web analytics

ආහාර කල් තබාගෙන මුදල් ඉතිරි කර ගන්න.

වර්තමානය වන විට ආහාර සුරක්ෂිතතාවය ඉතා වැදගත්වී ඇත. පවතින දේශගුණික රටාව තුළින් ආහාරයට අවශ්‍ය එළවළු, පළතුරු හා ධාන්‍ය වර්ග වගා කිරීමේ දුෂ්කරතාවයක් මතුව ඇත. අපට පහසුවෙන් ආහාර කල් තබා ගැනීමට හැකි ක්‍රම සහ එලෙස කල් තබා ගැනීමට හැකි ආහාර ද්‍රව්‍ය පිළිබදව දැනුවත්වී සිටීම ජීවිතයේ කුමන හෝ අවස්ථාවකදී ප්‍රයෝජනවත් වනු ඇත.


වර්තමානය වන විට ආහාර සුරක්ෂිතතාවය ඉතා වැදගත්වී ඇත. පවතින දේශගුණික රටාව තුළින් ආහාරයට අවශ්‍ය එළවළු, පළතුරු හා ධාන්‍ය වර්ග වගා කිරීමේ දුෂ්කරතාවයක් මතුව ඇත.  ආහාර අවාරයට ඒවායේ මිළ ගණන්ද නොසිතූ ආකාරයෙන් ඉහල යන බව ඔබ අත්දැකීමෙන්ම දන්නා කරුණකි. අප සතුව පවත්නා ආහාර ද්‍රව්‍ය මතු ප්‍රයෝජනය තකා ආරක්ෂා කර ගත හැකි නම් එය ඔබගේ මුදල්ද ඉතිරිකර දෙනු ලබයි. අමතර ආදායම් මාර්ගයක් ලෙසින්ද මෙය ඔබට වැඩිදියුණු කර ගැනීමට හැකිවේ.

දීර්ඝ කාලයක් උදෙසා විවිධ ක්‍රම උපයෝගී කරගෙන ආහාර සුරක්ෂිත කර ගැනීම ආහාර පරිරක්ෂණය ලෙසින් හදුන්වයි. ආහාර ද්‍රව්‍ය කල්තබා ගැනීමට ඇති ප්‍රධානතම බාධකය ආහාර ද්‍රව්‍ය ඉක්මණින් නරක් වීමයි. 

වායු ගෝලයේ ඇති පුස්, දිලීර සහ බැක්ටීරියාවන් එම ආහාර ද්‍රව්‍ය මත වැඩෙමින් ඒවායේ අඩංගු පෝෂණය මත යැපෙමින් සිය වර්ගයා බෝ කිරීම ඇරඹීම නිසා ආහාර ද්‍රව්‍ය මත සිදුවන වෙනස්වීම නිසා ආහාර ද්‍රව්‍ය නරක්වීම සිදුවේ. ඊට අමතරව ආහාර නරක්වීම සඳහා පරිසරයේ උෂ්ණත්වයද ආහාරයේ පී.එච්. අගයද බලපානවා. බැක්ටීරියා 4.0 -7.5 දක්වා සහ පුස් 1.5 – 8.5 දක්වා පරාසයක් ආහාර නරක්වීම කෙරෙහි බලපානවා. ආහාර කල් තබා ගැනීමට නම් මෙම ක්ෂුද්‍ර ජිවින්ගේ පැවැත්මට බාධා කරන පී.එච්.අගය පරාසය වෙනස් කල යුතු වෙනවා.

අපට පහසුවෙන් ආහාර කල් තබා ගැනීමට හැකි ක්‍රම සහ එලෙස කල් තබා ගැනීමට හැකි ආහාර ද්‍රව්‍ය පිළිබදව දැනුවත්වී සිටීම ජීවිතයේ කුමන හෝ අවස්ථාවකදී ප්‍රයෝජනවත් වනු ඇත.

01. වියළි වැලි තුළ වැලලීම

පැසී ඉදුණු දෙහි ගෙඩි තෙත රහිත වියළි පස් තුළ වැළලීම තුළින් සැලකිය යුතු කාලයක් නරක් නොවී තබා ගත හැකිය. මෙය පැරණි ගෘහණියන් විසින් භාවිත කරනු ලැබූ ආහාර සුරක්ෂිත ක්‍රියාවලියකි.

එමෙන්ම, කොස් ඇට හොදින් වියළා වැලි යට සගවා තබා ගැනීමෙන් කොස් ඇට බොහෝ කාලයක් සුරක්ෂිතව තබාගෙන ප්‍රයෝජනයට ගත හැකිවේ. 

මීට අමතරව රාජාල වැනි අල වර්ගද අළු යොදා දීර්ඝ කාලයක් තබා ගැනීමට මෙම ක්‍රමය භාවිතා කරයි.

tenthousandtastebuds.wordpress.com

02. වියළා ගැනීම හෙවත් විජලනය කිරීම

හොදින් පැසුණු කොස්‌ මදුළු කල්තබා ගත් තවත් ක්‍රමයක්‌ ද ගැමියන් අතර විය. ඇට ඉවත් කරගත් කොස්‌ මදුළු වෙන් නො වන සේ පලා ගනී. මෙසේ පලාගත් කොස්‌ මදුළු,

ලුණු වතුර සාමාන්‍ය ප්‍රමාණයට දමා බාගෙට තම්බා ගනී. ඉන්පසු මද අව්වේ හොදින් වියළා ගෙන සුළං නොවදින සේ අසුරා තබා ගැනීමෙන් කොස් අවාරයට රසවත් කොස් මදුළු ව්‍යාංජනයක රස බැලීමට හැකියාව ලැබේ.

මඤ්ඤොක්‌කා අල තම්බා කපා අව්වේ වියළා මැටි වළංවල ඇසිරීම ද කල්තබා ගැනීම සඳහා භාවිත කළ ක්‍රමවේදයකි. 

ගොරකා, සියඹලා වැනි දේ බහුලව ඇති කාලයට එක් රැස් කර පිරිසිදු කර ඇට ඉවත් කර හොදින් වියළා අසුරා තැබීමෙන් දීර්ඝ කාලයක් නරක් නොවී තබා ගත හැකිය. 

කොස් බහුල කාලයේදී ඉවත දමන කොස්‌ඇට සිවිඩි හා කොස් රේණු පවා රසවත් ආහාරයක්‌ ලෙස කල් තබා ගැනීමට පැරැණි ගැමියෝ කටයුතු කළහ. ඉවත දමන කොස්‌ සිවිඩි හා රේණු නටන උණු වතුරේ දමා තම්බා ගෙන තද අව්වේ තබා හොඳින් තෙතමනය සිඳෙන තෙක්‌ වියළා ගත යුතුය. කල් තබා ගැනීම සඳහා පිරිසිදු වියළි භාජනයක අසුරා වාතය ඇතුළු නො වන සේ වසා තබයි. අවාරයේ දී මේ කොස්‌ සිවිඩි හා රේණු තෙම්පරාදු කරගත් විට රසවත් වෑංජනයක්‌ සකසා ගැනීමට හැකිවේ. 

ginseng1st.com

03. ලුණු දැමීම සහ අච්චාරු සැදීම

හොදින් පැසුණු දෙහි ගෙඩි ලුණු දෙහි දැමීම තුළින් බොහෝ කාලයක් ප්‍රයෝජනයට ගත හැකිවේ. දෙහි ගෙඩි හතරට පලා ලුණු කැට දමා අව්වේ හොදින් වියළා ගැනීමෙන් ලුණු දෙහි සකසා ගැනීමට හැකිවේ. මෙය ඖෂධයක් ලෙසින්ද භාවිතා කරනු ලැබේ. උදරයේ අජීර්ණය, අහාර අරුචිය වැනි රෝග සදහා මී පැණි සමග ලුණු දෙහි ආහාරයට ගැනීමෙන් සුවයක් ලද හැකිය.

අමු අඹ, බිලිං වැනි දේද ලුණු යොදා වියළා කල් තබා ගත හැකිය.

exploresrilanka.lk

04. ශිත කිරීම හෝ අධි ශිත කිරීම

ආහාර ද්‍රව්‍ය ශීත කිරීම මගින්ද කල් තබා ගත හැකිය. එළකිරි, පිසූ ආහාර ආදී බොහෝමයක් ශීත කිරීම මගින් කල් තබාගෙන ප්‍රයෝජනයට ගත හැකිවේ. 

harvestmoonmarket.net

05. ජෑම් සෑදීම

අඹ වාරයට ඉතා ඉක්මණින් ඉදී දිනකින් දෙකකින් ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස සියල්ල කුණුවී නරක් වී යයි. අඹ ජෑම් සාදා පිරිසිදු බෝතල්වල අසුරා තබා ගැනීමෙන් අඹ අවාරයට ඔබට පහසුවෙන් අඹ රස බැලිය හැකිය. එමෙන්ම, වෙළදපලෙන් මිලදී ගැනීමට යන මුදලද ඔබට ඉතිරි කර ගත හැකිය.

අඹ පමණක් නොව අනෙකුත් පළතුරු වර්ගවලින්ද ඔබට රසවත් ජෑම් සකසා ගත හැකිය. දිවුල්, පේර, අන්නාසි වැනි වෙනත් පළතුරු වර්ගවලින් ජෑම් වර්ග සැකසීමට ඔබත් උත්සහ කර බලන්න.

mamaguru.com

06. රික්තක ඇසිරීම

මෙම ක්‍රමයද ආහාර කල් තබා ගන්නා ක්‍රමයකි. රික්තක ඇසිරීම යනු වාතය ඉවත් කරන ලද පරිසරයක ආහාර ගබඩා කිරීමයි. ඒ අනුව වාතය ඉවත් කරන ලද වියළි බෝතල හෝ බෑග් තුළ ආහාරය අසුරා තබයි. ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනයට හේතුවන ඔක්සිජන් වායුව ඉවත් කිරීම තුළින් ආහාර නරක්වීම වළක්වා ගත හැකිය. ඒ අනුව රසයට වෙනස්කමක් නොවී ආහාර දිගු කාලයක් තබා ගැනීමට හැකිවේ. විශේෂයෙන් කජු ඇසිරීමේදී මේ ක්‍රමය උපයෝගී කර ගනු ලැබේ. 

gift4max.com

07. සිසිල්, අඳුරු තත්ත්වයන්හි ගබඩා කිරීම

අර්තාපල් වැනි අල වර්ග ශීතරණය තුළ තැබීමට ඔබ අප පුරුදුව සිටී. එහෙත් සිසිල්, අදුරු හිරු එළිය නොවැටෙන ස්ථානයක ඒවා ගබඩා කරන්නේ නම් බොහෝ කාලයක් සුරක්ෂිතව තබා ගත හැක.

toriavey.com

08. බෝතල් සහ ටින් කිරීම

ඔබ අප කවුරුත් අසා ඇති ආහාර පරිරක්ෂණ ක්‍රමයක් ලෙස බෝතල් කිරීම සහ ටිං කිරීම හැදින්විය හැකිය. තාක්ෂණානුකූලව බීම වර්ග, මාළු, පළතුරු බෝතල්වල ඇසිරීම හා ටිං කිරීම සිදු කරයි. 

www.santboi.cat

මීට අමතරව ගෘහස්ථව ජීවානුහරණය කරන ලද බෝතල්වල ආහාර ඇසිරීම තුළින් වැඩි කාලයක් සුරක්ෂිතව තබා ගත හැකිය.


Like it? Share with your friends!

80 SHARES
80 SHARES

What's Your Reaction?

Cute Cute
2
Cute
Lol Lol
3
Lol
OMG OMG
3
OMG
Thanks Thanks
4
Thanks
Cry Cry
0
Cry
Like Like
6
Like
Confused Confused
0
Confused
Dislike Dislike
1
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ආහාර කල් තබාගෙන මුදල් ඉතිරි කර ගන්න.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes