web analytics

ගෙදරදිම මිනි පීසා හදමු


🍕 ඔන්න දැන් කියලා දෙන්න යන්නේ රසම රස මිනි පීසා ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.. බලන්නකෝ එහෙනම් හදන විදිහ.

📌අවශ්‍ය දේවල්:

🍕පාන් පිටි 650g

🍕යීස්ට් තේ හැඳි 02ක්

🍕සීනි තේ හැඳි 02ක්

🍕වතුර කෝප්ප 1/2ක් (මඳ රස්නයෙන් යුතු)

🍕තවත් වතුර කෝප්ප 1 3/4ක්

🍕ඔලිව් තෙල් මේස හැඳි 02ක්

🍕ලුණු තේ හැඳි 1 1/2ක්

🍕තක්කාලි පූරී කෝප්ප 01ක්

🍕රතු බෙල් පේපර් 01ක්

🍕කහ බෙල් පේපර් 01ක්

🍕බ්ලැක් ඔලිව් 20ක් පමණ

🍕ලොකු ලූණු ගෙඩියක්

🍕පොඩි සොසේජස් පැකට් 01ක්

🍕චීස් 250g

📌සාදාගන්නා ආකාරය

🍕මුලින්ම යීස්ට් සහ සීනි මඳ රස්නයෙන් යුතු වතුර කෝප්ප 1/2කට කලවම් කර විනාඩි 10-15ක් පමණ පැත්තකින් තියලා පිපෙන්න හරින්න.

🍕ඊට පස්සෙ පාන් පිටි වලට ඒ යීස්ට් මිශ්‍රණයයි, ඔලිව් තෙල්, ලුණු සහ වතුර කලවම් කරමින් හොඳින් අනාගන්න ඕනෙ. අනාගෙන පිටි බෝලයක් (මෝලියක්) වගේ හදාගන්න.

🍕ඊට පස්සෙ ඒක පැයක් පමණ පිපෙන්නට හරින්න.

🍕ඊට පස්සෙ ඒ පිටි බෝලය කඩලා අපි පොඩි බෝල කිහිපයක් හදාගන්න ඕනෙ. ඒ බෝල ටිකත් චුට්ටක් පැත්තකින් තියලා අපි දැන් පීසා හදාගන්න තැටිය සූදානම් කරගන්න ඕනෙ.

🍕දැන් පීසා බේක් කරගන්න අවන් එකට දාන්න පුලුවන් තැටියක් අරගෙන තැටිය මත ඔලිව් තෙල් තවරා ගන්න ඕනෙ.

🍕 ඊට පස්සෙ අර කලින් හදාගත්ත පොඩි පිටි බෝලයක් අරගෙන තැටිය මත තියලා රොටියක් වගේ තුනී කරගන්න ඕනෙ.

🍕 මේ විදිහටම තැටිය මත අනිත් පිටි ගුලි ටිකත් පේලියකට තුනී කරගන්න.

🍕ඊට පස්සෙ මේවා මතට තක්කාලි පූරී දමා ගන්න ඕනෙ.

🍕 ඊට උඩින් සිහින්ව කපා ගත් බෙල් පෙපර් දමා ගන්න ඕනෙ. පසුව ඊට උඩින් සොසේජස් දමා ගන්න.

🍕 ඊටත් උඩින් බ්ලැක් ඔලිව් සහ ලූණු දමා අවසානයේ පොඩියට ගා ගත්ත චීස් උඩින් ඉසින්න.

🍕 මෙය තව පැය 1/2ක් තබා ෆැරන්හයිට් 350 (350°F) උෂ්ණත්වයට කලින් රත් කරගත් අවන් එකක විනාඩි 10ක් බේක් කරගන්න.

 

 

 


Like it? Share with your friends!

20 SHARES
20 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ගෙදරදිම මිනි පීසා හදමු

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes