web analytics

ලෝක සිනමා ඉතිහාසය – 01 කොටස


ලෝක සිනමා ඉතිහාසය කෙටියෙන් කියන එක ලේසි වැඩක් නෙමෙයි. පුලුවන් තරම් කපල කිව්වොත් මෙහෙමයි ස්ටෝරිය. සිනමා ඉතිහාසය අධ්‍යයනය කරද්දි යුග හතරකට බෙදනව. මේක ආතර් නයිට්ගෙ වර්ගීකරණය.

1. සිනමාවට පූර්ව යුගය.
2. නිහඬ සිනමා යුගය.
3. කතානාද සිනමා යුගය.
4. අධ්‍යයතන යුගය.

01. සිනමාවට පූර්ව යුගය

සිනමාවෙ පදනම තමයි රූප සටහන් කරගැනීම සහ ප්‍රක්ෂේපනය කියන තාක්ෂණික ක්‍රියාවලිය. ඔතෙන්ට එන්න මූලික පර්යේෂණ සහ ප්‍රාථමික සොයාගැනීම් කරපු යුගය තමයි සිනමාවට පූර්ව යුගය කියන්නෙ. ඔය යුගයෙදි සිනමාවේ බිහිවීමට සාධක තුනක් හේතුවෙනව.

I. නිශ්චල ඡායාරූප ශිල්පය
II. තාක්ෂණික විනෝද මාධ්‍යය
III. දෘෂ්ඨියේ අඛණ්ඩතා සිද්ධාන්තය

නිශ්චල ඡායාරූප ශිල්පය සෑහෙන දිග කතාවක්. ඇරිස්ටෝටල්ගෙ ආලෝක සිද්ධාන්තවල ඉඳල ලුයිස් ඩැගියුරේ සහ ජෝර්ජ් ඊස්ට්මන් වෙනකම් දිගයි. අර මුලින් කිව්ව රූප සටහන් කරගැනීම කියන තාක්ෂණික ක්‍රියාවලිය සිනමාවට එකතු වෙන්නෙ ඔතනින්.

Image: taramcgeadyfirstyear.weebly.com

තාක්ෂණික විනෝද මාධ්‍යය කියන එකේ ආරම්භය චීන සෙවනැලි නාට්‍යය කලාව. ඒක යුරෝපයට එද්දි තවත් වර්ධනය වෙනව.

Image: wikipedia

සෙවනැලි චලනය කරන කලාවේ වර්ධනීයම අවස්ථාව තමයි 17වන සියවසේදි මැජික් ලන්තෑරුම බිහිවීම. මේකෙන් වෙන්නෙ ඇඳපු රූපයක් බිත්තියකට පතිත කරවන එක. ඒ කියන්නෙ ප්‍රොජෙක්ටර් එකේ මූලිකම අවස්ථාවක්. ප්‍රක්ෂේපනය කියන තාක්ෂණික ක්‍රියාවලිය සිනමාවට එකතු වෙන්නෙ ඔතනින්.

පීටර් මාක් රොජේ ඇස රැවටීම පිළිබඳ සිද්ධාන්තයක් හඳුන්වල දෙනව දෘෂ්ඨියේ අඛණ්ඩතා සිද්ධාන්තය කියල. රූප වැලක් එක දිගට ක්‍රියාත්මකවීමෙන් දර්ශනයක් නිර්මාණයවීම කියන දේ එන්නෙ ඔන්න ඔය සිද්ධාන්තයත් එක්ක. ඔය සිද්ධාන්තය පදනම් කරගෙන එක එක ජාතියේ සෙල්ලම්බඩු එහෙමත් හැදෙන්න ගන්නව දිගට හරහට.

Image: wikipedia

1877දි ප්‍රංශයෙ එමිල් රෙනෝල්ඩ් දෘෂ්ඨියේ අඛණ්ඩතා සිද්ධාන්තය මැජික් ලන්තෑරුමත් එක්ක මික්ස් කරල උපකරණයක් හදනව ප්‍රැක්සිනස්කෝප් කියල. ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් එකේ මුල් අවස්ථාව. ඕකෙ වර්ධනීය අවස්ථාව තමයි තෝමස් අල්වා එඩිසන්ගෙ කයිනෙටස්කෝප් එක.
සිනමාවට පූර්ව යුගය ඔතනින් ඉවරයි. ඊට පස්සෙ එන්නෙ නිහඬ සිනමා යුගය.

02. නිහඬ සිනමා යුගය

සිනමාවට පූර්ව යුගය තුළදිම එඩ්වඩ් ජේ මුයේබ්‍රිජ් නිශ්චල රූප චලනය කරන සිද්ධාන්තය හොයාගන්නව නිශ්චල කැමරා 12ක් යොදාගෙන. ඕක සිරා කතාවක්. වෙන වෙලාවක කියන්නම්.

මෙන්න මේක තමයි පළවෙනි සීන් එක. හැබැයි මේක චිත්‍රපටයක් නොවෙන්නෙ චලනය එකවර රූපගතකරල නැති නිසා.

ඇටිනේ ජුලියස් මරේ තමයි මුලින්ම තනි කැමරාවකින් රූපගතකිරීමක් කරන්නෙ. ඒකට කියන්නෙ කැමරා තුවක්කුව කියල. මේ තියෙන ලින්ක් මරේගෙ වැඩ.

ඊලඟට එඩිසන් එනව. මිනිහගෙ සහයකයෙක් හැටියට හිටපු කෙනඩි ඩික්සන් චලන කැමරාවක් හදනව කයිනෙටෝග්‍රාෆ් කියල. එඩිසන් ඕක ඩිවලොප් කරල ඕකෙන් රූගතකරන ඒව බලන්න පුළුවන් උපකරණයක් හදනව. ඒක තමයි කලින් කියපු කයිනෙටස්කෝප් එක.

මේක තමයි පළවෙනිම රූගතකිරීම.

1894දි එඩිසන් නිව්යෝක්වල කයිනෙටස්කෝප් පාලර් එකක් පටන් ගන්නව. හැබැයි වරකට එක්කෙනෙක්ට විතරයි බලන්න පුළුවන්. ඒක හින්ද මේව චිත්‍රපට කියල හඳුන්වන්නෙත් නෑ. ඊටපස්සෙ එඩිසන් ලෝකෙ පළවෙනි චිත්‍රාගාරය බ්ලැක් මාරියා හදල වැඩේ දිගටම කරගෙන යනව. ඔන්න ඔය හේතු හින්ද තමයි තෝමස් අල්වා එඩිසන් සිනමාවේ පුරෝගාමිය කියන්නෙ. මේ තියෙන්නෙ එඩිසන්ගෙ කයිනෙටස්කෝප් වැඩ.

ඊටපස්සෙ එනව එඩිසන්ට බැරිවුනු දේවල් කරපු සිනමා පුරෝගාමීන් දෙන්න. ඒ ප්‍රංශයේ ලුමියර් සොහොයුරන්. 1895 දෙසැම්බර් 28 ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් කැෆේ ආපනශාලාවෙ බිම් මහලෙදි මහජන මාධ්‍යයක් සහ කර්මාන්තයක් විදියට ලෝක සිනමාව ආරම්භ වෙනව ලුමියර් සහෝදරයින්ගේ දායකත්වයෙන්. මේ තමයි පළමුවෙනි ෆිල්ම් එක.

මේ ඔවුන් බිහිකළ පළමු වාර්තා චිත්‍රපටය.

මේ තියෙන්නෙ ඔවුන් විසින් නිර්මාණය කළ ලොව පළමු විකට චිත්‍රපටය ලෙස සැලකෙන නිර්මාණය.

මෙතනින් එහාට තියෙන්නෙ සිනමාවේ තාක්ෂණික සහ කලාත්මක වර්ධනයන් සහ නව සොයා ගැනීම්. ප්‍රධාන චරිත කිහිපයක් ගැන කතා කරනව. එතනින් පළමුවෙනිය තමයි ජෝර්ජ් මෙලියස්. මෙලියස් ගැන දැනගන්න නම් මාටින් ස්කෝසෙසිගෙ “Hugo (2011) ෆිල්ම් එක බලන්න. විෂුවල් ඉෆෙක්ට්ස් සිනමාවට හඳුන්වල දෙන්නෙ මෙලියස්. විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි, හොරර් ෆිල්ම්ස්වල ආරම්භය මෙලියස්. ඔහුගෙන් සිනමාවට ලැබුනු හොඳම දේ තමයි ස්ටොප් මෝෂන් මූලධර්මය. ඕකත් අහඹු සොයා ගැනීමක්. වෙන වෙලාවක කියන්නම්. 1896දි ඔහු ස්ටොප් මෝෂන් මූලධර්මය භාවිතා කරල “The Vanishing Lady” කියල ෆිල්ම් එකක් හදනව. ඒ තමයි මේක.

මෙලියස්ගෙ මාස්ටර්පීස් එක තමයි 1902 හදපු “A Trip to the Moon”

මේ පහළ තියෙන්නෙ මෙලියස්ගෙ අනිත් වැදගත් ෆිල්ම් ටික.

“The Impossible Voyage” (1904)

“Under the Seas” (1907)

“Tunnelling the English Channel” (1907)

ඊට පස්සෙ එන්නෙ එඩ්වින් එස්. පෝටර්. ඔහු තමයි සංස්කරණයේ පියා. මෙයා මුලින් එඩිසන්ගෙ ස්ටුඩියෝ එකේ වැඩකරපු කැමරාමන් කෙනෙක්. මුලින්ම documentary ෆිල්ම්ස් එන්නෙ මෙයාගෙන්. මේ තමයි ඒකෙ ආරම්භය.

Life of an American Fireman (1903)

ඊට පස්සෙ ඔහු නිර්මාණය කරනව ලෝක සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වුනු ෆිල්ම් එකක්. පළමු ක්‍රියාදාම චිත්‍රපටය, වෙස්ටර්න් ශානරයේ ආරම්භය.

The Great Train Robbery (1903)

1906දි ඕස්ට්‍රේලියානු සිනමාකරුවෙක්වුනු චාර්ල්ස් ටේට් ලෝකයේ පළමු දීර්ඝ සිනමාපටය නිර්මාණය කරනව. ඒ “The Story of the Kelly Gang” මේක ආසන්න වශයෙන් පැයකට වඩා දිගයි.

Image: counter-currents.com

ඔන්න ඊළඟට එනව ඩයල් එකක්. ඔහු තමයි චිත්‍රපට කලාවේ පියා. සරලවම කිව්වොත් ලෝක සිනමාවේ බිහිවූ විශිෂ්ඨතම චරිතය. ඒ ඩේවිඩ් වෝක් ග්‍රිෆිත්. සිනමාව කලාත්මක මාධ්‍යයක් ලෙස ආරම්භ වෙන්නෙ D. W. ග්‍රිෆිත්ගෙන්. කළු සුදු සිනමාව තුළ මොහු භාවිතා නොකරපු හෝ භාවිතා කිරීමට මග පෙන්වපු නැති කිසිම සිද්ධාන්තයක් නැහැ කියන එක තමයි සාමාන්‍යය පිළිගැනීම. ග්‍රිෆිත් සිනමාවට හඳුන්වල දුන්න තාක්ෂණික සහ කලාත්මක උපක්‍රම බර තොගයක් තියෙනව. විශේෂයෙන් කැමරා ටෙක්නික්ස්. ඒව සේරම මේකෙ ලියන්න බෑ. ග්‍රිෆිත්ගෙ කතා කළ යුතු ෆිල්ම් දෙකක් තියෙනව. පළවෙනි එක “The Birth of a Nation” (1915). අනික “Intolerance” (1916). අවශ්‍යය කෙනෙක් ඉන්නවනම් විමසන්න කොල්ල ගාව බඩු හෑව් 😁  The Birth of a Nation (1915) හඳුන්වන්නෙ සිනමාවේ මහා කාව්‍යය කියල. පැය තුනකට වඩා දිගයි. මේකෙ අන්තර්ගතය පිළිබඳව ගැටළු තියෙනව. මොකද මේක වර්ගවාදීත්වය ඉස්මතුවුන ෆිල්ම් එකක් නිසා. ඒත් සිනමාව පැත්තෙන් ගත්තමනම් ඒ සියල්ල අභිභවා යනව.

ඊට පස්සෙ එන්නෙ අපි හැමොම දන්න කියන චාලි චැප්ලින්. චැප්ලින් කියන්නෙ දීර්ඝ පරිච්ඡේදයක්. අපි ඒ ගැන වෙන වෙලාවක වෙනමම කතා කරමු 😊

Image: counter-currents.com

මේ අතර කාලයේදී ලෝකයේ තවත් කොණක සිනමාවක් වර්ධනය වෙනව. ඒ රුසියානු සිනමාව. වී. අයි. පුදොෆ්කින් සහ ලෙව් කුලෂොව් කියන රුසියානු සිනමාකරුවන් ලෝක සිනමාවට අළුත් සිද්ධාන්තයක් හඳුන්වල දෙනව සමෝදාන රීතිය හෙවත් මොන්ටාජ් රීතිය කියල. මේකෙදි වෙන්නෙ රූපරාමු දෙකක් එකතුවීමෙන් වෙනත් අර්ථයක් ඉදිරිපත් කිරීම වගේ දෙයක්. සරලව කිව්වොත් සංකේත මගින් අදහස් ඉදිරිපත් කිරීම කියමුකො. මේ සිද්ධාන්තය වර්ධනය කරල වැඩ ගත්තු සිනමාකරුව තමයි සර්ගෙයි අයිසන්ස්ටයින්. “Battleship Potemkin” (1925) කියන්නෙ එහි ආරම්භක අවස්ථාවක් වගේම සිනමා වංශකතාවේ තවත් සංධිස්ථානයක්. ඔය සිද්ධාන්තයෙන් හොඳටම වැඩ ගත්තෙ ඉන්ග්මාර් බර්ග්මාන්, සත්‍යජිත් රායි වගේ වැඩකරුවෝ තමයි.

Image: otrr.org

මේ කාල සීමාව වෙද්දි පළමු ලෝක යුද්ධය නිසා යුරෝපයේ සිනමාව පසුබෑමකට ලක් වෙනව. නමුත් ඇමෙරිකන් සිනමාව සීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමගම 1920 පමණ වනවිට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් කේන්ද්‍ර කරගනිමින් සිනමා නිෂ්පාදන සමාගම් රැසක් බිහිවීමත් සමගම හොලිවුඩ් සිනමා කර්මාන්තය ගොඩනැගෙනව. ඔන්නඔය ආකාරයට වර්ධනය වෙන හොලිවුඩ් සිනමාව තුළ 1927දි විප්ලවයක් වෙනව. ඒ තමයි වෝනර් බ්‍රදර්ස් සමාගම ලොව පළමු කතානාද චිත්‍රපටය වන “The Jazz Singer” (1927) නිර්මාණය කිරීම.

මෙතනින් එහාට තියෙන්නෙ කතානාද සිනමා යුගය සහ අධ්‍යයතන යුගය. ඒ ටික වෙන වෙලාවක බලමු.


Like it? Share with your friends!

1.4k SHARES
1.4k SHARES
What's Your Reaction?
Cute Cute
0
Cute
Lol Lol
3
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
3
Thanks
Cry Cry
0
Cry
Like Like
2
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
2
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ලෝක සිනමා ඉතිහාසය – 01 කොටස

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image