web analytics

Game Of Thrones කතාමාලාවේ චරිත වල සැබෑ ස්වරූපය


👑 ගොඩක් දෙනෙක් දන්නවා, Game Of Thrones කියනේ ලොව පුරා බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් වැළඳගත් කතාමාලාවක් බව. එහි 7 වන සීසන් එක පසුගිය මාසයේ ආරම්භ  වුණා. ඒ වගේම,ටිවී සිරියස් අතරින් දැනට වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ සිරියස් එකක් තමයි Game Of Thrones කියන්නේ.

 👑 ඉතිං, අද ලිපියෙන් අපි කියන්න යන්නේ, මේ කතාමාලාවේ රඟපාන නළු නිළියන්ගේ සැබෑ ස්වරූපය ගැනයි. මොකද මෙහි ප්‍රධාන චරිත රඟපාන නළු නිලියන් ද බොහෝ සේ ජනප්‍රියත්වයට පත්වී සිටිනවා. මේ නළුනිළියන් කතා මාලාවේ පෙනෙන ස්වරුපයට වඩා තමන්ගේ එදිනෙදා ජිවිතයේ කවර ආකාරයකින් ඉන්නවා දැයි දැනගන්න ඔයගොල්ලෝ ආස ඇතිනේ. මේ ලිපිය අන්න ඒ අය  වෙනුවෙනුයි.

❤️ Cersei Lannister / සර්සි ලැනිස්ටර්

සර්සිගේ චරිතයට පණපොවන ඇය ලෙනා හෙඩේ. චිත්‍රපටයේ ඇගේ කොණ්ඩය තඹ පාට වුනත් ඇය සැබෑ ජිවිතයේ අපිට හමුවන්නේ වෙනස් ආකාරයකින්. ඇය කතාමාලාව තුලත් සැබෑ ජීවිතයේත් සුන්දර කාන්තාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

❤️Jon Snow / ජෝන් ස්නෝ

කතා මාලාවේ එන ප්‍රධාන චරිතය. ඔහුගේ නැවත පැමිණීම Game Of Thrones සීසන් 6 ආරම්භයට හොඳ ජීවයක් ගෙන දුන්නා. මේ චරිතයට පනපොවන්නේ කිට් හැරින්ග්ටන්. ඔහුගේ සැබෑ පෙනුම කතාමාලාවේ පෙනුමට බොහෝ සේ සමානයි.

❤️ Daenerys Targaryen / ඩැනෙරිස් ටාගේරියන්

කලීසි නොහොත් මකර රැජින ලෙස හැඳින්වෙන මැය නමින් එමිලියා ක්ලාර්ක්. කතා මාලාවේ එන තවත් එක් සුවිශේෂී චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මැය ඉතාමත් සුරූපී තරුණියක් බව ඔබට පෙනේවි.

❤️ Melisandre / මැලිසන්ද්‍රේ

කැරිස් හවුටන් පණපොවන රතු කාන්තාවගේ චරිතය මොනවගේ දැයි පසුගිය සීසන් වලදි දී හැමදෙනාටම දැකගන්න පුළුවන් වුනා. මේ ලන්දේසි ජාතික තරුණිය ට සැබෑ ජිවිතයේ තරුණ පෙනුම රැකගන්න නම් විශේෂ මායා බලයක් අවශ්‍ය නැති බව ඔබට වැටහෙයි.

❤️ Arya Stark / ආර්යා ස්ටාර්ක්

දඟකාර කොලු ගැටයකු මෙන් හැසිරෙන කාන්තා චරිතයකට පණපොවන මැය මෙයිසි විලියම්ස්.

❤️Sandor Clegane / සැන්ඩෝ ක්ලේගෙන්

මේකප් වලින් කෙතරම් අපූරු වෙනසක් ඇති කරන්න පුළුවන් ද ? රෝරි මැකාන් අතින් සැන්ඩෝ ගේ චරිතයට පන පෙවෙනවා.

❤️Margaery Tyrell / මාජරි ටිරෙල්

මැය ව ඔබට Hunger Games චිත්‍රපටයෙත් හමුවනවා. කතාමාලාව තුලදී වගේම සැබෑ ජීවිතයේත් සුන්දර යුවතියක් වන මැය නැටලි ඩොර්මර්.

❤️ Brienne de Tarth / බ්‍රේන් ඩි ටාත්

බලන්න මැය සැබෑ ජිවිතයේ සහ චිත්‍ර පටය තුල කෙතරම් වෙනස් ද කියලා. ඇය නමින් ග්වෙන්දොලින් ක්‍රිස්ටි.

❤️ Samwell Tarly / සැම්වෙල් ටාලි

ජෝන් ස්නෝ ගේ හොඳම මිතුරෙක් වෙන මේ චරිතයට රංගනයෙන් දායක වන්නේ ජෝන් බ්‍රැඩ්ලි වෙස්ට්.

❤️Ramsay Bolton / රැම්සි බෝල්ටන්

ඉවන් රියෝන් අතින් හැඩවන රැම්සි ගේ චරිතය කතා මාලාවේ එන දරුණුම දුස්ටයන්ගේ චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොහු දක්ෂ නළුවකු වගේම සංගීතඥයෙක්. ඔහුගේ ගීත ඇල්බමයක් පසුගිය වසරකදි එළිදැක්වුවා.

❤️Sansa Stark / සන්සා ස්ටාක්

මේ චරිතයට රංගනයෙන් දායක වන සොෆි ටර්නර් සැබෑ ජීවිතයේ තඹ පැහැති කෙස් කලබකට හිමිකම් කියන බව ඔබ දන්නවද ?

❤️Joffrey Baratheon / ජෝෆ්රි බැරතන්

මොහු නමින් ජැක් ග්ලිසන්. කතා මාලාව තුල මොහු කුරිරු පාලකයකු ගේ චරිතය රඟපාන නිසා මගතොටේ දී හමුවන අයගේ ගැරහිලි වලට පවා ලක්වීමට සිදු වුනු බව දැනගන්න ලැබෙනවා !

❤️Khal Drogo / කාල් ඩ්‍රෝගෝ

ජේසන් මොමෝගේ සැබෑ ජිවිතයේ පෙනුමත් කතාවේ පෙනුමත් අතර විශාල වෙනසක් නෑ වගේ නේද ?

▶️▶️අන්තර්ජාලයෙනි◀️◀️


Like it? Share with your friends!

20 SHARES
20 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

Game Of Thrones කතාමාලාවේ චරිත වල සැබෑ ස්වරූපය

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes