web analytics

මිහිපිට තියෙන මිල අධිකම අයිස්ක්‍රීම්.


?අද ලිපියෙන් කියන්න යන්නේ , මේ ලෝකේ තියෙන මිළ අධිකම අයිස් ක්‍රීම් ගැනයි. අයිස්ක්‍රීම් වලට ආස අයට නම් මේක රසවත් ලිපියක් වෙයි. හැබැයි මේවා සාමාන්‍ය මිනිස්සුන්ට නම් කන්න බෑ, මොකද මේවගේ රස බලන්න අතමිට පොඩ්ඩක් සරු වෙන්න ඕන. ගන්න බැරි වුනාට කමක් නෑ ඉතිං, කියවලම බලන්නකෝ, මොනවා ද මේ අයිස්ක්‍රීම් කියලා .

?මේ ලෝකේ සමහර අතුරුපස තියෙනවා සාමාන්‍ය  ගනුදෙනුකරුවන්ට හදන්නේ නැති ධනවත් පුද්ගලයන් ට විතරක් හදන ඒවා. මොකද මේවා හදන්නේ ඒ රටට ආවේනික වුන රසයෙන් හා මිල අධික අමුද්‍රව්‍යයන් යොදා ගෙනයි. මෙම අතුරුපස දුටු සැනින් ඔබගේ මුවට කෙළ ඉනීමට පටන් ගත්තත් ඒවා මිලදී ගැනීමට හා රස විඳීමට පෙර දෙවරක්‌ නොව තුන් හතර වතාවක්‌ සිතා බැලීමට සිදු වෙනවාමයි.

?උදාහරණයක් විදියට , මේ සමහර අතුරුපස හදන්න යොදා ගන්නේ, ඉතා දුර්ලභ ඉරාන කහ හෝ කැරට් 23 රත්තරන් වෙන්නත් පුළුවන්. ඔයාට මේ අතුරුපසත් එක්ක රත්තරන් අත් පළඳනාවක් නැත්තම් ඉතාමත් සියුම් කැටයිම් වලින් හැඩ ගැන්වුණු රත්තරන් බඳුන් හම්බවෙන්නත් පුළුවන් .ඉතිං දැන් බලමු මොනවාද මේ අයිස්ක්‍රීම් කියලා . මේ ලිපියේ දැක්වෙන්නේ අයිස්ක්‍රීම් වර්ග 05ක් ගැන පමණයි. සාමාන්‍ය මිලෙන් යුතු අයිස්ක්‍රීම් වර්ග තුනකුත් මිල අධිකම අයිස්ක්‍රීම් වර්ග දෙකක් ගැන ද සඳහන් වෙනවා.

01. Truffle ice- cream (ට්‍රෆ්ල් අයිස්‌ක්‍රීම්) – ඇමරිකානු ඩොලර් 95

?මේ ට්‍රෆ්ල් අයීස්ක්‍රීම් එක ඇමරිකානු ඩොලර් 95ක වටිනාකමක් ගන්නවා. අයිස්ක්‍රීම් එක හදන්නේ ප්‍රවීණ සූපවේදි මාසා ටකයාමාගේ දෑතින්. ට්‍රෆ්ල් අයිස්ක්‍රීම් හදන ආපනශාලාව තියෙන්නේ ඇමෙරිකාවේ ලාස් වේගාස් වලයි. ඉතින් මේ අපූරු අතුරුපස නිර්මාණය වන්නේ වයිට්‌ ට්‍රෆ්ල් අයිස්‌ක්‍රීම්වලින් වන අතර රන් පත්‍රවලින් සරසන ලද වීදුරු බඳුනක ඉතා ආකර්ෂණීය ලෙස පිළිගැන්වෙනවා.

02.Cappannari ice- cream (කැපනාරි අයිස්‌ක්‍රීම්) ඇමරිකානු ඩොලර් 190

?ඇමරිකාවේ චිකාගෝහිදී ලබාගත හැකි කැපනාරි අයිස්‌ක්‍රීම් ඇමරිකානු ඩොලර් 190 ක මිලකින් යුක්‌ත වෙනවා. මෙහි අද්විතීය අයිස්‌ක්‍රීම් රසයක් තියෙනවා ලු. ඔබට මෙහිදී බ්ලැක්‌ රස්‌බෙරි චිප් කැබලිවලින් හෝ අයිරිශ් කෝපි ක්‍රීම් රස බලමින් මෙම අලංකාර අයිස්‌ක්‍රීම් බඳුන රස බැලීම ආරම්භ කරන්න පුළුවන් . මේ අයිස්ක්‍රීම් එකේ තියෙන ඉඟුරු, චොකලට් හැසල්නට් මිශ්‍රණය දෙගුණ ,තෙගුණ කරනවා. මෙහි නිර්මාණකරුවන් ඔවුන් නිර්මාණය කරන සෑම අයිස්‌ක්‍රීම් පයින්ට්‌ එකක්‌ම ඊටම ආවේණික හා සුවිශේෂී වූ රසයන්ගෙන් රස ගන්වන්නත් අමතක කරන්නේ නැහැ.

03.The Black Diamond (ද බ්ලැක්‌ ඩයමන්ඩ්) ඇමරිකානු ඩොලර් 817

?මේ කළු දියමන්ති අයිස්ක්‍රීම් එක තියෙන්නේ ඩුබායි වල Scoopi cafe ආපනශාලාවේ. මේ ආපනශාලා හිමිකරු පවසන විදියට මෙහි අන්තර්ගත වෙලා තියෙන විශේෂ අමුද්‍රව්‍ය වට්ටෝරුව හොයාගන්න ඔහුට සති පහක පමණ කාලයක් වැය වෙනවලු . අමු කහ කෙඳි, බ්ලැක්‌ ට්‍රෆ්ල් වැනි ඉතා විරල අමු ද්‍රව්‍යයන් මෙය සැකසීමේදී යොදා ගැනෙනවා. මේ අපුරු අයිස්ක්‍රීම් එකේ යට කොටසට යොදා ගන්නේ මැඩගස්කර් වැනිලා බෝංචි ඇටවලින් සෑදු ප්‍රණීත අයිස්ක්‍රීම් තට්ටුවක්. ඒ පාදම සැරසීමට කැරට්‌- 23 ක්‌ වටිනා රත්‍රන් පත්‍රයක්‌ යොදා ගැනෙනවා. මෙම බ්ලැක්‌ ඩයමන්ඩ් අතුරුපස අති විශේෂ බඳුනක්‌ මතින් පිළිගන්වන අතර එම බඳුනටම ගැළපෙන අයුරින් නිමවුණු හැන්දක්‌ද මේ සමඟම ඔබට ලබා දෙනවා.

04.Frozen Chocolate Haute (ෆ්‍රෝසෝන් චොක්‌ලට්‌ හවුට්‌) ඇමරිකානු ඩොලර් 25,000

?මේ මිල අධික අයිස්ක්‍රීම් එක හදන්නේ අතිශය විරල කොකෝවා සංයෝගයකින්. ඔබට මේය ලබාගත හැකි වන්නේ නිව්යෝක්‌ නගරයේ ඇති සෙරන්ඩිපිටි- 3 අවන්හලෙන්ම විතරයි. ඒ වගේම මෙම වටිනා අයිස්‌ක්‍රීමය නිර්මාණය කරන සුපවේදීන් විසින් මෙයට කැරට්‌- 23 රත්තරන් මැණික්‌ 5 ක්‌ ද එකතු කරනු ලබනවා. ඒත් එක්කම විරල අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරන ලද රන් බඳුනක් වගේම රන් හැන්දකුත් ලැබෙනවා. මෙම වටිනා කියන අයිස්‌ක්‍රීම් රන් බඳුනේ වටිනාකම තවත් වැඩි කිරීම සඳහා එහි පිටත අලංකාර දියමන්ති පේළියකින් හැඩගන්වා තිබෙනවා.  මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ඔබ රසවිඳින අයිස්‌ක්‍රීම් අතුරුපසට අමතරව ඉහතින් සඳහන් කරන ලද අනඟි බඳුන හා හැන්ද ඔබට ගෙදර ගෙන යා හැකි වීමයි. තවද ඉතා විරල වර්ගයේ කැරට්‌- 18 අත් පළඳනාවක්‌ද මේ සමඟම ඔබට සිහිවටනයක්‌ ලෙස ලැබෙනවා.

05.Strawberries Arnaud (ස්‌ට්‍රොaබරීස්‌ ආනෝඩ්) ඇමරිකානු ඩොලර් මිලියන 1.4

?මේ තමයි මිහිපිට තියෙන මිල අධිකම අයිස්ක්‍රීම් එක.මෙම අයිස්ක්‍රීම් එක රස විදින්න නම් ඔයාට ලුසියානා වලටම යන්න වෙනවා. මේ සඳහා යොදාගෙන තියෙන්නේ මිල අධික වැනිලා අයිස්‌ක්‍රීම්, ඉතාමත්ම නැවුම් දිදුලන ස්‌ට්‍රොබෙරි, ඉස්‌තරම්ම වර්ගයේ වයින්, ක්‍රීම්, රස ගැල්වුම්, මින්ට්‌ හා පෝට්‌ වයින් යන වර්ගයි. මේ අධි සුඛෝපභෝගී අතුරුපසේ මුදුන සැරසීම සඳහා සුවිශේෂී වූ ඉතාමත්ම සීමිත වර්ගයේ කැරට්‌- 4.7 ක දියමන්ති මුදුවක්‌ යොදා ගැනෙනවා.


Like it? Share with your friends!

8 SHARES
8 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මිහිපිට තියෙන මිල අධිකම අයිස්ක්‍රීම්.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes