web analytics

ලංකාවෙ හදපු සුපිරි වීඩියෝ ගේම් එක “කංඡායුධ” නොමිලේ


වීඩියෝ ගේම්ස් කියන්නෙ අපේ රටේ කොල්ලො කෙල්ලන්ටනම් අලුත් දෙයක් නෙමෙයි. ලෝකෙ වටේම නිර්මාණය වන වීඩියෝ ගේම්ස් වලට හොඳ රසික සමාජයක්, වීඩියෝ ක්‍රීඩා ලෝලීන් පිරිසක් අපේ රටෙත් ඉන්නව. ඒත් නිකමටවත් හිතුනද අන්තර්ජාතික ප්‍රමීතීන්ට අනුව උසස් මට්ටමේ වීඩියෝ ගේම් එකක් අපේ රටෙන් නිර්මාණය වෙයි කියල? එහෙම හිතුනත් ඒකට තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි කියලත් නොසිතුනාම නෙමෙයි නේද?

හැබැයි අදනම් තත්ත්වය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. අන්තර්ජාතික වශයෙන් නිර්මාණයවන ප්‍රධාන පෙළේ වීඩියෝ ක්‍රීඩාවන් හා කරට කර තැබිය හැකි නිර්මාණයක් අද අපේ රටෙන් එළි දක්වනව. ඒ තමයි “කංඡායුධ” වීඩියෝ ගේම් එක. මේ වැඩේට අත ගහල තියෙන්නෙ ඇරිමැක් ආයතනය. මේ පුංචි දූපත ඇතුලෙ මොන වගේ වැඩ්ඩො හැංගිලා ඉන්නවද කියල තේරුම්ගන්න එක උදාහරණයක් තමයි “කංඡායුධ“.

ඒ වගේම තමයි අපි අගය කළයුතු තවත් කාරණයක් තමයි මේ වීඩියෝ ගේම් එකට පසුබිම් කරගෙන තියෙන්නෙ ලාංකීය ඉතිහාසය ප්‍රතනිර්මාණය වන ආකාරයේ මනඃකල්පිත ප්‍රබන්ධයක් වීම. මෙහි ප්‍රධාන චරිතය වන්නේ “භද්‍ර” නමින් හඳුන්වන ප්‍රබන්ධ වීර චරිතයක්. භද්‍රගේ වීර චාරිකාව තුළ සිදුවන ත්‍රාසජනක සිදුවීම්, ක්‍රියාදාම වටා තමයි මේ ක්‍රීඩාව ගොඩනැගෙන්නෙ.

දැනට ලංකාවේ නිර්මාණය කරන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව ලෙස වාර්තාවෙන්නෙත් “කංඡායුධ”. ඒ වගේම මේ ගේම් එකේ වැඩ අවසන් කරන්න මේ කොල්ලො සෙට් එක අවුරුදු පහකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනව.


01. ගේම් එක Install කරන්න ඕන System Requirements මොනවද?

ඒ ගැන දැනගන්න මෙතනින් මෙතනින් බලන්න.

02. ගේම් එක නොමිලේ?

ඔව්. ඔවුන් තීරණය කරල මේ ගේම් එක ඔබට නොමිලේ ලබාදෙන්න. පහත ලින්ක් එකෙන් ඔබට ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ වගේම තමයි ඔබට කැමති මුදලක් ඩොනේට් කරල ඔවුන්ව දිරිමත් කරන්න පුලුවන් නම් ඒක තමයි ගොඩාක්ම වටින්නෙ.

 

මේ කොල්ලො ටික මේ ගේම් එක වෙනුවෙන් මොනතරම් කැපවීමක් කරන්න ඇතිද කියල හිතාගන්න පුලුවන් නේද? අන්න ඒ කැපවීමට වටිනාකමක් දෙන්න දැන් අපිට වෙලාව ඇවිත්. අපේ රටේ ඉන්න මේ වගේ වැඩකාරයින්ට හයියක් වෙන්න වගේම, ඔවුන්ට තව මේ වගේ අපූරු දේවල් කරන්න ගැම්මක් එන්න අපේ දායකත්වය ලබා දිය යුතුමයි.


Like it? Share with your friends!

3.3k SHARES
3.3k SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

ලංකාවෙ හදපු සුපිරි වීඩියෝ ගේම් එක “කංඡායුධ” නොමිලේ

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes