ඩෙංගු පැතිරීම සඳහා පරිසරය අපවිත්‍ර කරන අයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග


ඩෙංගු රෝගයෙන් දරුවාව බේරාගන්න, ඩෙංගු මාරාන්තිකයි, අවට පිරිසිදුව තබාගන්න, යන කියමන් මේ දිනවල බහුලව සමාජයේ දැකිය හැක. විද්‍යුත් මාධ්‍ය සහ පුවත්පත් වල මෙන්ම දැන්වීම් පුවරු වලද මේ ගැන පණිවිඩ ක්‍රියාත්මක වී ඇත.

Image: ipsnews.net

නමුත් මෙම රෝගය වැලක්වීමට නගර පිරිසිදු කිරීම විනා තමන් ජීවත්වන ගෙවත්තවත් නිසි ආකාරයෙන් පිරිසිදු කර නොගන්නා පිරිස් අද සමාජයේ ජීවත් වෙති. අනුන්ගේ ආරක්ෂාවට පළමුව තමන්ගේ ආරක්ෂාවවත් ගැන නොසිතන බහුතරයක් තමාට තමාගේ දරුවන්ට හෝ ඥාතීන්ට ඩෙංගු රෝගය වැළඳුනු විට වෛද්‍යවරුන්ට බැන වැදී පෙළපාලි යති. නමුත් නියපොත්තෙන් කරන්න තිබෙන දේ පොරොවෙන් කරන තුරු සිටීම නිසා ඔවුන්ට දුක් වන්නට සිදුවී ඇත.

මෙවැනි හේතුන් නිසා යම් රෝගයක් පැතිරවීම සහ නොසැලිකිලිමත් ක්‍රියා නිසා එම ක්‍රියාවන්ට නීතිය මගින් දඬුවම් දීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්වී ඇත.

Image: sjp.ac.lk

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 14 වෙනි පරිච්ඡේදයේ දැක්වෙන 262 වගන්තියේ මෙසේ සඳහන් වෙයි.

” ජීවිතයට අන්තරාදායක වූ යම් රෝගයක් පැතිරවිය හැකි වුද එලෙස පැතිරවිය හැකි බව තමා දන්නා වූ හෝ එලෙස විශ්වාස කිරීමට කරුණු තිබෙන්නා වූද යම් ක්‍රියාවක් නීති විරෝධීව හෝ නොසැලිකිලිමත්ව කරන තැනැත්තෙකුට හය මාසයක දක්වා කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කල යුතුය” යනුවෙනි.

Image: sundaytimes.lk

යම් ප්‍රදේශවල පවුල් ආරවුල් සහ පෞද්ගලික ආරවුල් සම්බන්දයෙන් මිනිසුන් අල්ලපු ගෙදර වත්තට කැලි කසල දැමීම, ජලය රැඳෙන සේ කානු කැපීම, කුරුම්බා කෝම්බ ගොඩ ගැසීම දක්නට ලැබෙනු ඇත. එම අවස්ථාවලදී ඩෙංගු වාහක ඊඩිස් ඊජිප්ටයි මදුරුවා බෝ විය හැක. මෙවැනි දේ සම්බන්ධයෙන් කැලිකසල ගොඩගහන පුද්ගලයන් දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්තියට අදාළ වේ.

එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වගන්තියට අනුව මෙවැනි අවස්ථාවලදී මහේස්ත්‍රාත්වරයාට අදාළ පීඩා සිදුවෙන ස්ථාන සම්බන්ධව වාර්තාවක් හෝ තොරතුරක් ලැබුණු විට එම පීඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් ආඥාවක් නිකුත් කිරීමටද බලය පැවරී තිබේ.

මේ කාරණා අනුව වර්තමානයේ වේගයෙන් පැතිරෙන ඩෙංගු උණ මැඩලීමට ජනතාවගේ සහය උපරිම වශයෙන් ලැබිය යුතු අතර සහය නොලැබෙන අය වෙනුවෙන් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ ඇත. කෙසේ වෙතත් තව කෙනෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීම සහ ඒ සඳහා වක්‍රව ක්‍රියා කිරීමද අපරාධමය වරදක් වේ.

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඩෙංගු පැතිරීම සඳහා පරිසරය අපවිත්‍ර කරන අයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes