web analytics

O/L රිසාල්ට්ස් ගැන දුක් වෙනවද? A/L සඳහා තෝරා ගත්තේ ඔබට ගැලපෙන විෂය ධාරාවද?


අයන්න ආයන්නෙන් පටන් අරන්, 5 හේ කඩයිම පහු කරන් A,B,C,S,W නැවතුමක් ළඟ නැවති, ගිමන් හරින නංගියේ, මල්ලියේ ඔබටයි මේ ලිපිය.

ඔයාට මතකද, ඔයාට බහ තෝරන වයස වෙද්දී අම්මයි, තාත්තයි එක්ක උදේ පාන්දර පහට, හයට නැගිටලා අළුත් ඇඳුමක් ඇඳගෙන, අළුත් පොත්, පැන්සල් තියෙන මේසයක් ළග ඔය කිරි කටින් “අ” “ආ” කියපු විදිය?

එදා දවසින් ඇරඹි ඔයාගේ අධ්‍යාපන ගමනේ  එක කඩයිමක ප්‍රතිඵලයක් ළඟ ඔබ අද නැවතිලා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ඔයා මුහුණ දුන්න දෙවැනි කඩයිම.

06. ජයග්‍රාහකයා කියන්නේ ඔල් රවුන්ඩර් කෙනෙක් බව තේරුම් ගැනීම.

Image: LawCrossing.com

හිනාවෙන මුහුණු අතර, කඳුළු පිරුණු මුහුණුත්, දකින්නට නැතුවාම නොවේ. අඩන, දුක්වෙන, නංගියේ, මල්ලියේ ඔයා දන්නවද අද හිනාවෙන අය මිට අවුරුදු ගාණක ඉදන් මේ විදියට හිනාවෙන්න කාපු කට්ට?

ඔයා දන්නවද? ඔයා කොට්ටයක් තුරුල් කරන් සැපට නිදියද්දි, එයා ඇස් දෙකට වද දිදි නිදිවරාගෙන මහන්සි වුන බව, බඩට බත් ඉල්ලද්දි බත් පත පැත්තකට දාලා පාඩම් කරා රෑට නිදිමත එයි කියලා බයට. ඔයා හොඳට කාලා නිදියද්දි එයා කහට උගුරකින් සෑහිමට පත් වුන බව ඔයා දන්නවාද?

Image: Faizul Islam

අසීමිත කැපකිරිම් මත ලබන ජයග්‍රහණයට හිනාවෙවි, ඊර්ෂ්‍යා කරන්න තරම් අපි කුහක මිනිස්සු වෙන්න හොඳ නෑ. මං දැකපු දෙයක් අත්විදපු දෙයක් තමයි හොඳ ප්‍රතිඵල ගත්තු අයට මිනිස්සු කියන නොයෙක් කතන්දර.

ජයග්‍රාහකයා කියන්නේ ඔල් රවුන්ඩර් කෙනෙක්. එයා එක දේකට විතරක් සීමා වෙන්න දගලන කෙනෙක් නෙමෙයි. එයා TV බලන්න ඇති, විෂය බාහිර ක්‍රියාකාරකම් කරන්න ඇති, පොත් කියවන්න ඇති, විෂයන් නවයටම පංති නොගියා වෙන්න ඇති. මේ මොන දේ කරත් පිළිවෙළකට හැමදේම කරන්න ඇති. පොතේම හිටිය අයත් ඉන්නවා, නැතුවාම නෙමෙයි. නමුත් අපිට වැදගත් ඔවුන්ගේ ජයග්‍රහණය මිස කරපු, කියපු දේ නෙමෙයි.

05. ලබාගත්  A, B, C ගණන අනුව සිසුන් කැටගරයිස් කිරීම හරිද?

Image: topguri.blogspot.com

එසේම, ඔය විභාගය ලියපු අයව සමාජයේ මිනිස්සු එක එක කැටගරි වලට දානවා නේහ්. ආ එයා හොඳට පාස්, එයාට A9, එයා හොඳ ළමයා, අර ළමයට A5, එයා ගොඩක් නෙමෙයි ටිකක් හොඳයි, A2 B2 වගේ රිසාල්ට් තියෙන අය යාන්තම් ගොඩ ගිය කැටගරි එකේ, ඒ ළමයි යාන්තම් හොඳයි.

ගණිතය ෆේල් ණයට කරන්න ඉන්න කැටගරි එකේ සෙට් එක මෝඩයෝ, මිනිස්සු කියනවා වගේ ගෙදරට ලයිට් ගත්තු ළමයි ටික පට්ට මෝඩයෝ. ඒත් මිනිස්සු දන්නේ නෑ අර හොඳ ළමයි ඩිග්‍රි අරන් එද්දි පට්ට මෝඩයෝ ටික එයාලට රස්සා දෙන්න බලන් ඉන්නවා කියලා.

ගෙදර සාලේ වාඩිවෙලා කොටස් වල මිළ ගණන් අඩු වැඩි විම් චෙක් කරනවා කියලා එයාලා දන්නේ නෑ. දැන ගත්ත දවසට කටවල් ලොප් වෙලා යයි.

Image: Otago Polytechnic

මං මේකෙන් කියන්න උත්සාහ කරේ පාස් ළමයි, ෆේල් ළමයි කියලා හංවඩු ගහන්න තරම් නුගත් මිනිස්සු වෙන්න එපා. මොකද හැම කෙනාම එකම දේකට දක්ෂ වුනොත් ලෝකයේ පැවැත්මක් නෑ. ඔලෙවල් වලින් ෆේල් වෙලා ගමේ නංගි ගාමන්ට් ගියපු නිසා තමයි ඔයා අද ලැජ්ජාවක් නැතුව විළි වහා ගෙන ඔෆිස් එකේ ටයි කෝට් දාන් වැඩ කරන්නේ. පට්ට මෝඩයෝ කියපු මල්ලිලා තමයි ඔයා පදින BMW එකේ ලෙඩක් ආවම මජං ගාගෙන ඒක හදලා, පංචිකාවත්තට යන්න තිබ්බ ඔයාගේ කෝටි ගානක වාහනේ ගොඩ ගත්තේ. ඒ නිසා ඔය වගේ සිල්ලර කැටගරි වලට ළමයි දාලා ඔවුන්ගේ හිත් නරක් කරලා, සමාජයෙන් කොන් කරන්න එපා. ඒක ඔයා ජිවිතයේ කර ගන්න ලොකු පවක්.

04. A/L කරන්න තෝර ගන්න විෂය මොකක්ද?

Image: tuition.io

මේ කඩයිමෙන් එහා කඩයිමකට එනම් අ.පො.ස උසස් පෙළ විභාගය කරන්න සුදුසුකම් ලබපු නංගිලා මල්ලිලාට ඊළඟට එන ලොකුම ගැටළුව තමයි තමන් තෝරා ගන්නා විෂය මොකක්ද කියලා. යාළුවා කරන පළියට කරන්න ගියොත් ඉතිං ඔයාට අවසානේට හිතෙයි ඒක තමයි ජිවිතයේ කර ගත්ත ලොකුම මෝඩකම කියලා. සාමාන්‍යයෙන් ආර්ට් කරන අයව සමාජයෙන් ටිකක් පහළට දාලා නේහ් කථා කරන්නේ. ඒක තරම් මෝඩකමක් නෑ මිනිස්සු කර ගන්න.

ගෙදරින්, සමාජයෙන් කියන විකාර වලට ළමයා බයවෙලා අවසානයේදි වැඩි පඩියක් ගන්න පුළුවන් ජොබ් හොයන්න අකැමති විෂයන් තොරා ගන්නවා. වෛද්‍ය, ඉංජිනේරු, වැනි සමාජයේ හොඳ යැයි සම්මත ජොබ් ගැන පමණක් ළමයි හීන දකින්නේ ඒ නිසයි. ලස්සනට ලියන්න පුළුවන් කෙනා ඩොක්ටර් කෙනෙක් ,මැනේජර් කෙනෙක් වෙන්න බයෝ, කොමස් කරනවා.

හොඳට නටන්න, ගයන්න පුළුවන් ළමයි මැත්ස් තෝරා ගෙන උපන් හැකියාව මොට කර ගන්නවා. ඔයාට දෙයක් හොඳට හිතලා නිවැරදිව කරන්න පුළුවන් නම්, හොඳ බුද්ධියක් තියෙනවා කියලා දැනෙනවා නම්, මනස මහන්සි කරලා ඉගන ගන්න කැමැත්තක් තියෙනවා නම්, එසේම ගණිත හැකියාව ඉහළ මට්ටමක තියෙනවා කියලා ඔයාට දැනෙනවා නම් බයෝ, මැත්ස් කරාට කමක් නෑ.

Image: blisstree.com

ඒත් විද්‍යාව, ගණිතයට ඒ සාමාර්ථ තිබුණ පළියට බයෝ, මැත්ස් ලේසි නෑ. මොකද කැපකිරිම හොඳටම තියෙන්න ඕන විෂයන් තමයි ඒ. මොකද මේ සමාජයේ ඕන තරම් ඉන්නවා විද්‍යාවට, ගණිතයට S අරන් හොඳ රෑන්ක් දාලා ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් උන අය. ඒ නිසා හොඳට හිතලා මතලා තමන් කරන විෂය ධාරාව තෝරා ගන්න. එහේම නොකලොත් අන්තිමේදී වෙන්නේ දක්ෂ ළමයි පිරිසක් අඩු සුදුසුකම් සහිත, නැත්තම් රැකියා විරහිත තත්ත්වයට වැටෙන එක. ඒ නිසා තමන්ට පුළුවන්, තමන් ආස කරන විෂයන් තෝරා ගන්න ඔයා දක්ෂ වෙන්න ඕන.

තෝර ගන්න කලින් දන්න කියන සර්ලා, ටිචර්ලා, අයියලා, අක්කලාගෙන් අහන්න. අහලා තමන් කරන විෂය ගැන දැනුවත් වෙන්න. අනාගතයේ තමන්ට තියෙන රැකියා අවස්ථා මොනවාද කියලා අන්තර්ජාලයෙන් හොයලා බලන්න. එහේම කරොත් ඔයාගේ අධ්‍යාපන ජිවිතය ගොඩක් සාර්ථක එකක් වෙයි.

03. A/L වලට හොඳ Class එකක් තෝර ගන්නෙ කොහොමද?

කෙසේ හෝ විෂයන් තෝරා ගත්තාට පස්සේ එන ප්‍රධානම ප්‍රශ්නය තමයි හොඳ ක්ලාස් එකක් තෝරා ගන්න ඒක. මොකද ඒක තමයි හොඳටම හිතලා මතලා ගන්න ඕන තීරණය. යාළුවාට හොඳ සර් ඔයාට හොඳ වෙන්නේ නෑ. එයාගේ ඉගැන්විම් ඔයාට දැනෙන්නේ නැත්තම්,මොළේට වදින්නේ නැත්තම් ඒ ක්ලාස් වලට සල්ලියි, කාලයයි නාස්ති කරන එක ලොකු මෝඩකමක්.

Image: indianexpress.com

කෝටි ගණන් සල්ලි දිලා TV එකේ ඇඩ් දැම්ම පළියට ඒ සර්ලා 100% හොඳ නෑ. මොකද සමහර අය මුලින් හොඳට උගන්නලා, අවසාන අවුරුද්ද ඇදන් යන්නේ මාසේ ක්ලාස් ෆීස් ගන්න ඔන නිසා උඩින් පල්ලෙන් දමලා ගහන සිස්ටම් එකට. ඒකෙන් වෙන්නේ ළමයි නැත්තටම නැති වෙන එක.

Image: BuzzFeed

සුරංගනා කථා කියලා අර චැනල් එකේ නළුවයි, මේ චැනල් එකේ නළුවයි අර දේශපාලන පක්ෂයයි, රටේ දේශපාලනයයි ගැන ඕපදුප කියවා කියවා ඉදලා ක්ලාස් ඇරෙන අන්තිම මොහොතේ උගන්නන අය ළඟට නම් යන්න එපා. ඒවා හොඳයි හිනාවෙවි කාලේ කන්න. ළමයි රැවටෙන්නේ එයාලාගේ මාර්කටින් වලට. හිනාවෙන්න, ජොලි කරන්න ක්ලාස් යන්නේ මොකටද? උගන්නලා මහන්සි වුනාම ජෝක් කරන පංතියි, ජෝක් කරලා මහන්සි උනාම උගන්නන පංතියි කියන්නේ දෙකක්.

තාත්තා, අම්මා මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් ජොලි කරන්න මොකටද මාසේට එක්දහස්, දෙදහස් ගණන් වියදම් කරන්නේ.ඊට වඩා හොඳයි ඉස්කෝලේ උගන්නන දේ හොඳට පාඩම් කරලා ෆ්‍රී උනාම කොමඩි ෆිල්ම් එකක් බැලුවනම් . ? නමුත් සමහර සර්ලා, ටීචර්ලා ඉන්නවා හැමදේම පිළිවෙළකට උගන්නලා, එයාලගේ වගකීම උපරිමයෙන් කරන අය. එයාලා ප්‍රසිද්ධ ගුරුවරු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. වටින්නේ උගන්නන ක්‍රමය මිසක් අනෙක් දෙවල් නෙමෙයි. මාසයක් ඇතුළත හිතට වදින ක්ලාස් තුනක් තෝර ගන්න. ඊට පස්සේ නම් මාසෙන් මාසෙට, රැල්ලට ක්ලාස් මාරු කරන්න එපා. අනික එක විෂයකට එක ක්ලාස් එකක් ඇති. නැත්තම් හැමදේම මික්ස් වෙලා විභාගය ලියද්දි ඔළුව සැලඩ් එකක් වගේ වෙයි.

02. A/L කරන්න ප්‍රසිද්ධ පාසැලක් ඕනෙද?

Image: indiamart.com

හොඳ රිසාල්ට් එකක් ගත්ත අයට ප්‍රසිද්ධ පාසල් වලට යන්න පුළුවන්. එක ගොඩක් හොඳයි ඔයාගේ අනාගතයට. මොකද තරඟකාරිත්වය වැඩි ළමයි පිරිසක් ඉද්දි ඒක ඔයාගේ ඉගෙනිමට ලොකු රුකුලක් වෙනවා. ඔයාගේ ආත්මාභිමානයට වුනත් එක ලොකු දේයක් වෙනවා. නමුත් මේකේ තියෙන අවාසිත් තියෙනවා සමහර සමාජශිලි නැති ළමයි ප්‍රසිද්ධ පාසල් වලට ගියාම එයාලව තනි වෙනවා. පරණ ඉස්කෝලේ යාළුවෝ නෑ. හිතට දුකක්, පාළුවක් ,නුහුරු ගතියක් දැනෙන්න පුළුවන්.

පහ වසරේදි පාස් වෙලා ලොකු ඉස්කෝලේකට ගියාම ඔයාට අවුරුදු හයක් වගේ කාලයක් තියෙනවා ඒ පරිසරයට හුරු වෙන්න. මෙතනදි පොඩි කාලයයි තියෙන්නේ හැමදේටම. ඉතිං ඒක ඉගනිමට බාධාවක්. හැමෝම එහේම නෑ. නමුත් මේක ඇත්තෙන්ම ළමයින්ට එන ගැටළුවක්. ඒ නිසා එහේම අය තමන්ගේ පාසලේ උසස් පෙළ විෂයන් සඳහා ඉගැන්විම් කරනවා නම් ඒ පාසලේම නිදහසේ ඉගන ගන්න. පාස් උනා කියලා පැය දෙක තුන බස් එකට යන දුර පාසල් තෝරා ගන්නත් එපා. නිදහසේ, කාලය ඉතිරි කරමින් ඉගෙන ගන්න පුළුවන් වාතාවරණයක් හදා ගන්න ඒක ඔයාගේ වගකිමක්.

01. O/L අසමත් ද?

ඉස්සර නම් කිව්වේ ෆේල් නම් ගෙදර ඉදලා ගොවිතැනක් කරලා ඉන්න කියලා නේද? ඒ ඉස්සර.

Image: mctraining.co.uk

දැන් කාලේ ඕනෑ තරම් අවස්ථා තියෙනවා ඔයාගේ අරමුණට යන්න. යහමින් සල්ලි ටිකක් තියෙනවා නම් නිසි ප්‍රමිතියකින් අධ්‍යාපන කටයුතු කරන, රජය පිළිගත්ත, සමාජයෙන් විරෝධයක් නැති, හොඳයි යැයි සම්මත පෞද්ගලික විශ්වවිද්‍යාල පහසුකම් තියෙනවා දැන් අපේ රටේත්. ඉතිං ඒ ළමයි එවැනි දෑ සඳහා යොමු වෙන්න. සල්ලි ඕනෑම නෑ. රජයේ ආයතන තියෙනවා එලෙස උසස් අධ්‍යාපනය සඳහා පහසුකම් සලසන. ඔබට පුළුවන් එවැනි මාර්ගයක් තෝරා ගන්නත්. කෙසේ හෝ අධ්‍යාපනය නොකර ව්‍යාපාර පැත්තෙන් යන්න කැමති අය ඒ සඳහා සුදුසු අඩිතාලම දා ගන්න. එවිට ඔයාගේ යාළුවෝ ඩිග්‍රි අරන් එද්දි ඔයාට පුළුවන් ඔයා ෆේල් උනාට ජිවිතයෙන් ෆේල් නෑ කියලා ඔවුන්ට පෙන්නන්න.

වැටෙන්න, වැටෙන්න තමයි ඔයා ඉගන ගන්නේ ආයෙත් නොවැටි ඉන්න. මේ ලෝකේ ගොඩක් මිනිස්සු විභාග කරලා , ඩිග්‍රි ගහලා ජිවිතය ජය ගත්ත අය නෙමෙයි. වැටුනාම ඔයා දන්නවා පා නොවී පොළවේ පය ගහලා ජිවත් වෙන්න. ෆේල් වුනාම දන්නවා මිනිස්සු කවුද කියලා. කවුද ඔයාව සනසන්නේ ? කවුද ආයෙත් වලටම ඇදලා දාන්නේ කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඔයා දැන් දන්නවා ඔයාගේ දුර්වලතා, ඔයාගේ දක්ශකම් සහ දුර්වලකම්. ඒ නිසා ඔයාගේ වැරදී කාටවත් විතැන් නොකර තමන්ම ඒවා හදා ගන්න බලන්න.

සමහර පාස් ළමයි අඩි දෙකක් තුනක් උඩින් යයි. ඔයාලා එක්ක කථා කරන්න අදිමදි කරයි. මොකද එයාලගේ ලෙවල් එක ටිකක් ලොකු නිසා. ගණන් නොගෙන තමන්ගේ අරමුණ කරා යන්න. අනිත් අය ඔයා ගැන හිතන දේ අදාළ නෑ. වටින්නේ ඔයා ඔයා ගැන හිතන විදියයි. ඒ නිසා විභාග නිසා ලැබුන වටිනා ජිවිත විනාශ නොකරගෙන අළුත් ජිවිතයක් පටන් ගන්න.

Image: health.usnews.com

බිල් ගේට්ස්, මාක්ස් සකර්බර්ග්, රොනල්ඩෝ, වාරිස් ඩයරි, ස්ටිව් ජොබ්ස්, එබ්‍රගම් ලින්කන්, ඔපෙරා වින්ෆ්‍රී, ජේ.කේ රොව්ලින් වගේ ජිවිතය ජයගත් අයගේ ජිවිත කථා කියවන්න. ලංකාවේ නම් නන්දා මාලීනි ගායිකාවගේ මුල් කාලේ ජිවිතයේ කටුක අත්දැකිම්, එච්. කේ ධර්මදාස නැත්තම් නවලෝක මුදලාලි ගේ ජිවීත කතාව, ධම්මික පෙරේරා, ඔටාරා ගුණවර්ධන, කෑගල්ල යටියන්තොට ඉදන් සරත් ගුණපාල නාසා ගියේ කොහොමද කියලා හොයලා බලන්න.

එතකොට ඔයාට දැනෙයි ජිවිතයේ පරාදාවීම් ඉදිරි අනාගතයට කොච්චර නම් ශක්තියක් ද කියලා. හරියට ඉලක්කයටම ඊතලයක් විදින්න නම් දුන්න ටිකක් පිටිපස්සට ඇදලා ගැම්මක් අරන් මුදා හරින්නේ ඒ හේතුව නිසයි. 

පාස් වුන ෆේල් වුන හැම නංගියෙක් මල්ලියෙක් ටම සුභ අනාගතයක් පතනවා හදවතින්ම.

Cover Image:  walldevil.com


Like it? Share with your friends!

433 SHARES
433 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
5
Thanks
Cry Cry
0
Cry
Like Like
4
Like
Confused Confused
0
Confused
Dislike Dislike
1
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

O/L රිසාල්ට්ස් ගැන දුක් වෙනවද? A/L සඳහා තෝරා ගත්තේ ඔබට ගැලපෙන විෂය ධාරාවද?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes