web analytics

ආදරේ ගොඩ දාගන්නෙ කොහොමද? ආදරේ කියන්නෙ මොකද්ද?


Image: geniusquotes.org

ආදරය හරිම සරල විදියකට අපි විදගන්න ඕනේ දෙයක්. මේ ප්‍රධාන කරුණු සම්පුර්ණ වුනාම හරි හැටි ආදරය කරන්න අපිට ඉබේටම පුලුවන් වෙනවා. ආදරය කරන්න නීති අවශ්‍යය නැහැ, හරිම සරල භාශාවකින් මිනිස්සුන්ට අමතන හැඟීම තමයි “ආදරය” නැතිනම් “ප්‍රේමය”…

මේ ආදරය යනු හරි අපූර්ව අවබෝදයක්, විශ්වාසයක් ඇති වන, කුතුහලය උපදවන, හරිම ලස්සන විශ්වාසමත් තනි සත්වයෙක් නිර්මාණය කිරීම කීවොත් ආදරයට ලොකු සාධාරණයක් ඉටු වෙයි..

ආදරයට අවශ්‍යය මූලිකම කරුණු කිහිපයක් අපි බලමු. මේ ප්‍රධාන කරුණු සම්පුර්ණ වුනාම හරි හැටි ආදරය කරන්න අපිට ඉබේටම පුලුවන් වෙනවා. 

01. හිතට දැනෙන කෙනෙක් සමග වීම

Image: geniusquotes.org

මොකද.. එහෙම නැතිනම් ආදරය තුලම ආදරයක් නැති කදුලක් විතරමයි ඉතුරු වෙන්නෙ. අපිට කතා කරන්න, දකින්න ආශවක් ඇති කෙනෙක් වුනාම ඒ ආදරේ හැමදාම එක සේ වැඩි වැඩියෙන් පවතිනවා.

02. ඉන් පසු දෙදෙනාගේ “අවබෝධය

Image: newlovetimes.com

දෙදෙනා සෑම වෙලාවකදීම කරන සෑම දෙයක් තුලම දෙදෙනාගේම අවබෝධය පැවතිය යුතුය. නැතිනම් සෑම වේලාවකදීම කනස්සල්ලෙන්, දුකෙන් තමයි ඉන්න වෙන්නෙ. අවබෝධය ඇති විටෙක දෙදෙනාගේම සතුට ඒ වෙනුවෙන් රදා පවතිනවා ඒ නිසාවෙන් අවබෝධය ඉතාමත් වැදගත් කරුණක් වෙනවා.

03. තිබිය යුතුම “විශ්වාසය”

Image: walldevil.com

මේක තමයි අන්තිමට සදහන් වුවත් ප්‍රධානම වශයෙන්ම ආදරයට බලපාන වැදගත්ම කරුණ. බොහෝ ආදරයන් විනාශයට පත් වන්නේ මේ විශ්වාසය නැති වුනාමයි. මොකද යම් මොහොතක දෙදෙනා අතර විශ්වාසය අහිමි වීමක් මුලු ආදර කාලයටම බලපාන්න එකසේම පුලුවන්. ඒ යම් කියපු දෙයකින්, දැකපු දෙයකින්, ඇහුන දෙයකින්, වෙන්න පුලුවන්. ආදරයට දෙදෙනා අතර පමණක් ගොඩනගා ගන්නා විශ්වාසය වෙන කාටවත්, වෙන දේකටවත් කඩන්න හැකි සේ ක්‍රියාත්මක වුනොත් එතැන් පටන් සැකයක්මයි ඇති වෙන්නේ. ඒ නිසාවෙන් ආදරයට විශ්වාසය නැති කරගන්නෙපා කවදාවත්.

ආදරය කියන්නෙ මොකද්ද?

ආදරය, ප්‍රේමය, සෙනෙහස වැනි.. මෙවැනි විවිධ නාම මාත්‍රයන්ගෙන් හඳුන්වනු ලබන මේ ආදරේ මොකක්ද? කියල ආදරේ කරන්න කලින් අපි කොයි කවුරුත් දැනගෙන ඉන්න ඕනේ…

මොකද අද පවතින සමාජ තත්වයත් එක්ක ඇහෙන, දැනෙන, දේවල් එක්ක හරිම පුදුමයකට පත්වෙලා තියෙනවා මේ සමාජය ආදරේ නැත්නම් මේ ප්‍රේමය සම්බන්ධයෙන්.

Image: energyworks-healthcoach.net

ආදරේ යනුවෙන්,.. අද මේ ලොව තුල කාහටවත් නිර්වචනයක් නොදිමට බැරිවුන හරිම පුදුම සහගත හැගිමක් වෙලා අවසානයි. නමුත් විදයාඥයන්නම් මේ ආදරයට කියන්නෙ අපේ ශරීරය තුල දුවන ශක්තිමත් රසායනික ප්‍රභේදයක් බවයි සදහන් කරලා තියෙන්නේ. කෙසේ නමුත් එවැනි ප්‍රකාශනයක් තුලින්ම පමණක් මේ ආදරය හදුනාගන්න අපට බැහැ.

මිනිසා බිහිවුන අවදියේ පටන් අපේ වර්තමානික ප්‍රේමය එදත් යුග ගණනාවක පටන් විවිධ හැඩයන්ගෙන් පවතුනා. මොකද එසේත් නොතිබුනානම් අද මේ අවදියේ කවුරුවත් ඉන්න විදියක් නැහැ. මොකද මේ ආදරේ එදා ක්‍රියාත්මක උනේ තමන්ගේ වර්ගයාම බිහි කිරිමටම පමණක් වූ නිසාවෙනුයි. නමුත් එකිනෙකා අතර යම් අවබෝදයක් තිබීම ආදරයට ඇති ප්‍රධාන අවශ්‍යතාවයක් වීම එදත් ඒ සත්ව ප්‍රජාව තුල තිබුන හන්දා තමයි ඔවුන්ගේ එම එක්වීමේ කාරණාව පවා සාර්ථක වුනේ..එහෙනම් එදත් අදත් විවිධ ආකරයෙන් බිහිවුන, වැළලුන මේ ආදරය, ප්‍රේමය බිහි වෙන්නෙම අපේ මුල් යුගයේ ඉදලමයි.

Image: nedhardy.com

ආදරය සම්බන්දයෙන් විවිධ අය විවිධ මත කියනවා,… විවිධ කතාන්දර කියනවා,… නමුත් ආදරය කරන්න ඔය කිසිදු උදහරණයක්වත් අද වර්තමාන මිනිසුන්ට අවශ්‍යය වෙලා නැහැ. මොකද එදා අපේ මුල් යුගයටම සාමාන ලෙස අද මිනිස්සු මේක භාවිතා කරන්නේ තමන්ගෙ ලිංගික අවශ්‍යතාවයක් වෙනුවෙන් බව හුදෙක්ම පෙනිල තියෙනවා.

අද මිනිසුන් එක්වීමේ කාරණාව අර්ථගන්වා තියෙන්නෙ සමාජයේ වැඩ පෙන්නීමට හැකි ලෙස සහ සමාජයේ පොරක් වීම හෙලා පමනක් වීම නිසාවෙනි.

නමුත් තවත් පිරිසක් අවබෝදයෙන් ආදරය නොකරනවා කියන්නත් බැරිය.

Cover Image: www.hd-desktop.com


Like it? Share with your friends!

59 SHARES
59 SHARES

What's Your Reaction?

Cute Cute
3
Cute
Lol Lol
1
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
6
Thanks
Cry Cry
2
Cry
Like Like
5
Like
Confused Confused
0
Confused
Dislike Dislike
1
Dislike
Damn Damn
1
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ආදරේ ගොඩ දාගන්නෙ කොහොමද? ආදරේ කියන්නෙ මොකද්ද?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes