web analytics

හොලිවුඩ් කසාද දික්කසාද


අපේ රටේ සංස්කෘතික සීමා මායිම් ඇතුලෙ “දික්කසාදය” කියන්නෙ සාපේක්ෂව අඩුවෙන් අහන්න ලැබෙන වචනයක්. නමුත් හොලිවුඩ්වලට නම් මේක අරුමයක් නෙමෙයි. හොලිවුඩ් සුපිරි තරුවල ජීවිත දිහා හැරිල බලද්දි වෙලාවකට හිතෙනව ඒ අයටනම් දික්කසාදය කියන්නෙ බට්ටො පනිනව වගේ සරල වැඩක්දෝ කියල. හොලිවුඩ් පුරය සිනමා කර්මාන්තයේ ප්‍රමුඛස්ථානය හිමි කරගත් 1920 දශකයේ සිට මේ දක්වා වඩාත් ප්‍රසිද්ධියට පත් දික්කසාදවීම් කිහිපයක් ගැන හොයල බලන්න තමයි මේ සූදානම. මෙතෙන්දි තෝරාගැනුනෙ නළු + නිළි විවාහ සබඳතා පමණයි.

01. බ්‍රැඩ් පිට් – ඇන්ජලීනා ජොලී (Brad Pitt & Angelina Jolie)

mr-mrs-smith-stills-33

මේ තමයි හොලිවුඩ්වලින් ඇහෙන අලුත්ම දික්කසාද කතන්දරේ. බොහොමයක් හොලිවුඩ් රසිකයින්ටනම් මේක තරමක කම්පනයක් ඇති කරපු ප්‍රවෘත්තියක්. මොකද කවුරුවත් මේ දෙන්නගෙන් නම් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති. මේ ප්‍රවෘත්තිය වටා තවත් අලුත් ප්‍රවෘත්ති, කටකතා, විවිධ චෝදනා එහෙමත් කරළියට එන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නෙ. “පැණි වරක ගහටත් හෙන ගහනව” කියන්නෙ මෙන්න මේවට තමයි.

02. හම්ෆ්‍රී බෝගාට් – මේයෝ මෙතට් (Humphrey Bogart & Mayo Methot)

humphrey-bogart-mayo-methot-humphrey-bogart-30849422-608-486

හම්ෆ්‍රී බෝගාට් කියන්නෙ හොලිවුඩ්වල ස්වර්ණමය යුගයේ සුපිරි තරුවක්. අවස්ථා කිහිපයකදීම විවාහ වී දික්කසාදයෙන් කෙළවර වූ බෝගාට් ගේ දිවියේ වඩාත් හාස්‍යජනක විවාහය ලෙස හඳුන්වන්න පුලුවන් විවාහය සිදුවෙන්නෙ මේයෝ මෙතට් නම් රංගන ශිල්පිණිය සමගයි. මේ දෙදෙනාම දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ අය නිසා නිරන්තරයෙන් හටගත් “යුධ ගැටුම්” තමයි මේ දික්කසාදයට හේතුව. මේ “යුධ ගැටුම්” කොතරම් දුර ගියාද කියනවනම් මේයෝ එක් අවස්ථාවක බෝගාට් හට පිහියකින් ඇනීමටත්, තවත් වරෙක වෙඩි තැබීමටත් පෙළඹෙනව. එම යුගයේදී මෙම අපූරු අඹුසැමි යුවල ප්‍රසිද්ධ වුනේ “The Battling Bogarts” කියන අන්වර්ථ නාමයෙන්. හැබැයි ඉතින් ඔය හුට්ටප්පරේ දිගටම තිබුන නම් අර අසරණය තව ගුටි කනව.

03. ෆ්‍රැන්ක් සිනාට්‍රා – ඒවා ගාඩ්නර් (Frant Sinatra & Ava Gardner)

article-2347748-0000d7ea00000cb2-851_634x657

හොලිවුඩ්වල සුපිරි තරුවක් වුනු ගායකයෙක් සහ ඇකඩමි සම්මාන දිනූ රංගන ශිල්පියෙක් තමයි ෆ්‍රැන්ක් සිනාට්‍රා. ඔහුගේ දෙවෙනි විවාහය සිදු වෙන්නෙ එවකට ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙහි සිටි රංගන ශිල්පිණියක් වූ ඒවා ගාඩ්නර් සමගයි. මෙම විවාහයත් ආරම්භයේ සිටම ඉතාමත් අර්බුධකාරීව ගලාගෙන ගිය එකක්. හැබැයි ලස්සනම වැඩේ කියන්නෙ දික්කසාදයෙන් පසුව මිය යනතුරුම මේ දෙදෙනා ඉතා හොඳ මිතුරන් ලෙස සිටීමයි.

04. අර්නස්ට් බෝග්නයින් – එතල් ම(ර්)මෙන් (Ernest Borgnine & Ethel Merman)

mte1oda0otcymdmxodm3nza5

හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය පවා දිනාගත් රංගන ශිල්පියෙක් තමයි අර්නස්ට් බෝග්නයින්. මේ ඔහුගේ තුන්වන විවාහය. මේ විවාහය වඩා ප්‍රසිද්ධ දින 32 විවාහය ලෙසයි. ඒකට හේතුව විවාහයෙන් දින 32කට පස්සෙ දික්කසාද වීම තමයි ඉතින්. එතල් ම(ර්)මෙන් ඉන් පසු නැවත විවාහ නොවන නමුත් අපරාදෙ කියන්න බෑ බෝග්නයින් උන්නැහේ නම් තව දෙපාරක් බඳිනව. සේරම පහයි.

05. රිචඩ් බර්ටන් – එළිසබෙත් ටේලර් (Elizabeth Taylor & Richard Burton)

elizabethreal

යුගයක් වර්ණවත් කළ මේ යුවල ගැන කව්ද අහල නැත්තෙ. එළිසබෙත් ටේලර් ක්ලියෝපැට්‍රා වෙද්දි මාක් ඇන්තනී උනේ රිචඩ් බර්ටන්. මේ  දෙන්නම අවස්ථා ගණනාවක් විවාහ වූ අය. නමුත් විශේෂත්වය තමයි මේ දෙන්නට දෙන්නත් අවස්ථා දෙකකදී විවාහ වීම. 1964 දී මුල්වරට විවාහ වී 1974 දී දික්කසාද වූ මෙම යුවල 1975 දී නැවත විවාහ වී 1976 දී යළිත් දික්කසාද විය.

06. ෂෝන් පෙන් – මැඩෝනා (Sean Penn & Madonna)

1439588158_madonna-sean-penn-zoom

තවත් සුපිරි තරු දෙකක්. මේ දෙන්නගෙම පළමු විවාහය. මැඩෝනා කිව්ව ගමන් මතක් වෙන්නෙ 80, 90 දශකවල ප්‍රවෘත්ති මවපු සුපිරි ගායිකාවක් විදිහට තමයි. එතකොට මැඩෝනා රඟපාලත් තියෙනවද? ඔව්. සිනමාපට 20කට ආසන්න සංඛ්‍යාවක. දෙවරක් හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය දිනූ අතලොස්ස අතරට එක්වෙන අති දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ෂෝන් පෙන්. කොතරම් සුපිරි චරිත උනත් මේ දෙන්නගෙ විවාහ ජීවිතය නම් සුපිරි වුනේ නැහැ.

07. බෲස් විලිස් – ඩෙමී මෝර් (Bruce Willis & Demi Moore)

demi-moore-bruce-willis

වසර දහයක විවාහ ජීවිතයකින් පසු සාමකාමීව කෙළවර වුනු දික්කසාදයක් තමයි මේ. කොයිතරම් සාමකාමීද කියනවනම් ඩෙමී මෝර් ගේ ඊළඟ විවාහයේ උත්සවයට පවා හිටපු සැමියා වශයෙන් බෲස් විලිස් ද සහභාගී වෙනව. දික්කසාද වීමෙන් අනතුරුව පවා බෲස් විලිස් ප්‍රකාශ කළේ පියෙකු හා සැමියෙකු ලෙස යුතුකම් ඉටු කිරීමට ඔහුට නොහැකි වූ නිසා මෙම තීරණය ගත් බවයි.

08. ටොම් කෲස් – නිකෝල් කිඩ්මන් (Tom Cruise & Nicole Kidman)

1444423797_nicole-kidman-tom-cruise-zoom

හොලිවුඩ් පුරය කම්පනය කළ තවත් ආදර කතාවක අවසානයක් තමයි මේ දික්කසාදය. මේ දෙන්න ගැන අමුතුවෙන් හැඳින්වීම් අවශ්‍ය නොවන තරමටම සුපිරි තරු යුවලක්. ඇතැමුන් ප්‍රකාශ කරන ආකාරයට ස්ටැන්ලි කියුබ්‍රික් නමැති අග්‍රගන්‍ය සිනමාවේදියා ගේ අවසන් සිනමා නිර්මණය වන Eyes Wide Shut මේ දෙදෙනා එක්ව රඟපෑ අවසන් සිනමා නිර්මණය වූවා පමණක් නොව ඔවුන්ගේ විවාහයේත් අවසානයට යම්තාක් දුරකට හේතු වූ බවයි. ඕව ඉතින් රට්ටු කියන කතා තමයි ඔන්න.

09. බ්‍රැඩ් පිට් – ජෙනිෆර් ඇනිස්ටන් (Brad Pitt & Jenifer Anniston)

jennifer-aniston-brad-pitt-sept-2002

මේ දිනවල බ්‍රැඩ් – ඇන්ජලීනා දික්කසාදය ගැන කතා වෙන තරමටම ඒ දිනවල බ්‍රැඩ් – ජෙනිෆර් දික්කසාදය ගැනත් රසිකයින් කම්පනයට පත්වෙලා තමයි හිටියෙ. හොලිවුඩ්වල ඉතාමත් සාර්ථක විවාහ දිවියක් ගත කළ යුවලක් විදියට හඳුන්වපු මේ දෙන්නගෙ විවාහයට කණ කොකා හැඞුවෙත් ගහෙන් ගෙඩි එනව වගේ තමයි. හැබැයි ඉතින් ඒකට හේතුවත් ඇන්ජලීනා කියල තමයි කියන්නෙ.

10. මාක් ඇන්තනී – ජෙනිෆර් ලෝපේස් (Marc Anthony & Jennifer Lopez)

jennifer-lopez-takes-the-stage-with-ex-hubby-marc-anthony-02

මේ දෙන්නම සින්දු කියල රඟපාපු අය. මාක් ඇන්තනී? නළුවෙක්? ඇත්තටම ඔව්. සිනමාපට දහයකට ආසන්න සංඛ්‍යාවක ඔහු රංගනයෙන් දායකවෙලා තියෙනව. මෑත යුගයේ බොහෝ දෙනෙක් කතාබහ කළ දික්කසාද වීමක් ලෙස මාක් – ජේ ලෝ දික්කසාදය හඳුන්වන්න පුලුවන්.

පෙරදිග සහ අපරදිග සංස්කෘතීන් අතර පරතරය පෙන්වන එක් අවස්ථාවක් ලෙස “දික්කසාදය” හඳුනගන්න පුලුවන්. හැබැයි ඉතින් අටෝරාශියක් ප්‍රශ්න, අඩදබර, මානසික පීඩන දරාගෙන, කොතරම් උත්සහ කළත් සාර්ථක නොවන බැඳීමක් නඩත්තු කරනවට වඩා නිදහස් වෙන එක තමයි සුදුසු. කොහොම නමුත් මොන සංස්කෘතියක උනත් දික්කසාදය කියන අත්දැකීමට මුහුණ දෙන්න වෙන එකනම් හරිම අමිහිරි කාරණයක්.


Like it? Share with your friends!

1.9k SHARES
1.9k SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
1
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

හොලිවුඩ් කසාද දික්කසාද

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes