිංගප්පූරුවේ aidha සංවිධානය

ඊට වසර 15කට පස්සෙ අද වෙද්දි ඇය නිලූෂිකා ජයවීර නම් වූ සාර්ථක ව්‍යාපාරිකාවක්. ලංකාවෙ ප්‍රධාන අපනයන භෝගයක් වන ශීත කඳුකරයේ තේ වතුවලින් නෙළාගත් ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු තේ කොළ උසස් ප්‍රමිතියෙන් ඇසුරුම්කර අන්තර්ජාතික වශයෙන් බෙදාහැරීම තමයි ඇගේ ව්‍යාපාරය. සිංගප්පූරුවෙ ගතකළ කාලය තුළ ඇය නිකන්ම නිකන් ගෘහසේවිකාවක් ලෙස කටයුතු කළේ නෑ. ලැබෙන හැම අවස්ථාවෙන්ම ඇය ප්‍රයෝජන ගත්ත, හැම වෙලාවෙම අලුතෙන් යමක් ඉගෙන ගත්ත. ඒ විදිහට තමයි ඇය “අයිඩා” නම් රාජ්‍ය නොවන සංවිධානය හා එකතුවෙන්නෙ. ව්‍යාපාරයක් ආරම්භකිරීම, පවත්වාගෙනයාම, මූල්‍ය පරිපාලනය ඇතුලු තාක්ෂණික කරුණු ඇය හදාරන්නෙ ඒ තුළින්. දැන් ඇය වයස අවුරුදු 36ක විවාහක කාන්තාවක්. අත්දැකීම්වලින් මුහුකුරා ගිය සාර්ථක ව්‍යවසායිකාවක්.

nilushika jayaweera singapore based sri lankan entrepreneur

ඇගේ කතාව දියුණුවෙන්න උත්සහ කරන හැම කෙනෙක්ටම ආදර්ශවත් කතාවක්. මේ නිසා ඇයට සිංගප්පූරුවේ පැවති බොහෝ වැඩසටහන් සඳහා දේශන පැවැත්වීමටත් ආරාධනා ලැබෙන එකේනම් අඩුවක් නෑ. ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්, විද්වතුන්, ප්‍රභූන් සමඟ සම අසුන් ගන්න තත්ත්වයට ඇය පැමිණ තිබෙනව.

nilushika jayaweera sri lankan entrepreneur

ඒ වගේම ඇය ඇගේ සාර්ථකත්වය තවත් බොහෝ දෙනෙක්ට බෙදල දෙන්න උත්සහකරන කාන්තාවක්. තමන් වගේම පහළම තැනින් පටන් ගන්න බොහෝ දෙනෙක්ට අත්වැල සපයන්න ඇය සූදානම්.

නිලූෂිකා මේ වෙනකොටත් ලංකාවේ අඩු ආදායම් ලබන දිරිය කාන්තාවන් 25 දෙනෙක් තෝරාගෙන ඔවුන්ට ඇය ලබාගත් දැනුම ලබා දෙනව තමන්ගේම ව්‍යාපාර පටන් ගන්න. අපට ආරංචි හැටියට ලඟදීම ඉන් කිහිපදෙනෙක් තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිතයි.

Emerging Hope Lanka පදනම

ඇත්තටම අපි නිලූෂිකාව ෆේස්බුක් හරහා සම්බන්ධ කරගත්තා වැඩිපුර තොරතුරු ටිකක් දැනගන්න.

නිලූෂිකා පිහිටුවාගත් සමාජ සත්කාරක පදනම තමයි Emerging Hope Lanka කියන්නෙ. එහි මූලික අරමුණ වන්නේ අපේ රටේ දිරිය කාන්තාවන්ට කිසිම කෙනෙකුට යටත් නොවී තමගේම ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය සියලුම දැනුම, ශක්තිය සහ අවස්ථාවන් ලබාදීම. ඒකෙන් වෙන්නෙ මේ කාන්තාවන්ට පුලුවන්කම ලැබෙනව තමන්ගේ පවුලේ දියුණුව වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න.

මීට ටික කලකට පෙර ඇය විසින් රචනා කරනලද ඉවුම් පිහුම් වලට සම්බන්ධ සූප ශාත්‍ර පොතින් ලද ආදායමත් ඇය වැයකරල තියෙන්නෙ  මේ දේවල් වලටම තමයි.

මෑතකදි ඔවුන් අතගහපු තවත් වැඩක් තමයි අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 54 දෙනෙකුට අලුත් පාසැල්වාරයට අවශ්‍යය සියලුම පොත් සහ පාසැල් බෑග් ප්‍රධානය කරපු එක.

නිලූෂිකාගෙ කතාවෙන් ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනව.

01. ඇයට පුලුවන් උනානම් ස්වෝත්සාහයෙන් මෙතෙන්ට එන්න ඇයි ඔබට බැරි? එක සිතුවිල්ලක් හොඳටම ප්‍රමාණවත්.

02. දියුණු උනාට පස්සෙ හැමදේම හරිද? අපි වටේ ඉන්න උදව් ඕන කරන අය එක්ක මේ දේවල් බෙදාගන්නෙ කොහොමද?

03. ඔබ පටන්ගන්නෙ කොහෙන්ද කියන එක අදාළම නෑ, හැබැයි ඔබ අවසන් කරන්නෙ පටන්ගත්තු තැනින්මද නැත්නම් ඊට ගව් ගණනක් ඉදිරියෙන්ද කියන එක තීරණය කළ යුත්තේ ඔබමයි.

Cover Video Credit: aidha.org


Like it? Share with your friends!

64 SHARES
64 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
2
Cry
Like Like
5
Like
Confused Confused
1
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
1
Damn

ගෘහ සේවිකාවක් ලෙස පැමිණ ව්‍යාපාරිකාවක් දක්වා ගමන් කළ දිරිය කාන්තාව

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes