අපහසුතාවයට පත් නොවෙන්න ටේබල් මැනර්ස් ඉගෙන ගනිමු


එදිනෙදා ගෙවන කාර්යබහුල ජීවිතේට අපි මදක් වෙන් වී විවිධ මංගල උත්සව වලට, සාද වලට සහභාගී වෙනවා. එවැනි අවස්ථාවල අපිට බොහෝ වෙලාවට තවත් පිරිසක් සමග එක් වී ආහාර වේලක් ගන්නට සිදු වෙනවා.
අවුරුදු සමය අවසන් වී එතරම් වැඩි කාලයක් නොවේ.

මෙවැනි කාලවලදී අපි යහළු යෙහෙලියන් සමග තම ආයතන ප්‍රධානීන්ගේ ආරාධනා ඇතුව නිවෙස්වල ආහාරවේලක් ගැනීමට සහභාගී වෙනවා.

විශේෂයෙන්ම අමුත්තන් පිරිසක් ඉදිරියේ, විවිධ මංගල උත්සව වලදී අපි ආහාර ගන්න විට හැසිරිය යුතු පිළිවෙලක් තිබෙනවා. සාමාන්‍යයෙන් තම පවුලේ පිරිස් එකතු වී නිවෙස්වල ආහාර ගන්නා ආකාරයට අපිට විශේෂ උත්සව වලදී ආහාර ගැනීමට සිදු කිරීමට නොහැකිය. ඒ නිසාම තමා මේ කියන්න උත්සහා කරනුයේ විශේෂ ආරාධනාවකදී පිටත ආහාර වේලක් ගැනීමට සිදු වන අවස්ථාවකදී හැසිරිය යුතු පිළිවෙල.

Image:

අපි මෙවැනි සිරිත් පිලිබදව අවබෝධයකින් සිටීමෙන් එය තම ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමට ඉවහල් වෙනවා. එවැනි චාරිත්‍ර පිලිබදව මනා අවබෝධයක් නොමැති වීමෙන් ඔබව අපහසුතාවයකට පත් වීමට ද ඉඩකඩ ඇත.

සාමාන්‍යයෙන් අපි විශේෂ උත්සවයකට සහභාගී වුවාම එවැනි අවස්ථාවක කෑම මේසයේ විවිධාකාර ආහාර වර්ග තිබෙනවා. ගොඩක් දුරට බටහිර කෑම තියෙන්න පුළුවන්. බොහෝ පිරිස් විවිධ වර්ගයේ ආහාර වර්ග ගණනාවක් තිබෙන විට ඒ සියල්ලම තම පිගානට බෙදා ගන්න පුරුදු වෙලා තිබෙනවා.

Image: tripadvisor.com

එවැනි ආකාරයට කෑම මේසයේ තිබෙන සියල්ල එකවර බෙදා ගැනීම තරමක් අසෝබන ක්‍රියාවකි. බොහෝ දුරට ඔබ එවැනි ආහාර ගණනාවක්ම බෙදා ගත්තද ඔබට ඒ සියල්ලම ආහාරයට ගැනීමට නොහැකි වන්නටද පුළුවනි.

01. මේ නිසා ඔබට පුළුවනි ඔබේ ආහාර රුචිය ඇති කරවන ආහාර මුලින්ම තම පිගානට බෙදා ගැනීමට.

Image: cupofjo.com

කුඩාම කුඩා කෑම වර්ග වලින් රස විදින්න. ඒ සදහා කුඩා Slide Plate ඒ ආසන්නයේම තබා තිබෙන්නේ ඒවායේ තබා ගෙන කෑමටය.

02. සුප් පානය

පසුව ඔබ සුප් පානය කරනවා නම් සුප් එක පානය කොට එය අවසන් වී ගෙන එන විට එහි අන්තිම අඩිය ඉතිරි වේ. ඔබ මෙම අවසන් කොටස පානය කරන විට තරමක් සැලකිලිමත් විය යුතුය.

wikihow.com/Eat-Soup

එහිදී ඔබ සුප් බෝල් එක තමන්ගේ පැත්තට නැතිව විරුද්ධ පැත්තට ඇල කරමින් හැන්දෙන් අඩිය ටික රැගෙන බොන්න. මෙහිදී හැන්දේ හඩ පිටතට ඇසෙන්න සලස්වන්න එපා. ඔබ සුප් එක පානය කොට අවසන් නම් සුප් බෝල් එක මත තිබෙන කුඩා පිගාන අසලින් තබන්න. එමගින් ඔබ සුප් එක පානය කොට අවසන් බව හගවෙනවා.

03. ඉන් පසු ඔබ සලාද වලට කැමැත්තක් දක්වනවා නම් සලාද ආහාරයට ගත හැකිය.

Image: bonvivant-mag.com

04. සලාද ආහාරයට ගෙන ප්‍රධාන ආහාරවේල ගත හැකිය.

ඔබට බත් හෝ නූඩ්ල්ස් ආහාරයට ගත හැකිය. එහිදීද තමන් රුචි කරන එළවලු වර්ග, මස් වර්ග බෙදා ගන්න පුරුදු වන්න. කෑම මේසයේ තිබෙන සියලු එළවලු වර්ග වලින් කෑම පිගාන පුරෝව ගන්න එපා.

ප්‍රධාන ආහාරවේලෙන් පසුව අතුරුපස ගත හැකිය. අතුරුපස සදහාද විවිධ දේ තිබිය හැකිය. අතුරුපස සමග චොකලට් වැනි දෙයක්ද ආහාරයට ගත හැකිය.

ඔබ මේ සියල්ලම ආහාරයට ගන්නා විට ශබ්ධ නොනැගෙන සේ ආහාරයට ගන්න.

Image: etiquettescholar.com  |  මූලාසන පුටු දෙකේ වාඩි වී සිටින්නේ සංග්‍රහය සඳහා ඔබට ආරාධනා කල පුද්ගලයින්ය.

ඔබ විශේෂ ආරාධනාවක් ඇතුව සාදයකට සහභාගී වුවා යැයි සිතන්න. එවැනි අවස්ථාවකදී ප්‍රධාන අමුත්තා කෑම මේසයට පැමිනෙන තුරු ආහාර ගන්නේ නෑ. ඔහු ආහාර ගැනීමට ආරම්භ කරන විට සෙසු අයටද ආහාර ගත හැකිය.

ආහාර ගැනීමට ආරම්භ කිරීමට පෙර මතක ඇතුව මේසය මත තබා තිබෙන Napkin එක ඔබේ උකුලේ තබා ගන්න.

Image: entlemansgazette.com

ගෑරුප්පුවෙන් ආහාර ගන්නා විට ශබ්ධ නගන්න එපා. කටට එකවර ආහාර ගොඩක් දමා ගන්න එපා. ඇතමුන් ආහාර ගොඩක් කටේ පුරවා ගෙන කතා කරනවා. එවිට බලා සිටින ඇයට එය අප්‍රසන්න සිදුවීමක් වන්නට පුළුවනි. හැකි තරම් අනෙක් අයට ප්‍රිය උපදවන සුළු ආකාරයට ආහාර ගන්න.

Image: eatthis.com

ආහාර ගැනීමෙන් අනතුරුව දත් හැරීමෙන් වලකින්න. අවශ්‍යම නම් එය තවත් කෙනෙකුට නොපෙනෙන සේ සිදු කරන්න.

ඔබ ආහාර ගෙන අවසන් වූ විට කෑම මේසයෙන් නැගිට යන්න එපා. අනෙක් අය ආහාර ගන්නා තුරු රැදී සිටින්න.

ඔබට අත්‍යවශ්‍ය කාරණාවකට කෑම මේසයෙන් නැගිටින්න සිදු වෙනවා නම් අවසර ගෙන (Excuse) නැගිටිය හැකිය. එසේම තවත් වැදගත් කාරණාවක් වන්නේ ඔබ ආහාර ගන්නා විට ඔබේ දුරකතනය විසන්ධි කරන්න. මන්ද අනෙක් පිරිසට ඔබේ දුරකතන නාදය කරදයක් වන්නට පුළුවනි.

මේ ආකාරයට සමුහයක් ඇතුළුව ආහාර වේලකට සම්බන්ධ වන්නේ නම් මෙවැනි චාරිත්‍ර පිළිබධව දැනුවත් වී තිබීම වැදගත්ය.

Cover Image: hungryforever.com


Like it? Share with your friends!

171 SHARES
171 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
4
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
11
Thanks
Cry Cry
0
Cry
Like Like
4
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අපහසුතාවයට පත් නොවෙන්න ටේබල් මැනර්ස් ඉගෙන ගනිමු

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes