web analytics

මයිකල් ජැක්සන් යළි උපදියි


🎼 පසුගිය දවස් වල අන්තර්ජාලය පුරා පැතිර ගිය එක්තරා ජායාරූපයක් නිසා , අප අතරින් වෙන්වුන මයිකල් ජැක්සන් නම් අසහාය පොප් ගායකයා පැය කිහිපයකට පමණක් යළිත් ඉපදුනා කිව්වොත් නිවැරදියි.

🎼 ඊට හේතුව වුයේ, එක්තරා තරුණියක් අන්තර්ජාලයට එක්කළ ජායාරූපයකි.  මුළු අන්තර්ජාලයම සිතුවේ මයිකල් ජැක්සන් අදටත් ජීවත් වෙන බවයි. ඇත්තෙන්ම එම චායාරූපය දුටුවොත් ඔබත් පුදුමයට පත්වෙනවා නොඅනුමානයි.

🎼 පොප් ලොවේ රජු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මයිකල් ජැක්සන් කියන අද්විතීය කලාකරුවා, ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත වීම නිසා 2009 වර්ෂයේ ජුනි 25 වෙනිදා මරණයට පත්වුනා. ඔහුගේ මරණයෙන් මුළු ලෝකයම මහත් කම්පනයට පත්වුනා කිව්වොත් නිවැරදියි. මරණයට පත්වන විට ඔහුට වයස අවුරුදු 50කි.

🎼 නැවතත් ඔහු ගැන කථා බහක් ඇති වුනේ, ලෝඩ්ස් සවලාටා නම් තරුණිය දුරදිග නොසිතා කළ ක්‍රියාවක් නිසාවෙනි. හේතුව නම්, ඇය තමන්ගේ  පෙම්වතා බව පවසමින් තරුණයෙකුගේ ජායාරූපයක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියට එකතු කර තිබුනා. පහතින් දැක්වෙන්නේ එම ජායාරූපය යි.

🎼 ඔහුගේ පෙනුම මයිකල් ජැක්සන් හා හාත්පස සමාන බව ඔබට පෙනෙනවා ඇති. ඇතැමුන් සිතුවේ මේ නම් මයිකල් ජැක්සන්ම බවයි. මයිකල් ජැක්සන් අදටත් ජීවතුන් අතර බව පවසමින්, එය සමාජ ජාල වෙබ් අඩවි තුල විශාල වශයෙන් හුවමාරු වුනා.

🎼 මේ ජායාරූපය කෙතරම් ප්‍රසිද්ධ වුනාද කියනවානම් ඩේලි මේල් වෙබ් අඩවිය පවා මේ ගැන වාර්තා කර තිබුනා. ඩේලි මේල් වෙබ් අඩවිය විසින් සිදුකල විමසීමකදී ඇය පවසා තිබුනේ, මේ ඇයගේ සැබෑම පෙම්වතා නොවෙන බවත්, අන්තර්ජාලයෙන් හමුවූ චායාරූපයක් විනෝදයට මෙන් මිතුරන් සමග බෙදාගත් බවයි. එම චායාරූපයට මෙතරම් අවදානයක් ලැබේවි කියා  සිතුවේ නැති බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

🎼 ඊට පස්සේ, ඇතිවුන ප්‍රශ්නය නම්, ඇත්තටම මේ ජායාරූපයේ ඉන්න පුද්ගලයා කවුද, යන්නයි. වාර්තා වෙන විදියට මෙම ජායාරූපය ස්පාඥ්ඥ සංගීතඥයෙකු වන සර්ජියෝ කෝටස් මහතාට අයත් එකක්. ඔහු මයිකල් ජැක්සන් අනුකරණය කරමින්, ඒ විදියටම නර්තනය සහ ගායනය කිරීමටද සමත් කම් දක්වනවා. ඔහුගේ පෙනුම මයිකල් ජැක්සන්ට කෙතරම් සමානද යන්න ඔබට පෙනෙනවා ඇති.

🎼 ඔබට දැන් පැහැදිලියි නේද? එක ජායාරූපයකින් වුනත් මයිකල් ජැක්සන් යළිත් ඉපදෙනවා නම් රසිකයෝ කීදෙනෙක් බලන් ඉන්නවාද කියලා. අප අතරින් වෙන්වෙලා ගියත් තාමත් මුළු ලෝකයක්ම ඔහුට ආදරය කරන බවනම් මේ සිදුවිමෙන් හොඳට පැහැදිලි වුනා.


Like it? Share with your friends!

14 SHARES
14 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මයිකල් ජැක්සන් යළි උපදියි

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes