web analytics

විශ්ව සාහිත්‍යයේ රහස් පරීක්ෂක චරිත


    ෂර්ලොක් හෝම්ස්ට විතරද හොරු අල්ලන්න පුලුවන්? ඇයි හෝම්ස් විතරමද හොඳම රහස් පරීක්ෂක?. අනේ නැහැ. තව මේ වගේ රහස් පරීක්ෂණ වැඩවලට කප් ගහපු චරිත විශාල ප්‍රමාණයක් විශ්ව සාහිත්‍යය තුළ ඉන්නව. නමුත් හෝම්ස්ගෙ ජනප්‍රියත්වයට කිට්ටුවෙන්න තරම් හැකියාවක් මේ අයට ලැබුනද කියන එකනම් වෙනමම කාරණයක්. කොහොම කොහොමහරි මේ කියන්න හදන්නෙ ෂර්ලොක් හෝම්ස් ගැනනම් නෙමෙයි.

    වගේම වැඩ පෙන්නපු තව පිරිසක් ගැනයි මේ සටහන.

    10. ෆාදර් බ්‍රවුන් (Father Brown)

    ​ඇලෙක් ගිනස් ෆාදර් බ්‍රවුන් ලෙස
    ​ඇලෙක් ගිනස් ෆාදර් බ්‍රවුන් ලෙස

    විසිවන සියවස මුලදි ජී. කේ. චෙස්ටර්ටන් විසින් නිර්මාණය කරපු රහස් පරීක්ෂක චරිතයක් තමයි ෆාදර් බ්‍රවුන්. මොහු රෝමානු කතෝලික පූජකවරයෙක්. චෙස්ටර්ටන්ගෙ “The Blue Cross” කෙටි කතාව තමයි මේ චරිතයේ ආරම්භය. එතැන් සිට කෙටි කතා විශාල ප්‍රමාණයක් තුළින් විකාශනය වන මෙම චරිතය පසුකාලීනව සිනමා නිර්මාණ ඔස්සේ පවා ජනප්‍රියත්වයට පත්වෙනව.

    09. රහස් පරීක්ෂක බකට් (Detective Bucket)

    ​ස්ටීවන් රී රහස් පරීක්ෂක බකට් ලෙස
    ​ස්ටීවන් රී රහස් පරීක්ෂක බකට් ලෙස

    විශ්ව සාහිත්‍යයේ යුග පුරුෂයෙක් වන චාල්ස් ඩිකන්ස් විසින් ඔහුගේ ප්‍රධාන නවකතාවක් ලෙස සැලකෙන “Bleak House” කෘතිය තුළ නිර්මාණය කරන චරිතයක් තමයි මේ රහස් පරීක්ෂක බකට්. රහස් පරීක්ෂක බකට් වඩා වැදගත් වෙන හේතුව තමයි මේ චරිතය ඉංග්‍රීසි සාහිත්‍යය තුළ නිර්මාණය වූ මුල්ම රහස් පරීක්ෂක චරිතයක් වීම.

    08. බැස්කර්විල් හි විලියම් (William of Baskerville)

    ​ෂෝන් කොනොරි බැස්කර්විල් හි විලියම් ලෙස
    ​ෂෝන් කොනොරි බැස්කර්විල් හි විලියම් ලෙස

    උම්බර්තෝ එකෝ විසින් රචිත කුළුඳුල් නවකතාව වන “The Name of the Rose” තුළ තමයි මේ චරිතය හමුවන්නෙ. මොහු 14වන සියවසේ හිටපු ෆ්‍රැන්සිස්කානු පූජකවරයෙක්. බැස්කර්විල් හි විලියම් නම් චරිතය නිර්මාණය කිරීම සඳහා පාදක කරගෙන තිබෙන්නෙත් ෂර්ලොක් හෝම්ස් සහ ඔකම් හි විලියම් නම් ෆ්‍රැන්සිස්කානු පූජකවරයෙකුගේ චරිතවල සංකලනයක්. මොහු වඩාත් ජනප්‍රිය වෙන්නෙ සුපිරි හොලිවුඩ් නළු ෂෝන් කොනොරි මෙම චරිතයට පන පෙවීමත් සමඟයි. ඒ 1986 දී “The Name of the Rose” සිනමාපටය වෙනුවෙන්.

    07. ලූ ආචර් (Lew Archer)

    පෝල් නිව්මන් ලූ ආචර් ලෙස​
    පෝල් නිව්මන් ලූ ආචර් ලෙස​

    රෝස් මැක්ඩොනල්ඩ් විසින් ප්‍රබන්ධ කළ චරිතයක් තමයි ලූ ආචර් කියන්නෙ. ඔහු දකුණු කැළිෆෝනියාව තුළ ක්‍රියාත්මක වූ පුද්ගලික රහස් පරීක්ෂකවරයෙක්. “The Moving Target”, “The Drowning Pool”, “The Doomsters”, “The Galton Case”, “Black Money” වැනි නවකතා රැසක් මෙන්ම කෙටි කතා කිහිපයක්ද ලූ ආචර්ගේ චරිතය කේන්ද්‍ර කරගෙන ලියවෙද්දි සිනමාපට කිහිපයක්ද නිර්මාණය වෙනව.

    06. පෙරී මේසන් (Perry Mason)

    ​රේමන්ඩ් බර් පෙරී මේසන් ලෙස
    ​රේමන්ඩ් බර් පෙරී මේසන් ලෙස

    රහස් පරීක්ෂණ ප්‍රබන්ධ කලාවට විශාල දායකත්වයක් දක්වපු ලේඛකයෙක් තමයි අර්ල් ස්ටැන්ලි ගාඩ්නර්. ඔහු නිර්මාණය කරපු ප්‍රධානම රහස් පරීක්ෂක චරිතය තමයි පෙරී මේසන්. ඇත්තටම පෙරී මේසන් කියන්නෙ අපරාධ නඩු වෙනුවෙන් පෙනී සිටින නීතීඥයෙක්. 80කට වඩා වැඩි නවකතා සංඛ්‍යාවක් සහ කෙටි කතා සංඛ්‍යාවක් පෙරී මේසන් වටා රචනා වෙන්නෙ එම චරිතයේ තිබුනු ජනප්‍රියත්වය නිසාමයි.

    05. සී. ඔගස්ටෝ ඩ්‍යුපා (C. Auguste Dupin)

    ​ජෝසප් කොට්න් ඔගස්ටෝ ඩ්‍යුපා ලෙස
    ​ජෝසප් කොට්න් ඔගස්ටෝ ඩ්‍යුපා ලෙස

    මේ චරිතයනම් ඉතාම වැදගත් චරිතයක්. එඩ්ගා ඇලන් පෝ රචනා කළ “The Murders in the Rue Morgue” නම් කෙටි කතාව තමයි නූතන අපරාධ පරීක්ෂණ කතාවල ආරම්භය හැටියට සලකන්නෙ. ඒ කතාවෙ එන රහස් පරීක්ෂක චරිතය තමයි මේ ඔගස්ටෝ ඩ්‍යුපා. පසුව තවත් කෙටි කතා දෙකක් මෙම චරිතය වටා ගොඩනැගෙනව. ෂර්ලොක් හෝම්ස්, හර්ක්‍යුල් ප්වාරෝ වැනි රහස් පරීක්ෂක චරිතවල මුල් ගුරුවරය වෙන්නෙත් මේ ඔගස්ටෝ ඩ්‍යුපාම තමයි.

    04. මිස් මාපල් (Miss Marple)

    ​ජො(ආ)න් හික්සන් මිස් මාපල් ලෙස
    ​ජො(ආ)න් හික්සන් මිස් මාපල් ලෙස

    මාරක කතා රැජිණ ලෙස හඳුන්වන ඇගතා ක්‍රිස්ටි විසින් නිර්මාණය කළ චරිතයක් තමයි මිස් මාපල්. සාමාන්‍යයෙන් රහස් පරීක්ෂකයින්ගෙ සාහිත්‍යය ලෝකෙ කාන්තා චරිත දකින්න ලැබෙන්නෙ හරම අඩුවෙන්. ඒ අතරිනුත් මිස් මාපල්ට හිමිවෙන්නෙ සුවිශේෂී ස්ථානයක්. 1927දි රචිත “The Tuesday Night Club” කෙටි කතාවෙන් මුලින්ම හඳුන්වාදෙන මෙම චරිතය මුල් කරගෙන නවකතා 12ක් සහ කෙටි කතා 20ක් රචනා වෙනව.

    03. සෑම් ස්පේඩ් (Sam Spade)

    ​හම්ෆ්‍රී බොගාට් සෑම් ස්පේඩ් ලෙස
    ​හම්ෆ්‍රී බොගාට් සෑම් ස්පේඩ් ලෙස

    ඩැෂල් හැමෙට්ගෙ “The Maltese Falcon” නවකතාවෙන් හඳුන්වල දුන් රහස් පරීක්ෂක චරිතය තමයි සෑම් ස්පේඩ්. මෙම චරිතය වඩාත් හොඳින් ජනතාව අතරට ගියේ හම්ෆ්‍රී බොගාට් විසින් සෑම් ස්පේඩ් ලෙස චරිත නිරූපණය කිරීමත් සමඟයි. ඒ 1941දී නිර්මාණය වූ සම්මානනීය සිනමාපටය “The Maltese Falcon” තුළින්. ඒ වගේම තමයි මේ සටහනේ ඊළඟ රහස් පරීක්ෂක චරිතය බිහිවෙන්න වැඩි ආභාෂයක් ලැබෙන්නෙත් සෑම් ස්පේඩ්ගෙන්.

    02. පිලිප් මා(ර්)ලෝ (Philip Marlowe)

    ​ජේම්ස් ගානර් පිලිප් මා(ර්)ලෝ ලෙස
    ​ජේම්ස් ගානර් පිලිප් මා(ර්)ලෝ ලෙස

    සෑම් ස්පේඩ්ගෙ චරිතය තුළින් ආභාෂය ලබා බිහිවුණු තවත් රහස් පරීක්ෂකයෙක් තමයි පිලිප් මා(ර්)ලෝ. ඔහුව නිර්මාණය කරන්නෙ රේමන්ඩ් චැන්ඩ්ලර් විසින් “The Big Sleep” නවකතාව තුළ. පසුව මා(ර්)ලෝ යොදාගෙන තවත් නවකතා කිහිපයක්ම ප්‍රකාශනයට පත් වෙනව වගේම මා(ර්)ලෝගෙ චරිතය ලැබූ ජනප්‍රියත්ව නිසා සිනමාපට පෙළක්ද නිර්මාණය වෙනව.

    01. හර්ක්‍යුල් ප්වාරෝ (Hercule Poirot)

    ​ඇල්බට් ෆිනී හර්ක්‍යුල් ප්වාරෝ ලෙස
    ​ඇල්බට් ෆිනී හර්ක්‍යුල් ප්වාරෝ ලෙස

    මාරක කතා රැජිණ ඇගතා ක්‍රිස්ටි විසින් හඳුන්වා දුන් සුප්‍රකටම රහස් පරීක්ෂක චරිතය තමයි හර්ක්‍යුල් ප්වාරෝ. උච්ඡාරණයෙදි දිව පැටලෙන නමක් තමයි මේ බෙල්ජියම් ජාතික උන්නැහේට තියෙන්නෙ. ඒත් පටලව ගන්නෙ නැතුව වැඩ කරන්න මෙයා දක්ෂය. මෙම චරිතය සඳහා ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය තුළින් විශාල ආභාෂයක් ලැබී තිබෙන බව පෙනෙන දෙයක්. නවකතා 33ක්, 50කට අධික කෙටි කතා සංඛ්‍යාවක් මොහුව ප්‍රධාන කරගෙන ඇගතා ක්‍රිස්ටි අතින් රචනා වෙලා තියෙනව.

    මේ චරිතවලට අමතරව තවත් රහස් පරීක්ෂක චරිත ගණනාවක් විශ්ව සාහිත්‍යය තුළ දක්නට ලැබෙනව. නමුත් ආතර් කොනන් ඩොයිල් බිහිකරපු ෂර්ලොක් හෝම්ස්ගෙ ජනප්‍රියත්වයනම් මේ හැමෝටම වඩා ඉදිරියෙන් කියන එකනම් පැහැදිලියි.

    මූලාශ්‍ර – අන්තර්ජාලය සහ පොතපත ඇසුරෙන්.


Like it? Share with your friends!

2.7k SHARES
2.7k SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
1
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

විශ්ව සාහිත්‍යයේ රහස් පරීක්ෂක චරිත

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes