web analytics

හිටං ඉද්දි නින්ද යන අරුම පුදුම මිනිස්සු


?මේක නම් ටිකක් පුදුමයි නේද? මෙහෙම කියද්දි ඔයාලට හිතෙයි අපේ යාළුවන්ටත් මේ වගේ හිටගෙන නින්ද යනවා නේහ් කියලා. පොඩි කාලේ අපි දන්න විදියට නම් ස්ලීපිං බියුටි ට නින්ද ගියේ ඇඟිල්ලේ ඉඳිකටුවක් ඇනුන නිසයි. ඒත් කසකස්ථානයේ අක්මොලා පළාතේ කලාචි කියන ගමේ මිනිස්සුන්ට නම් නින්ද යන්නේ, මේ කිසිම හේතුවක් නැතුව හිටි හැටියේම යි.

?නිදා වැටෙන්නට ඔවුන්ට තැනක්‌ නොතැනක්‌ නැහැ . කාර්යාලයේදී, පාසලේදී, වීදියේදී ඔය කියන ඕනම තැනකදි ඔවුන් නින්දට වැටෙනවා. හැබැයි නිදා ගත්තා වගේ නෙමෙයි මෙයාලව ඇහැරවන එක තමයි අමාරුම වැඩේ. අවදි කරන්නට උත්සහ කළොත් පෙනෙන්නේ ඒ තැනැත්තාට අවදිවීමට උවමනා වුණත් අවදිවීමට නොහැකිව නිදියන බවයි. සමහරුන් අවදිවන්නේ සතියකට පමණ පසුවයි. හරියටම ඔවුන් කෝමා තත්වයකට පත්වුණා වගේ තමයි මේ විදියට නිදියන්නේ. පුදුමයි නේද?

?මේකට ඒ ගමේ ඕනෑ තරම් උදාහරණ තියෙනවා පෙන්නන්න. කලාචි ගමේ ජිවත් වුන කශකෙන්කෝ නින්දට වැටිලා තියෙන්නේ අගෝස්තු 28 වෙනිදායි. විශ්වාස කරනවද? ඔහු ආයේ නැගිටලා තියෙන්නේ සැප්තැම්බර් 2 වෙනිදා යි.  ඔහුට මේ විදියට නින්ද ගිහිල්ලා තියෙන්නේ බිරිඳත් එක්ක මෝටර් සයිකලයේ යන විටදියි. ඒ ඔහුගේ පළමු නිදා ගැනිම නෙමෙයි.පළමුවර නිදාගැනීමේදී ඔහු අවදි වී ඇත්තේ දින 3 කට පසුය. ඒ වගේම, මේ ගමේ හිටපු තවත් කාන්තාවක්‌ නින්දට වැටී තිබුණේ උදෑසන එළදෙන ගෙන් කිරිදොවන විටදිය. ඇය අවදිවී තිබුණේ දින දෙකක්‌ම එකදිගට නිදාගැනීමෙන් පසුවය.

?එන්න එන්නම මේ වැඩේ දරුණු වෙන්න ගත්තා. හිටපු ගමන් නිදා ගන්න පිරිස වැඩ් වුනා. නින්දට වැටීමේ අසනීපය මුල්වරට හට ගත්තේ 2013 වසරේ වසන්ත කාලයේදීයි. එතැන් පටන් වසර 2ක්‌ තිස්‌සේ කලාචි ගමේ වැසියන් කෝමා තත්වයන්ට පත්වේ. අවදිවීමෙන් පසුව ඔවුන් තුළ කරකැවිල්ල, ඔක්‌කාරය, හිසරදය, සිහිය මුළාවීම සහ මතක නැතිවීම වැනි ලක්‌ෂණ දක්‌නට ලැබුනා.

?2014 දි 600 කට වැඩි ගමේ ජනගහනයෙන් පහෙන් එකක්‌ම නින්දට වැටීමේ අසනීපයට ගොදුරු වී තිබුණා. ඒ නිසා මේකට හේතුව හොයන්න වෛද්‍යවරුන් , විද්‍යාඥයන් විවිධ පරික්ෂණයන් කළා. නමුත් ගම වටා කිසිදු අක්‍රමිකතාවක්‌, විෂ හෝ විකිරණ මට්‌ටම් වල ඉහළ යාමක්‌ දකින්නට ලැබිලා නැහැ.

?මේ නිසා වෛද්‍යවරුන් එකතු වෙලා නින්දට වැටුණ අයගේ පරීක්‌ෂණ වාර්තාවන් අසාමාන්‍ය නැති බවයි හොයා ගෙන තියෙන්නේ . සමහර නින්දට වැටුණ අයගේ නිවෙස්‌වල කාබන් මොනොක්‌සයිඩ් මට්‌ටම නිර්දේශ කරන ගණනට වැඩිය 10 ගුණයකින් තිබූ බව ජාතික න්‍යෂ්ටික මධ්‍යස්‌ථානයේ විකිරණ ආරක්‌ෂණය ආයතනයේ අධ්‍යක්‌ෂක පිළිගෙන තියෙනවා.

?ඔහු පවසන්නේ නිදාගැනීමේ අසනීපයට එය හේතුවක්‌ විය හැකි බවයි. ගිය වසරේ අවසානය වන විට කලාචි ගමේ සුළඟ, පස, ජලය, ආහාර, සතුන්, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ වැසියන් සම්බන්ධයෙන් විද්‍යාගාර සහ සායන පරීක්‌ෂාවන් 20000 කට වඩා කර තිබුණා.

?නමුත්, මේ ගමේ වැසියන් නම් කියන්නේ, මේකට ප්‍රධානම හේතුව ගම අසල තියෙන සෝවියට්‌ යුගයේ යුරේනියම් පතලේ බලපෑමක් තියෙන බවයි. 1990 දි පතල වසා දැමීම නිසා අද එය පාළුවට ගිය ප්‍රදේශයකි. තවමත් එහි පවුල් කීපයක්‌ ජීවත් වූවත් ඔවුන්ට කිසිදු පීඩාවක්‌ සිදුවී නැහැ. පතල ක්‍රියාත්මකව පැවති කාලයේ පතල්කරුවන්ට නින්දයාමේ අසනීපය වැළඳුණ බවට ද වාර්තා නොවිම නිසා ඒ සැකයත් පිළිගත හැකි මට්ටමක තිබුනේ නැහැ.

?මේකට නිශ්චිත හේතුවක්‌ සොයා ගැනීමට නොහැකි වීම නිසා ගමේ සියල්ලෝම වාගේ පසුවන්නේ තමන් කොයි මොහොතේ නින්දට වැටේ දැයි යන බයෙනි. තවදුරටත් ගම්වාසින් රෝගයට නිරාවරණය වීම වැළැක්‌වීමට ප්‍රදේශයේ බලධාරින් ඔවුන්ව වෙනත් තැනක පදිංචි කිරීමට කටයුතු කරමින් සිටිනවා. නමුත් බොහෝ කාලයක්‌ ගමේ ජීවත් වූ සමහර වැසියන් තම පුරුදු නිවහන දමා යාමට සූදානමක්‌ නැහැ. කෙසේ හෝ මේ හිටපු ගමන් නින්ද යන ප්‍රශ්නයට තාමත් විසඳුමක් නම් හොයාගෙන නැහැ.


Like it? Share with your friends!

11 SHARES
11 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

හිටං ඉද්දි නින්ද යන අරුම පුදුම මිනිස්සු

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes