ඩිස්නිගේ සුන්දර ෆැන්ටසිය


අපි හැමෝම කැමතියි සැබෑ ජීවිතයේ ප්‍රශ්න මොහොතකට අමතක කරල සුරංගනා ලෝකෙකට යන්න. ඒ වගේ සුරංගනා ලෝකයක් මවපු කෙනෙක් තමයි වෝල්ට් ඩිස්නි. ඇනිමේෂන් ෆිල්ම්ස් ගැන කතා කරනකොට වෝල්ටර් ඩිස්නිව අමතක කරන්න බෑ.

මුල්වරට ඇනිමේෂන් චිත්‍රපටයක් නිර්මාණය කරන්නෙ 1907 දි ඇමෙරිකා එක්සත් ජනපදයෙ ස්ටුවර්ට් බ්ලැක්ටන්. පසුව 1908 දි එමිල් කෝල් කාටුන් චිත්‍රපට එහෙමත් නැත්නම් ඇනිමේෂන් චිත්‍රපට පෙළක්ම නිර්මාණය කරනව.

නමුත් ඇනිමේෂන් චිත්‍රපට අතර සුවිශේෂීම චරිතය බවට පත්වුනේ වෝල්ටර් ඩිස්නි.

Image: mashable.com

වෝල්ටර් එලියස් ඩිස්නි හෙවත් වෝල්ට් ඩිස්නි ඉපදුනේ 1901 දෙසැම්බර් පස්වෙනිද චිකාගෝ නුවරදි. ඔහුගේ පියා එලියස් ඩිස්නි කොන්ත්‍රාත්කරුවෙක් වූ අතර මව ෆ්ලෝරා කෝල් ගුරුවරියක් ලෙස සේවය කළා. කුඩා කල සිටම චිත්‍ර ඇඳීමේ දක්ෂයෙකු වූ වෝල්ට් ඩිස්නිගේ මුල්ම රැකියාව උනේ තම සොහොයුරා වූ රෝයි සමඟ පුවත්පත් විකිණීමයි. පසුව ඔහු වෙළඳ චිත්‍රපට සමාගමක සේවයට බැඳෙනව.

ඔහුගේ කාර්යය උනේ චිත්‍රපටශාලාවලට සෙනග අද්දවාගැනීමට සමත් වෙළඳ දැන්වීම් සකස් කිරීමයි.

Image: disney2disney.com

වෝල්ට් ඩිස්නි මුලින්ම දේශපාලනික කාටූන් චිත්‍රපට හතරක් නිපදවනු ලැබුවත් ඒවා විකුණාගැනීමට සිදුවුනේ ඉතාමත් අසීරුවෙන්.

ඔස්වල්ඩ් නමැති හාවෙකු ඇතුලත් කාටූන් චිත්‍රපට කිහිපයක් ඔහු නිර්මාණය කරන්නේ මේ කාලසීමාවේදීය. ඒවා අලෙවිකර යම් ආදායමක් ලැබීමට ඔහු සමත්වෙනව.

Image: insidethemagic.net

1925 දි වෝල්ට් ඩිස්නි ලිලියන් බවුන්ඩ්ස් සමඟ විවාහවෙනව. ඩිස්නි තම බිරිඳත් සමඟ නිව්යෝක් සිට ලොස් ඇන්ජලිස් දක්වා ගිය දුම්රිය ගමනකදි තමයි ඔහුගේ අග්‍රකෘතිය නිර්මාණය කරන්නෙ. ඒ තමයි කාටූන් චිත්‍රපට ලෝකයේත්, වෙළඳ ප්‍රචාරණ ලෝකයේත් අමරණීය චරිතයක් වූ මිකී මවුස්.

Image: emaze.com

ඩිස්නි මෙම මීයාගේ චරිතයට මුලින්ම නම දැම්මෙ මෝටිමෝර් මවුස් කියල උනත් මිකී මවුස් කියල එය වෙනස් කරන්නෙ ඔහුගේ බිරිඳ.

Image: more-sky.com

මෙම මිකී මවුස් ඇතුලත් මුල්ම නිහඬ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Piano Crazy නමින්. ඒ සඳහා ඔහුට වැය වූ මුදල ඩොලර් 1700ක්.

නමුත් මෙය බෙදාහැරීමට අනුග්‍රාහකයෙක් සොයාගන්න ඔහුට නොහැකි උනා.

Image: intanibase.com

ඉන්පසුව ඔහු Steamboat Willie නමින් කතානාද ඇනිමේෂන් චිත්‍රපටයක් නිර්මාණය කරනව මිකී මවුස් යොදාගෙන.

 

Image: nydailynews.com

1928 නොවෙම්බර් 18 දින නිව්යෝක්හි කොලනි සිනමාශාලාවේදී ප්‍රදර්ශනය වූ මෙය ලැබූ ජනප්‍රියත්වය කොතෙක්ද යත් මාස දෙකක් ඇතුලත මිලියන ගණනකට අධික සංඛ්‍යාවක් එය නරඹා තිබේ.

ක්‍රමක්‍රමයෙන් මිකී මවුස් දියුණුවන්නට වූ අතර මේ කාලයේදීම වෝල්ට් ඩිස්නි විසින් නිර්මාණය කළ සිලී සිම්ෆනීස්, ත්‍රී ලිට්ල් පිග්ස් වැනි කාටුන් චිත්‍රපටද ඉතා ජනප්‍රිය විය.

1937 දී ඔහු නිපදවූ Snow White and the Seven Dwarfs චිත්‍රපටය ඩිස්නිට විශාල ආර්ථික ප්‍රතිලාභයක් ගෙන දුන්නා පමණක නොව ඇනිමේෂන් කලාවේ නව යුගයක් නිර්මාණය කිරීමටද සමත් විය.

Snow White and the Seven Dwarfs චිත්‍රපටය උදෙසා වෝල්ට් ඩිස්නි ඔස්කා සම්මානයෙන්ද පුදනු ලැබීය.

Image: alamy.com

වෝල්ට් ඩිස්නි හට වාසනාව ගෙන දුන් මිකී මවුස් චරිතය කේන්ද්‍ර කරගනිමින් ඔහු කැලිෆෝනියාවේදී ඩිස්නි අයිලන්ඩ් නමින් හඳුන්වන විනෝද උද්‍යානයක් පිහිටුවනු ලැබුවා. 

Image: orlandosentinel.com

මෙය ලැබූ ජනප්‍රියත්වය නිසාම ෆ්ලොරීඩාවේ මෙන්ම ප්‍රංශයේ සහ ජපානයේත් ඩිස්නිලන්ත ආරම්භකරනු ලැබුව.

1966 දෙසැම්බර් 15වන දින වෝල්ට් ඩිස්නි මියයන විට ඔහු විසින් නිර්මාණය කළ ඇනිමේෂන් චිත්‍රපට සංඛ්‍යාව පමණක් 121ක්.

Image: ninjajedi.com

මූලාශ්‍ර අන්තර්ජාලයෙන්.

Cover Image:   wallpaper-gallery.net


Like it? Share with your friends!

169 SHARES
169 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
1
Cry
Like Like
2
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඩිස්නිගේ සුන්දර ෆැන්ටසිය

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes