හැරී පොටර් චිත‍්‍රපටයේ අදිසි ලෝගුව [නොපෙනෙන ලෝගුව] දැන් සැබෑවක් .


ඔයාට මතකද , හැරි පොටර් චිත්‍රපටයේ තිබුන නොපෙනි යන ලෝගුව . අන්න ඒක දැන් සැබෑවක් වෙන්නයි යන්නේ. චිත්‍රපටයේ තිබුන ඒ කල්පිතය සැබෑවක් කිරිම  ඇත්තෙන්ම විස්මයජනක දෙයක්.

හැරි පොටර් ට අමතරව එච්.ජි. වේල්ස්ගේ “ඉන්විසිබල් මෑන්” කියන චිත්‍රපටයෙත් තිබුණා , මේ වගේම නොපෙනි යන ක්‍රමයක්.  මේ ගැන මුලින්ම පරික්ෂණ ආරම්භ කලේ එංගලන්තයේ ඩියුක් (Duke University ) විශ්ව විද්‍යාලයෙන් .

සැබෑ ජීවිතයේ නොපෙනී යා හැකි ‘අබිරහස් ලෝගුවක්’ එහි පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා ඇති බව පසුගියදා හෙළිදරව්  වුනා . තව ටික කාලයකින් ඔයාට , අදිසි ලෝගුවක් ගන්න හොග්වොට්ස් වෙළඳසැල හොයාගෙන යන්න ඕන නෑ.

මෙම පර්යේෂණය පසුපස ඉන්නා නිර්මාණකරු වූ භෞතික විද්‍යාඥ අලි අලීව් (Ali Aliev) කියන්නේ , ඔහු මෙහිදී අදිසි ලෝගුව තනන්නට කාබන් නැනෝ නාල ඉතා කුඩා නූල් ආකාරයෙන් භාවිත කළ බවය.

එය කි‍්‍රයාත්මක වන හැටි

ඩියුල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් මේ ලෝගුව ආවරණය කරන්න යොදාගෙන තියෙන්නේ, මිනිසා විසින් නිර්මාණය කරන ලද මෙටා මැටීරියල් නම් ද්‍රව්‍යයක්. එහි ස්වාභාවික ද්‍රව්‍යවල නැති ගති ලක්ෂණයි තියෙන්නේ.

මෙම මෙටා මැටීරියල්වල ව්‍යුහයන්, යම් වස්තුවක වටා ඇති විද්යුත් චුම්බක තරංග හැසිර විය හැකි ආකාරයට සකස් කරන්න පුළුවන්. ඒ අනුව එම වස්තුව නොපෙනී යනවා.

මේ ‘මෙටා-මැටීරියල්’වල අඩංගු ව්‍යුහයන් සැලසුම් කරලා තියෙන්නේ  යම් වස්තුවක් වටා ඇති විද්යුත් චුම්බක තරංගවල හැසිරීම වෙනස් කළ හැකි අකාරයටයි. ඒවා ඒ වස්තුවේ අනික් පැත්තෙන් ගමන් කරන ආකාරයට යැවූ විට අපට වස්තුව නොපෙනී යනවා.

වස්තුව පසුපසින් මතුවන එම තරංග වස්තුව විනිවිද යන ආකාරයෙනුයි දිස්වෙන්නේ. ඒ විදියටයි, වස්තුව නොපෙනී යන්නේ.

කොහොම වුනත් තවමත් තාක්ෂණය හැරී පොටර්ගේ ලෝගුව තරමටම සම්පූර්ණ වී නැහැ. මේ මායාව කි‍්‍රයා කරන්නේ එක අතකට විතරයි. ඒ කණ්ඩායම පිළිගන්නව දෘශ්‍යාලෝකය පවතිද්දී නොපෙනී යාම සර්ව සම්පූර්ණයෙන්ම කළ නොහැකි බව.කොහොම උනත් චිත‍්‍රපටයේ ආ ඒ කල්පිතය සැබෑ කිරීම ඇත්තෙන්ම විස්මයජනක දෙයක් බව ඔබටත් වැටෙහෙනවා ඇති.


Like it? Share with your friends!

20 SHARES
20 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
3
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
1
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

හැරී පොටර් චිත‍්‍රපටයේ අදිසි ලෝගුව [නොපෙනෙන ලෝගුව] දැන් සැබෑවක් .

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes