web analytics

එක්ස්කැලිබර් කඩුවට සටන් වදින ආතර් රජ්ජුරුවෝ – “King Arthur: Legend of the Sword”


King Arthur: Legend Of the Sword මේ වසරේදි හොලිවුඩ් වල නිර්මාණය වුන විශිෂ්ට සිනමාපටයක් ලෙස හඳුන්වන පුළුවන්. අතීත කතාන්දරයක් ලෙසින් දිගහැරෙන මෙම චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපට වලට කැමති සියළුදෙනාම නැරඹිය යුතුමය. ලිපිය කියවලම බලන්න.එතකොට චිත්‍රපටය පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන් වෙවි.

King Arthur: Legend of the Sword  යනු ගයි රිච් අධ්‍යක්ෂණය කළ නවතම හොලිවුඩ් චිත්‍රපටය යි. එහි ඩේවිඩ් ඩොබ්කිං සහ ජොබි හැරල්ඩ්ගෙ කතාවට තිර රචනය කරන ලද්දේ ගයි රිචී, ලයනල් විගරම් සහ ජොබි හැරල්ඩ් විසිනි.

අතීතයේ රජවරු පිළිබඳ කතා අපි කොතෙකුත් නම් ආසා ඇතිද? ආතර් රජතුමා යනු පස් වැනි සියවස අගභාගයේ හා හය වැනි සියවස මුල් භාගයේ එංගලන්තයේ ජීවත් වූවා යැයි කියවෙන රජ කෙනෙකි. සියවස් ගණනාවක් පුරා පැවත එන ඔහු පිළිබඳ වන කතාන්දර බොහොමයක් වන අතර එක්ස්කැලිබර් කඩුව බ්‍රිතාන්‍යයේ රාජ්‍ය බලය සම්බන්ධයෙන් පවත්නා සබඳතාවය පිළිබඳ කතන්දරයක් ද වේ.

එක් දෙවි කෙනෙකු විසින් මෙම එක්ස්කැලිබර් කඩුව ගලකට සවිමත් ලෙසින් සවි කරන්නේ කිසිවෙකුත් එය සෙලවීමට පවා නොහැකි වන ලෙසිනි. නමුත් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය බලය හිමි පුද්ගලයා හට පමණක් යම් දිනකදී එය ගලවාගත හැකි වනු ඇත. එසේ නම් කඩුව ගලෙන් ගලවා ගන්නා පුද්ගලයා එංගලන්තයේ රජ වනු ඇත.

ආතර් රජු සම්බන්ධ පුරාවෘත පමණක් නොව ඔහුගේ චරිතය ප්‍රතිනිර්මාණය කර ලියූ පොත්, චිත්‍රපට, රූපවාහිනි කතා මාලා, පරිගණක සජීවකරණ චිත්‍රපට, පරිගණක ක්‍රීඩා ආදිය බොහෝ නිර්මාණ ඒ අතර වේ. චිත්‍රපට අතරේ King Arthur (2004), Prince Valiant (1997), Excalibur (1981), Monty Python and the Holy Grail (1975), Camelot (1967), The Sword in the Stone (1963) ~ƒ Knights of the Round Table (1953)වැනි නිර්මාණ සුවිශේෂි වේ.

මේ නිර්මාණ අතරට අලුතින්ම එන් වන්නේ King Arthur: Legend of the Sword  චිත්‍රපටය යි. පසුගිය 8 වැනිදා චීනයේදී තිරගත කළ එය මැයි 12 සිට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව ලොවපුරා තිරගත වීම ආරම්භ කරන ලදි. අමෙරිකානු ඩොලර් මිලියන 102ක වියදමෙන් නිර්මාණය කර ඇති ආතර් රජුගේ නවතම චිත්‍රපටය King Arthur: Legend of the Sword  මිනිත්තු 126ක් පුරා දිවෙයි. King Arthur: Legend of the Sword  හි කිං ආතර්ගේ චරිතයට පණ පොවන්නේ චාර්ලි හන්නාම් විසිනි. ආතර්ගේ බිරිය ගුයිනෙවර් ලෙස ඇස්ට්‍රිඩ් බර්ජස් ෆ්‍රිස්බි ද සමඟින් ඒඩින් ගිලෙන්, ජ්මොන් හවුන්සු, ජූඩ් ලෝ, එරික් බානා ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපණය කරති.

තරුණ ආතර් තම කණ්ඩායම සමඟ තමා ජීවත් වන ප්‍රදේශය තුල බලය පතුරුවාගෙන වීරයකු ලෙසින් ජීවත් වන්නෙකි. තමා රජ පෙළපතකට කිසිදු සබඳකමක් ඇතැයි නොසිතන ඔහු හට එක් දිනෙකදී මෙම එක්ස්කැලිබර් කඩුව ගලෙන් ගලවා ගැනීමට හැකිවේ.

කඩුව සියතට ගැනීමත් සමඟ රජ්‍යත්වයට ඇති හිමිකම තේරුම් ගන්නා ආතර් හට තමා රජ වෙනවාද? නැතිද? යන්න තීරණය කිරීමට සිදු වේ. කෙසේ නමුත් රජ වීමට පෙර තමන් තුළ ජීවත් වන යක්ෂයන් සමඟ සටන් කිරීමට ආතර් හට සිදු වේ. එපමණක් නොව බලගතු එස්කැලිබර් කඩුව පාවිච්චි කිරීම පිළිබඳවද හේ උගත යුතුය. තම පියාගෙන් රාජ්‍ය උදුරා ගත් වෝර්ටිජන් සමඟින් සටන් වැද රට බේරා ගෙන මහජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ආතර් සතු වී ඇත. ඒ වෙනුවෙන් ඔහු පෙරට පැමිණිය යුතු වේ.


Like it? Share with your friends!

23 SHARES
23 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

එක්ස්කැලිබර් කඩුවට සටන් වදින ආතර් රජ්ජුරුවෝ – “King Arthur: Legend of the Sword”

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes