web analytics

MS- 13 මැර කල්ලිය .


මාරා සැල්වටෘචා ( Mara Salvatrucha) නොහොත් MS-13 යනු , දැනට ලෝකයේ ක්‍රියාත්මක වන භයානකම මැර කල්ලියයි. අසු ගණන්වල් එල් සැල්වදෝරයේ ඇති වුනු සිවිල්‍ යුද්ධ නිසාවෙන් බොහෝ පිරිසක් ඇමරිකාවට සංක්‍රමණය වි ඇත. එසේ සංක්‍රමණය වු එල් සැල්වදෝර වැසියන්ගේ මුලිකත්වයෙන් MS- 13 කල්ලිය ආරම්භ වි ඇත. මුලින්ම ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා , ලොස් ඇන්ජලීස් වැනි නගරවලින් ආරම්භ වුණු මැර කල්ලිය, වර්තමානය වන විට ඇමෙරිකාවේ සියළුම ප්‍රාන්ත වලත්,කැන්ඩාව, මෙක්සිකෝව, මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවටත් ව්‍යාප්ත වි ඇත.

පිස්‌තෝල, තුවක්‌කු, කඩු කිණිසි වැනි ආයුධ මගින් මිනිසුන් දරුණු වධ වේදනා සහිතව ඝාතනයට ලක්‌කිරීම මේ මැර කල්ලියේ ඒකායන අරමුණ වන අතර ඔවුන්ගේ ඉලක්‌කයට ලක්‌වෙන පුද්ගලයා වාහනයක ගමන් කරනවානම් ඔහුට වෙඩි තබා පලා යනවා වෙනුවට වාහනය නවත්වා ඔහු බස්‌සවා ඔහුගේ ඉදිරියටම ගොස්‌ ඝාතනය කිරීමේ ශෛලියක්‌ අනුගමනය කරන කෲර පාතාල කණ්‌ඩායමක්‌ විදියට මේ MS-13 කල්ලිය ලොවපුරා ප්‍රසිද්ධ ය.

1980 ගණන්වල මධ්‍යම ඇමරිකාවේ එල්සැල්වදෝරයේ ඇතිවුණු සිවිල් යුද්ධ නිසා එම රටේ ජනතාව  භීෂණයෙන් ඇලලී ගියහ . අවුරුදු ගාණක්‌ සිවිල් යුද්ධ එක්‌ක තෙම්පරාදු වී සිටිය සැල්වදොaරයින්ට මනුෂ්‍ය ඝාතන ඉතා සුළු දෙයක්‌ විය.

දිගින් දිගටම මෙක්‌සිකෝ පාතාලයෙන් එල්ලවන තර්ජන වලට මුහුණ දිමේ අරමුණෙන් මේ මැර කණ්‌ඩායම බිහිවිය. Mara යනු ගැන්සිය යන්නයි. Salva යනු එල් සැල්වදොaරයෙන් පැමිණියා යන්නයි. Trucha යනු දක්‍ෂ යන අදහසයි. 13 ඉලක්‌කමෙන් ලොස්‌ ඇන්ජලීස්‌ නගරය හඳුන්වයි.

FBI ආයතනයට අනුව මාරා සැල්වටෘචා සාමාජිකයන් 70,000 ක්‌ පමණ ලොව පුරා ක්‍රියාත්මකයි. ඔවුන්ගේ පාතාල මූලස්‌ථානය වන්නේ එල්සැල්වදොaරයයි. ඊට අමතරව ගෝතමාලාව, හොන්ඩියුරාස්‌ වැනි රටවලත් ඔවුන්ගේ පාතාල ක්‍රියාකාරකම් බහුලයි. ලොව ජීවත්වීමට නොහැකි භයානක රටවල් අතරින් එකක්‌ ලෙස එල් සැල්වදොaරය ඉදිරියට පැමිණ ඇත්තේ මෙම MS-13 කල්ලිය නිසාය. එල් සැල්වදොaරයේ නිතරම පාතාල ගැටුම් ඇතිවෙන අතර ඒ අතරින් MS-13 හා Barrio 18 කණ්‌ඩායම් අතර ගැටුම සුප්‍රසිද්ධයි. වාර්තාවන ආකාරයට මෙම ගැටුම නිසාම පමණක්‌ දිනකට 20 කට අධික පිරිසක්‌ මරණයට පත්වේ.

මාරා සැල්වටෘචා මැර කල්ලියේ ප්‍රධාන ආදායම් මාර්ග වනුයේ, මත්ද්‍රව්‍ය සහ මිනිස්‌ ජාවාරමයි. දකුණු හා මධ්‍යම ඇමරිකානු කලාපයේ තරුණියන් ගණිකා වෘත්තිය සඳහා ලොව සතර දිග්භාගයට නැව්ගත කිරීම සිද්ධ කරන්නේ මෙම MS-13 විසිනි. ඊට අමතරව හොර බඩු ජාවාරම, අවි ආයුධ වෙළෙදාම, පැහැරගෙන කප්පම් ගැනීම්, කුලියට මිනී මැරුම් හා ස්‌ත්‍රී දූෂණ වගේ දරුණු අපරාධ සිදුකිරීම සඳහා මනා සංවිධානයකින් යුත් සූක්‍ෂම සාමාජිකයන් පිරිසක්‌ ඔවුන් සතුයි.

MS-13 හි සාමාජිකත්වය ලැබීමත් ලේසි පහසු දෙයක්‌ නොවන අතර පළමු සුදුසුකම තම විරුද්ධවාදී පාතාල කල්ලියක සාමාජිකයකු ඝාතනය කිරීම ය. එසේ කළත් ඔවුන්ට සාමාජිකත්වය ලැබීමට නම් සැල්වටෘචා කල්ලියේ ඡන්දයකින් ජයග්‍රහණය කිරීමට සිදු වේ. එසේ ජයගන්නා අයට මෙහි සාමාජිකත්වය ලැබේ. එහෙම ලබාගත්තු සාමාජිකත්වය දිගටම පවත්වා ගැනීමට නම් එක්‌ මසකට අඩුම මිනිස්‌ ඝාතන 5 ක්‌ වත් සිදුකළ යුතුයි. එසේ නොවුණහොත් ඔහුට සිදුවන්නේ තම ජීවිතයෙන් වන්දි ගෙවීමටය. මෙම මාරා සැල්වටෘචා කල්ලිය ඔවුන්ගේම සිරගෙවල් පවත්වාගෙන යයි. මෙහි සිරකරුවන්ට අමතරව තම කල්ලියේ සාමාජිකයන්ද සිරගත කර ඇත. ඒ අනෙක්‌ පාතාල කල්ලිවලින් ඔවුන් ඝාතනය වීම වැළැක්‌වීමටය.

අනෙක්‌ පාතාල සාමාජිකයන් විසින් MS-13 හි යම් සාමාජිකයෙක්‌ ඝාතනය කරන බවට දින නියම කර MS-13 කල්ලියට දන්වනු ලබනවා. එහිදී MS-13 කල්ලිය විසින් එම දින නියම වූ සාමාජිකයා ආරක්‍ෂා කරගත යුතු වනවා. අනෙක්‌ පාතාල සාමාජිකයන් හට නියමිත දිනය තුළ ඝාතනය සිදුකිරීමට නොහැකි වුවහොත් MS-13 හි මීළඟ ගොදුර බවට පත්වන්නේ අනෙක්‌ පාතාල සාමාජිකයන් පිරිසයි. එය හරියටම ක්‍රීඩාවක්‌ වැනිය. මෙම සිරගෙවල් තුළ පහසුකම් ඇත්තේ 800 ක්‌ පමණ පිරිසකට පමණක්‌ වුවත් මෙහි 5000 කට අධික පිරිසක්‌ සිටින බවට වාර්තා වේ.

මේ කල්ලියේ විශේෂත්වය වන්නේ සිරුර පුරා මුහුණද ඇතුළුව පච්චා කෙටාගෙන සිටීමයි. මේ පච්චා (tatoo) තුළ ඔවුන්ගේ ජීවිත කතාව හෝ අපරාධ ඉතිහාසය තිබෙන බවට කටකතා ඇත.නමුත් වර්තමානයේ ආරක්‍ෂක අංශවල අවධානය යොමුවී තිබෙන නිසා MS-13 සාමාජිකයන් මුහුණේ පච්චා කෙටීමෙන් වැළකී සිටි. එමෙන්ම මෙම කල්ලිය විසින් අමුතුම ආකාරයේ හස්‌ත සංඥවක්‌ භාවිත කරනු ලබනවා . ඒක හඳුන්වනුයේ යක්‍ෂ අඟ (Devil horns) යනුවෙනි. මෙම පච්චා සහ හස්‌ත සංඥ මාරා සැල්වටෘචා කල්ලියේ අනන්‍යතාවයේ සංකේතයක් ලෙස හැඳින්වේ.


Like it? Share with your friends!

9 SHARES
9 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

MS- 13 මැර කල්ලිය .

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes