web analytics

පොල්තෙල් භාවිතය ප්‍රවේශමෙන්


🌴පොල් තෙල් කියන්නේ, අපේ උයන පිහන වැඩ වලට නැතුවම බැරි දෙයක්. පොල්තෙල් දකුණු ආසියාතික රටවල මිනිසුන්  ආහාර පිසීම සඳහා වැඩිවශයෙන් භාවිතා කරන අතර ඇමරිකාව වැනි රටවල භාවිතය සාපේක්ෂව අඩුයි . නමුත් මෑතකදී කල පරික්ෂණයකදි හෙළිවෙලා තියෙනවා ඔවුන්ගෙත් පොල්තෙල් භාවිතයට ඇති නැඹුරුව එන්න එන්නම වැඩි වෙලා තියෙන බව.

🌴ඇමෙරිකානු හෘද සංගමය මෑතකදී නිකුත් කළ වාර්තාවෙන් හෙළිදරව් කරලා තියෙනවා පොල්තෙල් භාවිතයෙන් මිනිස් සිරුරේ තියෙන LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය ශිඝ්‍රයෙන් ඉහළ යනවා කියලා .  ඒ වගේම සිරුරේ LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම හෘදවාහිනී ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වීම කෙරෙහි බලපාන බවද පර්යේෂණවලින් වැඩිදුරටත් අනාවරණය වෙලා තියෙනවා .

🌴පොල්තෙල් භාවිතය සෞඛ්‍යට හොඳයි යන මතයකුත් මේ සමාජය තුළ පවතිනවා. නමුත් පොල් තෙල් භාවිතය නිසා ඇති වන දිගු කාලීන සෞඛ්‍යය වාසි මොනවාද කියලා ඔවුන් තවම හරිහැටි දන්නේ නැහැ කියලයි ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් හි මහජන සෞඛ්‍ය කොලිජියෙහි මහාචාර්ය වෝල්ටර් විලේට් මහතා පවසන්නේ. මේ අතර බොහෝ දෙනකුට ගැටලුව වී තිබෙන්නේ වෙළෙඳ පොළේ ආහාර පිණිස තබා ඇති අනෙකුත් තෙල් වර්ග අතර පොල් තෙල්වලට හිමි වන්නේ කිනම් තැනක්ද යන්නයි. විවිධ මේද වර්ග අතර මධ්‍යස්ථ තැනක් පොල් තෙල්වලට හිමි වෙනවා.

🌴හයිඩ්‍රජනීකෘත තෙල් වර්ගවලට වඩා පොල් තෙල් හොඳයි කියන්න පුළුවන්. ඒ වුණත් ඔලිව්, කැනෝලා වැනි අසන්තෘප්ත ශාකමය තෙල් වර්ග සමඟ සසඳන විට පොල් තෙල් සෞඛ්‍යට යහපත්යැයි කියන්නත් බැහැ. මෙහි අරුත පොල් තෙල් මුළුමනින්ම සෞඛ්‍යට අහිතකර තෙල් වර්ගයක් ලෙස හදුන්වා දීම නොවන බව අමෙරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයේ පෝෂණය පිළිබඳ පර්යේෂක කෙවින් ක්ලැට් දැඩිව අවධාරණය කරනවා.

🌴පොල් තෙල් ලබා ගන්නේ පොල් ශාකයේ හැදෙන ඵලයේ මාංශමය කොටසෙනි. පොල් තෙල්වල බහුලව අඩංගුව තිබෙන්නේ සංතෘප්ත මේදය බැව් තහවුරුව වෙලා තියෙනවා .

🌴බටර් සහ මස්වල අඩංගු වනවාට වඩා වැඩි සංතෘප්ත මේද ප්‍රමාණයක් පොල් තෙල්වල අඩංගුයි. සංතෘප්ත මේදය මිනිස් සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් හෙවත් LDL වැඩි කරනවා. එය හෘද තන්තු ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති කරන්නට ද හේතුවක්. මේ නිසා බටර් සහ මස්වලට වඩා පොල් තෙල් අගුණද යන ගැටලුව පැන නැඟේ. එසේ වුවත් මිනිස් සිරුරට හොඳ යැයි කියන කොලෙස්ටරෝල් හෙවත් HDL කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ නැංවීමේ හැකියාවක් පොල් තෙල්වලට තියෙනවා.

🌴මෙය සිදු වන්නේ පොල් තෙල්වල ඇතැයි කියන ලෝරික් අම්ලය නැමැති මේද අම්ලය හේතුවෙනි. සාමාන්‍යයෙන් අනෙකුත් අහාර වර්ගවල අඩංගුවන ලෝරික් අම්ල ප්‍රමාණයට වඩා වැඩි ලෝරික් අම්ල ප්‍රමාණයක් පොල් තෙල්වල අඩංගු බව විද්වතුන්ගේ මතය වේ.

🌴අනෙක් තෙල් වර්ග මෙන්ම පොල් තෙල්වලත් ඉතා ඉහළ කැලරි ප්‍රමාණයක් අඩංගු බව විද්‍යාඥයෝ සඳහන් කරනවා. පොල්තෙල් තේ හැන්දක කැලරි 120ක් පමණ අඩංගු වෙනවා. එය සමාන වන්නේ විශාල ප්‍රමාණයේ ඇපල් ගෙඩියකටයි. මේ නිසා අනෙක් ප්‍රභවවලින් සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය අඩු නොකර පොල් තෙල් බහුලව ආහාරයට ගන්නට පටන් ගතහොත් එය සිරුරේ බර වැඩි වන්නට හේතුවක් වෙනවා.


Like it? Share with your friends!

10 SHARES
10 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

පොල්තෙල් භාවිතය ප්‍රවේශමෙන්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes