මොකද්ද මේ ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය?


අපි කුඩාකාලේ නම් සෙම්ප්‍රතිශ්‍යාව එහෙම නැත්නම් සාමාන්‍ය  වචන වලින් කිව්වොත් හෙම්බිරිස්සාව සැලකුවේ ඉතාම සරල රෝගයක් විදිහට. ඒ වුනත් කාලයත් සමග එදා පැවති වෛරස සහ බැක්ටීරියාවන්ගේ පරිණාමයත් සමගම මෙම රෝගයන් අද මාරාන්තික තත්ත්වයට පවා පත්වී තිබෙනවා.

නුවර ප්‍රදේශයන් මරණ දෙකක් වාර්තා වීමත් සමග මේ දිනවල අප සමාජය පුරාම H1N1 ඉන්ෆ්ලුවන්සාව පිලිබඳව පැතිර පවතින්නේ දැඩි බියක්. එහෙනම් අපි බලමු මොකද්ද මේ H1N1 කියලා.

Image: claudeelkhal.blogspot.com

සූකර උණ, එහෙම නැත්නම් H1N1 ඉන්ෆ්ලුවන්සාව මුලින්ම වාර්තා වන්නේ වර්ෂ 2009 මුල් භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයෙන්. මෙම රෝගී තත්ත්වයේ බරපතල කම සහ ඉක්මන් ව්‍යාප්තිය හඳුනා ගන්නා ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් වර්ෂ 2009 අගභාගයේදීම මෙය වසංගත රෝගයක් ලෙස නම් කරනවා. මුලදී සූකර උණ වශයෙන් ප්‍රචලිත වූවත්, පසු කලක මෙම රෝගයේ ව්‍යාප්තිය සඳහා සූකරයන්ගේ සම්බන්ධයක් නොමැති බව හඳුනා ගැනීමත් සමග මෙය H1N1 ඉන්ෆ්ලුවන්සාව ලෙසයි හඳුන්වන්නේ. මෙම රෝගය ඒ සඳහා ප්‍රතිශක්තියක් නැති  ප්‍රදේශවල පැතිරෙන්නේ ඉතා ශ්‍රීඝ‍්‍ර වේගයකින්. අප රටත් හඳුනාගෙන ඇත්තේ මෙම රෝගය ඒ සඳහා ප්‍රතිශක්තියක් නැති ප්‍රදේශයක් ලෙසයි. එබැවින් ශ්‍රී ලාංකිකයන් වන අප මෙම රෝගය පිලිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්.

මොකද්ද මේ ඉන්ෆ්ලුවන්සාව කියන්නේ?

Image: english.vov.vn

ඉන්ෆ්ලුවන්සාව කියන්නේ වෛරසයක් ආසාදනය වීම මගින් ඇති වන්නේ ශ්වසන මාර්ගයේ රෝගී තත්ත්වයක්. තද උණ, හිසරදය, මස්පිඩු වේදනාව, ඇඟපත වේදනාව, සෙම්ප්‍රත්ශ්‍යාව, සොටු දියර ගැලීම / හෝ නාසය බර ගතිය, සන්ධි වේදනාව ආදියයි මෙහි රෝග ලක්ෂණ.

මේ වෛරසයේ ප්‍රධාන ආකාර 3ක් පවතිනවා.

1. ඉන්ෆ්ලුවන්සා A වෛරසය – මෙම වෛරසය එහි මතුපිට තිබෙන ප්‍රෝටීන වන හීමග්ලූටනින් (Haemaglutinin) සහ නියුරමිනිඩේස් (Neuraminidase) අනුව උප ඛාණ්ඩ වලට බෙදෙනවා. A(H1N1) එහෙම නැත්නම් H1N1 කියන්නෙත් මෙම ඉන්ෆ්ලුවන්සා වෛරසයේ උප ඛාණ්ඩයක්.
2. ඉන්ෆ්ලුවන්සා B වෛරසය – ලොව පුරා වඩාත්ම වාර්තා වන ඉන්ෆ්ලුවන්සා වෛරසය මෙයයි.
3. ඉන්ෆ්ලුවන්සා C වෛරසය – එතරම් සුලභව වාර්තා නොවන මෙම වෛරසය එතරම් දරුණු භාවයක් ගන්නේද නැහැ. එම නිසා ඉන්ෆ්ලුවන්සා එන්නත මගින්ද මේ වෛරසය ආවරණය කෙරෙන්නේ නැහැ.

අප රටේ ප්‍රධාන වශයෙන් ඉන්ෆ්ලුවන්සාව වාර්තාවන කාලයන් දෙකක් පවතිනවා. ඒවා නම්:

1. අප්‍රේල් සිට ජූලි මාසය දක්වා
2. නොවැම්බර් සිට ජනවාරි දක්වා
මෙවර ඉන්ෆ්ලුවන්සා සමයේදී වැඩි රෝගින් සංඛ්‍යාවක් වාර්තා වූ බවයි සෞඛ්‍යය අමාත්‍යාංශය පවසන්නේ.

මේ වෛරසයක් අපේ ඇඟට ඇතුලු වුනාම මොකක්ද ඇත්තටම වෙන්නේ?

Image: evolutionnews.org

වෛරසයක් කියන්නේ අපේ ශරීරයට ආගන්තුක ද්‍රව්‍යයක්. H1N1 වෛරසයත් මේ වගෙයි. මෙම වෛරස අප ශරීරයට ඇතුලු වී මුලින්ම කරන්නේ අප ශරීරයේ සෛල අකර්මණ්‍යය කර තව තවත් වර්ධනය වීම. මේ හා සමගම ශරීරයට ඇතුලු වූ ආගන්තුක ද්‍රව්‍යය විනාශ කිරීම සඳහා අප ශරීරය ප්‍රතිදේහ (Antibodies) නිපදවනවා. මෙම ප්‍රතිදේහ වෛරස සමග සම්බන්ධවී ඒවා විනාශ කර දමනවා. මේ ආකාරයටයි දින කීපයක් තුල අප ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් මෙවැනි රෝග තත්ත්වයන් පාලනය කරන්නේ. ඒ වගේම පිටතින් ලබාදෙන ප්‍රති වෛරස (Anti-viral drugs) සිදු කරන්නේද මෙම වෛරස සමග සම්බන්ධවී ඒවා විනාශ කර දැමීමයි.

කොහොමද මේක බෝ වෙන්නේ?

Image: OurHealthyway.com

මේ රෝගය බෝ වෙන්නේ රෝගියෙකුගේ කැස්ස හෝ කිවිසුම් සමග පිටවන විශබීජ සහිත කෙළ බිඳිති නිරෝගී පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුලු වීම මගින් හෝ විශබීජ රැඳි මතුපිටවල් ස්පර්ශ වීම මගිනි.

මොනවද රෝග ලක්ෂණ?

Image: standard.co.uk

මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ තද උණ, හිසරදය, මස්පිඩු වේදනාව, ඇඟපත වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, සොටු දියර ගැලීම / හෝ නාසය බර ගතිය, සන්ධි වේදනාව, වමනය හා පාචනයයි. මේ රෝග ලක්ෂණ සෑම ඉන්ෆ්ලුවන්සාවකටම පොදු නිසා, මෙම රෝගය හඳුනා ගැනීම නම් පහසු වන්නේ නැහැ.

මෙම තත්ත්වය ඇතැම් විටකදී නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වන්නට පුලුවන්. මෙසේ තද උණ ආශ්‍රිත නියුමෝනියා තත්ත්වයක් සමග හුස්ම ගැනීමේ අපහසුවක්ද ඇතිවීමට හැකි අතර මෙය අවදානම් තත්ත්වයක් වනවා.

මේ රෝගය නිසා වැඩි අවදානමට ලක් වෙන්නේ කවුද?

මෙම රෝගය නිසා වැඩි අවදානමකට ලක් විය හැකි අයවලුන් ඛාණ්ඩ කිහිපයක් හඳුනාගන්න පුලුවන්:

1. අවුරුදු 2ට වඩා අඩු කුඩා දරුවන්
2. අවුරුදු 65ට වැඩි පුද්ගලයින්
3. ගර්භණී කාන්තාවන්
4. ඇදුම, දියවැඩියාව, හෘදය හා රුධිරය ආශ්රිත රෝග වලින් පෙලෙන්නන්, HIV AIDS වැනි ප්‍රතිශක්ති ඌනතා රෝග සඳහා දිගුකාලීනව ඇස්ප්රින් භාවිතා කරන අයවලුන් සඳහා අවදානමක් පවතිනවා.

මේ රෝගය මාරාන්තික වෙන්න පුලුවන්ද?

Image: cnn.com

ඔව්. මේ රෝගය මාරාන්තික වෙන්න පුලුවන්. වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ මෙම රෝගී තත්ත්වය වැළඳුණු සාමාන්‍ය පුද්ගලයෙකුට නියුමෝනියාව සමග තද උණක් හෝ හුස්ම ගැනීමේ අපහසුවක් තිබේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි.

අවුරුදු 65ට වැඩි පුද්ගලයන් පහත රෝග ලක්ෂණ වලින් පෙළේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසු වනවා:

Image: telegraph.co.uk

1. හුස්ම ගැනීමේ අපහසුතාවය
2. පපුවේ / බඩේ වේදනාවක් හෝ තෙරපුමක්
3. කරකැවිල්ල
4. සිහි මද ගතිය හෝ සිහි මුර්ඡා වීම
5. එක් වරක් සුව වූ පසු නැවත උණ හෝ කැස්ස ඇති වීම

එසේම අවුරුදු 2ට අඩු දරුවන් පහත ලක්ෂණ පෙන්වන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යාවශ්‍යයි.

Image: baby.healthguru.com

1. හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ වේගවත් වීමක්
2. සම නිල් හෝ අළු පැහැ වීම
3. දියර පානය අඩු වීම හෝ අපහසු වීම
4. මුත්‍රා හා කඳුළු පිටවන ප්‍රමාණය අඩු බවක් නිරීක්ෂණය වීම
5. නොනවතින වමනය
6. දරුවාගේ ප්‍රතිචාර දැක්වීම අඩු වීම
7. දරුවා නොසන්සුන් බවක් දැක්වීම

කොහොමද මේක වලක්වා ගන්නේ?

මෙම රෝගය වලක්වා ගැනීම සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශයේ වසංගත රෝග නිවාරණ අංශය නිර්දේශ කරන්නේ පහත ක්‍රියා මාර්ගයන්:

Image: Image: dettol.co.uk

1. දෙ අත් පිරිසිඳු නොකර නහය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වැලකීම
2. නිතර නිතර දෙ අත් පිරිසිඳු කිරීම
3. විශාල ජනගහනයක් ගැවසෙන ප්‍රදේශ හැකිතාක් මග හැරීම
4. අවදානම් කලාපවලදී මුඛ ආවරණ පැලදීම
5. හැකිතාක් ඔබ අවට සිටින රෝගීන්ගෙන් ඈත්වී සිටීම
6. මෙම ආසාදනය වලක්වාගැනීම සඳහා එන්නතක්ද හඳුන්වාදී තිබෙනවා. අවදානම් පුද්ගලයින් සහ සෞඛ්‍යය සේවා වෘත්තිකයින් සඳහා එන්නත ලබා ගැනීම වැදගත්

ඒ වගේම ඔබ මෙම රෝගයෙන් පෙලෙනවානම් හෝ පෙළෙනවායැයි සැක කරනවානම්

Image: medicalnewstoday.com

1. හැකි තාක් විවේක ගන්න.
2. අන් අයට ඔබගෙන් රෝගය බෝවීම වැලක්වීම සඳහා හැකි තාක් ජනයා ගැවසෙන ස්ථානවල ගැවසීමෙන් වලකින්න.
3. පෝෂ්‍යදායී ආහාර ගන්න
4. හැකිතාක් දියර වර්ග පානය කරන්න
5. කිවිසුම් යාමේදී සහ කැස්ස ඇතිවීමේදී ඔබේ නාසය සහ මුඛය ලේන්සුවකින් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කරගන්න. ඒ සඳහා කිසි විටකත් අත භාවිතා නොකරන්න. අත භාවිතා කිරීමෙන් අත හා ස්පර්ශ වන ස්ථාන සියල්ලකම විෂ බීජ තැවරේ. මේ ටිෂූ නිසි ලෙස බැහැර කරන්න.

ඉතින් එහෙනම් මෙම ලිපියෙන් සඳහන් කලේ අප කවුරුත් මේ දිනවල දැඩි අවධානයක් යොමු කරන H1N1 රෝගය ගැන. මේ මගින් ඔබට මේ රෝගය ගැන දැනුමක් ලැබෙන්නට ඇතැයි අදහස් කරනවා. එහෙනම් තවත් ලිපියකින් අපි යලිත් හමුවෙමු.

Cover Image: caribflame.com


Like it? Share with your friends!

798 SHARES
798 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
10
Thanks
Cry Cry
0
Cry
Like Like
4
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මොකද්ද මේ ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes