web analytics

ගෙදරදීම පපඩම් හදා ගනිමු


?පපඩම් කියන්නේ ඉතිං, ලොකු පොඩි හැමෝගෙම ආසම කෑමක් නේහ්. බත් එක්ක පපඩම් කෑල්ලක් තියෙනවා නම් කන්න කලින් හිතට පොඩි සතුටකුත් දැනෙනවා නේද?  ඉතිං, කඩවල් වල විකුණන්න තියෙන සමහර පපඩම් නම් පිරිසිදුත් මදි, ගුණාත්මක බවකුත් නැහැ. පාරේ, වහල් වල වේලෙන්න දාපු ඒවා තමයි වැඩියෙන්ම වෙළෙඳපොළේ තියෙන්නේ . ඒ නිසා අද ලිපියෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ ගෙදරදීම කොහොමද රසවත්, ගුණවත් පපඩම් හදා ගන්නේ කියලා .

?අවශ්‍ය දේවල්:

?උඳු පිටි 500g

?සූදුරු තේ හැදි 1

?අසමෝදගම් ඇට තේ හැදි 1

?බේකින් සෝඩා තේ හැදි 1/4

?ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)

?තෙල් ටිකක්

?සාදා ගන්නා ආකාරය:

?භාජනයක් ගෙන තෙල් හැර අනෙක් සියල්ල දමා ගෙන එකට මිශ්‍ර කර ගන්න.

?දැන් ටික ටික වතුර එකතු කරමින් අතේ ඇලෙන ගතිය අඩු රොටි මිශ්‍රණයක් ආකාරයට හොඳින් අනා ගන්න.

?පැය 2ක් පමණ පොලිතීන් ඉටි කවරයකින් (Cling film) පිටි මෝලිය (පිටි ගුලිය) ආවරනය කර පසෙකින් තබා ගන්න.

?පසුව පිටි මෝලිය ගෙන එහි තෙල් ස්වල්පයක් ආලේප කරගන්න.

?දැන් බරින් වැඩි රෝලින් පින් එකක් ගෙන එයින් මිටියකින් ගසන ආකාරයට පිටි මෝලිය මදක් මෘදු වන තුරු පිටි මෝලියට ගසා ගන්න.

?ඉන් පසුව පිටි මෝලිය කුඩා බෝල වලට කඩා ගන්න.

?පසුව රෝලින් පින් එකක් ආදාරයෙන් හීනියට තුනී කර ගන්න.

?පපඩම් ඇලෙන සුළු ගතියක් දක්වයි නම් රෝලින් පින් එකෙහි සහ පපඩම් තුනී කර ගැනීමට ගන්නා පෘෂ්ඨයේ මතුපිටෙහි තෙල් ස්වල්පයක් තවරා ගන්න.

?දවසක් හෝ දෙකක් තද අව්වේ හොඳින් වියළීමට තබා ගෙන තෙතමනය, සුළං නොවදින සේ අසුරා ගන්න. දැන් ඉතිං ඕන උනහම බැදගෙන කන්න තමයි තියෙන්නෙ.

?මතක තියා ගන්න

?මේ විදියට  සාදා ගත් පපඩම් සති 2 සිට මාසයක් දක්වා පමණ කාලයක් කල් තබා ගන්න පුළුවන්

?උඳු පිට් වෙනුවට සහල් පිටි සහ උඳු පිටි මිශ්‍රණයක් හෝ කඩල පිටි, සහල් පිටි සහ උඳු පිටි මිශ්‍රණයක් යොදා ගත හැකිය.

?කැමති නම් මේ සඳහා හොඳින් අඹරා ගත් සුදු ලූණු ස්වල්පයක්, වේලා කුඩු කර ගත් කරපිංචා ස්වල්පයක්, කෑලි මිරිස් ස්වල්පයක් ආදි දේවල් තම තමන්ගේ රස අනුව එකතු කර ගන්න පුළුවන්.


Like it? Share with your friends!

15 SHARES
15 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ගෙදරදීම පපඩම් හදා ගනිමු

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes