මේ දෙසැම්බර් නිවාඩුව අඩු වියදමින් හිතේ හැටියට ගතකරමුද?

Lets make a memorable December without draining your pocket

අවුරුද්දකට එක සැරයක්වත් ට්‍රිප් එකක් ගියෙ නැත්නම් වැඩක් තියෙනවද? හැමදාම රස්සාවම බදාගෙන ඉන්න එකම නෙමෙයිනෙ ජීවිතේ.

මේ යන රටාවත් එක්ක ආර්ථික ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒත් ජීවිතේ වෙනුවෙනුත් දවස් දෙක තුනක් වෙන් කරගත්තොත් නේද හොඳ. තමන්ගෙ ආදරණීයයන්, හිත මිතුරන් එක්ක විනෝද වෙන්න කට්ටියව එකතු කරගන්න එකත් ලේසි දෙයක්  නෙමෙයිනෙ. ට්‍රිප් එකක් යනව කියන්නෙ ඔය ප්‍රශ්න සේරටම හොඳ බෙහෙතක්.

අනුග්‍රහය

අනිත් එක මේ ලංකාවෙ කොච්චරනම් ලස්සන තැන් තියෙනවද බලන්න යන්න. ඇයි ඒ විතරක් නෙමෙයි විවේකීව නිදහසේ ඉඳල හොඳ නිවාඩුවක් ගතකරන්න මොනතරම් නිදහස් තැන් මේ රට ඇතුලෙ තියෙනවද. ඉතින් එහෙම එකේ පවුලෙ කට්ටියත් එක්ක රවුමක් ගහල එන්න නොගියොත්නම් අපරාධයක් කියල පස්සෙ ඔබටම පසුතැවිලි වෙන්න වෙයි.

ඔය සේරම කාරණා හරි කියමුකො.

ඒත් මේ දවස්වල වියදම ටිකක් සැරයි නේද?

no-cash

ඔන්න ලොකුම ප්‍රශ්නෙ. නිවාඩුවක් ගත කරන්න ගියත් අස්ප ගණන් ගෙවල නතර වෙන එකනෙ අමාරු. ඔය ගැටලුවටත් දැන් විසඳුමක් තියෙනව. කොහොමද අතේ තියෙන ගානෙ හැටියට ලංකාවෙ ඕනෑම පළාතක සියලුම සැප පහසුකම් තියෙන ලස්සන තැනක නතරවෙන්න ලැබුනොත්? කොහෙද එහෙම තැන් තියෙන්නෙ?

ඇයි නැත්තෙ. ඒ පිළිබඳව සියලුම තොරතුරු ඔබට ලබා දෙන්නයි අපි මේ හදන්නෙ. එහෙනම් ඔබත් දැන්ම සූදානම් වෙන්න Vista Rooms එක්ක මේ දෙසැම්බර්   මාසයෙදි ලංකාවෙ සුන්දරම පළාතක නිවාඩුවක් ගත කරන්න.

ට්‍රිප් එක ගිහින් නවතින්න යන වියදම තවත් අඩු කරගන්නෙ කොහොමද?

පළමු ක්‍රමය: ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා සුවිශේෂී වට්ටම්.

ඔන්න දැන් Vista Rooms සහනදායී මිල ගණන් වලට සුපිරි නිවාඩු නිකේතන සපයනව විතරක් නෙමයි ඔබට තවත් වට්ටම් ලබාදෙන්නත් කටයුතු කරල තියෙනව. මේ සුවිශේෂී වාසිය ලැබෙන්නෙ Standard Chartered ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් හිමියන්ට වගේම HSBC ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට. ඔබ දැනටමත් ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරල තියෙනවනම් මේ වාසිය ගැනත් අවධානය යොමුකරන එක වැදගත්. වැඩි විස්තර ඔබටම බලාගන්න පුලුවන් පහත ලින්ක් වලට පිවිසීමෙන්.

HSBC   |   Standard Chartered

දෙවන ක්‍රමය: Homestay එකක නතර වෙන්න.

Homestay? ඒ මොකක්ද ඒ? සමහරුන්ටනම් මේක වැඩිය හුරු නැති වචනයක් වෙන්න පුලුවන්. නමුත් වචනය නුහුරු උනත් මේ සංකල්පය අපේ රටට අලුත් දෙයක්ම නෙමෙයි. හැබැයි Vista Rooms මේක වඩාත් විධිමත්ව සහ ක්‍රමාණුකූලව අලුත් විදියට සිදු කරනව. හැමෝටම ලොකු ලොකු නිවාඩු නිකේතනවල, හොටෙල්වල නතරවෙන්න තරම් වත්කම් නැතිවෙන්න පුලුවන්. ඒ වෙලාවට ඒ සියලුම පහසුකම් එක්ක අඩු වියදමකින් ගෙදරක නතරවෙන්න ලබුනොත් කොහොමද? නිවස හිමි අයගෙන් ඔබගේ පෞද්ගලිකත්වයට කිසිම ආකාරයක බලපෑමක් වෙන්නෙ නෑ. ඔබට අවශ්‍ය විදියටම නිදහසේ කටයුතු කරන්න පුලුවන් ඔබේම ගෙදර වගේ. ඇත්තටම Homestay කියන්නෙ ඔබ හිතනවට වඩා ලාභදායී ඒ වගේම නවීන පන්නයේ ක්‍රියාවලියක්. ඒ වගේම අලුත් අත්දැකීමක් විඳින්න ඔබට පුලුවන්. Vista Rooms මෙම පහසුකම් සපයන්නෙ කුමන ප්‍රදේශවලද කියල මෙතනින් ගිහින්ම බලාගන්න පුලුවන්.

තුන්වන ක්‍රමය: සීමිත කාලයකට ලැබෙන විශේෂිත ඩිස්කවුන්ට් එකක් ලබා ගැනීම

ඔබට ක්‍රෙඩිට් කාඩ්පතක් නැතිනම් මේක තමයි හොඳම ක්‍රමය. මේ ලිපිය අන්තිම වෙනකම් කියෙව්වොත් මේ ගැන සියලු විස්තර දැනගන්න පුලුවන්. ඔබට තිබෙන සියලුම ප්‍රශ්න ඔබේ Email ලිපිනය සමග පහලින් කමෙන්ට් කලොත් ඔක්කොම විස්තර Email එකටම ගෙන්න ගන්න පුලුවන්.

මේ දෙසැම්බර් නිවාඩුව ගතකරන්න හොඳම කොහෙද?

01. ආරුගම් බේ – රු. 3500 සිට.

Image: celebratesrilanka.com
Image: celebratesrilanka.com

ලංකාවෙ තියෙන සුන්දරම වෙරළ තීරයක් තමයි ආරුගම් බේ කියන්නෙ. ඒ වගේම අද වෙද්දි සංචාරක ආකර්ෂණය විශාල වශයෙන් දිනාගත්තු ප්‍රදේශයක්. ලංකාවෙ දකුණු මුහුදු තීරය නැගෙනහිර දෙසට හැරෙනකොටම වගේ තියෙන අඩ සඳක හැඩය ගත්ත මේ වෙරළ තීරය දැන් සංචාරක පුරවරයක්. මේ කාලසීමාව ආරුගම් බොක්කෙ නිවාඩුවක් ගත කරන්න යන්න කියාපුම අවස්ථාව. මොකද මේ කාලෙට කලබලකාරී ගතිය තරමක් අඩුයි. ආරුගම් බේ මොනවටද ප්‍රසිද්ධ? සර්ෆින්ග්. සර්ෆින්ග්වලට ලංකාවෙ හොඳම තැන තමයි ආරුගම් බේ. ඒ විතරක්ද?

ආරුගම්බේ යන ගමන් යාල ජාතික වනෝද්‍යානයට යන්නත් පුලුවන්.

Image: theadventuretravelsite.com
Image: theadventuretravelsite.com

ඒ වගේම සුන්දර පානම ගම්මානය හරහා කුමන ජාතික වනෝද්‍යානය දැකබලාගෙන එන්නත් අමතක කරන්න එපා. ලාහුගල පිහිටල තියෙන්නෙත් මේ ආසන්නයේමයි.

Image: arugam.info
Image: arugam.info

වෙරළ අද්දර හැමොක් ඇඳක පැද්දි පැද්දි මුහුදු හුළං ටිකක් වැදි වැදි නෙත පිනවන අයස්කාන්ත මුහුදක් දිහා බලන් ඉන්න තියෙන ටිකම මදිද.

එතකොට කොහෙද නතර වෙන්නෙ? නතරවෙන්නනම් තැන් ඕනෙ තරම් තියෙනව. ඒත් ඔබේ අතේ තියෙන ගානට සියලු පහසුකම් එක්ක නතරවෙන්න නම් මෙන්න මේ නිවාඩු නිකේතනවලින් එකක් තෝරගන්න දැන් ඔබට අවස්ථාව තියෙනව.

02. ඇල්ල – රු. 6700 සිට.

Image: facebook.com/ellasrilanka
Image: facebook.com/ellasrilanka

සීතල දෙසැම්බරයෙ සීතලම සීතල මධ්‍යම කඳුකරයෙ නිවාඩුවක් ගතකරන්න තිබුනොත් කොහොමද? ෂා මරුනෙ. කියනකොටත් සීතලයි වගේ නේද? ඇල්ල අවට මොනවද බලන්න යන්න තියෙන ලස්සන තැන් එහෙම?

Image: Sameera Peiris
Image: Sameera Peiris

ඇල්ලට ගියොත් බලන්න යන්නම ඕනෙ තැන තමයි රාවණා ඇල්ල. කිරිඳි ඔයෙන් ගලා හැලෙන මේ සුන්දර ලලනාව ඉන්නෙ ඇල්ල වැල්ලවාය අයිනෙමයි. ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස්වලට කැමති අයට තරණය කරන්න ඇල්ලගල කන්ද, පුංචි ශ්‍රී පාදය කන්ද වගේම රාවණා ගුහාව එහෙමත් මේ ආසන්නයේ තියෙනව.

Image: Sameera Peiris
Image: Sameera Peiris

තව යන්නම ඕනෙ තැනක් තමයි සුප්‍රකට දෙමෝදර ආරුක්කු නමය පාලම. තව ඇල්ල ඉඳල වැඩි දුරක් නැති ලස්සන පුංචි පන්සලකුත් තියෙනව. ඒ තමයි දෝව රජමහා විහාරය. පුංචි උනත් හරිම ලස්සන පුරාණ විහාරයක්.
මේ සේරම තැන් බලන්න ඇල්ලෙන් නතර වෙන්න තැනකුත් ඕනෙනෙ. බලන්නකො මේ තැන් කොහොමද කියල.

03. හික්කඩුව – රු. 2200 සිට.

hikkaduwa
Image: beyondescapes.lk

ලංකාවෙ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරද්දි අනිවාර්යයෙන්ම සඳහන් වෙන ස්ථානයක් තමයි දකුණු වෙරළ තීරයෙ පිහිටලා තියෙන හික්කඩුව. බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයෙ ඉඳලම විදේශිකයින්ගෙ ආකර්ශනය දිනාගත් ස්ථානයක්. මේ හින්දම මේ ප්‍රදේශයටම ආවේණික සංස්කෘතියකුත් බිහිවෙලා තියෙනව. හික්කඩුවෙ තියෙන සුන්දරම දේ තමයි හික්කඩුව කොරල්පර පද්ධතිය.

hikkaduwa-2
Image: srilanka.travel

ඒ වගේම නිදහසේ විවේක සුව විඳින්න වගේම පොඩි උන් එක්ක සෙල්ලම් කරන්නත් කියාපු තැනක් තමයි හික්කඩුව වෙරළ තීරය. ඒ විතරක් නෙමෙයි සර්ෆින්ග්, ඩයිවින්ග් වගේ විනෝද ඉසව් රැසක්ම මේ ආශ්‍රිතව තියෙනව.

Image: markinsrilanka.blogspot.com

ගල්මල් විතරක් නෙමෙයි හික්කඩුව අවට බලන්න තියෙන්නෙ. සීනිගම දේවාලය වැඳ පුදාගෙන එන්නත් පුලුවන්. ඒ වගේම වැදගත් විහාරස්ථානයක් තමයි තොටගමුව රජමහා විහාරය. ලංකාවෙ යුග කිහිපයකට අයත් සිතුවම් සම්බන්ධයෙන් මේ විහාරය ප්‍රසිද්ධියක් උසුලනව. ඒ වගේම එහි තිබෙන රාජාධි රජසිංහ රජුගේ මංගල හස්තියගේ ඇත්දළ යුගල සහ දඹරන් ධාතු කරඬුව දැකබලාගන්නත් පුලුවන්. ඔය ගමන්ම හික්කඩුව ජාතික උද්‍යානය නරඹන්නත් අමතක කරන්න එපා.

හුඟක් අයට තියෙන ගැටලුවක් තමයි ට්‍රිප් එකක් යන්න දවස් දෙක තුනක් වෙන් කරගන්න එක. මෙන්න තියෙනව එක දවසකින් හොඳට විනෝදවෙලා එන්න පුලුවන් තැනක්. නවාතැන් පහසුකම් සඳහා Vista Rooms එක්ක සම්බන්ධ වෙන්න.

04. හබරණ – රු. 8600 සිට.

habarana-2
Image: traveltriangle.com

හබරණ කිව්ව ගමන් මොනවද මතක් වෙන්නෙ. වෙන මොනවද ඉතින් අලි මිසක්. නිකන්ම නිකන් අලි නෙමෙයි වල් අලි. අලි බැලිල්යි බලි බැලිල්යි එපා වෙන්නෙ නෑ කියනවනෙ. හබරණ ගියොත්නම් අලි බලන්න විතරක් නෙමෙයි අලි පිටේ රවුමක් දෙකක් යන්නත් බැරිකමක් නෑ.

habarana
Image: backpacktosrilanka.com

ඒ විතරක් නෙමෙයි මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වන උද්‍යාන ඇතුලෙ සෆාරියක් ගිහින් නැවුම් අත්දැකීමක් විඳගන්න අවස්ථාවත් දැන් ඔබට තියෙනව. Vista Rooms ඔබේ ඒ සියලුම අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන්න සූදානම්.

ritigala
Image: aroundguides.com

හබරණ විතරක් නෙමෙයි මේ ආසන්නයේම තවත් බලන්න යන්න වටින තැන් තියෙනව. රිටිගල කියන්නෙ අන්න එහෙම තැනක්. රිටිගල ලංකාවෙ වෙනස්ම පරිසර පද්ධතියක් තියෙන තැනක්. ඒ වගේම තවත් ඉතාම ලස්සන රමණීය පරිසර පද්ධතියක්. ජෛව විවිධත්වය අතින් වගේම පුරාවිද්‍යාත්මක වටිනාකම අතිනුත් ඉතාම වැදගත් ස්ථානයක්. ඒ වගේම මේ තමයි වියළි කලාපයෙ පිහිටල තියෙන උසම ස්ථානය. මුදුනට යන්න යන්න දේශගුණික තත්ත්වයෙ පැහැදිලි වෙනසක් දැනෙන්න ගන්නව. හරියට නිකම් මධ්‍යම කඳුකරයෙ ඉන්නව වගෙ.
ඉතින් විවේකීව මේ හැමදෙයක්ම බලන්න මේ නිවාඩු නිකේතනයක නතරවෙන එක තමයි හොඳම දේ.

05. මහනුවර – රු. 2800 සිට.

kandy-1
Image: rechargetravels.com

කන්ද උඩරට අගනුවර. දවසකින් ගිහින් එන්න වගේම දවස් කිහිපයක් නතරවෙලා සුන්දරත්වය විඳගන්න පුලුවන් ප්‍රදේශයක්. මහනුවර ගැන අමුතුවෙන් කියන්න ඕනෙත් නෑ. මේ තමයි අපේ සංස්කෘතියෙ මුදුන් මල්කඩ. මහනුවර නගරය විතරක් නෙමෙයි මේ අවට ඉතාම රමණීය ප්‍රදේශ ගණනාවක්ම පිහිටල තියෙනව. ඒ වගේම තමයි ආගමික හා ඓතිහාසික ස්ථාන ගණනාවකුත් පිහිටල තියෙනව. දළදා මාළිගාව වැඳ පුදාගෙන, මහනුවර වැව වටේ රවුමක් ඇවිදල එන එක හැමෝම කරන දෙයක්නෙ.

udawatta-kele
Image: trover.com

වෙනසකටත් එක්ක යමුද උඩවත්ත කැලේ ඇවිදල එන්න. ඒ විතරක් නෙමෙයි මහනුවර නගරය ඇතුලෙම තියෙන වේල්ස් උද්‍යානයත් ඉතාම ලස්සන තැනක්. හැබැයි ඉතින් හැමදාම ගියත් නොයාම බැරි පේරාදෙණිය උද්භිද උද්‍යානයටත් යන්නම ඕනෙ. ගැටඹෙ  පන්සලත්  ඔය ගමන්ම වැඳගන්න පුලුවන්. සංස්කෘතික වටිනාකම් හොයාගෙන යන අයටනම් ඇම්බැක්ක දේවාලය, ගඩළාදෙණිය, ලංකාතිලකය බලන්න යන්නත් වැඩිදුරක් නෑ.

lankathilaka
Image: tour.lk

ඔය සේරම තැන් බලල දවසක් විතර නිවාඩු පාඩුව පරිසරයෙ තියෙන සුන්දරත්වය විඳගන්නත් අමතක කරන්න එපා. ඒ වෙනුවෙන් තමයි ඔබ ඒ සඳහාම උචිත නිවාඩු නිකේතනයක් තෝරාගත යුත්තෙ. බලන්නකො මේ  නිවාඩු නිකේතන කොහොමද කියල.

06. ත්‍රිකුණාමලය – රු. 4600 සිට.

trinco
Image: goplaces.lk

දෙසැම්බර් නිවාඩුවට කට්ටියත් එක්ක සෙට් වෙන්න, විනෝදවෙන්න, ඇවිදින්න කියාපු පැත්ත. කොච්චරනම් දේවල් තියෙනද ත්‍රිකුණාමලය ඇතුලෙ සහ ඒ අවට නරඹන්න. ඒක නිසාම තමයි සංචාරකයන් අතර මෙම ප්‍රදේශය ඉතාම ජනප්‍රිය. ඇත්තටම ඔච්චර මොනවද එහෙ තියෙන්නෙ?

sri-lanka-tours-trincomalee-beach
Image: holidaysinsrilanka.net
trincomalee
Image: charithmania.blogspot.com

ත්‍රිකුණාමලය නගරය ඇතුලෙ බොහෝ දෙනෙක් නරඹන්න යන තැනක් තමයි ෆ්‍රෙඩ්රික් කොටුව. පෘතුගීසි ජාතිකයන් තමයි මේ කොටුව මුලින්ම හදන්නෙ. පසුව ලන්දේසීන් තවදුරටත් මේක වැඩිදියුණු කරනව. මේ බලකොටුව තියෙන භූමියෙම තමයි සුප්‍රකට කෝනේෂ්වරම් දේවාලය පිහිටල තියෙන්නෙත්. රාත්‍රී කාලයෙදි මේ දේවාලය වහලනම් තමයි තියෙන්නෙ. ඒ උනත් රාත්‍රියට මේ ස්ථානයේ අමුතුම සුන්දරත්වයක් තියෙන බවනම් කිව යුතුමයි. ඒ වගේම නැරඹිය යුතු තැනක් තමයි ගෝකණ්ණ රජ මහා විහාරය. මේ සියල්ලම පිහිටල තියෙන්නෙ එකම භූමියක. ත්‍රිකුණාමලයෙ තියෙන හුඩ් ටවර් කෞතුකාගාරය හෙවත් නාවික කෞතුකාගාරයත් වැදගත් ස්ථානයක්.

pigeon_island
Image: environmentmin.gov.lk

ට්‍රින්කො යනව කිව්ව ගමන් මතක් වෙන්නෙ සුන්දර වෙරළ තීරයන්. මාබල් බීච් වගේම නිලාවේලි වෙරළ. විවේක සුවයෙන් කල් ගත කරන්න හොඳම තැන්. ඒ වගේම ත්‍රිකුණාමලයෙන් පිටතත් නැරඹිය හැකි ස්ථාන රැසක් තියෙනව. තිරියාය ගිරිහඬු සෑය, වෙල්ගම් වෙහර, සේරුවාවිල විහාරය, සමුද්‍ර විහාරය ඒ අතරින් වැදගත්. හැබැයි මේ සේරම තැන් බලන්න එක දවසක්නම් මදි. හොඳම දේ දවස් කිහිපයක් නතරවෙන්න මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් Vista Rooms නිවාඩු නිකේතනයක් තෝරගන්න එකයි.

07. හැටන් – රු. 2800 සිට.

hatton
Image: destinationsrilanka.travel

ලංකාවෙ තියෙන අතිශයින්ම සුන්දර ප්‍රදේශයක්. වටේම තියෙන්නෙ තේ වතුයි දිය ඇලියි. ඒ වගේම තමයි සීතලයි මීදුමයි. සුන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයෙ දෙවන ප්‍රධාන නගරය තමයි හැටන්. සුප්‍රකට හැටන් සානුව නිසා මෙහි සුන්දරත්වය තවත් ඉහළයි. ශ්‍රී පාද ස්ථානය වන්දනා කරන්න යන එක් පිවිසුම් මාර්ගයක් වැටෙන්නෙත් හැටන් හරහා.

st-clair-waterfall
Image: travelco.lk

හැටන් කියන්නෙ සුන්දර දිය ඇලි රැසක්ම අවට පිහිටල තියෙන ප්‍රදේශයක්. මේ නිසාම දිය ඇලි නරඹන්න යන සංචාරකයින්ට හැටන් සුවිශේෂයි. ඩෙවෝන්, සාන්ත ක්ලෙයාර් දිය ඇලි දෙක වගේම කෙටි ගමනකින් පස්සෙ ලඟාවෙන්න පුලුවන් ඇබර්ඩින්, ගලබඩ, ලක්ෂපාන සහ තවත් අලංකාර කුඩා දිය ඇලි රැසක්ම මෙම ප්‍රදේශය සුන්දර කරන්න දායකවෙලා තියෙනව.

adams-peak-mountain-top-view
Image: steuartholidays.com

දැන් මේ ඉස්සරහට ආරම්භවෙන්නෙ ශ්‍රී පාද වන්දනා සමය. හුඟක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි විඩාව නිවගන්නත් එක්ක දවස් කිහිපයක නිවාඩුවක් ගත කරන්න අතේ තියෙන ගානට තැනක් හොයාගන්න පිරිසිදු, ආරක්ෂිත, සුවපහසු තැනක් හොයාගන්න එක. මෙන්න තියෙනව විසඳුම.

08. සීගිරිය – රු. 6100 සිට.

sigiriya-rock
Image: exoticvoyages.com

ලෝකයේ අටවෙනි පුදුමය. නොදන්න කෙනෙක් නෑනෙ. ඒත් හැමදාම යන විදියට දුවල ගිහින් සීගිරිය නැගල එක දවසින් ගෙදර එනවට වැඩිය හොඳ නැද්ද මේ පැත්තෙ තියෙන වනජීවි සුන්දරත්වයත් එක්ක පුංචි නිවාඩුවක් ගත කරල එන එක වෙනසකටත් එක්ක. හැමෝම කරන්නෙ සීගිරි පර්වතය තරණය කරන එකනෙ. ඒත් වටපිටාවෙ තියෙන පුරාවිද්‍යා අවශේෂ, පාරිසරික සුන්දරත්වය අත්විඳින්නෙ ඉතාම සුළු පිරිසක්.

pidurangala
Image: lucycalder.com

අනික සීගිරිය අවට තව මොන තරම් තැන් තියෙනවද නරඹන්න. ඒ අතරින් ප්‍රධානම ස්ථානය තමයි සීගිරියට අල්ලපු වැටේ තියෙන පිදුරංගල. පිදුරංගල පර්වතය මුදුනට යන එක තරමක් දුෂ්කරයි හැබැයි විනෝදජනකයි. පර්වතය මුදුනට ගියාම දැනෙන හැඟීම විස්තර කරන්න බෑ. ඒක ගිහිල්ලම බලන්න ඕනෙ. පිදුරංගල ඇරුණම පොතාන, මාපාගල, ඉබ්බන්කටුව වගේ පුරාවිද්‍යා ස්ථානත් මේ අවට තියෙනව.

ibbankatuwa
Image: b-p-o.ru

ඒ වගේම දඹුල්ල, කණ්ඩලම, හබරණ, මින්නේරිය වගේ අවට තියෙන වෙනත් සුන්දර ස්ථාන නරඹන්නත් එක්කම හැමදාම යන දවසෙ ට්‍රිප් එක වෙනස් කරගත්තොත් අපූරු අත්දැකීමක් විඳගන්න ලැබේවි. නවාතැන් ප්‍රශ්නෙට විසඳුම් දෙන්න දැන් ඔන්න  සීගිරියෙත් තියෙනව.

දැන් දෙසැම්බර් නිවාඩුව ගතකරන්න මේ තැන් විතරද තියෙන්නෙ?

අනේ නෑ. රට පුංචි උනාට තව කොයිතරම්නම් තැන් තියෙනවද මේ ලංකාව ඇතුලෙ ඇවිදින්න. එතකොට ඒව ගැන ලියල නැත්තෙ ඒ තැන්වල Vista Rooms නැද්ද? අන්න වැරදුනු තැන. ලංකාවෙ නිවාඩුවක් ගත කරන්න යන්න පුලුවන් හොඳම තැන් හැම එකකම Vista Rooms නිවාඩු නිකේතන තියෙනව. කොළඹින් පටන් ගත්තහම නුවරඑළිය, බණ්ඩාරවෙල, බදුල්ල, තලවකැලේ, යාල, කතරගම, පාසිකුඩා, තිස්සමහාරාමය, මාතර, වැලිගම, මිරිස්ස, උනවටුන, ගාල්ල, බෙන්තොට, උස්වැටකෙයියාව, මීගමුව, මාරවිල, දඹුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව වගේ සෑම තැනකම නිවාඩු නිකේතන ඔබ වෙනුවෙන්ම ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි මේ සෑම තැනකම පිරිසිදු බව, සෞඛ්‍යාරක්ෂිතබව උපරිමයි. ආරක්ෂාව ගැන ඔබට කිසිම සැකයක් ඇති වෙන්නෙ නෑ. වායු සමීකරණය කරන ලද කාමර වගේම නොමිලේ වයි – ෆයි පහසුකම් පවා ඔබට අත්විඳින්න පුලුවන්.

මේ දෙසැම්බර් නිවාඩුවට පවුලේ අයත් එක්ක ලංකාව වටේම සංචාරය කරන්න සැරසෙන Refresh.LK පාඨක ඔබට Vista Rooms වෙතින්  ලැබෙන සුපිරිම වාසිය තමයි 20% ඩිස්කවුන්ට් එක.

මේ ලින්ක් එක ක්ලික් කරල  20% ඩිස්කවුන්ට් එක ලබා ගන්න

ඉතින් දෙසැම්බර් නිවාඩුවට මෙහෙම චාන්ස් වැදිල තියෙද්දි තව මොනවද බල බල ඉන්නෙ? අදම ට්‍රිප් එක ප්ලෑන් කරල Vista Rooms සම්බන්ධ කරගන්න.

📞: 076 762 9831

මේ සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලුවලට පිළිතුරු ලබාදෙන්න අපි සූදානම්. ඒ ඔක්කොම පහළින් comment කරන්න.

Leave your vote

0 points

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Refresh us with your thoughts..