web analytics

කොළඹට නුදුරු සුකුමාල දුනු මාල ඇල්ල


විවේකයක් ගන්න අපි හැමෝම කැමතියිනෙ. ඒත් නිවාඩුවකට දුර යන එකක් ටිකක් විතර කරදර වැඩක්. වැඩි වෙහෙසකින් තොරව ඉක්මනින් ගිහින් විනෝද වෙලා එන්න පුලුවන් තැනක් තමයි “දුනුමාල ඇල්ල”.

මේ දිය ඇල්ල “උඩුවක ඇල්ල, බෝපොල ඇල්ල සහ සිරිපැරකුම් ඇල්ල, දුනුමාල ඇල්ල, අලවල ඇල්ල, දේවින් පැන්න ඇල්ල”. යන නම් කිහිපයකින් හදුන්වනවා. දුනුමාල ඇල්ල පෝෂණය කරනු ලබන්නේ දුනුමාල ඔයෙනි.
ගම්පහ දිස්ත්‍රිකයට අයත් දියඇලි අතරින් එකක් කියලත් තවත් අය මේ දිය ඇල්ල කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් එකක් ලෙසට හඳුන්වනවා. අනිත් දිය ඇල්ල “අලගියවන්න ඇල්ල”.

විවිධ නම් සහ දිස්ත්‍රික් දෙකකට අයත් බව සඳහන්. මේ දිය ඇල්ලේ සුන්දරත්වයට ඒ කිසිම දෙයක් බාධාවක් නොවන බව මතක් කල යුතුයි.

ගමන් මාර්ගය

පහත දක්වා තිබෙන මැප් එකේ තියෙන්න අත්තනගල්ල රජමහා විහාරය අසල සිට දිය ඇල්ල වෙත ගමන් කරන මාර්ගයයි.ඔබට අත්තනගල්ල-ගලපිටමඩ මාර්ගයේ කිලෝමීටර් 12 දුර ගිය විට හෝ අල්ගම-හග්ගල්ල මාර්ගයේ කිලෝමීටර් 12 ගිය විට මේ දිය ඇල්ල වෙත ලඟා වෙන්න පුලුවන්.

මාර්ගයේ වම් පසට වන්නට ඔබට සිරි පැරකුම් ගිමන්හල ලෙස හඳුන්වන කුඩා ආපනශාලාවක් හමුවේවි. එතැන සිට අඩි පාරක් ඔස්සේ තමයි ඔබට දිය ඇල්ල වෙත යාමට හැකි වෙන්නෙ.

Image © Nadeera Liyanage | දිය ඇල්ලට පිවිසෙන තැන පිහිටි කුඩා කඩය

ඔබට කලින් සඳහන් කල ආපන ශාලාවට ඔබ්බෙන් ඇති නිවස අසල වාහන නවතා යාමට හැකි වන අතර එක් වාහනයක් සඳහා රු 60-100 අතර මුදලක් එම නිවැසියන් ඔබගෙන් අය කරනු ඇත.

Image © Nadeera Liyanage | දිය ඇල්ලට පිවිසෙන මාර්ගය

වාහන වල ආරක්ෂාව ගැන ඔවුන් වග නොකියන නිසා අනිවාර්යෙන්ම වාහන අඟුලු දා යන්නට අමතක කරන්න එපා.ඔබට වැසිකිළි පහසුකම්ද මේ නිවසින් ලබා දෙන අතර ඒ සඳහා රු 20 මුදලක් අය කරනු ඇත.

ඔබට ආහාර පාන අවශ්‍ය නම් ඒවා ද මේ නිවසින් ලබා ගැනීමට හැකි බවයි ඔවුන් අප සමග සඳහන් කලේ.

Image © Nadeera Liyanage | දිය ඇල්ලට පිවිසෙන මාර්ගය

සිරි පැරකුම් ගිමන්හල අසලින් ඇති අඩි පාර දිගේ මීටර් 500 පමණ දුර ගිය විට ඔබට සුන්දර උඩුවක ඇල්ල දැක ගැනීමට හැක.අඩි පාර වැටී ඇත්තේ පෞද්ගලික ඉඩම් හරහා වන අතර එම මාර්ගයේ වගකීමෙන් ගමන් කිරීම ඔබගේ යුතුකමකි.

Image © Nadeera Liyanage | දිය ඇල්ලට පිවිසෙන මාර්ගය

උඩුවක දිය ඇල්ල අඩි 30 පමණ ඉහල සිට අලංකාරවක් ලෙස පහළට ඇද හැලේ. මේ ඇල්ලේ විශේෂත්වය වන්නේ ඔබට දිය ඇල්ලේ ඉහළට නැගීමට හැකි වීමයි.

Image © Nadeera Liyanage | දුනු මාල ඇල්ල

අප මේ සංචාරය කලේ වර්ශාව නොමැති කාලයක නිසා දිය ඇල්ලේ ජලය මදක් අඩු වී තිබුණි. දිය ඇල්ල මතට නැගීමට ඇත්තේ ගල් මතින් වන අතර ඒවා ඉතාම ලිස්සන සුළුය. ඒ නිසා ආරක්ෂාව ගැන සෑම විටම සැලකිලිමත් වන්න.

Image © Nadeera Liyanage | දුනු මාල ඇල්ල
Image © Nadeera Liyanage | දුනු මාල ඇල්ල

ඇල්ලෙන් වැටෙන ජලය ප්‍රධාන තටාකයකට එකතු වී පහලට ගලා ගෙන යන අතර එම ප්‍රධාන තටාකය සහ ඊට පහළින් ඇති කුඩා තටාක වල ආරක්ෂාකාරි ලෙස ස්නානය කල හැක.

Image © Nadeera Liyanage | කැළි කසල දමා අපවිත්‍ර කර ඇති අයුරු

දිය ඇල්ල බලන්නට පැමිණි පරිසරය ගැන කිසිදු ආදරයක් නොමැති පිරිස් විසින් දැනටමත් දිය ඇල්ල අවට කුණු කසළ දමා අපවිත්‍ර කර ඇති බව කිව යුතුමයි. පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, රෙදි, ඉඳුල් ආදී නොයෙක් අපද්‍රව්‍ය දිය ඇල්ල පුරාවටම දැකිමට සිදු වීම ඉතාම කණගා‍ටුදායකය.

Image © Nadeera Liyanage | කැළි කසල දමා අපවිත්‍ර කර ඇති අයුරු

විවේකයක් තිබෙනවා නම් මේ දිය ඇල්ල බලන්න යන්න.හැබැයි එතැන අපිරිසිදු නොකර එහි සුන්දරත්වය විදින්න අමතක නොකරන්න.

සියලු ජායාරූප මවිසින් ලබා ගත් ඒවා වන අතර කතෘ අයිතිය සු‍රැකෙන ලෙස ඒවා භාවිතා කිරීමට ඔබට අයිතිය ඇත.


Like it? Share with your friends!

638 SHARES
638 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
4
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

කොළඹට නුදුරු සුකුමාල දුනු මාල ඇල්ල

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes