සත්ත්ව ලොවේ අසිරිමත් පුරුදු – 02


සත්ත්ව ලෝකයේ අපූර්ව චර්යා ගැන අපි මීට කලිනුත් කතා කලා. ඉතින් මේ ලිපියෙනුත් දිගහැරෙන්නේ ඒ වගේම අපූරු සත්ත්ව චර්යාවන් කිහිපයක්.

01. පළතුරු, එලවලු සෝදා කන ජපන් හිම වඳුරා (Japanese Macaque / Snow Monkey)

Image: wasa-bi.com

එළවලු, පළතුරු කනකොට හොඳට හෝදලා කෑමට ගන්නයි අපි පුරුදු වී ඉන්නේ. මේ පුරුද්ද තිබෙන තවත් පිරිසක් ගැනයි මේ කියන්නේ. ජපන් හිම වඳුරා ගස් වල දලු, පළතුරු වැනි ශාඛ ආහාර රැසක් ආහාරයට ගන්නවා. මොවුන් පිළිබඳව අධ්‍යනය කරන විද්‍යාඥයින් කණ්ඩායමක් නිරීක්ෂණය කර ඇත්තේ ඔවුන් තම ආහාර මුහුදු ජලයෙන් සෝදා ආහාරයට ගන්නා බවයි. මෙම පුරුද්ද සඳහා ඉවහල් වී ඇත්තේ පිරිසිඳුකම පමණක්ම නොව, ලුණු ජලය මගින් ආහාරයට ලැබෙන රසයත් විය යුතු බවයි විද්‍යාඥයින්ගේ අදහස.

02. “කෑම මදිවුනත් අපි බය නෑ” – රතු ලේනාගේ උපක්‍රමය (Red Squirrel)

Image: feedingnature.com

ශීත සමය සඳහා ආහාර රැස් කරන සතුන් ගැන ඔබ අසා ඇති. මෙම ලේන් විශේෂයත් මෙසේ ශීත සමය සඳහා ආහාර රැස් කරන සත්ත්ව විශේෂයක්. මොවුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ ශාඛවල ඇට වර්ග. ශීත සමයේ ආහාර ගබඩාවේ ආහාර අඩුවෙමින් යන විටදී මොවුන් අපූරු උපක්‍රමයක් භාවිතා කරනවා. මේපල් ගසක පොත්ත සපා කා එයි වැගිරෙන යුෂ ඝන වනතුරු බලා සිටින මොවුන් එය ආහාරයට ගන්නවා. රසයෙන් සහ පෝෂණයෙන් අනූන මෙම ආහාරය මගින් ඔවුන්ට ශීත සමයට ඔරොත්තු දීමේ හැකියාවක්ද ලැබෙන බවයි පැවසෙන්නේ.

03. ගඳ සුවඳ නොදැනෙන ඊජිප්තු ගිජුලිහිණියා (Egyptian Vulture)

Image: emaze.com

ගඳ සුවඳ නොදැනෙන මේ කුරුල්ලා ආහාර සොයා ගැනීමට ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ තම දෑසයි. අනෙත් ගිජුලිහිණියන් මෙන් නොව මෙම කුරුල්ලා පලතුරු, කොල වර්ග ආදිය ආහාරයට ගන්නා අතර වසුරු පවා අහාරයට ගනු නිරීක්ෂණය වී තිබෙනවා. එසේම කුරුල්ලන් අතර ඉතා දුර්ලභ පුරුද්දක් වන කුරුලු බිත්තර ආහාරයට ගැනීමද මෙම කුරුල්ලාගේ පුරුද්දක්. පැස්බරුන්ගේ බිත්තර ආහාරයට ගැනීමට ගිජු බවක් දක්වන මෙම කුරුල්ලා ඒ සඳහා අපූරු උපක්‍රමයක් භාවිතා කරනවා. මෙහිදී තම හොටින් හෝ පාද වලින් ඔසවාගෙන යා නොහැකි මෙම බිත්තර මතට ගල් කැට ගෙනවුත් අත හැරීමෙන් එහි බිත්තර කටුව බිඳහෙලන අතර එමගින් පහසුවෙන් බිත්තර සාරු රස විඳීමට හැකියාව ලබා ගන්නවා.

04. අපිත් දන්නවා රවට්ටන්න… මේ දැල් මකුළුවා (Nursery Web Spider)

Image: scienze.fanpage.it

මෙම මකුළු විශේෂය තම සහකාරිය ආකර්ෂණය කර ගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමය අපූරු එකක්. ඒ ආදරණීය ආහාරයක් පිලිගැන්වීමයි. ඒ එක්කම පුංචි රැවටීමකුත් කරනවා කීවොත් වරදක් නැහැ. මෙහිදී තම දැලෙහි පැටලෙන ගොදුරක් වටා තම සේද වැනි නූල් එතීමෙන් සරසාගන්නා ආහාරය, තම සිත් ගත් තැනැත්තියගේ දැල වෙත පතිත කරනු ලබනවා. මෙම ගොදුරට ආකර්ශනය වන සහකාරිය එය භුක්ති විඳින අතරතුර මකුලුවා තම ලිංගික කාර්යය සිදු කරනවා. ඇතම් විට මෙම මකුලුවන් ගොදුරක් නොමැති අවස්ථාවලදී මේ සඳහා කුඩා ලී කැබලි, රොඩු ආදියද යොදාගනු දක්නට ලැබෙනවා. මෙහිදී මකුලුවා ඉතා ඉක්මනින් තම ලිංගික කාර්යය අවසන් කල යුතු වන්නේ තම බොරුව සහකාරියට හසුවීමට පෙරයි.

05. වවාගෙන කන කොළ කපන කුහුඹුවෝ (Leaf Cutter Ants)

Image: Burrard-Lucas.com

සත්ත්ව ලෝකයේ අයත් තමන්ගේ ආහාර තමන්ම වවාගන්නවායැයි අහුවොත් ඔබ පුදුම වේවි. මේ හපන්කම කරන්නේ කොළ කපන කුහුඹුවන්. ඔව්. අර පුංචි කොළ කෑලි කපාගෙන පේලියට, පේලියට යන පුංචි හපන්නු. ඔවුන් කපා ගෙන යන කොළ එක් රැස් කරන එම කුහුඹුවන් ඒ මතට තම වසුරු, කෙළ, මුත්‍රා ආදිය යොදන්නේ අපි වගාවට පොහොර යොදන ආකාරයෙන්. මෙම පත්‍ර මත වැඩෙන දිලීර ආහාරයට ගනිමින් තමයි ඔවුන්ගේ සුහුඹුලන් වර්ධනය වන්නේ. වැඩිහිටි කුහුඹුවන් වැඩෙන්නේ ශාඛ පත්‍ර යුෂ ආහාරයට ගනිමින්.

06. උතුරට නැත්නම් දකුණට – නැගෙනහිර, බටහිර මග හරින ගවයෝ

Image: smithmeadows.com

මග දෙපස තණ උලා කන ගව රංචු ඔබ ඕනෑතරම් දැක ඇති. ඒ වුනත් ඔවුන් ආහාර ගන්නා රටාවේ විශේෂත්වයක් ඔබ දැක නැතිවාට පුදුමයක් නැහැ. විද්‍යාඥයින් පවසන්නේ ගවයන් තණ උලා කන විටදී සෑම විටකම හැරී සිටින්නේ උතුරට නැත්නම් දකුණට බවයි. ඔවුන් නැගෙනහිර හා බටහිර මගහරින්නේ ඇයිදැයි විද්‍යාඥයින්ටත් ගැටලුවක්.

07. ගලින් තෑගි දෙන පෙන්ගුවින්ලා

Image: perfectpenguinpebbles.com

පෙන්ගුවින්ලා සැලකෙන්නේ එක් සහකරුවෙක් සමග ජීවත් වන සත්ත්ව කොට්ඨාශයක් ලෙසයි. එසේ වුවත් ප්‍රජනන සමයේදී පෙන්ගුවින් ගැහැනු සතුන් තම සහකරුවාට අමතරව තවත් පිරිමි සතුන් හා එක් වන බව නිරීක්ශණය වී තිබෙනවා. මෙම පෙන්ගුවින් ගැහැනු සතුන් තමන් හා එක්වන අමතර සහකරුවන්ගේ කැදලි වලින් ගල් ඉවත් කරගන්නා අතර ඒ ගල් තම කැදලි සෑදීම සඳහා යොදාගන්නවා. මේ ආකාරයට පැයක් තුල ගල් 62ක් ඉවත් කරගත් පෙන්ගුවින් ගැහනු සතෙකුද නිරීක්ශණය වී තිබෙනවා. එසේම ඇතැම් පෙන්ගුවින් ගැහැනු සතුන්ගේ අමතර සහකරුවන් එක්වීමට අවසර ලබා ගැනීම සඳහා තම ගැහැනු සහකරුවාට ගල් ප්‍රදානය කරන බව සඳහන්.

08. අපි නම් කැමතියි කියන්නේ මෙහෙමයි

Image: ridgevideo.com

ඔබ ඔබේ සහකරුවාට කැමැත්ත ප්‍රකාශ කරන්නේ කොහොමද? මෙන්න මේ අය නම් ඒ සඳහා හොයාගෙන තියෙන්නේ අපූරු  ක්‍රමයක්. පිරිමි ජිරාෆ් සතෙකුට ප්‍රජනන කාර්යය සඳහා ස්ත්‍රි ජිරාෆ් සතෙකුගෙන් අවසර ලබාදෙන්නේ පිරිමි සත්ත්වයාගේ මුවට මුත්‍රා නිකුත් කිරීම මගින්. හිපපොටේමස් ගැහැණු සතෙකු මෙයින් නවතින්නේ නැහැ. තම සිත්ගත් සහකරුවාට තම කැමැත්ත ඇඟවීමට හිපපොටේමස් ගැහැණු සතෙකු තම මුත්‍රා පමණක් නොව වසුරුද පිරිමි සත්ත්වයාගේ මුවට මුදා හරිනවා.

09. ඉවෙන් පාර සොයන හමුදා කුහුඹුවෝ

Image: tongkatmadura.info

හමුදා කුහුඹුවන්ගේ ඇස් නොපෙනෙන නිසා ඔවුන් තම ගමන් මග සොයා ගන්නේ තම සගයන්ගේ සුවඳින්. ඇතැම් විට මේ නිසාම මග වරද්ද ගන්නා මෙම කුහුඹුවන් දහස් ගණනින් එකම මග ඔස්සේ නැවත නැවතත් ගමන් කරමින් ගෝලාකාර රංචුවක් ලෙස සිටිනු දකින්නට පුලුවන්.

ඉතින් මේ ලිපියෙන් ගෙන ආවේ සතුන්ගේ අපුර්ව පුරුදු කීපයක්. තවත් මෙවන් ලිපියක් සමගින් නැවත හමුවෙමු.

මූලාශ්‍ර
1. cracked.com
2. list25.com
3. Care2.com
4. livescience.com

Cover Image: thoughtco.com

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
3
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

සත්ත්ව ලොවේ අසිරිමත් පුරුදු – 02

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes