web analytics

ඔයා කොහොමද බ්‍රේකප් එකකට මුහුණ දෙන්නේ ?


ආදරය කියන්නේ හරි ලස්සන හැගිමක්.ලස්සන වගේම තමයි ආදරේ නිසා එන ප්‍රශ්න ගොඩ.ආදරේ කරලා විදවන අය ඒ ගැන නම් හොඳට දන්නවා ඇති .?.විදවලා විදවලා බැරිම තැන තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවපු අයත් ඕන තරම් ඉන්නවා.ඒත් ආදරේ නිසා තමන්ගේ වටිනා ජිවිතය නැති කර ගන්න එකනම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.ඒ නිසා අපි බලමු බ්‍රේකප් එකකට මුහුණ දෙන්න ඕන හොඳම විදිය මොකක්ද  කියලා .

 

01.විශ්වාසවන්ත කෙනෙක් එක්ක හැඟිම් බෙදාගන්න

 

❤️.මුලින්ම ඔයා හොඳට හිතලා මතලා තීරණය කරන්න කාත් එක්කද තමන්ගේ දුක බෙදා ගන්නේ කියලා.මොකද මේ වැඩේට ඔයාට හොඳටම විශ්වාසවත්ත කෙනෙක් තමයි තෝරා ගන්න ඕන.ඔයාගේ පෞද්ගලිකත්වය රැක ගන්න පුළුවන් කෙනෙක් ගැන මුලින්ම තීරණය කරගන්න.නැත්තම් වෙන්නේ මොකක්ද කියලා දන්නවා නේහ් ඔයා.?.ගැහැණු ළමෙක් නම් තමන්ගේ ජිවිතේ විශ්වාසවන්තම කෙනා වෙන්නේ තමන්ගේ අම්මා.අම්මට කියන්න බැරි ප්‍රශ්නයක් නම් තමන්ගේ හොඳම යාළුවා හෝ පාසලේ ගුරුවරයෙක් ,ගුරුවරියක්  තෝරා ගෙන කියන්න.මොකද ප්‍රශ්න හිතේ හිරකරන් ඉන්නවාට වඩා කාත් එක්ක හරි බෙදාගන්න එක ඔයාගේ හිතට ලොකු සහනයක් වෙනවා.සමහර විට ඔයා හිතුවේ නැති වුනාට ඒ ප්‍රශ්නයට විසදුම් ඔවුන් ළග තියෙන්න පුළුවන් .ඒ නිසා හිතුවක්කාර තීරණ නොගෙන මුලින්ම තමන්ගේ හැඟිම් විශ්වාසවන්ත පුද්ගලයෙක් එක්ක බෙදාගන්න .?

indiabbc.com

02. හැකිතරම් අඬන්න

❤️ සමහරුන්ට හිතෙයි මේකනම් මහ මෝඩ වැඩක් කියලා .ඒත් ඔයාගේ හිතේ තියෙන දුක හිරකරන් ඉන්නවට වඩා අඬලා ඒ දුක තුනී කරගන්න එක වටිනවා.ඇත්තටම හිතට දුකක් දැනුන වේලාවක අඬලා බලන්න .ඔයාට ඉස්සෙල්ලා තිබුනට වඩා හිතට සහනයක් දැනෙනවා.විද්‍යාත්මකව බැලුවත් ඔයාලට තේරෙයි කඳුළු වලින් ආතතිය නැති කරනවා කියලා.ඒ නිසා පුළුවන් තරම් අඬන්න.අඬන්න කියන්නේ ලෝකයට පෙන්න නෙමෙයි කවුරුත් නැති තැනක තනියම.ඒකෙන් ඔයාගේ හිතට ලොකු සහනයක් දැනෙනවා අනිවාර්යයෙන් ම.?

www.infobazz.com

03. ඔයාගේ ජිවිතය කාර්යබහුල කරගන්න

❤️.ඔයා ආදරෙන් පැරදිලා ඒ වෙනුවෙන් දවසක්,දෙකක් හෝ උපරිමයෙන් සතියක් විතර ඇඩුවට කමක් නෑ.ඒත් ඊට එහා අඬාඅඬා ඉන්න තමන්ගේ වටිනා කාලය නාස්ති කරගන්න එපා.හේතුව තමයි ඔයා මොකක් හරි ඵලදායි දෙයක් කරන්න පටන් ගත්තට පස්සේ හිතෙයි කාලය කොයිතරම් වටිනවාද කියලා.ඒ නිසා තමන්ගේ කාලය හැකිතරම් ඵලදායි කාර්යන් සඳහා යොදවන්න.ඒ කියන්නේ ඔයාට පුළුවන් අළුත් පොත් ටිකක් අරන් කියවන්න ,නැත්තම් ෆිල්ම් දෙක තුනක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.ඉගෙන ගන්න කෙනෙක් නම් හිතේ ප්‍රශ්න අතඇරලා තමන්ගේ අරමුණු වලට යන්න කාලය යොදවන්න .වෙනත් භාෂාවක් ඉගෙන ගන්න.නැතිනම් සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුරුදු වෙන්න.මෙවැනි සුළු සුළු ක්‍රියාකාරකම් වලින් ජිවිතය කාර්යබහුල වුනාම ඔයාට නොදැනුවත්වම දුක තුනී වෙලා යයි. ?

www.infobazz.com

04.තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා.

❤️.නොගැළපෙන නිසයි ඔයාට ඔයාගේ ආදරය අහිමි වුනේ.ඒ නිසා ඒවැනි දේවල් වලට තමන්ටම දොස් කියා ගන්න එක නවත්වන්න.හැකිතරම් ධනාත්මක විදියට හිතන්න පුරුදු වෙන්න.ධනාත්මක චින්තනය ඇති කරගන්න නම් ඒ සඳහා ඕනෑ තරම් ක්‍රම තියෙනවා .හොයලා බලන්න මේ ලෝකේ වෙනස් කරපු මිනිස්සු  කොයිතරම් ප්‍රශ්න වලට මුහුණ දීලද මෙතනට ඇවිත් තියෙන්නේ කියලා  .එතකොට ඔයාට තමුන් ගැනම ආත්ම විශ්වාසයක් ඇතිවෙයි.අළුත් අරමුණු ජිවිතයට එයි.ඒ නිසා තමුන් ගැන ආඩම්බර වෙන්න.ආත්ම විශ්වාසය ඇතුව ජිවිතයට මුහුණ දෙන්න .?

socialdiary.pk

05.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න එපා.

 

❤️ ලංකාවේ නම් මේක ගොඩක් අදාළ වෙන්නේ පුරුෂ පාර්ශවයට.ඇත්තටම දුක නැති කරගන්න තමන්ගේ ශරිරය බිල්ලට දෙන්න එපා .අන්තිමේදී ඒ දුක විදින්න වෙන්නෙත් තමුන්ටමයි.බිලා ප්‍රශ්න විසදන්න පුළුවන් නම් මේ ලෝකේ මිනිස්සු හැමෝම හැමදාම,හැම තප්පරේම වෙරිවෙලා ඉන්න ඕන.ඔයා තේරුම් ගන්න මත්ද්‍රව්‍ය වලින් ඔයාට වෙන හානිය.ඒ නිසා එවැනි නරක පුරුදු වලට ඇබ්බැහි නොවි ඵලදායි ක්‍රියාකාරකම් වලට තමන්ගේ වටිනා ජිවිතය යොදවන්න .

bp.blogspot.com

? මතක තියාගන්න ,ඔයාට ආදරය නිසා විඳවන්න  වෙන්නේ නෑ ලැබුන ආදරේ පරිස්සමි කරගත්තා නම්.ඒ නිසා තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියව හැකිතරම් තේරුම් ගන්න උත්සාහ කරන්න .දෙන්නම එකතුවෙලා අනාගතය ලස්සන කරගන්න වැඩ කරන්න .එතකොට විරහා වේදනාවක් නැතුව තමන්ගේ ආදරය ජය ගන්න පුළුවන් ?❤️


Like it? Share with your friends!

8 SHARES
8 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඔයා කොහොමද බ්‍රේකප් එකකට මුහුණ දෙන්නේ ?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes