web analytics

වයසට නොයා ඉන්න, සුදු වෙන්න හොඳම දේශීය ඖෂධය .


? අපි දැන් දශක ගානක් තිස්සේ උදේට බොන්න පුරුදු වෙලා ඉන්නේ සිනි, පිටි යහමින් දාපු ලොකුම ලොකු කිරි කෝප්පයක් නැත්නම් තේ එකක්. ඒත් එක්කම මොනවාහරි පැණි රස දෙයක් කන්නත් අමතක කරන්නේ නැහැ.  ඒ නිසා ගුණ දේවල් බොන එක අපෙන් ගොඩක් ඈතට ගිහින්. සමහර අය කොළ කැඳ බොන්න නෙමෙයි ,ඒ ගැන කියනවටවත් කැමති නෑ.

?ඒත් මේකෙන් වෙන්නේ නිරෝගීව ඉන්න මිනිස්සුත් ලෙඩ වෙන එක විතරයි. මේ නරක පුරුද්ද නිසා , දියවැඩියාව,අධික රුධිර පීඩනය, ක්ලෝස්ටරෝල් වගේ  බෝ නොවන රෝග වැඩිවෙන එක විතරයි වෙන්නේ  . ඒත් ඉස්සර කාලේ මිනිස්සු නම් උදේම බිව්වේ කොළ කැඳ කෝප්පයක්. එකයි එයාලට  අවුරුදු ගාණක් නීරෝගී ව ජිවත් වෙන්න පුළුවන් වුනේ.

?ඉතිං, අපි අද හිතුවා කොළ කැඳ වල තියෙන ගුණ වගේම නිවැරදිව කොළ කැඳ හදා ගන්න විදිය ඔයාලට කියලා දෙන්න. කොළ කැඳ කියන්නේ හොඳ සමබර ආහාරයක්. කොළ යුෂ වලින්  අපේ ශරිරයට අවශ්‍ය ඛණිජ ලවණ ඇමයිනෝ අම්ල සහ විටමින් ලබා දෙනවා. කොළ කැඳ වලට එක් කරගන්න සහල් වලින් පිෂ්ටයත්, පොල් කිරි වලින් මේදයත්, ඊට අමතරව එකතු කරගන්න , ඉඟුරු , සුදු ළූණු වලින් අමතර පෝෂණයත් ලබා දෙනවා.

?පෝෂණ කොටස් ඉවත් වී නොයන අයුරෙන් කොළ කැඳ සාදා ගනිමු.

?ගොඩක් දුරට කොළ කැඳ හදන්න අපි ගන්නේ ගොටුකොළ ,මුකුනුවැන්න ,හාතවාරිය ,පොල්පළා, ඉරමුසු වගේ කොළ වර්ගයි. මුලින්ම අපි තෝරා ගත්ත කොළ ටික හොඳින් සොදා ගන්න ඕන. ඊට පස්සේ කොටලා යුෂ ටික මිරික ගන්න. හාල් මිටක් අරගෙන මැටි වළඳකට දාලා ලිපේ තියන්න ඕන. හාල් තැම්බූනහම කොළ යුෂ එකතු කරලා මද ගින්නේ ලාවට රත් කරනවා. පොල් කිරි අවසානෙට දමන්න. නමුත් නටවන්න එපා. මදක් රත් වෙද්දීම අරගෙන හකුරු සමග හරි නිකම් හරි බොන්න.වැඩි පෝෂණයට අමු ඉඟුරු පෙති කීපයක්‌ හා තලාගත් සුදුළූණු බික්‌ දෙක තුනක්‌ මෙයට එක්‌ කරන්නත් අමතක කරන්න එපා.

? අපි කොළ කැඳ සාදා ගන්න ගන්න නැවුම් කොළ වර්ගවල බොහෝමයක්  පෝෂණ සංඝටක අඩංගු වෙලා තියෙනවා. උදාහරණයක් විදියට කරපිංචා කොළ ග්‍රෑම් 100ක කැල්සියම් මිලි ග්‍රෑම් 830ක් පමණ අඩංගු වෙනවා. කොළ කැඳවල තියෙන කැලරිමය අගය වගේම මේදය පවතින්නේත් ගොඩක් අඩුවෙන්. ඒ නිසා තරබාරු අය, හෘද රෝගීන් අනිවාර්යයෙන් ම කොළ කැඳ බොන්න ඕන.

? ඔයාලා දන්නවා ද? කොළ කැඳ වල කෙඳිති විශාල වශයෙන් අඩංගු වෙලා තියෙනවා.ඒ නිසා මලබද්ධය වගේම ආහාර මාර්ගයේ පිළිකා ඇතිවිමද වළක්වනවා. මීට අමතරව විටමින් සී, විටමින් කේ, carotenoids හා  folate වැනි සංඝටකද සැලකියයුතු ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ නිසා කොළකැඳ ඉතාම ගුණදායකයි.

? ඒ වගේම කොළ කැඳ කියන්නේ සම පැහැපත් වෙන්නත් හොඳම ඖෂධයක්.මොකද කොළ කැඳවල ප්‍රතිඔක්සිකාරක විශාල වශයෙන් අඩංගු වෙනවා.මේ ප්‍රතිඔක්සිකාරක මගින් වෙන්නේ, ශරිරයේ ඇතිවන මුක්ත ඛණ්ඩ උදාසීන වීම. ඒ නිසා වයසට යාමේදී ශරිරයේ සිදුවන වෙනස්විම් පාලනය කරනවා.එවිට නීරෝගී ,පැහැපත් ශරීරයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි කොළ කැඳ සෑදිමේදි විවිධ කොළ වර්ග භාවිතා කරනවා. එහෙත් සම පැහැපත් කිරීමටත් නිරෝගීකම ආරක්ෂා කිරීමටත් වගේම තරුණ පෙනුම රැක ගැනීමටත් විශේෂ කොළ වර්ග කීපයක් යොදා ගන්නව. ඒවානම් හාතාවාරිය කොළ, ගොටුකොළ,  කරපිංචා කොළ, සහ ඉරමුසුයි.

? ඒ වගේම,කොළ කැඳ වලින් වයසට යෑම නිසාම ඇතිවන රෝග පමා කරනවා. ඔබට තරුණ පෙනුමක් ලබා දෙනවා. මේ සියල්ල ඇතිකරන කොළවල ඇති රසායන ඛාණ්ඩය ෆීනෝලීන සංයෝජන කියල හැඳින්වෙනවා. මෙවැනි සංයෝග 8,000ක් පමණ නැවුම් කොළවල අඩංගු වෙන බව සොයා ගෙන තිබෙනවා.

? දැක්කා නේද කොළ කැඳ වල තියෙන පෝෂණය . ඉතිං , ඔයා මේ තරම් කාලයක් කොළ කැඳ බීපු නැති කෙනෙක් නම් අද ඉදන්වත් අනිවාර්යයෙන් බොන්න. හැමදාම නැතත් සතියට දෙසැරයක්, වගේවත් බොන්න උත්සහ කරන්න. එවිට ඔය කියන බෝ නොවන රෝග හැදෙන්නේ බොහොම කලාතුරකින් . කෙටිකාලිනව දිවට ලැබන රස ගැන නොසිතා දිගුකාලීනව තමන්ගේ ශරීරයට ලැබෙන පෝෂණ ගුණය ගැන හිතන්න .


Like it? Share with your friends!

166 SHARES
166 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
11
OMG
Thanks Thanks
12
Thanks
Cry Cry
0
Cry
Like Like
10
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

වයසට නොයා ඉන්න, සුදු වෙන්න හොඳම දේශීය ඖෂධය .

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes