web analytics

ජංගම දුරකථන ඉතිහාසයේ මිලෙන් වැඩිම දුරකථනය Iphone X නිකුත් වෙයි


📱මීට දවස් දෙක තුනකට කලියෙන් අන්තර්ජාලය පුරා පැතිර ගියේ Apple වල අළුත්ම ෆෝන් එකේ තොරතුරුයි. හරි තොරතුරු නැතත් ලීක් වුනු ෆොටෝස් වලින්, ගොඩක් දෙනෙක් අනුමාන කලා Iphone 8 මෙන්න මේ වගේ වෙයි කියලා.

📱ඉතිං, ඔන්න ඊයේ මේ සේරම ප්‍රශ්න වලට පිළිතුරු හම්බ වුනා. මොකද ඊයේ දවසේ ඇපල් සමාගම තමන්ගේ අළුත්ම ෆෝන් එක Iphone X නමින් නිල වශයෙන් හඳුන්වා දීමක් කලා. ඒත් එක්කම Iphone 8 සහ Iphone 8+ හඳුන්වා දීමද සිදු වුනා.ඒ කියන්නේ නිල වශයෙන් ඊයේ දිනයේදී ඇපල් සමාගම ෆෝන් තුනක් එළි දැක්වුවා.මේ අතරින් ගොඩක් දෙනෙක් උනන්දු වුයේ Iphone X ෆෝන් එක ගැනයි.

📱පසුගිය වර්ෂයේ ඇපල් සමාගම නිකුත් කළ Iphone 7 සහ Iphone 7+ දුරකථන වලට සමගාමීව තමයි ඊයේ දිනයේ Iphone 8 සහ Iphone 8+ නිකුත් වුනේ. නමුත් හඳුන්වා දිමේ වැඩසටහනේදි  ඒ සඳහා ලැබුනු ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ එකක් වුනේ  නැහැ. මොකද Iphone 8 දුරකථනය සඳහා යොදාගෙන තියෙන්නෙත් Iphone 7 එකට යොදාගත් තාක්ෂණයම යි.

📱වෙනසකට කියලා Iphone 8 වල සිදුවෙලා තිබුනේ Iphone 7 වලදි යොදාගත්ත Apply A10 Fusion එක වෙනුවට A11 Bionic chip එක ආදේශ කර තිබිමයි. ඔයාලට මතක ඇති Iphone use කරන අය Iphone 6 එකේ ඉඳන්ම පුළුල් තිරයක් බලාපොරොත්තු උනත් ඔවුන්ට ඒ අවස්ථාව Iphone 7 එකේදිවත් ලැබුනේ නැති බව.

📱ඉතිං, ඊයේ දිනයේත් ඒ කනස්සල්ල ඒ විදියටම තිබුනත් Tim cook මහතා ඒ හැඟිම විනාඩියෙන් වෙනස් කරලා දැම්මා, ඔවුන්ගේ Iphone X හඳුන්වා දිමෙන්. Iphone 8 කෙසේ වෙතත් Iphone x නම් සුපිරිම ෆෝන් එකක්. එක බැලු බැල්මටම ඕන කෙනෙකුට පේනවා.

📱මිට කළින් අන්තර්ජාලයේ පැතිරිලා ගියා වගේම Iphone X එකෙන් Home Button එක අයින් කරලා තියෙනවා . මොකද ඉස්සෙල්ලා ෆෝන් වලට වඩා පුළුල් තිරයක් දෙන්න නම් Home Button එක අයින් කරන්න වෙනවා. ඔයාලට මතක ඇති මුල්ම Iphone වල හෝම් බටන් එක බොත්තමක් ආකාරයෙන් තිබුනු අතර Iphone 6 වලදි එය වෙනස් වි Touch Id එකක් බවට පත් වුන බව.

📱Iphone 7 එකේ තිබුනු අඟල් 4.7 තිරය තවත් අඟල් 1.1 වලින් විශාල  වී , අඟල් 5.8ක විශාල තිරයක් Iphone X එකට ඇතුළත් වෙලා තියෙනවා .එනම් මෙය iPhone 7 Plus හා iPhone 8 Plus දුරකථන වල අඟල් 5.5. තිරයට වඩා ලොකුය.

📱ඒ වගේම නවීන තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරමින් Iphone X එකේ හැඩය ඉතාමත් සුමටව, වටකුරු අයුරෙන් නිර්මාණය කරලා තියෙනවා.

📱සැම්සුන්ග් සමාගම වගේම තවත් සමාගම් කිහිපයක් මේ Wireless Charging Support කරන තාක්ෂණය යොදාගත්තේ මීට අවුරුදු දෙකකට විතර කලින්. නමුත් ඇපල් සමාගම මේ තාක්ෂණය යොදාගත්තේ ප්‍රථම වරටයි. ඒ ඊයේ දිනයේ හඳුන්වා දුන්න Iphone X ෆෝන් එක සඳහායි.

📱Iphone 8 එකේ, LCD තිරය වෙනුවට දැකගත හැක්කේ සුනම්‍ය ප්ලාස්ටික් OLED තිරයකි. එමගින් ඉතාමත් පැහැදිලි දසුන් සහ වැඩි ආයු කාලයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. Iphone X වල තියෙන තවත් සුවිශේෂී අංගයක් තමයි මේ Face Id Option එක. මොකද ඉස්සර තිබුනු Touch Id Option එක අයින් කරලයි , මේ අළුත්ම ක්‍රමය ඊයේ දිනයේදි හදුන්වලා දුන්නේ.

📱ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක අන්ලොක් කරන්න ආයේ ඔයාගේ Finger Print එක අවශ්‍ය වෙන්නේ නැහැ. Face ID Technology එක තියෙන නිසා ඔයාගේ මුණ Display එකට  ඇල්ලුවහම ෆෝන් එක අන්ලොක් කර ගන්න පුළුවන් .මෙහි විශේෂත්වය තමයි කළුවර අවස්ථාවකදි වුනත් ඔයාගේ මුහුණ අදුර ගැනිමේ හැකියාවක් මේ ෆෝන් එකට තිබිම.

📱 කලින් Iphone වල තිබුනු 2GB Ram එක වෙනස් වෙලා Iphone x වල Ram එක 3 GB වෙලා තියෙනවා . ඒ කියන්නේ දැන් ඔයාට පුළුවන් ෆෝන් එක Stuck නොවි පාවිච්චි කරන්න. මොකද ගොඩක් දෙනෙක් පිළිගන්න කාරණයක් තමයි Apple ෆෝන් වල Speed එක අනෙකුත් ස්මාර්ට් ෆෝන් වලට වඩා හොඳයි කියන එක.

📱තවද iPhone X එලි දැක්වුයේ  storage size එක 64GB සහ 256GB විදියටයි. ඔවුන්ගේ මෙම නවතම iPhone X දුරකථනය පාට දෙකකින් නිකුත් වන අතර එය Space Gray, Silverයන වර්ණ දෙකෙන් නිකුත් වීමට නියමිතයි.

📱මොන ෆෝන් එක ආවත් අපි හැමෝම වගේ මුලින්ම බලන්නේ කැම් එකේ quality එක ගැනයි. ඉතිං, ඇපල් සමාගම මේ සැරේ Iphone X සඳහා යොදාගෙන තියෙන්නේ වෙනස් විදියකටයි. අන්තර්ජාලයේ පැතුරුන කට කථා වගේම iPhone X හි පිටුපස කැමරාවන් දෙකක් තියෙනවා. මෙහි කැමරා දෙක පිහිටලා තියෙන්නේ ෆ්ලෑෂරය සමඟ සිරස් අතටයි. ඉදිරිපස පිහිටා ඇති කැමරාව PrimeSense තාක්ෂණය අනුව නිර්මාණය වෙලා තියෙන අතර එයින් ත්‍රීමාණ ජායාරූප ගැනිමේ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. එසේ ම පසුපස කොටස වීදුරුවලින් නිර්මාණය වෙලා තියෙනවා.

📱 මොන Option තිබුනත් ෆෝන් එක බැටරි එක ගැන නම් ට්කක් වැඩිපුර හොයන්න වෙනවා. හැබැයි , ඇපල් සමාගම මේ සැරේ Iphone X සඳහා ලොකු වෙනසක් කරලා තියෙනවා .

📱ඒ කියන්නේ iPhone 7 එකේ බැටරිය මෙන් 150% ගුණයකින් විශාලව තමයි ඔවුන්ගේ නවතම iPhone X දුරකතනය නිර්මාණය වී තිබෙන්නේ. ඒ වගේම ෆාස්ට් චාජින් ඔප්ෂන් එකත් මෙහි හඳුන්වා දී තිබීම විශේෂත්වයකි. එනම් ඔබේ දුරකථනයේ බැටරිය 0% සිට 50% දක්වා චාජ් වීමට ගතවන්නේ විනාඩි 30 කට ආසන්න කාලයක් පමණි.

📱 ෆෝන් එකේ Features ගැන පොඩි හරි අවබෝධයක් ඔයාලට ලැබුනා නේද? දැන්, ඉතිං මේ ෆෝන් එකේ මිල ගැන පොඩ්ඩක් හොයලා බලමු. iPhone X – 64GB එකක ඇමරිකානු මිල 999$, ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 150,000 විතර වෙනවා.ඒ වගේම,  iPhone X – 256GB එකක ඇමරිකානු මිල 1149$, ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 175,000 විතර වෙනවා.

📱  Iphone X එක මිලදි ගන්න ඉන්න අයට නම් තව චුටි කාලයක් ඉවසන් ඉන්න වෙනවා. මොකද , Iphone X ඔයාට මිළදි ගන්න පුළුවන් වෙන්නේ නොවැම්බර් 3 වෙනිදා ඉදලයි. හැබැයි Iphone 8 එකනම් මේ මාසයේ 22 ඉඳන්ම මිලදි ගැනිමේ හැකියාව ලැබෙනවා .


Like it? Share with your friends!

194 SHARES
194 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
1
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ජංගම දුරකථන ඉතිහාසයේ මිලෙන් වැඩිම දුරකථනය Iphone X නිකුත් වෙයි

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes