web analytics

ලංකාවෙ අපි ඉන්නෙ සතුටින්ද? සතුට තියෙන්නෙ කොහෙද? සල්ලි දීල ගන්න පුලුවන්ද?


ඇරිස්ටෝටල් උන්නැහෙත් කියල තියෙනව මිනිස්සුන්ගෙ බුද්ධියත් එක්ක සතුට කියන දේ බද්ධවෙලා තියෙනවයි කියල.

මොන බොරුද, සල්ලි තියෙනවනම් ආයෙ අමුතුවෙන් මොන සතුටක්ද. එතනනෙ සතුට තියෙන්නෙ.

අපිටත් මෙහෙම හිතිල ඇති අනන්තවත්. ඒත් යථාර්ථය ඒක නෙමෙයි.

සල්ලි තිබුන පළියටම පුද්ගලයෙක්ගෙ සතුට රඳා පවතින්නෙ නෑ. ඒක සමාජ විද්‍යාත්මක පර්යේෂණවලින් පවා ඔප්පුවෙලා තියෙන දෙයක්. අතීතයේ ඉඳලම විවිධ දාර්ශනිකයො සතුට කියන්නෙ මොකක්ද? සතුටින් ඉන්නෙ කොහොමද? සතුට තියෙන්නෙ කොහෙද? වගේ කාරණා ගැන විවිධ අදහස් පලකරල තියෙනව.

අපි මේ කියන්න හදන්නෙ සතුට කියන කාරණය ගැන නූතන ලෝකයේ සිදුකළ පර්යේෂණ මගින් එළඹ ඇති නිගමනයන් කිහිපයක් ගැනයි.

ලෝකයේ රටවල් වල සතුටුදායක බව සිතියමකින්. Source: worldlifeexpectancy.com

01. සල්ලි වැඩිවුන තරමට සතුට වැඩිවෙන්නෙ නෑලු

Image: aughingcolours

ඇමෙරිකන් සයන්ටිෆික් සඟරාව පලකරපු සමාජ විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රථිඵලවලින් පෙන්නුම් කරපු දෙයක් තමයි සල්ලි වැඩිවුන තරමට සතුට වැඩිවෙන්නෙ නෑ කියන එක. 60 දශකයට සාපේක්ෂව අදවන විට ඇමෙරිකානුවන්ගෙ ආදායම් ඉපයීම 100%කටත් වඩා වැඩියි. ඒත් එදා කරපු සමීක්ෂණවලට අනුව ජනගහනයෙන් 35%ක් සතුටින් ජීවත්වෙන බව ප්‍රකාශ කරල තිබුනත් අදවෙනකොට ඒක 25%ක් දක්වා අඩුවෙලා තියෙනව. පේනවනෙ සල්ලි වැඩි උනාට සතුට වැඩිවෙන් නෑ.

02. වැඩියෙන්ම සතුටින් ඉන්නෙ කාරුණික හදවත් තියෙන මිනිසුන්ලු

Image: ranker.com
Image: wittyfeed.com

සතුටින් සහ අසතුටින් සිටින පුද්ගලයින් පිළිබඳව කරපු තවත් සමාජ සමීක්ෂණයකින් පැහැදිලිවෙලා තියෙන කාරණයක් තමයි වැඩියෙන්ම සතුටින් ඉන්නෙ කාරුණික හදවත් තියෙන මිනිසුන් කියන එක. ඔවුන් ජීවිතය පිළිබඳව නිරන්තරයෙන්ම ධනාත්මකව සිතන බවත්, අනාගතය පිළිබඳව යහපත් දැක්මක් සහ සුභවාදී බලාපොරොත්තු පොදි බැඳගත්තු පිරිසක් බවත් පැහැදිලිවෙලා තියෙන කරුණක්. ඒ කියන්නෙ සරලවම කිව්වොත් නහයෙන් අඬ අඬ ඉන්න මිනිස්සුන්ට වඩා ජීවිතේ දිහා යහපත් විදිහට දකින මිනිස්සු සතුටින් ඉන්නව කියන එකනෙ.

03. පවුල් වෙච්ච අය ඉන්නෙ තනිකඩයින්ට වඩා සතුටෙන්ලු

Image: free-meditation.ca

 

ඒ වගේම තමයි සමාජ විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරුවුනු තවත් කරුණක් තමයි සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන අය අවිවාහකයන්ට සාපේක්ෂව සතුටින් සිටින බවයි. බැලූ බැල්මට අපිට හිතෙන්න ඕකෙ අනිත් පැත්තනෙ. ඒත් යථාර්ථය ඊට වඩා වෙනස්. විවාහකයින්ගෙන් 39%ක් සතුටින් ජීවත්වෙද්දි අවිවාහකයින්ගෙන් 24%ක් පමණයි සතුටින් ඉන්නව කියන්නෙ. එතකොට දික්කසාද වෙලා ඉන්න අයගෙන් 12%ක් විතරයි සතුටින් ඉන්නෙ.

04. සතුටින් ඉන්න නිරෝගීකම අත්‍යාවශ්‍යලු

Image: laterlifeplanninguk.com

අනිත් කාරණේ තමයි සතුටින් ඉන්න නිරෝගීකම අත්‍යාවශ්‍ය කරුණක්. දිනපතා ව්‍යායාම කරන, ශරීරයේ හැඩය මනාව පවත්වාගෙන යන එක ගැන උනන්දු අය, සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් අය අනිත් අයට සාපේක්ෂව වැඩිපුර සතුටු වෙනවලු. විශේෂයෙන්ම ඔවුන්ගේ මානසික තත්ත්වය ඉතා හොඳ මට්ටමක පවතින අතර ආතතිය අවමවීමත් නිරන්තර ප්‍රබෝධයෙන් කාලය ගතකිරීමත් දකින්න පුලුවන්.

05. සතුටින් ඉන්න ගැහැණු පිරිමි භේදයක් නැහැලු

Image: 3rsofretirement.com

සතුට කියන දේ ස්ත්‍රී පුරුෂ බව අනුව අඩු වැඩි වීමක් නොවන බවත් මෙම පර්යේෂණ මගින් තහවුරුවුන දෙයක්. හැබැයි සම නිවුන් දරුවන් යොදාගෙන කරපු මනෝවිද්‍යාත්මක පර්යේෂණවලින් පැහැදිලිවෙලා තියෙනව පුද්ගලයෙකුගෙ ජාන සැකැස්ම මත ඔහු සතුටින්ද නැද්ද කියන එක තීරණය වෙන බව.

සතුට සල්ලි වලට ගන්න බැරිදෙයක් නේද? ඔබ හිතන්නෙ කොහොමද? ලංකාවෙ අපි ඉන්නෙ සතුටින් ද?

පහළ තියන පිංතූර ටික දැක්කොත් ඔබට තවත් සතුටු හිතේවි මේ ලෝකෙ හොඳ මිනිස්සු තමත් ඉතිරි වෙලා ඉන්නව නේද කියල.

#01. ගංවතුර ආව වෙලාවේ  අපේ යුධ හමුදාවෙ සෙබළෙක් මේ ආච්චි අම්මව ආරක්ෂිත තැනකට අරගෙන ගියේ මෙහෙමයි.

PHOTO: AGENCE FRANCE-PRESSE/GETTY IMAGES

#02. රටේ ජනතාවට කරදරයක් උනාම ආණ්ඩුව හිතන්නත් කලින් විපතට පත් වෙච්ච අයට උදව් කරන්නේ රටේ සහෝදර ජනතාව.

Image: mightymini.lk

#03. මේ ඉන්නෙ නන්ද. ස්ථානය: අහංගම Animal SOS පදනම. අයිතිකරුවන් නැති සුනඛයින් 500කට වැඩිය මෙතන රැකබලා ගන්නව.

Image: Barcroft india www.dailymail.co.uk

#04. ලංකාවේ තරුණයින් කණ්ඩායමක් අසරණ යුවලකට ගෙයක් තනාදුන් හැටි.

Images: C.K – Unawatuna
Images: C.K – Unawatuna
Images: C.K – Unawatuna
Images: C.K – Unawatuna
Images: C.K – Unawatuna
Images: C.K – Unawatuna
Images: C.K – Unawatuna
Images: C.K – Unawatuna

#05. Trail SL පාගමන. අතේ තියෙන්නෙ කීය හරි දීල උදව් කරන්න අපේ රටේ අම්ම කෙනෙක්.

Image: facebook.com/pg/TrailSL

ලංකාවෙ අපේ මිනිස්සුන්ගෙ මනුස්සකම විදහාපාන ෆොටෝස් ඉනටර්නෙට් එකේ දකින්න හම්බවෙන්නෙ හරිම අඩුවෙන්. ඒ වෙනුවට වැඩිපුර දකින්න තියෙන්නෙ අපේ රටේ වෙන නරක දේවල් නෙ.

අපි හැමෝම එකතු වෙලා ඒ තත්වය වෙනස් කරන්න ඕන.  ඔයාල ගාව තියෙන මේ වගේ ෆොටෝස් පොඩි විස්තරයක් එක්ක අපිට එවන්න.


Like it? Share with your friends!

699 SHARES
699 SHARES

What's Your Reaction?

Cute Cute
19
Cute
Lol Lol
7
Lol
OMG OMG
27
OMG
Thanks Thanks
9
Thanks
Cry Cry
5
Cry
Like Like
37
Like
Confused Confused
7
Confused
Dislike Dislike
3
Dislike
Damn Damn
15
Damn

ලංකාවෙ අපි ඉන්නෙ සතුටින්ද? සතුට තියෙන්නෙ කොහෙද? සල්ලි දීල ගන්න පුලුවන්ද?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes