අකුණු සහ අධිසැර විදුලියෙන් ඔබේ පරිගණකය ආරක්ෂා කරගන්නා ක්‍රම                      


පරිගණකයේ ප්‍රොසෙසරය (CPU) වෝල්ට් (v) 2.8 සිට 3.8 දක්වා වන විභව අන්තරයකට ඔරොත්තු දෙන උපාංගයකි. ප්‍රොසෙසරයට අමතරව මවුපුවරු, හාඩ් ඩිස්ක්, මොඩම් හා අනෙකුත් කාඩ් වර්ගවල තිබෙන නොයෙක් චිප් සෙට් ද මෙම විභව අන්තරය යටතේ ක්‍රියාත්මක වන ඒවාය.

එසේම අධි විදුලි සැරකදී මෙම චිප් සෙට් පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හානි වීමෙන් අදාළ උපකරණ දෝෂ සහිත වීම හෝ සම්පුර්ණයෙන්ම ක්‍රියා විරහිත වීම සිදු වේ.

උදාහරණයක් වශයෙන් හාඩ් ඩිස්ක් එකක ඇති එක් චිපයක් විනාශ වුවහොත් එහි ඇති දත්ත ලබා ගැනීමට නොහැකි වීම හෝ හාඩ් ඩිස්ක් එක සම්පුර්ණයෙන්ම විනාශ වී යාමට පුළුවන.

පරිගණක උපාංග වල ඇති චිප් සෙට් ආරක්ෂා කර ගන්න හැටි

පරිගණකයේ විවිධ ස්ථානවල භාවිතා වන කුඩා චිප් සෙට් සහ අයිසි (IC – integrated circuits) පද්ධති සදහා 3.3V සහ 5V යන විභව අන්තරයක් සහිත අඛණ්ඩ බල සැපයුමක්, බල සැපයුම් ඒකකය (power supply unit) මාර්ගයෙන් ලබා දේ. මෙය මවුපුවරුව හරහා චිප් සෙට් වලට ඇතුළු කෙරේ. එමෙන්ම ධාරිතාව වැඩි මෝටර් සහ ෆෑන් සදහා 12v අඛණ්ඩ බල සැපයුමක්, බල සැපයුම් ඒකකය මාර්ගයෙන් ලබා දේ. ඊට අමතව තවත් උපාංග කිහිපයකටම ඊට අවශ්‍ය විවිධ වෝල්ටීයතා යටතේ බල සැපයුම් කිහිපයක් ලබා දේ.

Image: eBay

පරිගණක බල සැපයුමක නිවැරදිතාවය කොපමණ යත්, 3.3Vක වෝල්ටීයතාවක් වෙනස් වනු ලබන්නේ අවම වශයෙන් 3.0v දක්වා සහ උපරිම වශයෙන් 3.5V දක්වා ඉතා සුළු පරාසයක පමණි. ( විවිධ වෙළද නාම යටතේ ඇති පවර් සප්ලයි යුනිට්වල මෙම පරාසය ඉතා සුළු වශයෙන් වෙනස් විය හැක.)

එසේම ගෘහස්ථ විදුලි සැපයුම සුළු වශයෙන් වෙනස් වුවත්, පරිගණකයේ බල සැපයුම් ඒකකයෙන් එම වෙනස් වීමට හැඩ ගැසෙමින් ඉන් පිට කෙරෙන වෝල්ටීයතාව ස්ථිර අගයක තබා ගැනීමට ක්‍රියා කරයි. එසේම පරිගණකය “ඔන්” කරන අවස්ථාවේ පරිගණකය තුල ඇති විවිධ බල සැපයුම් මාර්ගවල යම් කිසි හානිදායක තත්වයක් ඇත්තේ නම් බල සැපයුම ක්‍රියාත්මක නොවේ.

මේ නිසා එවැනි අවස්තාවලදී පරිගණකයේ අදාළ උපාංග වලට සම්බන්ධ බල සැපයුම් ආශ්‍රිත දෝෂ නිවැරදි නොකර විකල්ප ක්‍රමවලින් බල සැපයුම් ඒකකය ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීම හානිදායකය.

පරිගණකයේ බල සැපයුම් ඒකකයෙන් සපයනු ලබන වෝල්ටීයතාව ඉතා අධික නිසා පරිගණකය ක්‍රියාත්මක වෙමින් තිබියදී එහි යම් තැනක හට ගන්නා කුඩා දෝෂයකින් වුවත් පරිගණකයේ විශාල පරිපථ කොටසක් විනාශ වී, චිප් සෙට් බොහොමයකටම හානි පැමිණිය හැක. එවැනි අවස්ථාවකදී චිප් සෙට් ආරක්ෂා කර ගැනීමට බල සැපයුම් ඒකකය තුල ආරක්ෂක උපක්‍රමයක් සකසා තිබේ. එනම් බල සැපයුම් විසන්ධි කිරීම සදහා බල සැපයුම් ඒකකය තුල ඇති විශේෂ පරිපත කොටස් අක්‍රිය වේ.

උදාහරණයක් ලෙස සාමන්‍ය පවර් සප්ලයි එකක 12v වෝල්ටීයතාව ෂොට් කිරීමක් කල විට එතැනින් පුලිගු පනී. එහෙත් පරිගණක බල සැපයුම් ඒකකයක් ක්‍රියා කරමින් පවතිද්දී එහි අග්‍ර ෂෝර්ට් කල හොත් පුලිගු පැනීමකින් තොරවම ක්ෂණිකව බල සැපයුම නතර වෙයි. මෙම උපක්‍රම නිසා, සැර වැඩි විදුලියක් පරිගණකය වෙත පැමිණියහොත් පහසුවෙන් අලුත්වැඩියා කල නොහැකි චිප් සෙට් ආරක්ෂා වන අතර බල සැපයුම් ඒකකය නැවත අලුත්වැඩියා කර ගැනීමට හැකි වන සේ එහි ආරක්‍ෂිත පරිපත අක්‍රිය වේ.

පරිගණක බල සැපයුමක කේබල් තුවාල කොට එම ස්ථානවලින් වයර් අමුණා වෙනත් උපාංගයකට විදුලි බලය ලබා ගැනීම, බලය සපයන සොකට්වලට වයර් ඔබා බල සැපයුම් ඒකකයෙන් වෙනත් උපකරණ වලට විදුලි බලය ලබා දීමට තැත් කිරීම යනාදිය කිසි විටෙකත් නොකළ යුතුය. එමගින් බල සැපයුම ඒකකය විනාශ වී යාමට පුළුවන.

Image: Nobitleftbehind.wordpress.com

වෙනත් සෑම බල සැපයුම් ඒකකයක මෙන්ම පරිගණක බල සැපයුම් ඒකකය තුල ද විලායකයක් හෙවත් ෆියුස් එකක් පවතීන බව සැබෑය. එහෙත් මෙය වෙනත් ෆියුස්වලට වඩා වෙනස්ය. වෙනත් විදුලි උපකරණ වල යම් දෝෂයක් මතු වී ෆියුස් එක දැවී ගියහොත් නැවත අලුතින් ෆියුස් එකක් මාරු කර උපකරණය භාවිතා කල හැකි වුවත් පරිගනකයක බල සැපයුම් ඒකකයක් දැවී ගිය ෆියුස් එක මාරු කල පමණින් එහි දෝෂ යථා තත්වයට පත් වන්නේ නැත.

ඊට හේතුව බල සැපයුම් ඒකක පරිපථයේ ඇති මුලින් කී විශේෂිත ආරක්ෂක උප ක්‍රමය නිසා ෆියුස් එකක් සමගම තවත් පරිපථ කොටස් කිහිපයක්ම විනාශ වී යාමය.

අකුණු සැරවලින් පරිගණකය ආරක්ෂා කර ගන්න හැටි.

Image: WallsDesk.com

අකුණු ගැසීමක් නිසා පරිගණකයට හානි විය හැකි ආකාර දෙකකි.

01. අකුණු ගැසීමකදී උපදින අධ් බල ඉලෙක්ට්‍රෝන ධාරා ප්‍රධාන විදුලි සැපයුම් මාර්ගයක් ඔස්සේ හෝ දුරකථන මාර්ගයක් ඔස්සේ පරිගණකය වෙත පැමිණීම නිසා වන හානි.
02. අකුණු ගැසිමකදී උපදින විද්‍යුත් චුම්බක තරංග හේතුවෙන් ඇති විය හැකි හානි.

අධි බල ඉලෙක්ට්‍රෝන ධාරා නිසා වන හානි.

අකුණු ගැසිමකදී සිදුවන්නේ අකුණු වලාවක ඇති ආරෝපන පොළොව වෙත පැමිණෙන ආරෝපන වලින් යම් ප්‍රමාණයක් සමහර විට විදුලි රැහැන් මාර්ග ඔස්සේ ගමන් කරයි. නිවෙස් වලට අධි වොල්ටියතා විදුලි ධාරා පැමිණෙන්නේ මෙහෙදිය. පරිගණකය සදහා යුපිඑස් එකක් යොදා ඇතත් සමහර විට මෙසේ පැමිණෙන අධි වොල්ටියතා විදුලිය නිසා යුපිඑස් එක ද දවාලමින් විදුලි සැර පරිගණකයට ඇතුළු විය හැක. මෙම විදුලි ධාරාව නිසා පරිගණකයේ චිප් සෙට්වල දෝෂ හට ගනී. අකුණු සැර නිසා පැමිණියේ අධි වොල්ටියතා ධාරාවක් නොවුනත් එය යුපිඑස් එක හරහා පාලනයකින් තොරව ගමන් කිරීමට තරම් ප්‍රබල වුයේ නම් එවිට ද චිප් සෙට්වල දෝෂ ඇති වේ.

මෙහිදී එතරම් විශාල හානියක් නොවුවත් පරිගණකය තුල දෝෂ තත්වයක් හට ගැනීමට මේවා හේතු විය හැකිය.
එසේම දුරකථන හෝ ටීවී කාඩ් සදහා භාවිතා කොට ඇති ඇන්ටෙනා මගින්ද පරිගණකය තුලට අකුණු සැර ඇතුළු විය හැකිය. මෙවැනි අවස්තාවලදී අදාළ කාඩ්ස් (මොඩෙම් හෝ ටීවී කාඩ්) පමණක් විනාශ වේ යයි සිතුවත් අකුණේ ප්‍රබලතාවය මත පරිගණකයට ද හානි සිදු වෙන්නට තිබෙන ඉඩ වැඩිය.

Image: HowToGeek.com

අකුණු පවතින අවස්තාවලදී පරිගණකයෙන් වැඩ කිරීම නවතා දැමුවත් අකුණින් ආරක්ෂා වීමට එය ප්‍රමාණවත් නැත. ඒ විදුලි රැහැන් ඔස්සේ පැමිණෙන අධිවොල්ටියතා විදුලිය බිත්තියේ සවි කොට ඇති සොකට්ටුවේ ඇති ස්විචය හරහා පහසුවෙන් ගමන් කොට පෙනුව හරහා පරිගනකය වෙත එන එබැවින් එනිසා අකුණු සැර ඇති වේලාවකදී පරිගණකයට විදුලිය ලබා ගන්නා පෙනුව බිත්තියේ ඇති සොකට්ටුවෙන් ගලවා පැත්තකින් තැබිය යුතුය.
මේ නිසා අකුණු සැර මගින් පරිගණකය ආරක්ෂා කර ගැනීමට නම් සියලුම විදුලි සැපයුම් මාර්ග විසන්ධි කොට ප්ලග් කොටස කෙවෙනියෙන් ඈත් කල යුතුය. එසේම මොඩෙම් වලින් දුරකථන රැහැන් ඉවත් කොට ටීවී කාඩ් ආදියෙන් ඇන්ටෙනා කේබල් ඉවත් කොට තැබිය යුතුය.

විද්‍යුත් චුම්බක තරංග නිසා වන හානි.

අකුණු සැර ඇති වීමේදී ඒ සමගම ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර ඇතිවේ. අකුණු ඇති වන විට මේවා ක්ෂණිකව හටගෙන නැතිවී යයි. මෙම විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර හේතුවෙන් එම කලාපය තුල තිබෙන ලෝහ කොටස් තුල ක්ෂණිකව විදුලි ධාරා ඇති වේ. විදුලි කොටන වෙලාවේදී යකඩ ඇල්ලීමෙන් විදුලි සැර වදින බව කියනුයේ මේ නිසාය.

මේ පිළිවෙලට අකුණු ඇති වන වේලාවේදී ක්‍රියාත්මකව පවතින විද්‍යුත් උපකරණ තුලද ක්ෂණිකව වෝල්ටීයතාව ඉහල යයි. මෙනිසා අකුණු සැර කෙලින්ම නොපනියත්, විදුලි සැපයුම් මාර්ග ඇතුළු සියලුම විදුලි මාර්ග හා පරිපතවල විදුලි ධාරිතාව ක්ෂණිකව ඉහල යයි. පරිගණකයක් තුල මෙය සිදු වූ විට එහි ඇති චිප් සේට් වලට සියලු ලෙස හානි සිදු වේ.

මේ නිසා අකුණු සැර ඇති වන අවස්ථාවේදී පරිගණක හා චිප් සෙට් සහිත වෙනත් උපකරණත්, විදුලි උපකරණත් ක්‍රියා විරහිත කොට තිබිය යුතුය. සාමාන්‍ය ආරක්ෂක උපක්‍රම සේ සැලකෙන ෆියුස්, ට්‍රිප් සුවිච් හා යුපිඑස් වැනි උපකරණ මගින් මෙම චිප් සහිත උපාංග අකුණු සැරෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකි වේ.

අනවශ්‍යය ලෙස රත්වීමෙන් පරිගණකය ආරක්ෂා කර ගන්න හැටි.

Image: Youtube

බොහෝ පරිගණක වල සිමෙස් (CMOS – complementary Metal Oxide Semiconductor ) සෙටප් එකෙහි PC Health Status හෝ එවැනි අදහසක් දෙන මෙනුවක් දක්නට ලැබේ. එහි,
• CPO Warning Temperature
• CPO Fan Warning
• System Fan Fail Warning
ලෙස settings තුනක් තිබේ. බොහෝ විට මෙම settings “Disable” ලෙස සකසා තැබීමේ පුරුද්දක් තිබේ.

එහෙත් එසේ කිරීම සුදුසු නැති ක්‍රමයක් වන අතර කල යුත්තේ එම සෙටිංස් පරිගණකයට ගැලපෙන සේ සකසා ගැනීමය. එවිට සැර විදුලිය පැමිණීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා පරිගණකය ඕනෑවට වඩා රත්වීමෙන් වලකා ගන්නට පුළුවන.

– CPO Temperature: ප්‍රොසෙසරයේ අනතුරුදායක උෂ්ණත්ව මට්ටම පෙන්වයි. මෙය සාම්‍යයෙන් 70C ලෙස සැකසීම හොදය. සාම්‍යයෙන් ඉන්ටෙල් ප්‍රොසෙසරයක් සෙන්ටිග්‍රේඩ් අංශක 45ක පමණ උෂ්ණත්වයකට රත් වන අතර AMD ප්‍රොසෙසරයක් ඊට වඩා වැඩි උෂ්ණත්වයකට රත් වේ.යම් දෝෂයක් නිසා ප්‍රොසෙසරය වැඩියෙන් රත් වුවහොත් දැන් එය 70 Cක උණුසුම ඉක්මවා යන විටම පරිගණකයේ ඇති අනතුරු හගවන සංඥා පද්ධතියක් හෙවත් එලාම් එකක් නාද වේ.

– CPO Fan Warning: ප්‍රොසෙසරයේ කුලිං ෆෑන් එකක් ෆෑන් එක ක්‍රියා විරහිත වුවහොත් එය අගවන එලාම් එකක් නාද වීමට සෙටිං එක “enable” ලෙස සකස් කල යුතුය.

– System Fan Warning: අමතර ෆෑන් එකක් ඇති පරිගණක වල එම ෆෑන් එකෙහි සම්බන්ධක කේබලය වයර් තුනක් හෝ ඊට වැඩි ගණනකින් යුතුව මවුපුවරුවටම සම්බන්ධ වේ නම් පමණක් මෙම සෙටිං එක “enable” කල යුතුය. මෙවිට යම් දෝෂයක් නිසා එම ෆෑන් එක ක්‍රියාවිරහිත වුවත් ඒ බව දන්වන එලාම් එකක් නාද වේ.

Cover Image: virulentwordofmouse.wordpress.com

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
3
Thanks
Cry Cry
0
Cry
Like Like
3
Like
Confused Confused
1
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අකුණු සහ අධිසැර විදුලියෙන් ඔබේ පරිගණකය ආරක්ෂා කරගන්නා ක්‍රම                      

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes