අනාගතයේදී මළමිනි වලටත් පණ දෙනවා


පුරාණ ඊජිප්තු වැසියන් මියගිය මිනිසුන් මමියක් බවට පත්කර ආරක්ෂා කර ගත්තේ මරණින් පසුව සදාකාලික බව ලබා ගැනිමට යි . නමුත් වර්තමානයේ මළ සිරුරු ආරක්ෂා කරගන්නේ අනාගතයේ යම් දවසක විද්‍යවේ දියුණුවෙන් නැවත තම මළ සිරුරට පණ දෙන්නට හැකිවෙනු ඇතැයි විශ්වාසයෙනි.

මේ විස්මිත ක්‍රමය හදුන්වනුයේ ” ක්‍රයොනික්ස්” ලෙසයි. මේ ක්‍රමයෙන් සිදු කරන්නේ, ඉතාමත් පහළ උෂ්ණත්වයක් යටතේ නයිට්‍රජන් ද්‍රාවණයක ගිල්වා මිනිය ආරක්ෂා කිරිමයි.

ක්‍රයොනික්ස් ක්‍රමය පිළිබඳව මුල්ම අදහස ආවේ 1960 ගණන්වලදී යි. එක්සත් ජනපදයේ මහාචාර්යවරයෙක් වන රොබට් එටිගර් ගේ ” ප්‍රොස්පෙක්ට් ඔෆ් ඉමෝර්ටලිට් ” කෘතියෙන් මේ ගැන වැඩිපුර විස්තර කරලා තියෙනවා .

මේ කෘතියේ කියලා තියෙන විදියට මරණය කියන්නේ වෙනස් කරන්න පුළුවන් දෙයක්.ඒ ගැන විශ්වාසය ඇතුව ඔහු ආරම්භ කරනවා ක්‍රයොනික්ස් ආයතනය . ක්‍රයොනික්‌ස්‌ ආයතනයේ අද ඔහුගේ මෙන්ම ඔහුගේ මවගේ සහ පළමු සහ දෙවන බිරියන්ගේ මළ සිරුරු සෙල්සියස්‌ අංශක  -196 ක උෂ්ණත්වයක්‌ පවතින නයිට්‍රජන් ද්‍රවණයක්‌ පිරවූ ලෝහ බෝතල්වල බහා ආරක්‌ෂණය කර තිබෙනවා.

ක්‍රයොනික්‌ස්‌ පහසුකම් සලසන සෑම ආයතනයක්‌ම ගබඩා කිරීමට සැකසීමෙදී අනුගමනය කරන්නේ එකම මූලික ක්‍රමයක්. සේවාලාභියෙකු මිය ගිය වහාම ආයතනය එම පුද්ගලයාගේ සිරුර අයිස්‌වල අසුරා ආයතනය වෙත ගෙන එනවා. එහිදී මළ සිරුරේ ලේ අද්දවා ඒ වෙනුවට කැටි ගැසීමක්‌ නැති සහ අවයව ආරක්‌ෂණය කෙරෙන රසායනික මිශ්‍රණයක්‌ ඇතුළු කරනවා. මළ සිරුර සෙල්සියස්‌ අංශක  -196 ක උෂ්ණත්වයක්‌ ඇති නයිට්‍රජන් ද්‍රවණයක බහාලන්නේ ඉන් පසුවයි. සමහර විට සිරුර ගිල්වීමෙදී සිරුර බිඳී යාමේ ඉඩ වැඩි නිසා එය ඉතා සීරුවෙන් කළ යුතු දෙයක්‌ බව කියවෙනවා.

ඝන මීටර 3 ක්‌ පමණ විශාල ඔවුන්ගේ ටැංකියක නිදන මලුවල ඇසිරූ සිරුරු 7 ක්‌ ගබඩා කළ හැකි බව දැක්‌වෙනවා. සිරුරු ගබඩා කෙරෙන්නේ ටැංකියේ සීතලම තැන වන පතුලේ හිස පිහිටන සේ සිරස්‌ අතටය.

රුසියානු මධ්‍යස්‌ථානය සම්පූර්ණ සිරුරක්‌ ආරක්‌ෂණයට ඩොලර් 36000 ක්‌ද හිස පමණක්‌ ගබඩා කිරීමට ඩොලර් 18000 ක්‌ද අය කරනවා. අල්කෝර් ආයතනයේ සම්පූර්ණ සිරුර ගබඩා කිරීමට ඩොලර් ලක්‌ෂ දෙකක්‌ද හිස පමණක්‌ ගබඩා කිරීමට ඩොලර් 80000 ක්‌ද අය කෙරෙනවා.

වඩාත් වැදගත් වන්නේ මොලයේ ඇති තොරතුරුය යන අදහස මත ඇතැම් අය හිස පමණක්‌ ගබඩා කර තබන්නට පෙලඹෙනවා. මතු අනාගතයේදී එයට අලුත් සිරුරක්‌ ක්‌ලෝන් කිරීමෙන් හෝ ප්‍රතිජනනය කිරීමෙන් සකසා දිය හැකි වෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. කොහොම නමුත් මිචිගන් ක්‍රයොනික්‌ස්‌ ආයතනය හිස පමණක්‌ ආරක්‌ෂණය ප්‍රතික්‌ෂේප කරනවා.

ක්‍රයොනික්‌ස්‌ ක්‍රියාවලියේදී දැඩි ගහනයක්‌ සහ ආරක්‌ෂිත ආවරණයක්‌ ඇති මොළයේ සෑම මුල්ලක්‌ම සහ විවරයක්‌ම ආවරණය වන ලෙස රසායනික මිශ්‍රණය ඉතාමත් ප්‍රබල ලෙස ඇතුළු කළ යුතු වෙනවා. ඇතැම් විට එයම මොළයට හානියක්‌ වෙන්නට හැකි බව විවේචකයින් පෙන්වා දෙනවා.

සමහර විට ක්‍රයොනික්‌ස්‌ කණ්‌ඩායම රෝගියාගේ ඇඳ අසලට පැමිණෙන විටත් මොළයට හානි වී අවසන් වී තිබෙන්නට පුළුවන්. එවැනි අයෙකු ක්‍රයොනික්‌ස්‌ පහසුකම් සලසන ආයතනයකට ගෙවීමක්‌ කරන්නේ මිය යාමට හේතු වූ රෝගයට අනාගත දිනයකදී ප්‍රතිකාර ගෙන සුවපත් වන නමුත් මොළයට වී ඇති හානිය නිසා හැඟීම් දැනීම් නැති අයෙකු ලෙස ජීවත් වන්නටද බැරි නැත.

 

 


Like it? Share with your friends!

20 SHARES
20 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
1
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අනාගතයේදී මළමිනි වලටත් පණ දෙනවා

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes