web analytics

රැකියාවක් දිනා ගැනීමේ ක්‍රම සහ විධි


අපි දිනකට කොතරම් රැකියා සංඛ්‍යාවකට ඉල්ලුම් කරන්නේද? කොතරම් ඉල්ලුම් කලත් රැකියාවක් කිරීමට හිමිකම් ලබන්නේ කීයෙන් කි දෙනාටද?..

ඔබ දැනටමත් රැකියා ගණනාවකට ඉල්ලුම් කොට ඒවායේ සම්මුඛ පරීක්ෂණ ගණනාවකට මුහුණ දී තිබෙන්නට පුළුවනි. සම්මුඛ පරීක්ෂණ වලට යෑමෙන් දැනටමත් එය ඔබට එපා වී තිබෙන්නට පුළුවනි.

ඒ කොහොම වෙතත් කෙනෙකු හා හා පුරා කියා නිදහස් ජීවිතයක් ආරම්භ කරන්නට උත්සහා කරනුයේ රැකියාවෙනි. මන්ද ඔහු/ඇය එතෙක් ගත කොට තිබෙන්නේ දෙමාවුපියන්ගේ මුදල් වලින් නිසාවෙනි. ජිවිතයේ විශාල දුරක් යන්නට රැකියාව විශාල ලෙස ඉවහල් වෙනවා.

ඉගෙනීම් අවසන් කොට රැකියා සොයා යන සියල්ලම සාර්ථක වන්නේ නැත. බොහෝ පිරිසක් අසාර්ථක වනු ඇත.

මෙහෙම වන්නේ ඇයි ?

එනම් රැකියාවක් සිදු කිරීමට අවශ්‍ය දැනුම, පළපුරුදු, කුශලතා සහ ආකල්ප ප්‍රමාණවත් තරම් නොමැති වීමයි.

රැකියා නම් ඇති තරම් තිබේ. නමුදු රැකියාවට අවශ්‍ය සුදුසුකම්, පළපුරුදු , හැකියාවන් අප ලග නොමැත.

දෙවන කරණය නම් රැකියාවක් දිනා ගැනීමේ ක්‍රම සහ විධි පිලිබදව අවබෝධයක් නොමැති වීමයි.

01. ඔබගේ හැසිරීම හා සිත්ගන්න සුළු බව

Image: bumeran.com.ar

සම්මුඛ පරීක්ෂණයේදී එහි සිටින පරීක්ෂණයකින් අසන ප්‍රශ්න වලට දක්ෂ ලෙස පිළිතුරු දීමේ හැකියාවක් තිබිය යුතුය. එසේම ඔවුන්ට සිත් ගන්නා පරිදි හැසිරීමේ හැකියාවක් අපට තිබිය යුතුය. සම්මුඛ පරීක්ෂණයේදී පරීක්ෂණය සදහා සිටින්නේ ඉහල පළපුරුදු ඇති පුද්ගලයන්ය.

රැකියාවක සම්මුඛ පරීක්ෂණයක් යනු කටින් ගසා රැකියාවක් ලබා ගැනීමට ඉඩ ලැබෙන අවස්ථාවකි. මෙහිදී සම්මුඛ පරීක්ෂණයට යෑමට පෙර හොදාකාරවම සුදානම් විය යුතුය. රැකියාවක් ලැබීම හෝ නොලැබීම සුදනමේ තරම මත විශාල වශයෙන් රදා පවතී.

02. පෙර සූදානම හා සොයා බැලීම

Image: PandaSecurity.com

ඔබ යම් රැකියාවකට ඉල්ලුම කල විට පළමුවෙන්ම ඔබ කල යුත්තේ එම ආයතනය පිලිබදව සොයා බැලීමයි. එම ආයතනයේ සිදු වන කාර්යයන්, තමාට එම රැකියාව ලැබුනොත් පවතින තත්වය, ආයතනයේ ආදර්ශ පාඨය ආදී මේ සියල්ල පිලිබදව මනා ලෙස සැලකිලිමත්ව සිටියහොත් පිළිතුරු ලබා දීමේදී ඔවුන්ව පුදුමයට පත් වන ආකාරයෙන් ඔබේ සැලකිලිමත් බව පෙන්විය හැකිය.

03. බාහිර ඔපය සහ පිරිසිදුකම

Image: jelyssanne.com

මෙහිදී ඔබගේ ඇදුම, පෙනුමද බලපානු ලැබේ. ඕනෑම තැනකදී හොද සැලකිලිමත් බවක් ලැබීම හෝ නොලැබීම තීරණය කරනු ලබන්නේ ඇදුම අවපැහැ ගැසුණු එකක් නොවීම, එය හොදින් සෝදා මැද තිබීම, පාවහන් ඔප දමා තිබීම වැනි සුළු දෙයින් සිතෙන කරුණු කෙනෙකුගේ රැකියා ගැටලුව විසදිය හැකිය.

04. වේලාව සහ ඔබගේ ප්‍රතිරූපය

Image: Image: cpl.ie

පරීක්ෂණයක් සදහා ඔබ යා යුත්තේ රැකියාවක් ලැබෙන බවට තදබල විශ්වාසයක් ඇතිවයි. අවසානය දක්වාම එකී විශ්වාසය නොසැලී තිබිය යුතුය. පරීක්ෂණයට යාමේදී අඩුම තරමින් විනාඩි 15ක්වත් කලින් යා යුතුය.

නියමිත ස්ථානයට පැමිණි පසු කල යුතු මුල්ම කටයුත්ත ඔබේ පැමිණීම වාර්තා කිරීමයි. පරීක්ෂණයේදී ඔබේ හැසිරීම ඉතා වැදගත් වේ. පරීක්ෂණයේදී ඔබ පහසුවෙන්ම සාර්ථක වන්නේ ඔවුන් තුල ඔබ හොද ප්‍රති රූපයක් ඇති කිරීමට සමත් වීමෙනි. නරක හෝ උදාසීන යන ප්‍රතිචාර දෙකම එක සේ අහිතකරය. එබැවින් ඔබ මේරූ, අධිෂ්ඨානයශීලි සහ ප්‍රියජනක අයෙකු බවට ඉස්මතු කල යුතුය. සෑහෙන වෙලාවක් තුල සෑම අංශයක් ගැනම ඇගයීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණය අවසන් වේ.

රැකියාවක් ලබා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන බව පැහැදිලිය. උත්සාහය, කැපවීම ඇත්නම් ඕනෑම දෙයක් ජය ගත හැකි බව අප අමතක නොකළ යුතුය. අන්තිම පහල මට්ටමේ තිබු සිංගප්පූරුව අද තිබෙන තැනට ගෙනා ලී ක්වාක් කියමනක් මතක් කිරීම වටි.

“ජිවිතයේ කිසිම දෙයක් අහසින් කඩා පාත් වන්නේ නැත.”


Like it? Share with your friends!

42 SHARES
42 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
1
Cry
Like Like
3
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
1
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

රැකියාවක් දිනා ගැනීමේ ක්‍රම සහ විධි

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes