web analytics

වැලිකන්දේ දුක් කන්ද…!!


වැලිකන්ද….. ගොඩක් අයට මේ නම නුහුරු ඇති. ඒත් ඔයාල පොළොන්නරුව ගැනනම් හොඳට දන්නවනෙ. පොළොන්නරුවෙ ඉඳන් තවත් 30කි.මී ක් විතර යනකොට තමයි වැලිකන්ද ප්‍රදේශය අපට හමුවෙන්නෙ. ඇත්තටම ඒ ප්‍රදේශය ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. ජීවිතේ හැම පැත්තකින්ම බැට කන, බැට කාපු මිනිස්සු ජීවත් වන ප්‍රදේශයක්.

අපේ රටේ තිස් අවුරුදු යුද්ධ කාලෙදි මායිම් ගම්මාන වෙලා තිබුන මේ ප්‍රදේශ සියල්ල දැන් යථාතත්වයට පත්වෙමින් තියනව. නමුත් මිනිසුන්ගෙ අධ්‍යාපනය මට්ටම්, වකුගඩු රෝග, ආකල්ප, ලෙඩ රෝග පැතිරයාම්, සමාජ සුභසාධනය නිසි අයුරින් බෙදී නොයාම වගේම වන අලි තර්ජන වැනි තත්වයන් නිසා තවමත් මේ මිනිස්සු ජීවිතෙන් අනේකවිධ බැට කනව. ? ?

කතාව පටන් ගන්නෙ මෙහෙමයි…

2016 අවුරුද්දෙ මුල් කාලෙ අපේ ලංකාවට ලොකු නියං තත්වයක් ආව ඔයාලට මතක ඇති. ඉතින් මේ, වැලිකන්ද ප්‍රදේශයත් නියඟයෙන් පුදුමාකාර විදියට පීඩාවට පත් වුනා. අන්න ඒ කාලෙදි, “ගෞතම දරුවෝ ආර්ය පදනම” විසින් මේ ප්‍රදේශයේ අසරණ මිනිස්සු වෙනුවෙන් අවශ්‍ය ජලය, වියළි ආහාර බෙදාදීමේ උතුම් පුන්‍ය කර්මයක් කරල තියනව. ? ? අන්න එතකොට තමයි චමිල අයිය (සභාපති- ගෞතම දරුවෝ ආර්ය පදනම ) ඇතුලු යාලුවො දැකල තියෙන්නෙ එහේ මිනිස්සු හිසට හරිහමන් වහලක් නැතුව විඳින දුක කොයිතරම්ද කියල. ? ?

“ඒකායන නිර්වාණය” යන තේමාව පෙරදැරි කරගෙන, සිතුවිල්ලකින් පවා පාරමිතා පූර්ණය කරගන්නට උත්සහ කරන ඒ අය, එදා හිතාගෙන තියනව, වැලිකන්දේ අසේලපුර, නාගස්තැන්න හා ඒ අවට ගම්මානවල අනේක දුක් විඳින මිනිසුන්ගෙ නිවාස ප්‍රශ්නයට තමන්ට හැකි ආකාරයට පිහිටවිය යුතුයි කියල. ? ?

නිකන් හිතල බලන්න, ඔයාගෙ ගෙදර වහලෙන්, වැස්ස දවසකට, ඔයා නිදාගෙන ඉන්නකොට, හරියටම ඔයාගෙ ඇඳ උදට වහල දිගේ වතුර බින්දු දෙක තුනක් වැටුනොත් ඔයාට මොකද හිතෙන්නෙ..??
ඔයාට එලි වෙනකන් නින්ද යයිද..??

ඔයාගෙ වටින කියන බඩු ඔක්කොම වැහි වතුරෙන් තෙමිල විනාශවෙලා යයි කියල ඔයාට එලි වෙනකන්ම හිතෙයි නේද..??

ඒත් ඔයා දන්නවද, මේ මිනිස්සු වැස්ස කාලෙට, ගේ ඇතුලෙ ඉඳලත් කවමදාක්වත් නොතෙමි නිදාගෙන නෑ කියල… ⛈ ? ?

ටිකක් හිතල බලන්න වහිනකොට, හතර වටෙන්ම තෙමිල වතුරෙන් යටවෙලා, ඒ වතුර ගේ මැද්දෙන්, එහෙම නැත්නම් හරියටම ඔයාගෙ ඇඳ යටින් යනකොට ඔයාට මොනව හිතෙයිද කියල….!!
පුදුමාකාර අසරණකමක් දැනෙයි නේද…???

සමහර පවුල් වලට පිරිමි පරානයක් නෑ, ඒත් ළමයි 4-5 ඉන්නව. ඒකත් අපි ඉන්න මේ සමාජයෙම එක්තරා පැතිකඩක්. තාත්තෙක් නැති ඒ ළමයින්ව ලොකු මහත් කරන්න ඒ අම්මල අප්‍රමාණ දුකක් විඳිනව.

කිලුටුවුන හැට්ටයක් බාගෙට වගේ ඇදගෙන, කට්ට අව්වෙ, තමන්ගෙ මාස ගානක දරුව එක අතකින් පැත්තට වඩාගෙන, අනිත් අතින් වැරදාල දර පලන අම්ම කෙනෙක්ව ඇස් දෙකටම දැක්ක වෙලාවෙ මට හිතුනෙ, අපේ රට පවත්වාගෙන යාමට ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න, සීත කාමරවල ඉන්න, ඇමරිකාවෙන් යුරෝපයෙන් දෙන හැම ආදර්ශයක්ම ගන්න උත්තමයන්ට, මේ අසරණයන්ගෙ දුක කවදානම් පෙනෙයිද කියල… ? ?

අන්න ඒ අසරණකම අර මිනිස්සුන්ට මෙච්චරකාලයක් තිස්සෙම උරුම වෙලා තිබුන.

ඉතින් අපි හැමෝගෙම මේ වෑයම, අපිට පුලුවන් විදියට මේ මිනිස්සුන්ගෙ දුක නිවන්න උත්සාහ ගන්නයි.

මේ කටයුතු සංවිධානය උනේ කොහොමද..??

ගෞතම දරුවන්ට තිබුනු දැඩි උනන්දුව නිසා එයාල වැලිකන්ද ප්‍රදේශයෙ AG Office එක හා ග්‍රාම සේවා නිළධාරී තුමන් හරහා අවම ආදායම් ලබන පවුල් තුනක් තෝරගෙන තමයි මූලික වැඩ කටයුතු ටික පටන් ගත්තෙ.

වැඩේ ටිකක් ලොකු වැඩක් නිසාම මේ සඳහා තවත් පිරිස් එකතු කරගන්න ඕන නිසා, “උතුම් නිර්වාණය” අරමුණු කරගෙන වැඩ කටයුතු කරන තවත් පිරිස් වගේම සංවිධාන වලටත් ආරාධනා කලා. ? ?

කොහොමහරි ඒ හැමෝම එක්ක 2017-01-21 දින සුභ මොහොතින් පළමු නිවසේ වැඩ පටන් ගත්ත.

 

අවුරුදු ගණනාවක් යුද්ධයෙන් බැටකාපු, අදටත් පරම්පරාගත දුප්පත් කමින් දුක් විඳින, බොන හැම වතුර උගුරක් ගානෙම වකුගඩු මාරයා හැංගිලා ඉන්නව කියල දන්න මේ මිනිස්සුන්ගෙ ජීවත පියවි ඇහැට දැකපු අපි හැමෝගෙම හිතට ආපු හයිය මේ වැඩේ සාර්ථකත්වයෙන්, අතිසාර්ථකත්වය කරා යන්න ශක්තියක් වුනා කිව්වොත් වැරදි නැහැ.

රු. ලක්ශ 4 ට ගෙයක්…?? ඒ කොහොමද…??

ඔව් ඇත්තටම ගොඩක් අයට මේ ගැන පුදුමයි තමයි. දැන් කාලේ කාමර දෙකකුයි සාලෙකුයි එක්ක වහලට ශීට් දාපු ගෙයක් ලක්ශ 4කට හදනව කියන්නෙත් පුදුම වැඩක් තමයි. ? ?

ඒකට ප්‍රධානම හේතුව අපේ කැපවීමත්, කැපකිරීමට ඇති උපන් හැකියාවත් හා නිසි කළමනාකරණයත් තමයි. ? ?
ඉතින් අපි දැනටමත් ඉතා සාර්ථකව නිවාස තුනක් සාදා නිමකර, ඒ ඒ පවුල් වෙනුවෙන් නිවාස බාරදීලත් අවසන්.

නිවාසයම විතරක් නෙමෙයි, ඒ ඒ පවුල් වලට තෑගි බෝගත් ? ?, ළමුන්ට ඇඳුම් පැළඳුම් වගේම ? ? ? ? ?, ගෙවත්තෙ හිටවන්න සුදුසු වටිනා පැළ වර්ග 4-5ක් රෝපනය කිරීම තුලින් ඒ පවුල්වල අනාගතය සශ්‍රීක කරන්නත් අපි අමතක කලේ නෑ.

විශේෂයෙන්ම, මේ තරම් අඩු මුදලකට නිවාසයක් සාදා නිම කරන්න පුලුවන් උනේ, විශාල ප්‍රමානයේ ශ්‍රම දායකත්වයක් අප විසින්ම ලබා දුන්න නිසා. ? ?

ඇත්තටම අපිට ඒ ප්‍රදේශය නුහුරු නුපුරුදු උනත්, ඒ පළාතෙ තියන දැඩි අව් රශ්මියත්, එහේ තියන වතුරවල අව පැහැයත්, අමුතු රසයත් ඒ වගේම රාත්‍රී කාලයට අපිව උස්සගෙන යන්න හදන තරමට මදුරුවන්ගෙන් තර්ජන එල්ල උනත්, ඒ දුෂ්කරතාවන් සියල්ලට හොඳින් මුහුණ දෙමින් අපි වැලිකන්දෙ අපේම මිනිස්සු වෙනුවෙන් හිසට සෙවනක් දෙන්න පුදුමාකර මහන්සියෙන් වැඩ කලා.

තව කව්ද උදව් කලේ…?

ඉස්සෙල්ල කිව්ව වගේම ගෞතම දරුවො තමයි මේ වැඩේ අමාරුම කොටස කලේ. ඕනම වැඩක මුලම කොටසනෙ අමාරුම ටික. සැලසුම් කිරීම්, අනුමත කරවා ගැනීම්, නිර්දේශ ලබා ගැනීම්, සැපයුම් කරුවන් සොයා ගැනීම්, නිවැරදි දුප්පත් පවුල් සොයා ගැනීම් වගේ අමාරු දේවල් සේරම පිළිවලට කරගත්තට පස්සේ, එකම අරමුණක් කරා ගමන් කරන තවත් සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ කරගෙන වැඩේ පටන් ගත්ත. ඒ අතරට,
ශ්‍රී බෝසත් ආර්ය ශ්‍රාවක පදනම, මනුසත් දරුවෝ සමාජ සත්කාර පදනම, පින් කෙතේ අපි වැනි සංවිධාන වගේම විවිද පුද්ගලයන් විශේෂයි.

වැලිකන්දෙ AG office එකේ නිලධාරීන් හා ග්‍රාම සේවක මහතාත්, ප්‍රදේශය භාර පොලිස් නිලධාරින්ගෙනුත් අපිට විශාල සහයක් ලැබුන.

ඒ වගේම, අපි ගෙවල් තුනක් මේ විදියට හදල දුන්න කියන ආරංචිය ලැබුනු නැඟෙනහිර පළාත් භාර යුධ හමුදා ආඥාධිපතිතුමා පැමින අපිට අපේ ඊලඟ අදියරේ වැඩ කටයුතු සඳහා සහයෝගය ලබාදෙන බවටත් පොරොන්දුවක් උනා. ? ? ?

දෙවනි අදියරේ වැඩ වෙන්නෙ කොහොමද…??

පළමු අදියර වෙනුවෙන් නිවාස තුනකුත්, නාගස්තැන්න පන්සල සඳහා වැසිකිළි දෙකකුත් අපි හැදුවෙ අටමහා කුසලයකුත් කරගනිමින්. ? ?

ඒ වගේම දෙවනි අදියර වෙනුවෙන් තවත් නිවාස 7ක් හදන්න සැලසුම් කරනව, ඒ වගේම එහේ ජීවත්වන මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කිරීම සඳහාත් අධ්‍යාපනය දියුණු කිරීම සඳහාත් වැඩ ගොඩක් කරන්න සැලසුම් කලා.
ඒ අතරට,

  • ගමට අවශ්‍ය නල ළිඳක් හා ජල පෙරණයක් ලබාදීම.
  • පරිගණක හා ඉංග්‍රීසි දැනුම ලබාදීම සඳහා එම ප්‍රදේශයේ ළමුන් වෙනුවෙන් වැඩමුළු පැවැත්වීම.
  • ගමට පුස්තකාලයක් ලබාදීම.
  • පාසල් පොත්පත්, සපත්තු, නිළඇඳුම්, ශිෂ්‍යත්ව ලබාදීම.
  • ගම හා පන්සල අතර සම්බන්දය වැඩි කිරීමට වැඩපිළිවෙළක් යෙදීම.
  • මිනිස්සුන්ට තමන් පිළිබඳ ආත්ම විශ්වාසයක් ලබාදී, ඔවුන්ගේ අනාගතය දෙස සුභවාදීව බැලීමට හැකිවන ලෙස කටයුතු කිරීමට නිසි පෙළඹීම ඇතිකිරීම.
  • ගමෙහි පොදු පහසුකම් වර්ධනය කිරීම.
  • වල් අලි ගහන අඳුරු මාර්ගයන් ආලෝකමත් කීරීම වෙනුවෙන් වීදි ලාම්පු සවි කිරීම. (අඳුරේ වල් අලි ගැවසෙන බැවින් ගමේ විශාල පිරිසක් රාත්‍රියට බියෙන් පසුවෙයි. ඒ වගේම, වන අලින්ගේ ප්‍රහාරයට ලක්ව ආබාධිත වූ අය බොහොමයි)

ඇත්තටම එහේ ඉන්න පොඩිඋන්ට අධ්‍යාපනයේ තියන වටිනාකම තේරෙන්නෙ නෑ. ඒක තේරුම් කරල දෙන්න කෙනෙක්වත් එයාලට නෑ.

එයාලගෙ මුලු ලෝකෙම, එයාලගෙ පියවි ඇහැට පේන වර්ග කි.මී 5ක වගේ කොටසක් ඇතුලට සීමා වෙලා ඉවරයි. අපිට අවශ්‍ය වන්නෙ, ඒ ලෝකෙන් එහාට තියන ඇත්ත ලෝකෙ මොකද්ද කියල එයාලට පෙන්නල දීල එතනට යන්න එයාලට පාර හදල දෙන එක. ? ? ?

තමන් ලොකු උනාට පස්සෙ, තාත්ත කරන දේම එයත් කරන්න ඕන කියන මානසිකත්වයෙන් එයාලව එලියට අරගෙන තව අඩියක් හරි උඩට කකුල තියල ජීවත් වෙන්න පුලුවන් කියල එයාලට හිතෙන විදියෙ යමක් අපි කරනව. ඉතින් එකම එක ළමයෙක් හරි මේ වැඩපිළිවෙල නිසා හොඳට ඉගෙනගත්තොත් කාලයක් ගිහිල්ලහරි අපේ වැඩේ අතිසාර්ථක වේවි. 

ඔයාලත් කැමතිනම් මේ වැඩේට උදව් වෙන්න…

දැනටමත් දෙවනි අදියරේ නිවාස දෙකක් ඉදිවෙමින් පවතිනව. අපේ වැඩ දැකපු කොරියාවෙ සේවය කරන අපේම කොල්ලො පිරිසක් එකතුවෙලා එක ගෙයක් වෙනුවෙන් සම්පූර්ණ මුදල ලබාදෙන්න කාරුණික උනා. ? ?

ඒ වගේම අපේ වැඩ අගය කරන බොහොම පිරිසක් තමන්ට හැකි පමනින් දායක වෙමින් මේ වනවිටත් අප හා එකතුවී සිටිනව.

ඔයාලත් කැමතිනම් වැලිකන්දට හයියක් වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න පුලුවන්. මුදලින් හෝ ශ්‍රමයෙන් දායක වෙන්න පුලුවන්. එක ගෙයක් සඳහා මුලු වියදම රු.400,000/- යි. ඒ වගේම අපි සැලසුම් කරල තියන අනිත් වැඩසටහන් වලට වෙන වෙනම වියදම් වෙනව. ඒවටත් උදව් වෙන්න පුලුවන්.

මේ උත්සව කාලෙ අනවශ්‍ය වියදම් ටිකක් අඩු කරමුද….??

මේ වගේ දේකට දායක වෙන්න ගොඩක් අයට ආස උනාට, එයාල හැමතිස්සෙම හිතන්නෙ සල්ලි නෑ, වෙලාව නෑ කියල. ? ?
හැබැයි හොඳට හිතල බැලුවොත් ඔය දෙකම බොරු නේද කියල ඔයාලටම තේරෙයි. මේ වෙනුවෙන් ඇත්තටම් ඕන කරන්නෙ කාල කළමනාකරණය හා යම්කිසි කැපකිරීමක් පමණයි.

මේ උත්සව කාලෙ පාර්ටි දාල පැලෙන්න බොන්න හිතාගෙන ඉන්නවනම්, ඒ එක අරක්කු බෝතලෙකට යන වියදම කැපකරල ඔයාලට මේ වගේ සමාජ සත්කාරයකට එකතු වෙන්න පුලුවන්. ? ? ? ? ?

දැන් සිගරට් එකක් රු.50/- වගේ නිසා දවසට සිගරට් දෙකක් නොබී හිටියොත් ඔයාට රු.100/-කින් දායක වෙන්න පුලුවන්.

ඒ වගේම තමන්ගෙ තත්වය රැකගන්න ඕන කමට කරන බොරු වියදම් එකක් දෙකක් කපල, අනවශ්‍ය විදියට ඇඳුම් පැළඳුම් නොගෙන යම්කිසි කැපකිරීමක් කලොත් ඔයාලටත් පිනක් කරගන්න ගමන්ම සමාජයට මෙහෙවරක් කරන්න පුලුවන් වෙයි.

හැබැයි ඉතින් ඔය මොනදේ කරන්නත් උවමනාව තියෙන්නෙ ඕන. ඒක නැත්තම් කිසිම දෙයක් කරන්න බෑම තමයි.

මේ වගේ වැඩක් කරල අපි බලාපොරොත්තු වෙන්නෙ මොනවාද….

මේකනම් සමහරක් අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි…
ඇත්තටම අපි කරන්නෙ සමාජ සත්කාරයක්, ඒක නිසා අපි අපේ දේවල් කැපකරල මේ උතුම් කාර්යය කරන්නෙ වෙනත් කිසිම අරමුණක් නැතුව. අපි හැමෝගෙම එකම අරමුණ තමයි,

“උතුම් වූ නිර්වාණය කරා යන මේ ගමනේ පාරමිතා පූර්ණය කරගැනීම”

අපි කරපු වැඩ ටික මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ වැඩේට රුපියලකින් හරි එකතු වෙන්න කැමති නම් අප හා සම්බන්ධ වන්න.

[wp_progress_bar text=”Refresh.LK හරහා අරමුදල් එක් රැස් කිරීමේ ප්‍රගතිය” pc=”30″]


Like it? Share with your friends!

4.6k SHARES
4.6k SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
2
Cry
Like Like
14
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

වැලිකන්දේ දුක් කන්ද…!!

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes