web analytics

හැමෝම අතරින් වෙනස් වෙන්න පිරිමි ඔබ අවධානය දැක්විය යුතු කරුණු 8ක්


විලාසිතාවලට වැඩි උනන්දුවක් දක්වන්නෙ කාන්තා පාර්ශවය විතරද? ඇත්තටම බැලුවොත්නම් පිරිමි පාර්ශවයත් විලාසිතාවලට දැඩි කැමැත්තක්, ආකර්ෂණයක් දක්වනව. නමුත් බහුතරයක් පිරිමින් තුළ විලාසිතා පිළිබඳව ඇති ඉව, නිවැරදිව විලාසිතා තෝරාගැනීම පිළිබඳව ඇති අවබෝධය කාන්තාවන්ට සාපේක්ෂව අවමයි. වර්තමාන නව යොවුන් සහ තරුණ පිරිස් විලාසිතා අනුගමනය කිරීමේදී රැල්ලකට හසුවී තිබෙන ආකාරයක් පැහැදිලිව දක්නට ලැබෙන කාරණයක්. ඔවුන් බොහෝ අවස්ථාවලදී තමන්ට ගැලපෙන විලාසිතාවන් සිදු කිරීම වෙනුවට තවත් අයෙක් අනුකරණය කිරීමට පෙළඹී තිබෙනව. අනුකරණය කිරීම වරදක් නොවූවත් එය තමන්ට කොතෙක් දුරට ගැලපේද යන්න පිළිබඳව අවබෝධයක් තිබීම ඉතා වැදගත්. මේ නිසා විලාසිතා තෝරාගැනීමේදී පිරිමි පාර්ශවය දැනුවත් විය යුතු සරල කරුණු කිහිපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නයි අපේ අදහස.

01. හිසකෙස් සහ රැවුල් විලාසිතා

man with beard

පෙනුම ගැන සැලකිලිමත්වීමේදී වඩාත්ම වැදගත් කරුණක් තමයි හිසකෙස් සහ රැවුල. ඕනෑම පිරිමියෙකුගේ පෞර්ෂය ඉහල දැමීමට මෙන්ම එය බිංදුවට ඇද දැමීමටත් මෙයට හොඳ හැකියාවක් තියෙනව. වර්තමානයේ පිරිමින් අතර ජනප්‍රිය විවිධාකාරයේ හිසකෙස් සහ රැවුල් විලාසිතා රැසක් දක්නට ලැබුනත් තමන්ගේ මුහුණේ හැඩය, උස, වයස අනුව ගැලපෙන විලාසිතා තෝරාගැනීමට සැලකිලිමත්වීම වැදගත්. එමෙන්ම නිරන්තරයෙන් විලාසිතා යාවත්කාලීන කළ යුතුයි. බොහෝ පිරිමින් වයසින් මුහුකුරා ගියද වයස අවුරුදු 17දී කළ හිසකෙස් සහ විලාසිතාවම දිගටම පවත්වාගෙන යන තත්ත්වයක් පවතියි. මේ පිළිබඳව ඔබට නිසි අවබෝධයක් නොමැතිනම් රූපලාවන්‍ය ශිල්පියෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුයි.

02. අවස්ථානුකූලවීම

mens-suits

ඔබ රැකියා ස්ථානයට අඳින ඇඳුම් කට්ටලය විනෝද චාරිකාවකට අඳිනවනම්, විවේකී සැන්දෑවක වෙරළ තීරයේ ඇවිදින සරල සැහැල්ලු ඇඳුමෙන් රාත්‍රී සාදයකට එහෙමත් නැත්නම් විවාහ උත්සවයකට සහභාගී වෙනවනම් එතන අවුලක් තියෙනව නේද? ඒත් කවුද එහෙම කරන්නෙ කියල ඔබට හිතෙන්න පුලුවන්. නමුත් නගරාසන්න ප්‍රදේශවලින් ටිකක් දුරස්වෙලා බලන්න එවැනි තරුණයින් විශාල පිරිසක් ඔබට මුණගැසේවි. මේ නිසා තමන් සිටින ස්ථානය, උත්සවය හා එහි ස්වභාවය, පිළිබඳව අවබෝධයෙන් විලාසිතා තෝරා ගැනීමට සැලකිලිමත්විය යතුයි.

03. ශරීර ප්‍රමාණය සහ ඇඳුමේ ප්‍රමාණය

Image Credit: Gq.com
Image Credit: Gq.com

තරබාරු පුද්ගලයෙක් ඇඟට ඕනෙවටත් වඩා හිර ඇඳුමක් ඇඳගෙන ඉද්දි, ඒ ඇඳුම ඉරාගෙන එළියට පනින්න හදන ටයර් බැහැපු උදර ප්‍රදේශ දකිද්දි, Slim fit කමිසයක අත් දෙක දැන් පුපුරයි වගේ තියෙනව දකිද්දි එහෙමත් නැත්තම් තමන්ගෙ ඉන ප්‍රමාණයට වඩා විශාල ඩෙනිමක් උස්ස උස්ස යන තරුණයෙක් දකිද්දි ඔබට ඇතිවන හැඟීම මොන වගේද? ඒ දෙයම ඔබටත් අදාලයි. එවැනි විලාසිතාවන්ට ඔබ ප්‍රිය කරනවා වන්නට පුලුවන්. නමුත් ඔබට එය කොතරම් ගැලපෙනවාද යන්න දෙවරක් සිතුවොත් මුදල් මෙන්ම පෞර්ෂයත් රැකගන්න හැකිවේවි.

04. වර්ණ ගැලපීම

color-selection-for-men
Image Credit: CSuk-1T

එළ හරකයි මී හරකයි එකට ඉන්නකොට කොහොමද වෙනස? ඒ වගේ දෙයක් තමයි ඇඳුම් විලාසිතා තෝරාගැනීමේදී නිවැරදිව වර්ණ ගලපා නොගතහොත් සිදුවෙන්නෙත්. මග තොට ඇවිදිනකොට වෙසක් කූඩු, පාට පෙට්ටි වගේ කියල ගෑනු ළමයින්ට විහිළු කරන කොල්ලොත් වෙලාවකට ඊට දෙවෙනි නෑ. වර්ණ ගැලපීමේදී කලිසම සහ කමිසය විතරක් නෙමෙයි ඊට ගැලපෙන ලෙස පාවහන් තෝරා ගැනීමත් අවශ්‍යයයි. ඒ වගේම බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි පාවහන් එක වර්ණයකිනුත් බඳ පටිය තවත් වර්ණයකිනුත් භාවිතා කිරීම.

05. කාලගුණික හා දේශගුණික තත්ත්වයන්

suits-for-winter

මේ කරුණ ගැන අවධානය යොමු නොකර විලාසිතා තෝරා ගැනීම අපේ රටේ බහුලව දක්නට ලැබෙන දෙයක්. නුවරඑළියෙ දැඩි සීතලට ඔරොත්තු දෙන ඇඳුමක් ඇඳගෙන පුත්තලමෙ හරි හම්බන්තොට හරි යන කොල්ලෙක්ව දැක්කොත් හිනා යන්නෙ නැද්ද? එච්චර දුර යන්න ඕනෙ නෑ, ගිනි ගන්න රස්නෙ තියෙන වෙලාවට මෙහෙම යන තරුණ පිරිස් ඔබට අතේ දුරින් හොයාගන්න පුලුවන්. ආශාව නිසා කෙරුවට ඇත්තටම මෙවැනි ඇඳුම් ශරීරයට අපහසුයි. ඇයි ඉතින් මුදල් දීල තමන්වම අපහසුතාවයට පත් කරගන්නෙ. මේ නිසා ඔබ ජීවත්වන පරිසරය, ඔබ පිටත්වන පරිසරය පිළිබඳව අවධානය දක්වන්න.

06. පාවහන්

Image Credit: GQ.com
Image Credit: GQ.com

වර්ථමානයේ වෙළඳපොළේ පාවහන්වල මිල ගණන් ඇහුවමනම් ඇස් උඩ යනව තමයි. නමුත් ඔබ ඔබේ පෙනුම ගැන අවධානය යොමුකරනවනම් ටිකක් වියදම් කරල හොඳ පාවහන් දෙකක් මිලදී ගැනීම තමයි සුදුසු. ඒ වගේම පාවහන් හොඳින් පිරිසිදුව පවත්වාගැනීම අනිවාර්ය දෙයක්. මොකද කොල්ලෙක්ගෙ මුහුණ බලල කියන්න බැරි චරිත ලක්ෂණත් පාවහන් දිහා බලල කියන්න පුලුවන්. පාවහන් සඳහා මේස් තෝරා ගැනීමේදීත් සැලකිලිමත් විය යුතුයි. ඔබ තවදුරටත් පාසල් ශිෂ්‍යයෙකු නොවන බැවින් අත්‍යවශ්‍යම කරුණක් නොවේනම් සුදු මේස් භාවිතයෙන් දුරස් වන්න.

07. අත් ඔරලෝසුව

mens-watch

කවදාවත් වයසට යන්නෙ නැති විලාසිතා ප්‍රවණතාවයක් තමයි අත් ඔරලෝසු. ජංගම දුරකථනයෙන් වෙලාව බලන පරම්පරාවනම් අත් ඔරලෝසු භාවිතය තරමක් අඩු කරල. නමුත් ගැලපෙන අත් ඔරලෝසුවකින් ඔබේ පෙනුම සිය ගුණයකින් ඉහළ යවන්න හැකි බව මතක තබාගන්න. මෙතෙන්දි එහි වටිනාකම ගැන එතරම් හිතන්න එපා. මොකද සර්කස් එහෙක විහිළුකාරයෙක් දියමන්ති ඔරලෝසුවක් පැළඳුවත් ඔහු විහිළුකාරයෙක් පමණයි.

08. පිරිසිදුකම සහ පිළිවෙල

custom-clothing

ඔබ මොන තරම් විලාසිතා කළත්, මොන තරම් වටින ඇඳුම් පැළඳුම් ඇන්දත් වැඩක් නෑ පිරිසිදුකම බිංදුවයිනම්. සියල්ලටම වඩා වැදගත් වෙන්නෙ ශරීරය පිරිසිදුව පවත්වා ගැනීම. දාඩිය දුඟද, කුණු දූවිලි පිරුණු අත් පා, නියපොතු දකිද්දි ඕනෙම කෙනෙක්ට ඔබ ගැන අප්‍රසන්න හැඟීමක් ඇතිවෙන එක වලක්වන්න බෑ. පිරිසිදුකම ඔබගේ යහපත් සෞඛ්‍යය මෙන්ම යහපත් ප්‍රතිරූපය කෙරෙහිත් බලපාන කරුණක්. ඒ වගේම පිළිවෙලකට ඇඳුම් ඇඳීමත්, අපිරිසිදු ඇඳුම් සේදීමකින් තොරව නැවත නැවත ඇඳීම සිදුනොකිරීමටත් වග බලාගත යුතුයි.

අවසානයට කියන්න තියෙන්නෙ ඔබ ඔබම වෙන්න. තව කෙනෙක් කරන දෙයක් දැකල රැල්ලට විලාසිතා කරන්න එපා. ඔහුට ගැලපෙන දේ ඔබට නොගැලපෙන්න පුලුවන්. අලුත් දෙයක් කරන්න බයවෙන්න එපා. ඔබ අනිත් අය අතරින් කැපී පෙනෙන්නෙ අන්න එතකොටයි. කොල්ලන්ට විතරයි කිව්වට මේ සමහර කරුණු දෙපාර්ශවයටම පොදුයි.


Like it? Share with your friends!

1.4k SHARES
1.4k SHARES
What's Your Reaction?
Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

හැමෝම අතරින් වෙනස් වෙන්න පිරිමි ඔබ අවධානය දැක්විය යුතු කරුණු 8ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image