මෑත ඉතිහාසයේ නිර්මාණය වූ ආන්දෝලනාත්මක ගීත 10ක්

Most controversial sinhala songs of our times

සාමාන්‍යයෙන් අපේ රටේ ගීතය කියන කලා මාධ්‍ය ඇතුලෙ විවිධාකාරයේ ප‍්‍රවෘත්ති නිර්මාණය කරපු ගීත විශාල ප‍්‍රමාණයක් ඉතිහාසය පුරාම දක්නට ලැබෙනව. මේ බොහොමයක් ගීත මෙවැනි ආන්දෝලනාත්මක තත්ත්වයන් නිර්මාණය කරල තියෙන්නෙ අපේ රටේ තියෙන සංස්කෘතික හා නෛතික පරිසරය නිසා කියන එක තමයි බැලූ බැල්මටම පේන්නෙ. අපිත් පොඞ්ඩක් අවුස්සල බැලුව මෑත ඉතිහාසයේ කතාබහට ලක් වුනු මේ වගේ ගීත කිහිපයක් ගැන.

10. ගිනියම්? (Giniyam rae) – Shermaine Willis Ft. Iraj

රායිට්….. මේක තමයි ඉරාජ් අළුතෙන්ම පත්තු කරපු බෝම්බෙ. අපි ඒකෙන්ම මේක පටාන් ගමු. මේ ගීතය රිලීස් වෙලා වැඩි වෙලාවක් යන්න කලින්ම අන්තර්ජාලය ගිණි තියන්න සමත්වෙලා. ඇත්තටම බැලූවොත් මේ ගීතයේ මියුසික් වීඩියෝවෙ ඉන්න ඉටිකිරිස් ගෑනු ළමයි දෙන්න තමයි මේ ජංජාලෙට වග කියන්න ඕනෙ. මේ මියුසික් වීඩියෝවෙ තියෙන සමලිංගිකත්වය ඉස්මතු කරන දර්ශන කිහිපයක් නිසා ඉරාජ්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල වන බව තමයි පේන්න තියෙන්නෙ. විශේෂයෙන්ම ෆේස්බුක් තුළින්. කාන්තා සංවිධාන කිහිපයකුත් ඉරාජ් වීරරත්නට එරෙහිව නෛතික ක‍්‍රියාමාර්ගවලට එළඹෙන්න සූදානම් වෙන බවක් අහන්නත් ලැබෙනව මේ වෙද්දි.

09. ටිකෙන් ටික (Tiken tika) – Daddy

ඩැඩී බෑන්ඞ් එකේ ටිකෙන් ටික ගීතයත් මීට ටික කලකට ඉහතදි ආගමික හේතූන් මත තරමක් කතාබහට ලකු වූ ගීතයක් බවට පත් වුණා. මෙම ගීතය සඳහා ‘‘භවතු සබ්බ මංගලම්’’ යන ගාථා පාඨය යොදා ගෙන තිබීම තමයි මේකට හේතුව.

08. ගහක මල් පිපිලා (Gahaka mal pipila) – Karunarathne Diulgane

මළ හත් ඉලව්වයි… මේක කොහොමද ආන්දෝලනයට ලක් වුන ගීතයක් වෙන්නෙ? ඔව් ඇත්ත. බැලූ බැල්මට එහෙම නෑ තමයි. සාමාන්‍ය රසික ප‍්‍රජාව අතර මේ ගීතය ගැන එවැනි කතිකාවතක් ගොඩ නැගුනෙ නැහැ. නමුත් මේ ගීතය අර්ථකථනය කරපු බොහෝ දෙනෙකුගේ අදහස මේ තුළින් සමලිංගික පේ‍්‍රමයක් ගැන කියවෙන බවයි. කොහොම නමුත් මේ ගීතය ලියපු යමුනා මාලනී පෙරේරා මහත්මිය නම් ඒක ප‍්‍ර‍්‍රතික්ෂේප කරනව. ඕං අපිනම් ඕව දන්නෙ නෑ ඉතින්.

07. රාජ මාළිගේ පරෙවියා වගේ (Raja malige) – Red

DNA ටෙස්ට් එහෙකින් තාත්ත කවුද කියල හොයනව වගේ හුට්ටප්පරයක් තමයි මේ ගීතයට නම් තියෙන්නෙ. මේ ගීතයේ සැබෑ අයිත්කරුවා කවුද කියන එක ගැන විශාල මතභේදයක් ඇතිවුනා හැමෝටම මතක ඇති. රෙඞ් කියන නවක ගායකයෙක් මේ ගීතය ගයල ටික දවසකින් ලංකාවෙ හිට් එකක් වෙනවත් එක්කම තමයි මේ කියන කාරණා ඉස්මතු වෙන්නෙ. මෙහි මුල් ගීතය නැසීගිය ෆ්‍රෙඞී සිල්වා මහත්මයගෙ කියල ඔහුගේ දියණිය නෛතික ක‍්‍ර‍්‍රියා මාර්ගයන්ටත් එළඹුණා. ඔය අතර රංජිත් පීරිස් කියල මහත්මයෙක් සරසවිය පුවත්පතට පවසන්නෙ මේක ඔහුගේ ගීතයක් කියලයි.

06. සිත්තිමනීලා (Sitti Maaneela) – Iraj

මෙන්න ආයිමත් ඉරාජ්… මේ ගීතය කොයිතරම් දුරට මතභේදයට තුඩු දුන්නද කියනවනම් අන්තිමට වාරණයටත් ලක්වෙලා තමයි නතර වුණේ. ඉරාජ් සහ පේශල මනෝජ් එකතුවෙලා කරපු මේ ගීතය ඇත්තටම හොඳ ගීතයක්. ඒත් මේ ගීතය තුළ ඉස්ලාම් ආගමේ එන යාඥාවන් යොදා ගැනීම සහ මියුසික් වීඩියෝව නිසා තමයි මේක වාරණයට ලක් වෙන්නෙ.

05. මම සිල් බිඳගත්තෙ (Mama sil bidagatthe) – Iraj

නෝනාවරුනි, මහත්වරුනි පිළිගන්න නැවත වතාවක් ඉරාජ් වීරරත්න මහතා. හම්මේ ඉතින්….. රංජන් සාලිය සහ සමිතා මුදුන්කොටුව ගායනා කරන මේ ගීතයත් අහගෙන ඉන්න පුලූවන් ලස්සන ගීතයක්. ඒත් මේ ගීතයෙත් මියුසික් වීඩියෝ එකනම් දැඩි ආන්දෝලනයකට ලක් වෙනව. විශේෂයෙන්ම මෙහි තිබුනු නිදි යහනේ සිප ගැනීමේ දර්ශන තමයි මේ විවේචනවලට මූලික පසුබිම සකස් කළේ.

04. රඟහල දැන් ඇත අඩ අඳුරේ (Rangahala) – Wijerathne Warakagoda

මේකනම් ටිකක් ඈතට යන ගීතයක්. 90 දශකයේ අග භාගයෙදි විතර සංගීත් විජේසූරිය කරපු ටිකක් අමුතු වැඩක් මේක. නමුත් ටික දවසකින් මේ ගීතයේ මුල් ගායකයා වන විජේරත්න වරකාගොඩ කරළියට ඒමත් සමග වැඬේ ටිකක් කුරුවල් වෙන්න ගන්නව. විශේෂයෙන්ම ගීතයේ ඇතැම් පද වෙනස් කළා කියලත්, රැප් කිරීමකට ලක් කළා කියලත් සංගීත්ට ලොකු චෝදනාවක් එල්ල වෙනව. කෙසේ වෙතත් කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබුනු ලස්සන ගීතයක් ආපහු ගොඩ ගත්තෙ සංගීත් කියන එකනම් කියන්නම ඕනෙ.

03. රම්බරි (Rambari) – Lahiru Perera

ඇහෙද්දිත් නටන්න හිතෙනව නේද…. ලහිරු පෙරේරා ගේ ලොකුම හිට් එක තමයි රම්බරි. හැබැයි ඉතින් අපි නැටුවට ප‍්‍රබුද්ධ විවාරකයින්ගෙන් අම්බානකට බැනුම් අහපු ගීතයක්. මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ අය මේ ගීතය දැඩි ලෙස විවේචනයට ලක් කළා. මෙහි අර්ථය සහ භාෂාව සම්බන්ධයෙන් තමයි මේ සේරම චෝදනා එල්ල වෙන්නෙ. හැබැයි මේ ගීතය ලියපු මනුරංග ඵීජේසේකර නම් කියන්නෙ මේක අර්ථ විරහිත ගීතයක් නොවන බවයි.

02. සොකරි (Sokari) – Chinthy

කාටද මතක චින්ති ගෙ සොකරි? කාලයක් ලංකාවෙ චාට් ෂෝ වල උඩටම නැගපු ගීතයක්. මේ ගීතයෙ පද රචනය තරම් ආන්දෝලනයට ලක්වුන තවත් පද රචනයක් මෑත ඉතිහාසයේ තිබුනද කියල මතක් වෙන්නෙත් නෑ. මේ ගීතය ලියන්නෙ වසන්ත දුක්ගන්නාරාළ. “පැණි රස කෑම දිව ගාල කංසා බොන්න සොඳා” කියන වචන පේළිය තමයි මේ ආන්දෝලනයට හේතුව.

01. සිරි සඟබොධි මළිගවෙදී මා (Siri Sangabodhi) – Bathiya and Santhush

ලංකාවේ රැප් මියුසික් කරළියට ආපු මුල්ම කාලෙ මේ ගීතය සුපර් හිට් එකක්. ඇයි ඉතින් වෙනස් වැඩක්නෙ. හැබැයි මේ ගීතය නිසා BNS නොසෑහෙන්න බැනුම් ඇහුව. එක්තරා අන්දමකට මේක ලංකාවේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්ෂ්‍යක් විදිහට හඳුන්වන්නත් පුලූවන්. මෙහි මුල් ගීතය පැරණි නූර්ති ගීතයක්. නිශ්ශංක දිද්දෙණිය මහතාගේ ගායනය තමයි ඒ වෙද්දි වඩාත් ප‍්‍රචලිත වී තිබුනෙ. එවැනි ගීතයක් රැප් ශෛලියෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් තමයි BNS ලට විශාල චෝදනාවක් එල්ල වෙන්නෙ.

මේ සිංදු 10ට අමතරව මෑත කාලයේ ගොඩක් කතාබහට ලක්වෙච්ච ඔයාල දන්න තවත් ආන්දෝලනාත්මක සිංදු තියවනනම් අපි හැමෝටම දෑනගන්න පහලින් කමෙන්ට් කරන්න.

Leave your vote

0 points

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

This post was created with our nice and easy submission form. Create your post!

Refresh us with your thoughts..