පොඩි ඉඩෙන් ගෙදරට අළුත් රාක්කයක්.


කාලෙන් කාලේට අපිට හිතෙනවා ගෙදර පොඩි පොඩි වෙනස්කම් කරන්න. ගේ පේන්‍ට් කරන්න, නැත්තම් ගෙදරට අළුතින් කොටසක් එකතු කරන්න, අළුත් බඩු මුට්ටු ටිකක් ගන්න  වගේ දේවල්.  සල්ලි දීලා හැමදේම ගන්නවට වඩා තමන්ම ඒ දේවල් හදා ගත්තොත් සල්ලි ,කාලය ඉතුරු වෙනවා වගේම හිතේ සතුටත් වැඩි වෙනවා නේද? ඒ නිසා අද ලිපියෙන් කථා කරන්න හිතුනා අළුත් විදියට, පහසුවෙන්  රාක්ක ට්කක් හදා ගන්න විදිය ගැන. ගෙදර අයගේ ෆොටෝ, ඔය ලස්සනට තියෙන පොඩි පොඩි දේවල්, විශේෂයෙන්ම පොත් තියන්න පුළුවන් රාක්ක කිහිපයක් ගැන මේ ලිපියෙන් කථා කරනවා .

01.කොටු හැඩැති රාක්ක.

මේ වගේ රාක්කයක් හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන් .පොඩි පොඩි සමරු පලක, ප්‍රතිමා වගේ දේවල් තියන්න නම් ගොඩක් හොඳයි. පෝස්ටරයක හැඩයක් තමයි මේ රාක්කයෙන් පෙන්නේ .

02.ත්‍රීකෝණාකාර එල්ලෙන රාක්ක

ත්‍රීකෝණාකාර එල්ලෙන රාක්කය නම් ඕන කෙනෙක්ට හදා ගන්න ලේසියි වගේම ගෙදරට අමුතු ලස්සනකුත් ගෙනවා. ලොකු බඩු ගොඩක් තියන්න බැරි වුනත් පොඩි මල් පෝච්චියක් වගේ දෙයක් තියන්න නම් කදිමයි.

03.බිත්ති කෙළවරේ රදවන රාක්ක.

මේ විදියේ රාක්කයකින් නිවසට කලාත්මක ලස්සනක් එක් කරනවා. ඒ වගේම ඉඩ ඇහිරෙන්නෙත් නැතුව අවශ්‍ය බඩු ටික පෙළගස්වා ගන්න පුළුවන් .ප්‍රයෝජනයක් නොගෙන තියෙන බිත්ති කොන් වලින් මේ වගේ ප්‍රයෝජනයක් ගත්තාම ඒක කොයිතරම් නම් වටිනවා ද?

04.පාට පාට පෙට්ටි රාක්ක.

තමන්ගේ නිවසේ පාටට ගැළපෙන විදියට මේ රාක්කය හදා ගන්න පුළුවන් .වෙන වෙනම පෙට්ටි පෙට්ටි විදියට සකස් කර ගන්න නිසා තමන්ට අවශ්‍ය භාණ්ඩ වෙන් වෙන් වශයෙන් තියා ගන්න පුළුවන් .

05.තරාදි රාක්ක

මේක ගොඩක් වටිනවා පොත් කියවන අයට. හේතුව තමන් දැනට කියවන පොත් ටික රදවා ගන්න පුළුවන් ඒකෙන් .ඒ වගේම ගෙදරට යුනික් පෙනුමකුත් ලැබෙනවා.

06.එල්ලෙන පාලම් රාක්කය

පොත් කියවන අයට මේක ගොඩක් ගැළපෙනවා. පොත් ටික ලස්සනට පෙළගස්සවන්න පුළුවන්. ගෙදර පුස්තකාලයට නැත්තම් ගෙදර ඔෆිස් කාමරයට නම් කදිමයි. අනිවාර්යයෙන්ම කාමරයට කලාත්මක ලස්සනක් ලැබෙනවා මේ රාක්කයෙන් .

07.අතු හැඩැති රාක්කය

ඔයාට තියෙන්නේ පොඩි ඉඩක් නම් මේක තමයි ගැළපෙනම රාක්කය. මොකද අඩු ඉඩකින් ගෙදරට වැඩි ආකර්ෂණයක් ගන්න පුළුවන් . ගෙදර කාමරයකට වගේම කුස්සියටත් ගැළපෙනවා.


Like it? Share with your friends!

12 SHARES
12 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

පොඩි ඉඩෙන් ගෙදරට අළුත් රාක්කයක්.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes