web analytics

මහාවංශය පට්ටපල් බොරුවක් නොවෙන හේතු 05ක්


මහාවංශයෙ තියෙන සමහර කතා කියෙව්වම හිතෙනව ඇත්තටම මේක ඉතිහාසයමද නැත්නම් ප්‍රබන්ධයක්ද කියල. එහෙම හිතෙන්න හේතු තියෙනව. මහානාම හාමුදුරුවො ඕක ලියන්නෙ ක්‍රි: ව: 5 වෙනි සියවසේ අගදි හෝ 6 වෙනි සියවසේ මුලදි.

මහාවංශයේ තොරතුර විස්තර කරන්න පටන්ගන්නෙ බුදුන්වහන්සේගේ ලංකාගමනයේ සිට. ඒ කියන්නෙ ආසන්න වශයෙන් අවුරුදු 1000කට එහා. එතකොට ගොඩක් අයට ප්‍රශ්නයක් උනා අවුරුදු 1000කට කලින් උන දේවල්වල සත්‍යතාවය. ඒ ඇරෙන්න ඇතැම් තොරතුරුවල තියෙන අතිශයෝක්තිගත ස්වරූපය.

මෙන්න මේ හින්ද විදේශික උගතුන් මහාවංශය ඉතිහාස මූලාස්‍රයයක් විදිහට පිළිගන්න කැමතිවුනේ නැහැ.

ඇත්තටම මහාවංශය බොරුවක්ද? කොහෙත්ම නැහැ. මහාවංශයේ දුර්වලතා තියෙනව, අඩුපාඩු සහ මඟහැරුණු තැන් වගේම වැරදිත් තියෙනව. ඒත් ඉතිහාසය අධ්‍යයනය කිරීමේ ප්‍රභල විශ්වාසදායී මූලාස්‍රයයක් විදිහට මහාවංශය පිළිගන්න පුලුවන්.

අපි එහෙම කියන්නෙ පුරාවිද්‍යාත්මකව තහවුරු වෙලා තියෙන මෙන්න මේ කරුණු නිසයි.

01. තුන්වන ධර්ම සංගායනාව.

Image: saraniya.com

අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන්, මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගෙ මූලිකත්වයෙන් පාටලීපුත්‍ර නුවර අශෝකාරාමයේ පවත්වපු තුන්වන ධර්ම සංගායනාව ගැන දීර්ඝ විස්තරයක් මහාවංශයෙ තියෙනව. දැන් ඔය විස්තරේ ඇත්තමද? ඔව් ඇත්ත. ඇලෙක්සැන්ඩර් කනිංහැම් සාංචි ස්තූපයෙ කැණීම් කරද්දි කරඬුවක් හම්බෙනව. ඔන්න ඔය කරඬුවෙන් හමුවෙන ලේඛනයක මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගෙ නම සඳහන් වෙනව. ඒ වගේම ඒක කාල නිර්ණය කරල බැලුවම ක්‍රි: පූ: 3වන සියවසට අයිතියි කියලත් තහවුරු වෙනව.

02. අශෝක රජුගේ ධර්ම ප්‍රචාරණය.

Image: pixabay.com

හැමෝම අහල ඇතිනෙ තුන්වන ධර්ම සංගායනාව අවසානයෙදි රටවල් නමයකට බුදුදහම ව්‍යාප්ත කරන්න ධර්මදූත පිරිස් යැව්ව කියල. මහාවංශයෙ ඔය ගැන තොරතුරු සඳහන් වෙනව. ඒ රටවල් සහ ගිය දූත පිරිස් ගැන. ඒ අතර සඳහන් වෙනව හිමවන්ත දේශයට මජ්ජිම තෙරුන් වැඩම කළ බව. සාංචි ස්තූපයේ කැණීම්වලින් හමුවෙන තවත් කරඬුවක ඔය තොරතුර සඳහන් වෙනව. ඒ කියන්නෙ සමකාලීන වාර්තාවකින් මහාවංශ කතව තහවුරු කරනව.

03. මහින්දාගමනය.

Image: geethawaliya.com

මහින්දාගමනය ගැන මහාවංශයෙ මොනතරම් තොරතුරු තියෙනවද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. හැබැයි හුඟදෙනෙක් ප්‍රශ්න කළා මේ තොරතරු ඇත්තමද කියල. මොකද ක්‍රි: පූ: 3වන සියවසේ සිද්ධියක්නෙ මේ වසර ගණනාවකට පස්සෙ ලියල තියෙන්නෙ. ඒත් මහින්දාගමනයෙන් ආසන්න කාලසීමාවක ලියවුණු මිහින්තලා පුවරු ලිපියෙනුත්, අම්පාරෙ රජගල සෙල් ලිපියෙනුත් මහින්දාගමනය තහවුරු වෙන තොරතුරු ලැබෙනව.

04. දසමහා යෝධයෝ.

ඔය ගොඩක් බටහිර උගත්තු මහාවංශය බොරුවක් කියල විවේචනය කරන්න ලොකුම හේතුවලින් එකක් තමයි මෙන්න මේ දසමහා යෝධයෝ ගැන තියෙන කතා. මේ කතාවල තියෙන අතිශයෝක්තිගත ස්වරූපය හින්ද මේ චරිත ප්‍රබන්ධ කරපුව මිසක් ඇත්තටම හිටපු පුද්ගලයො කියල පිළිගන්න ගොඩක් අය කැමතිවුනේ නෑ. හැබැයි නැට්ටුක්කන්ද, කුඩිම්බිගල, වැලඑල්ලූගොඩ, සිතුල්පහුව වගේ ස්ථානවලින් ලැබෙන සෙල්ලිපි වලින් මේ දසමහා යෝධයෝ ඓතිහාසික චරිත බව තහවුරු වෙලා තියෙනව.

05. විහාරමහාදේවිය.

මහාවංශයේ සඳහන් වෙන ආකාරයට විහාරමහාදේවිය කැළණිතිස්ස රජුගෙ දියණිය. මේ කැළණිය තිබුනෙ කොහෙද කියන එක ගැන විවිධ මත තියෙනව. නමුත් විහාරමහාදේවිය ඓතිහාසික චරිතයක් බව සෙල් ලිපියකින් තහවුරු වෙලා තියෙනව. කොටාදැමූහෙල සෙල් ලිපියෙ මහා තිස්ස කුමරුගෙ දියණිය අබිසවෙර යනුවෙන් සඳහනක් තියෙනව. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියන විදිහට මහා තිස්ස කියන්නෙ කැළණිතිස්සට. ඔහුගේ දියණිය අබිසවෙර කියන්නෙ විහාරමහාදේවියයි.

අපිට මගහැරුණු අනිත් කරුණු මොනවද?


Like it? Share with your friends!

973 SHARES
973 SHARES
What's Your Reaction?
Cute Cute
3
Cute
Lol Lol
12
Lol
OMG OMG
22
OMG
Thanks Thanks
12
Thanks
Cry Cry
9
Cry
Like Like
30
Like
Confused Confused
15
Confused
Dislike Dislike
12
Dislike
Damn Damn
20
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මහාවංශය පට්ටපල් බොරුවක් නොවෙන හේතු 05ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image