පරිගණකයේ අතීත කථාව


ගණනය කිරීම සෑම විටම මිනිසාට ප්‍රශ්න ගෙන දෙන්නක් විය. ඒ හෙයින්, මිනිසා ඒ සදහා පහසු ක්‍රමයක් යොදන්නට උත්සාහගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස අතින් ක්‍රියාකරවිය හැකි උපක්‍රමයක් සොයාගන්නා ලදී. මෙය “ඇබකස් ” යනුවෙන් හදුන්වනු ලැබීය. චීන ජාතිකයන් විසින් මෙය නිපදවනු ලැබුවේ මීට වසර 2000 ට පමණ පෙරදීය.

ඇබකස් – Abacus

Images: elitecis.com

මෙය සිහින් තීරු සහිත ලී රාමුවකි. එම සිහෙන් තේරුවට සවි කරන ලද කුඩා බෝල දක්නට ලැබේ. එමෙන්ම තීරු හරස් අතට වෙන් කරන ලදී. තවත් සිහින් තීරුවක් තිබේ. එම ඉහල කොටසේ කුඩා රවුම් බෝල වැනි කැබලි දෙක බැගින් පිහිටා ඇති අතර , ඊට ඉහලින් සැම තීරුවකම රවුම් හැඩයෙන් යුත් බෝල හත බැගින් තිබේ. මෙම කුඩා බෝල නීති රීති අනුව එහා මෙහා ගෙන යා හැකිය. විසදීමට අවශ්‍ය ගැටළු වලට අදාලව ඒවා එහා මෙහා ගැන යා යුතුය. ඇබකස් ක්‍රියා කරවන්නකුට වර්තමානයේ දක්නට ලැබෙන ගණක යන්ත්‍රයට (calculator) වඩා වේගයෙන් අංක එකතු කිරීමේ හැකියාව තිබේ.

චීන ඇබකස් යන්ත්‍රයට වඩා රුසියන් හා ජපන් ඇබකස් වෙනස් වේ. එහෙත් එම යන්ත්‍ර වලින් කල හැකි කාර්යන් එක සමාන වන අතර, ඒවා ක්‍රියා කරවීමේදී අනුගමනය කල යුතු නීති රීති වල පමණක් යම් වෙනසක් දක්නට ලැබේ. තිරස් අතට සවි කොට සාදන ලද මෙම උපකරණයෙන් අංක එකෙන් එක වැඩි කර ගැනීමේ පහසුව සලකා ඇත. මෙම හැම ලී පතුරකම අංක 1-9 දක්වා අංක 9ක් කොටා ඒ හැම අංකයක්ම වැඩි කිරීමෙන් ලැබෙන අගය ඊට පහලින් සටහන් කොට තිබේ.

පැස්කලීන් (Pascaline)

Image: ecured.cu

ක්‍රි.ව 1642 දී “බ්ලෙස් පැස්කල්” නම් ප්‍රංශ නිතිඤ වරයා විසින් සොයා ගන්නා ලද ගණක යන්ත්‍රය මේ නමින් හදුන්වයි. මෙය ලොව මුල්ම ගණක යන්ත්‍රය ලෙස හැදින්වේ. අංක අනුව පිලිවලකට සකස් කරනු ලැබූ දැති හා රෝද එකනෙක සම්බන්ද කොට සාදන ලද මෙම යන්ත්‍රයේ හැම රෝදයකම දැති දහය බැගින් තිබෙන අතර ඒවා 0-9 දක්වා වූ සංඛ්‍යා වේ. එම දතිරෝද යන්ත්‍ර අනුව කරකැවීමෙන් අවශ්‍ය සංඛ්‍යා අගය යන්ත්‍රයට ඇතුලත් කරනු ලැබේ.

චාර්ල්ස් බැබේජ්

Image: daviddarling.info

මොහු ඉංග්‍රීසි ජාතික නිතිඤ වරයකි. මොහු විසින් “Difference Engine ” නම් යන්ත්‍රයක් සැලසුම් කරන ලදී. ක්‍රි.ව 1822 දී සැලසුම් කර මෙහි ප්‍රධානතම ඉලක්කය වුයේ ගුණන හා වගු ගණනය කිරීමයි. එහෙත් එම කාලය වන විට තාක්ෂණය එතරම් දියුණු තත්වයක නොවුයෙන් ඉතා විශාල වියදමක් දරමින් සැලසුම් කර එම යන්ත්‍රය නිපදවීම ඔහු විසින් අත්හරිනු ලැබීය. ඉන් අනතුරුව ක්‍රි.ව. 1833-1834 කාලයේදී ඔහු වෙනත් යන්ත්‍රයක් සැලසුම් කෙරු අතර එය වාෂ්ප බලයෙන් ක්‍රියා කරවිය හැකි යන්ත්‍රයක් වූයේය. “ Analytical Engine” නමින් ඔහු විසින් හදුන් වනු ලැබීය.

නවීන පරිගණකයේ දක්නට ලැබෙන අංගයන්ගෙන් විශාල ප්‍රමාණයක් ඔහුගේ මෙම යන්ත්‍රයට ඇතුලත් වී තිබුණි. එහෙත් අවාසනාවකට මෙන් මෙම යන්ත්‍රයද කිසි දිනක නිපදවිය නොහැකි විය. එහෙත් “චාල්ස් බැබේජ් ” නම පරිගණක ක්ෂේත්‍රයේ ඉහලින්ම තැබීමටද එය සමත් වූ අතර “පරිගණකයේ පියා ” ලෙසින් අදත් අප විසින් ඔහු සිහි පත් කරනු ලැබේ.

Image: history-computer.com | ඇඩා ඔගස්ටා

එමෙන්ම චාල්ස් බැබේජ් ගේ සියලු පරිගණක කටයුතු සදහා නොමද සහයක් ලබාදුන් ඔහුගේ හිතවතියක් හා ආධාරකාරියක් ලෙස ලගින් ම සිටි “ඇඩා ඔගස්ටා මැතිනිය” (Ada Augusta) විසින් පරිගණක වැඩ සටහන් පිලිබදව අදහස සංවර්ධනය කරන ලද අතර, ඇය “මුල්ම පරිගණක ක්‍රම ලේඛිකාව” ලෙස (computer programmer) අදත් අනුස්මරණය කරනු ලැබේ.

ටැබියුලේටින් යන්ත්‍රය (Tabulating Machine)

Image: officemuseum.com

ටැබියුලේටින් යන්ත්‍රය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇමරිකාවේ ජන ලේඛණ නිළධාරියකු වශයෙන් ක්‍රි.ව. 1880 දී කටයුතු කල “හර්මන් හොලරිත්” නැමැත්තාටය. එකල මෙවැනි ජන සංඛ්‍යා ලේකන සෑදීම සදහා වසර 8ක් පමණ ඉතා දිගු කාලයක් ගත විය. මෙම ප්‍රමාණයද වැලක්වීම සදහා හිතට ජනිතවූ අදහස හර්මන් විසින් මෙම යන්ත්‍රය සොයාගැනීමට පොලඹවනු ලැබීය. මෙමගින් ඉතා වේගයෙන් ගණනය කිරීමේ කටයුතු කිරීමට හැකිවුණි.

ලොව පළමු පරිගණකය

Image: chilloutpoint.com

චාල්ස් බැබේජ් විසින් සැලසුම් කොට ඇත හරිනු ලැබූ ඔහුගේ සිහිනය, ඔහුගේ මරණයෙන් වසර 70කට පසු සැබෑ වීමට පටන්ගත්තේය. 1930 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ “හොවාඩ් ඒකන් ” (Howard Aiken) ඇමරිකාවේ I.B.M. සමාගමේ ඉංජිනේරුවරයෙකු සමග එකතුවී මෙම යන්ත්‍රය නිපදවීම ආරම්භකරන ලදී. මෙය පුර්ණ ස්වංක්‍රීය යන්ත්‍රයක් විය. තත්පරයක දී සංඛ්‍යා එකතු කිරීමට හා අඩු කිරීමට මෙම යන්ත්‍රය සතු ව හැකියාවක් තිබිණි. එසේම සංඛ්‍යා ගණන් කිරීමටද මෙම යන්ත්‍රයට ගත වන්නේ තත්පරයක් පමණි. මෙය ලොව ප්‍රථම පරිගණකය වූ අතර Automatic Sequence Controlled Computer හෙවත් ASCC නමින් හදුන්වනු ලැබිය.

ඉලෙක්ට්‍රොනික පරිගණකය

Image: thoughtco.com

ASCC යන්ත්‍රය සොයා ගැනීමෙන් පසුව එහි වැඩි දියුණු කිරීමේ කටයුතු දිගින් දිගටම සිදී සිදුකරනු ලැබිය. 1943 දෙවන ලෝක යුද්ද සමයේදී මිත්‍ර හමුදා සදහා කාල තුවක්කුවකු ඉලක්කයන් නිවැරදිව හදුනා ගනිමින් වෙඩි තැබිය හැකි ආකාරයේ ක්‍රමයක් අත්‍යවශ්‍ය වූ අතර මෙම අත්‍යවශ්‍ය තාව සම්පුර්ණ කර ගැනීම සදහා Electronic Numerical Integrator and computer හෙවත් ENIAC සොයා ගැනීමට පෙළඹුනි.

මෙම ENIAC පරිගණක සතුව පෙර නිපදවූ යන්ත්‍ර වලට සාපේක්ෂව, දහස් ගුණයක වේගවත් බවක් තිබුණි. එය සතුව එකතු කිරීම හා අඩු කිරීම් 5000ක්, වැඩි කිරීම් 350 ක්, හෝ බෙදීම් 50ක ගැටළුවක් තත්පරයක් තුලදී විසදීමේ හැකියාව තිබුණි. එහෙත් මෙම පරිගණකය ප්‍රමාණයෙන් ඉතා විශාල විය.

Image: Computerhistory.org | ජෝන් වොන්

මෙහි වැඩි දියුණු කිරීමේ කටයුතු දිගින් දිගටම සිදු විය. ”ජෝන් වොන් ”( John Von Neumann) මෙම ENIAC යන්ත්‍රය වැඩි දියුණු කිරීමේ කටයුතු සදහා එක් වූ අයෙකි. පරිගණකයට කල හැක්කේ දත්ත හා ගණනය කරන ලද ප්‍රතිඑල ගබඩා කිරීම පමණක් නොවන බව ඔහුගේ අදහස විය.

පරිගණකය තුලට කලින් සකස් කල උපදෙස් අනුව ක්‍රියාකරවීමට යම් වැඩ සටහනක් ඇතුලත් කර තැබිය හැකි බව ඔහු විශ්වාස කළේය. ඉන් වසර හයකට පසුව එනම් වර්ෂ 1949 දී පළමු ඉලෙක්ට්‍රොනික් පරිගණකය ලන්ඩන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් නිපදවනු ලැබිය. මෙය Electronic Delay Storage Automatic Calculator හෙවත් EDSAC නම් විය.

මෙම නිපද වීමත් සමගම නවීන පරිගණකයේ ආරම්භය සනිටුහන් විය.


Like it? Share with your friends!

1 SHARES
1 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
3
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

පරිගණකයේ අතීත කථාව

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes