මිනිස් තර්ජන හමුවේ වඳවී යන මහ සයුරේ දැවැන්තයා


මානව සංහතියේ දියුණුවේ නාමයෙන්ම පමණක් කටයුතු කිරීමෙන් මේ වන විටත් ජීවින් වර්ග කිහිපයක්ම මිහිතලයෙන් වඳ වී ගොස් අවසන්. වර්තමානයේ සිදුවන මානව ක්‍රියාකාරකම් හේතු කරගෙන මිහිතලයේ වෙසෙන අනෙක් ජීවීන්ටනම් උදා වෙලා තියෙන්නේ ඉතා අසුභ කාලයක් යැයි සඳහන් කිරීම නිවැරදියි. 

මානව ක්‍රියාකාරකම් වල අහිතකර බලපෑම ගොඩ බිමට වගේම සාගර පරිසරයටත් එකසේ බලපානවා.

පසුගිය වසර කිහිපය තුළම සාගර පරිසරයට එල්ල වූ අහිතකර බලපෑම් හේතුවෙන් මේ වන විට වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී ඇති ජීවි විශේෂයක් වන මෝරුන් පිළිබඳවයි අද ලිපිය තුළින් ඔබට ගෙන එන්නට අදහස් කළේ.

මහ සයුරේ දැවැන්තයාගේ පොදු ලක්ෂණ

Image -BBC.com

අනෙක් මත්ස්‍යයින් මෙන් නොව කාටිලේජීය අභ්යන්තර සැකිල්ලක් දරන මෝරාගේ හිස දෙපස ජලක්ලෝම පැලුම් හයක් හෝ හතක් පිහිටා තිබෙනවා. ඉදිරියට නෙරා ගිය හොස්ස මෙන්ම එයට යටින් පිහිටා තිබෙන මුඛ විවරය ඔවුන් සතු කැපී පෙනෙන ලක්ෂණ.

ජලයට මුසු වන ලේ බිදුවක් ඉතා ඉක්මනින් හදුනාගෙන නිවැරදිව කෙටි කාලයකින් ඒ වෙතට ළඟා වීමේ හැකියාව මෝරා සතුයි. මෙලෙස නිවැරදිව ගොදුරු හදුනා ගන්නා මෝරුන් අතරින් සුදු මෝරා (Great white shark) හා කොටි මෝරාට (Tiger shark) ප්‍රමුඛ ස්ථානයක් ලැබෙනවා. පැයට කිලෝමීටර් 8ක පමණ වේගයෙන් මෝරාට පිහිනිය හැකි අතර ගොදුරක් හඹා යාමේදී එම වේගය පැයට කිලෝමීටර් 19 දක්වා ඉහළ යන බව පර්යේෂකයන් පවසනවා.

Image: huffingtonpost.com

ප්‍රබල විලෝපිකයෙකු වන මෝරා සමුද්‍ර පරිසර පද්ධතියේ ඉහළින්ම සිටින අග්‍ර විලෝපිකයා ලෙස පරිසර පද්ධතිය සමතුලිතව තබා ගැනීමට උපකාරී වෙනවා. විවෘත සාගර පරිසරයේ මෙන්ම කොරල් පර සහිත සාගර පද්ධතියේත් මෝර විශේෂ දැක ගැනීමට පුළුවන්.

ලොව වටා හදුනාගෙන ඇති මෝර විශේෂ

Image – sharkwarsbook.wikia.com

මෝර විශේෂ 500ක් පමණ දැනට හදුනාගෙන ඇති අතර ඔවුන් එකිනෙකට වෙනස් දේහ ප්‍රමාණයෙන් විශාල පරාසයක් පෙන්වනවා.

Credit: © Chip Clark/Smithsonian Institution

හදුනාගෙන ඇති කුඩාම විශේෂය වන්නේ ගැඹුරු මුහුදේ වාසය කරන සෙන්ටිමීටර් 17ක් පමණ දිග තල් මස් මෝරා ( Dwarf lantern shark) නම් විශේෂයි.

Image: Wikipedia

විශාලතම මෝර විශේෂය වන්නේ මීටර් 12ක් පමණ දිගට වැඩෙන මිණිමුතු මෝරායි (Whale shark). තවත් විශේෂ 2ක් පමණ මිරිදියේද වාසය කරනවා. ලෝක සංරක්ෂණ සංගමයේ දත්ත අනුව හදුනාගෙන ඇති විශේෂ අතරින් බොහොමක් මේ වන විට වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී තිබෙනවා.

මාරාන්තික ප්‍රහාර එල්ල කරන මෝර විශේෂ ලෙස Great white හා Bull shark හැදින්විය හැකියි. ඔවුන් විසින් කිමිදුම් කරුවන්ට එල්ල කළ ප්‍රහාර පිළිබඳව දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව ආශ්‍රිත මුහුදු තීරවලින් වාර්තා වෙනවා.

නමුත් පර්යේෂකයන් විසින් පෙන්වා දෙන්නේ එවැනි ප්‍රහාර ඉතා විරල බවයි.

මෝරුන් සාගරයෙන් තුරන් කරවන මෝර වරල් සුප්

Image: ultimate-animals.com

වරල් අපනයනය සඳහා විශාල ලෙස මෝරුන් දඩයම් කිරීම මෝර විශේෂ වඳ වී යෑමට මුලිකම හේතුවක් වෙනවා.

ජපානය හා චිනය වැනි රටවල මෝර වරල් සුප් වලට ඇත්තේ අධික මිලක් හා අධික ඉල්ලුමක්.

Image: SharkSider.com

ඒ හේතුවෙන් මේ වන විට මෝරුන් ඇල්ලීම අධික ලෙස ආර්ථික ලාභදායි රැකියාවක් බවට පත් වෙලා තිබෙනවා. මෝර සුප් සඳහා යොදා ගන්නේ මත්ස්‍යයාගේ වරල් හා සම්බන්ධව පවතින මාංශ පේශියේ කාටිලේජීය කොටසයි. සෑම විටකම පාහේ අල්ලා ගන්නා මෝරුන්ගෙන් සාගරයේදීම ප්‍රධාන වරල් කපා ඉවත් කරගැනීමට ධීවරයන් කටයුතු කරනවා. වරල් ඉවත් කර ගත් පසු මත්ස්‍යය සිරුරු එම ස්ථාන වලදීම නැවතත් මුහුදට මුදා හරිනු ලබනවා.

Image: theculturetrip.com

ඒ වන විටත් මෝරුන් මරණයට පත් වී හමාරයි. ඉතින් මේ ක්‍රියාවලිය හේතුවෙන් වසරකදී මරණයට පත්වෙන මෝරුන් ගණන ඉතා ඉහළයි.

මෝර සුප් සඳහා මෝරුන් දඩයම් කිරීම හැරුණු කොට මහා පරිමාණ ධීවර කර්මාන්තයේදී ඉලක්ක නොවන මත්ස්‍යය විශේෂයක් ලෙස හසුවන මෝරුන් විනාශ කිරීම සිදු වෙනවා. තවත් හේතූන් ලෙස සාගර පරිසරයට අහිතකර ද්‍රව්‍යය එකතු වීම තුළින් සාගර පරිසරය දුෂණය වීම, ඔවුන්ගේ ආහාර සඳහා ඇති අනෙකුත් ජීවී කොට්ඨාශ විනාශ වී යාම හා මෝර දත් හා හනු ඉතා ඉහළ මිලකට අළෙවි කළ හැකි බැවින් නීති විරෝධීව මෝරුන් දඩයම් කිරීම නම් කර දක්වන්නට පුළුවන්.

ලෝක සංරක්ෂණ සංගමයේ දත්ත අනුව වසරකට මිනිසා විසින් මරණයට පත් කරන මෝරුන් ගණන මිලියන 100ක් පමණ වෙනවා.

මෝරුන් සංරක්ෂණය කිරීම

Image: greenpeace.org.au

වර්තමානය වන විට මෝරුන් වදවී යාම වළක්වාලමින් සංරක්ෂණය සඳහා ලොව පුරා විවිධ පරිසර සංවිධාන නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මෙහෙයුම් ක්‍රියාත්මක කරන පරිසර සංවිධාන අතරින් ග්‍රීන්පීස් සංවිධානය මුල් තැනක් ගන්නවා. ඊට අමතරවම තවත් රටවල් බොහෝ ප්‍රමාණයක් මෝරුන් රැක ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

 

1991 වසරේදී දකුණු අප්‍රිකාව විසින් ලෝකයේ මුල් වරට මහා සුදු මෝරා (Great White shark) ආරක්ෂිත සත්වයෙක් ලෙස නම් කරනවා. ලෝක සංරක්ෂණ සංගමය විසින් 2009 වසරේදී මෝර විශේෂ 64ක් වඳ වී යෑමේ තර්ජනයට ලක්වී ඇති විශේෂ ලෙස ලෙස නම් කරනවා. 2013 වසරේදී තර්ජනයට ලක් වූ ජීවි විශේෂයන්ගේ අන්තර්ජාතික වෙළදාම පිළිබඳව සම්මුතියට (CITES) තර්ජනයට ලක්වූ ඉහළ වාණිජ ඉල්ලුමක් සහිත මෝර විශේෂ ඇතුළත් කර සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

Image : stormchaser.ca

ඒ වගේම සංක්‍රමණික ජීවින් සම්බන්ධ අන්තර්ජාතික සම්මුතිය මඟින් 2010 වසරේදී සංක්‍රමණික මෝරුන් සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කරනවා. 2009 වසරෙන් පසුව හොන්ඩුරාස්, මාලදිවයින හා බහමාස් වැනි රටවල් මඟින් මෝරුන් සඳහා අභයභූමි නම් කරනවා.

2011 වසරේදී මාලදිවයින මඟින් මෝරුන් ඇල්ලීම සම්පුර්ණයෙන්ම තහනම් කරනවා.  ශ්‍රී ලංකාව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඇලෝපිඩේ කුලයට අයත් කස මෝරුන් විශේෂ 3ක් ඇල්ලීම සම්පුර්ණයෙන්ම තහනම් කරමින්නි යෝගයක් නිකුත් කරන්නේ 2012 වසරේදීයි.

ඉතින් සාගර පද්ධතියේ පැවැත්ම සඳහා මහඟු මෙහෙවරක් ඉටු කරන සාගරයේ දැවැන්තයා සංරක්ෂණය සඳහා තවත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ලෝක දේශපාලනය මෙන්ම තනි තනි රටවල්ද කැපවිය යුතු වෙනවා.

Cover Image: www.cultofmac.com


Like it? Share with your friends!

286 SHARES
286 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මිනිස් තර්ජන හමුවේ වඳවී යන මහ සයුරේ දැවැන්තයා

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes