web analytics

උපන් බිළිඳුන් විකිණීම සහ මහ මග දමා යාමට විරුද්ධව නීතිය කෙසේ ක්‍රියාත්මක වන්නේද?


අද මාධ්‍යයෙන් වුවද අසන්නට ඇත්තේ දූෂණ, වංචා, මිනි මැරීම් පැහැරගැනීම් සහ ළමුන් විකිණීම වැනි ක්‍රියා කාරකම්ය. ඒ අතරින් මහ මග බිළිඳුන් දමා යාම, විකිණීම, බෑග් වල බිලිඳුන් බහා අතහැර යාම වැනි කෘර ක්‍රියාවන් සුලබ ලෙස පවතී. මේ තරමට හිත් පිත් නැති දෙමාපියන් මේ රට තුළ සිටිත්දැයි පුදුමයටත් කරුණකි.

මෙවැනි අමානුෂික ක්‍රියා වැළැක්වීමට නීතිය මගින් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න විමසා බැලීමට අපි උත්සාහ කරමු.

දරුවෙක් අත්හැර දමා අතරමං කර යෑම

Image: parent24.com

මේ සම්බන්ධව පවතින නීති රීති කීපයක්ම පවතී. දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තියට අනුව අවුරුදු 12 ට අඩු ළමයෙක්ව අත්හැර දමා අතරමං කර යෑම අපරාධමය වරදක් වශයෙන් පිළිගෙන ඇත. එම වගන්තියට අනුව අවුරුදු 12 ට අඩු දරුවෙකු යම් හෙයකින් ඔහුගේ පියා, මව හෝ භාරකරුවෙකු අත්හැර දැමීමේ අරමුණින් මහ මග දමා ගියොත් එම භාරකරුවාට අවුරුදු 7 ක කාලයක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් දඬුවම් කල හැකි බව ප්‍රකාශ කෙරේ.

ශාරීරික වේදනා හෝ මානසික අසහනයකට පත්කිරීම

Image: socialjusticesolutions.org

එසේම ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 308,( අ) වගන්තියට අනුව භාරකාරයෙකු එවැනි ළමයෙකුට ශාරීරික වේදනා ඇතිකරන්නේනම් හෝ මානසික අසහනයකට පත්කරන්නේ නම් ළමයින්ව කෘරත්වයට පත්කිරීමේ වරද මත එම භාරකරු වරදකරු වේ.

තවදුරටත් 1989 නොවැම්බර් 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් සම්මත කල ළමා අයිතිවාසිකම් පිළිඹඳ ප්‍රඥප්තියට 1991 ජුලි මස 12 වෙනිදා ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති නිසා මෙරට ළමා අයිතිවාසිකම් සම්බන්ධව නීති මුලාශ්‍රය එය ලෙස පිළිගෙන ඇත. එම ප්‍රඥප්තියේ 1 සිට 41 දක්වා ඇති වගන්ති වලින් ළමා අයිතිවාසිකම් අන්තර්ගතවන අතර ළමයාට සිය පැවැත්ම සඳහා ඇති අයිතිය තහවුරු කිරීමෙන් මුළු මහත් සමාජයම වගකීමෙන් බැඳ දමා ඇත.

කුඩා ළදරුවන් විකිණීම


Image: TheRunListChannel

මෑතකදී පැනනැගී ඇති විශාලතම ගැටලුව වන්නේ කුඩා ළදරුවන් විකිණීමය. මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 361 වගන්තියට අනුව වහල් වෙළඳාම ගැන අන්තර්ගතව තිබුනත් ළමයින් වැනි බාල වයස්කාරයින් විකිණීම ගැන සඳහන්ව නොතිබිණි. එමනිසා 1995 අංක 22 දරණ සංශෝධනය මගින් 360 ( ඇ ) වගන්තිය දණ්ඩ නීති සංග්‍රහයට ඇතුලත් කරමින් ළමුන් විකිණීම හෙවත් වෙළඳාම සඳහා භාවිතා කිරීම අපරාධමය වරදක් ලෙස ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව මුදලකට හෝ වෙනත් සේවාවකට ළමුන් මිලදීගැනීම, විකිණීම හෝ යම් දෙයකට හුවමාරු කිරීම වරදක් වේ. එපමණක්ද නොව දරුවන් බිහිකිරීමට ස්ත්‍රියක් හෝ යුවලක් බඳවා ගැනීම, ව්‍යාජ උප්පැන්න සහතික සකස්කිරීමට ඉඩදීම මෙන්ම රෝහල්වලින් හෝ වෙනත් ආයතන වලින් මුදලට ළමයින් දරුකමට හදාගැනීමට කුට්ටනය කිරීම වරදක් ලෙස පිළිගෙන ඇත.

Image: digitaljournal.com

මේ අනුව කවර ආකාරයකින් හෝ වයස අවුරුදු 12 ට අඩු ළමුන් අතරමග දමා යාම, අත්හැර දැමීම, අතරමං කිරීම වැනි වැරදි සේම උපන් ගමන් දරුවන්ව විකිණීම යන වැරදි වලට කිසිම බුරුලක් නොදීම නීතියේ ප්‍රතිපත්තිය වී ඇත.එමනිසා මෙමගින් තේරුම් ගත හැකි දෙය වන්නේ උපන් ගමන් දරුවන් විකුණන හෝ අතරමග දමා යන දෙමාපියන්ට නීතියෙන් ගැලවීමක් නොමැති බවය.

Cover Image: 500px.com


Like it? Share with your friends!

449 SHARES
449 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
3
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

උපන් බිළිඳුන් විකිණීම සහ මහ මග දමා යාමට විරුද්ධව නීතිය කෙසේ ක්‍රියාත්මක වන්නේද?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes