web analytics

බඩගිනි වෙලාවට කටට සැරට රසට කන්න පුලුවන් කෑම ටිකක්


බඩගිනි වෙලාවට බත් එක්ක කන්න ලේසියෙන්ම හදාගන්න පුලුවන් කෑම ටිකක් ගැනයි මේ කියන්න යන්නෙ. පරක්කු වුන වෙලාවට මගේ නම් කෑම එක මේ පහෙන් තමයි රස වෙන්නෙ..කටට සැරට රසට කන්නත් පුලුවන් වගේම ඉක්මනට උයා ගන්නත් පුලුවන්.

1. ඊසි පරිප්පු

Image: Mia Kitchen

අවශ්‍ය ද්‍රව්‍ය : පරිප්පු 250 g
සුදු ලූණු බික් 4 ක්
කරපිංචා ඉති 2 ක්
ලුණු/මිරිස් කුඩු/කහ රස අනුව

ක්‍රමය:
පරිප්පු ටික සෝදල අරගෙන ඒකට ලුණු ටිකක් මිරිස් කුඩු තේ හැන්දක් කහ චුට්ටක් දාල වතුර පරිප්පු එක වැහෙන ගානට දාල ලිපේ තියන්න..පරිප්පු ටික තම්බීගෙන එද්දි ඒකට බටර් හරි තෙල් මේස හැන්දක් උඩින් වක්කරලා සුදු ලූණු ටිකයි රම්පෙයි කරපිංචායි අන්තිමට දාලා ලිපේ විනාඩි 3ක් තියලා බාගන්න..දැන් ඊසි පරිප්පු රෙඩි…

2. ලේසි චිකන්…

Image: Knorr.lk

අවශ්‍ය ද්‍රව්‍ය: කුකුල් මස් 500g
රම්පෙ/කරපිංචා /සුදු ලූණු /
ලොකු ලූණු ගෙඩියක්
ගොරකා පේස්ට්/ යෝගට් හැඳි 3ක්
තෙල් මේස හැන්දක්
මිරිස් කුඩු/ ලුණු/ගම්මිරිස් කුඩු/කහ රස අනුව

ක්‍රමය: මස් ටික කපල හොඳට සෝදා ගන්න. මස් ටික ටිකක් බැදෙන්නට හැර රම්පෙ, කරපිංචා සහ සුදු ලූණු එකතු කරන්න. ඉන්පසු අනිත් සියල්ලම කවලම් කර මස් ටික වහෙන තෙක් වතුර  දමා මස් හොඳින් තැම්බෙන තුරු උයා ගන්න…

3. දයියා ඔම්ලට්….

Image: styleinsrilanka.com

අවශ්‍ය ද්‍රව්‍ය : බිත්තර 2 ක්
ලුණු ගම්මිරිස් රස අනුව / කැබලි මිරිස්
පොඩියට කපාගත් ලූණු/ කහ ස්වල්පයක්

තෙල් මේස හැන්දක්

ක්‍රමය: බිත්තර දෙක කඩල භාජනයකට දමා කපා ගත් ලූණු, කැබලි මිරිස් සහ කහ ඉතාම ස්වල්පයක් එක්ක හොඳින් කලවම් කරගන්න. සෝස් පෑන් එකේ තෙල් ටික රත් වෙද්දි ඒකට දාල, ඊට උඩින් ලුණු ගම්මිරිස් දාල කවලම් කරල  හරි පදමට දෙපැත්තම බැදල ගන්න..

4. ගම්මිරිස් ලුනු පොඩ්ඩක් ඉහලා සොසේජස් ටිකකුත් බැද ගන්න

Image: asiasociety.org

5. මදි පාඩුවට පපඩම් ටිකක් බදින්න..

Image: secretlanka.com

ඉතින් හදිස්සි වෙලාවට, එහෙම නැතිනම් ක්ෂණික බඩගින්නකදි  බත් එක්ක කන්න මීට අමතරව ඔයාල හදන දේවල් මොනවද කියල අපිට කියන්න අමතක කරන්න එපා.


Like it? Share with your friends!

211 SHARES
211 SHARES

What's Your Reaction?

Cute Cute
6
Cute
Lol Lol
4
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
5
Thanks
Cry Cry
0
Cry
Like Like
4
Like
Confused Confused
2
Confused
Dislike Dislike
2
Dislike
Damn Damn
2
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

බඩගිනි වෙලාවට කටට සැරට රසට කන්න පුලුවන් කෑම ටිකක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes