web analytics

කොලෙස්ටරෝල් නසන හෙළඔසු 8ක්, ගෙදර කුස්සියෙන්ම.


🔆අපේ ශරිරයේ රුධිරය ගෙන යන රුධිර නාළවල අනවශ්‍ය විදියට මේද කොටස් තැම්පත් විමෙන්  රුධිර ගමනාගමනය අවහිර විම නිසා තමයි කොලෙස්ටරෝල් හැදෙන්නේ. මේ විදියට රුධිර වාහිනී අවහිරවීම නිසා ශරීරයේ සමහර අවයව වලට නිසි පරිදි ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් නොලැබී යනවා .

🔆එහි ප්‍රතිඵලයක් විදියට එම අවයව වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මේක දරුණු ශාරිරික තත්වයක් . ඒ වගේම මේකට හේතුව මොකක්ද කියලා තවමත් හරියටම අනාවරණය කරගෙන නෑ. කොහොම උනත් විශේෂයෙන් විශ්වාස කරන්නේ රුධිර නාලවල අභ්‍යන්තර ස්ථරයට සිදුවන හානියක් හෝ තුවාලයක් සමඟ තමයි කොලෙස්ටරෝල් ආරම්භ වෙනවා කියලයි.

🔆අධික දුම්පානය, අධික තෙල් සහිත ආහාර ගැනීම, ශාරීරික ව්‍යායාම් ව්‍යායාම අඩුකම, ස්ථුලතාව, රුධිර පීඩනය , කොලොස්ටරෝල් යනාදී තත්වයන් මේ තත්ත්වය තවදුරටත් නරක අතට හරවනවා. ආතරයිටිස් වගේ දේවල් නිසාත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මේ විදියට රුධිර නාල අවහිර වීම නිසා කිරීටක ධමනියේ ආබාධ ශීර්ෂ ශීර්ෂපෝෂී ධමනි (බෙල්ලේ ඇති ප්‍රධාන ලේ ලේ නහර) ආබාධ හෘදයාබාධ ආඝාත වැනි දරුණු රෝගී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්, ගොඩක් වෙලාවට මේ තත්ත්වය කිසිම රෝග ලක්ෂණයක් පිටතට පෙන්වන්නේ නැහැ.

🔆මෙහි රෝග ලක්ෂණ තමයි පපුවේ වේදනාව කෙටි හුස්ම ගැනිම , ස්පන්ධනය දුර්වල වීම වගේ දේවල්. මේ හැරුනාම විවිධාකාරයේ වේදනාවන් ඇති වෙන්න පුළුවන් . කකුල් වල වේදනාව , උණ , ශරීරයේ පැත්තක් හිරි වැටීම,  අතක් හෝ කකුලක් සොලවන විට ඇතිවන වේදනාව, එක ඇසක පෙනීම අඩු වීම වගේ තත්ත්වයක් ඇති වෙන්නත් මෙය බලපාන්න පුළුවන්.

නමුත් නවීන ඖෂධ සහ ස්වභාවික ප්රතිකර්ම වලින් මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් . ඒ වගේම දේශීය ඖෂධ වලිනුත් පාලනය කර ගැනිමේ හැකියාවක් තියෙනවා .අද ලිපිය ඒ ගැනයි.

1️⃣ සුදු ලූණු

🌻සුදුලූනු කියන්නේ රුධිර රුධිර නාළ අවහිර වීම වැළැක්වීමට කියාපු බෙහෙත. ඒවා රුධිර නාල පුළුල් කර රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට මහඟු දායකත්වයක් සපයනවා. සුදුලූනු බික් තුනක්  කිරි වීදුරුවකට දාලා උණු කරලා නිවෙන්න තියලා නින්දට යන්න කලින් බොන්න . මේක දිනපතා කරන්න. ක්ලෝස්ටරෝල් ඉක්මණටම අඩු වෙලා යයි.

2️⃣වියළි කහ

🌻අවහිර වුණු රුධිර නාළිකා පිරිසිදු කරන තවත් වැදගත් කුළුබඩු වර්ගයක් තමයි කහ කියන්නේ . උණුසුම් කිරි විදුරුවකට කහ තේ හැන්දක් සහ මී පැණි පොඩ්ඩක් එකතු කරලා දවසට දෙපාරක් බොන්න .ඊට අමතරව දිනපතා ඔයාගේ ආහාරයට කහ එකතු කර ගන්න.

3️⃣ ලෙමන්

🌻 ලෙමන්වල අඩංගු විටමින් C නිසා රුධිර පීඩනය නිසි ලෙස පවත්වාගෙන යන්නත් රුධිර වාහිනීවල ආසාදනයන් ඇතිවිම අවම කර ගන්නත් පුළුවන්. ඒ වගේම ලෙමන් වලට රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කර ගන්නත් ධමනි පිරිසිදු කර රුධිර සංසරණය ක්‍රමවත් කරන්නත් පුළුවන් .

🌻ගම්මිරිස් සහ මී පැණි ලෙමන් විදුරුවකට එක් කර දිනකට වරක් හෝ දෙවරක් සති කිහිපයක් හෝ පානය කරන්න . ඔයාට අවශ්‍ය නම් ලෙමන් ලෙලි ටිකක් අරගෙන වතුර කෝප්ප හතරකට දමා විනාඩ් 20ක් පමණ තම්බා ගන්න. ඉන් පසුව එම වතුර ටික පෙරාගෙන මී පැණි ටිකක් එකතු කර ගන්න. මෙයින් කෝප්පයක් දවසකට තුන්වරක් හෝ හතරවරක් සති කිහිපයක් යනකම් පාවිච්චි කරන්න .

4️⃣ඉඟුරු

🌻ඉඟුරු මඟින් රුධිර වාහිනීවල මේදය තැන්පත් වීම අවමකරනවා වගේම ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරනවා. ගාගත් ඉඟුරු තේ හැන්දක් දාලා තේ එකක් හදා ගන්න . ඉඟුරු ටික හොඳින් පෙඟෙනකම් විනාඩි පහක් විතර තියෙන්න හරින්න.  ඊට පස්සේ ඒක පෙරලා අරන් මී පැණි පොඩ්ඩක් එකතු කරලා බොන්න ගන්න. හිස් බඩ ඉඟුරු කෑල්ලක් කන එකත් හොඳයි. නමුත් ඔයාට ගැස්ට්‍රයිටිස් පිත්තාශයේ ආබාධ තියෙනවනම් ඉඟුරු ප්‍රතිකාර ඒ තරම් හොඳ නෑ.

5️⃣උළුහාල්

🌻උළුහාල් තේ හැන්දක් වතුර වීදුරුවකට දාලා තියෙන පැයක් තියෙන්න හරින්න. ඊළඟ මේ පෙගුණු උළුහාල් ඇට වතුර ටිකත් එක්කම ආහාරයට ගන්න. මතක තියාගන්න ,මේක කරන්න ඕනි හිස් බඩමයි. තවත් ක්‍රමයක් තමයි උළුහාල් තේ හැන්දක් වතුර කෝප්පයකට දාලා නටන තුරු උණු කරන්න. ඊටපස්සේ වතුර ටික පෙරලා අරන් මී පැණි පොඩ්ඩක් එකතු කරලා දවසට දෙපාරක් බොන්න.

6️⃣රතු නිවුඩු හාල්

🌻ඇහිරුණු රුධිර නාලිකා පිරිසිදු කර හෘදයාබාධ  ඇති වීමේ අවදානමෙන් ඔබව මුදා ගැනීමේ හැකියාව රතු නිවුඩු හාල් වලට තියෙනවා . ශරීරයේ කොලෙස්ටරෝල් අඩුකිරීමේ මොනොකොලින්ස් මේ වර්ගයේ සහල්වල අඩංගු වෙනවා. ඒ වගේම රතු නිවුඩු හාල්වල ඇති පෝෂ්‍ය සංඝටක නිසා කොලෙස්ටරෝල් නාශනය කරලා හදවතේ නිරෝගි බව පවත්වාගෙන යන්න විශාල රුකුලක් සපයනවා .


Like it? Share with your friends!

10 SHARES
10 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

කොලෙස්ටරෝල් නසන හෙළඔසු 8ක්, ගෙදර කුස්සියෙන්ම.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes