මොනවද මේ MICH3 මිරිස්.?


මිරිස් කියන්නෙ අපි හැමෝම දන්න, අපි හැමෝටම නැතුව බැරි කෑමක්. හැබැයි ඉතින් වැඩිපුර කෑවොත් සූ…ස් පූ…ස් ගාගෙන තමයි ඉන්න වෙන්නෙ. ඒ උනාට මිරිස් නැතුව කෑම කන අය බොහොම අඩුයි. ඒ තරමටම මිරිස් කියන්නෙ අපේ ආහාරවේල එක්ක බැඳිල ඉන්න, ආහර වේල රසවත් කරන දෙයක්.

Image: food.ndtv.com

හැබැයි ඉතින් කනකොට කොහොම කෑවත්, මිරිස් වගාව ගැන යම්තරමකටවත් දැනගෙන කන එක තමයි හොඳ.

අපි මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නෙ නව මිරිස් ප්‍රභේදයක් ගැනයි.

මොකද්ද මේ MICH3 ?

මිරිස් වගාව කියන්නෙ අපේ ගොවි ජනතාවගෙ අතමිට සරුකරල ඉහළ ආදායමක් ගන්න පුලුවන් හොඳ බෝගයක්. ඒ උනාට හැමදේටම වගේ මිරිස් වගාව කරගෙන යන අයටත් විවිධ අභියෝග වලට මුහුණ දෙන්න වෙනව.

ඉතින් මේ විදියට ඇතිවන ගැටළු වලට සාර්ථකව මුහුණදීල ඒ අභියෝග ජයගන්න පුළුවන් නව මිරිස් ප්‍රභේදයක් අපේ ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව’ හොයාගෙන තියනව. ඒ තමයි MICH3 මිරිස් ප්‍රභේදය.

මෙය අනෙක් මිරිස් ප්‍රභේද වලට සාපේක්ශව වැඩි අස්වනු ප්‍රමාණයක් ලබාදෙනව. බෝගයන්ට ඇතිවන විවිධ රෝග පළිබෝධ වලට සාර්ථකව ඔරොත්තු දීමේ හැකියාවත්, වෙළඳපොලේ අමු මිරිස් ලෙස හොඳ පෙනුමකින් වගේම ඉල්ලුමත් තියන නිසා ගොවිජනතාව අතරත් ඉක්මනින් ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියනව.

MICH3 ප්‍රභේදයේ ලක්ෂණ මොනවද?

* උසින් සෙ.මී. 60-65 ත් අතර වීම.(මධ්‍යස්ථ උසකින් සමනවිත වේ)

* අතු බෙදීමක් සහිත ශාකයකි.

* පත්‍ර හා අතු ශාකයට සම්බන්ධවන ගැට ආසන්නව දම් පැහැ ඇන්තොසයනීන් වර්ණක දක්නට ලැබේ.

* පත්‍ර තද කොළ පැහැය ගනී.

* හොඳින් මේරූ මිරිස් කරල තද කොළ පැහැති වන අතර දිගින් සෙ.මී. 8-10ත් අතර වේ.

* ඉදුනු මිරිස් කරල් තද රතු පැහැ ගනී.

* පැළ සිටුවා මාස 2කින් අස්වනු නෙළිය හැක.

* අධික සරු භාවයෙන් යුක්ත වීම.

* යල මහ කන්න දෙකටම යෝග්‍ය ප්‍රභේදයකි.

* හෙක්ටයාරයකින් මෙට්‍රික්ටොන් 15කට වඩා වැඩි අමුමිරිස් අස්වැන්නක් ලබාගතහැක.

* වියළි මිරිස් නම්, හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 3-3.5ක් පමණ ලබාගත හැක.

 MICH3 බීජ නිපදවීම හා සැපයීම.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය නව MICH3 ප්‍රභේදයට අදාළව ඉල්ලුමට සරිලන බීජ ප්‍රමාණය සැපයීම වෙනුවෙන් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරල තියනව.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ නිශ්පාදන ගොවිපළවල මෙම නව MICH3 බීජ ප්‍රභේදයේ මූලික බීජ ප්‍රමාණය නිශ්පාදනය කරනව උනත්, රටේ ගොවිජනතාවට වගාකරන්න අවශ්‍යය තරමට සම්පූර්ණ බීජ ප්‍රමානය නිශ්පාදනය කරන්න දෙපාර්තමේන්තුවේ ගොවිපළවලට හැකියාවක් නැති නිසා, කොන්ත්‍රාත් ක්‍රමයට බීජ නිශ්පාදනය සඳහා ගොවීන් තෝරාගෙන ඔවුන් මඟින් වැඩි වැඩියෙන් බීජ නිශ්පාදනය කිරීමට වැඩ කටයුතු යොදල තියනව.

මේ වැඩපිළිවෙල නිසා, බීජ නිශ්පාදනය සඳහා විශේෂයෙන් පුහුනු කරන ලද ගොවි කණ්ඩායම් එකම යායක් හෝ ගම්මාන ආශ්‍රිතව සාමූහිකව බීජ නිශ්පාදනය කරගෙන යනව. එමඟින්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවලට බීජ නිශ්පාදනය සඳහා දරන්න වන පිරිවැය අවම වෙනව වගේම බයක් සැකක් නැතුව හැම කන්නයක් පාසාම ගොවියන්ට අවශ්‍ය කරන බීජ ප්‍රමාණය ලබාගන්නත් හැකිවෙනව.

 කොහෙද මේ MICH3 බීජ නිශ්පාදනය කරන්නෙ?

රටේ මූලික මිරිස් අවශ්‍යතාවයෙන් 90% ක් පමන බීජ ලබාගන්නෙ කොන්ත්‍රාත් ක්‍රමයට ගොවීන්ගෙ සහය ඇතුව. ඒ විදියට කොන්ත්‍රාත් ක්‍රමයට මිරිස් සපයන අයගෙන් “කහල්ල මිරිස් බීජ නිශ්පාදන ගම්මානයෙ” ඉන්න ගොවීන් 70ක් පමන රටේ මිරිස් බීජ අවශ්‍යතාවයට සුවිශාල දායකත්වයක් ලබාදෙනව.

(කහලු කඳුවැටිය පාමුල සුන්දර ප්‍රදේශයක පිහිටල තියෙනකහල්ල, මිල්ලගොඩ හා පරවහගම යන හුදකලාවුනු ගම් තුනක් ඒකාබද්ධ කරල තමයි, “කහල්ල මිරිස් බීජ ගම්මානය” පිහිටුවල තියෙන්නෙ)

MICH3 ප්‍රභේදයේ බීජ මිලදී ගන්නෙ කොහෙන්ද?

Image: thechilliking.com

දැනටත් මේ ගම්මානවල MICH3 මිරිස් ප්‍රභේද අක්කර 18ක් පමණ වගා කරල තියනව. ඒ බීජ රටපුරා බෙදා හැරිම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සිදුවෙන්නක්.

ඔයාලටත් මේ නව බීජ ප්‍රභේදය මිලදී ගන්න ඕනනම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරාම තියන, බීජ හා රෝපණ ද්‍රවය අලෙවිසැල් මඟින් ඇනවුම් කර ලබාගන්න පුලුවන් කියල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉතා සතුටින් කියා සිටිනව.

ඉතින් ඔයාලත් මිරිස් වවනවනම් හෝ මිරිස් වගාකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම්, මේ බීජ මිලදී ගන්න පුලුවන්. ඒ වගේම පුංචි ගෙදරකට උනත්, පැළ කිහිපයක් වවාගත්තොත් ඔයාලට මාසෙකට මිරිස් වලට යන වියදම ඉතුරුකරගන්න පුලුවන් වෙයි.

ඔයාලට තවත් මේ ගැන තොරතුරු දැනගන්න අවශ්‍යනම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක,
වරුණ ශාන්ත කාරියවසම් මහතාට e-mail මඟින් සම්බන්ධ කරගන්න පුලුවන්.
[email protected]


Like it? Share with your friends!

261 SHARES
261 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
3
Thanks
Cry Cry
0
Cry
Like Like
3
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මොනවද මේ MICH3 මිරිස්.?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes