web analytics

රස වෑහෙන චොකලට් පීසා එකක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි


චොකලටුයි, පීසායි කියන්නේ ,පොඩි අය වගේම ලොකු අයත් කන්න කැමති  කෑම ජාතී දෙකක් . ඉතිං,හැමදාම එකම විදියට මේවා කාලා එපා වෙලා නේද? එහෙනම්, පොඩි වෙනසකටත් එක්ක මේ දෙක එකතු කරලා  චොකලට් පීසා එකක් හදලා බලමු ද?  එහෙනම්, මේ ලිපිය කියවලා ඔයාලත් ට්‍රයි එකක් දිලා බලන්නකෝ චොකලට් පීසා හදන්න .

⭕️අවශ්‍ය දේවල්

?පිටි මෝලිය සඳහා අවශ්‍ය දේවල් (පිටි මිශ්‍රණය)

❤️මද උණුසුම් නැවුම් කිරි  කප් 1

❤️දිය කර ගත් බටර්  මේස හැදි 1

❤️සීනි මේස හැදි 2

❤️ලුණු තේ හැදි ½ – 1ක් පමණ

❤️වියළි ක්ෂණික යීස්ට් ( තේ හැදි 1

❤️හලා ගත්  පාන් පිටි කප් 2 ½ – 3ක් පමණ

?උඩින් දා ගැනීම සඳහා අවශ්‍ය දේවල්:

❤️දිය කර ගත් බටර් මේස හැදි 1 – 2 ක්

❤️බේක් කළ රටකජු කප් ¼ – ½ ක් පමණ

❤️කෑලි වලට චොප් කර ගත් චොකලට්

කප් ½ – 1ක් පමණ

❤️නිව්ටෙලා කප් 1ක් පමණ

⭕️සාදා ගන්නා ආකාරය:

 

❤️මුලින්ම මද උණුසුම් නැවුම් කිරි වලට සීනි ටිකයි, දිය කරපු බටර් ටිකයි, යීස්ට් ටිකයි දාලා හොදට දිය කර ගන්න

❤️පස්සේ ටිකක් ලොකු භාජනයක් අරන් ඒකට පාන් පිටිත් එක්ක ලුණු එකතු කරන් හොදට කලවම් කරන්න ඕනේ.

❤️ඊට පස්සේ පිටි වලට කලින් හද ගත්තු කිරි මිශ්‍රණය ටිකෙන් ටික දාන ගමන් අතේ ඇලෙන්නේ නැති පදම එනකන් මිශ්‍රණය හොදින් අනා ගන්න.

❤️දැන් පැය 2 – 3ක් පමණ මිශ්‍රණය තෙත රෙදි කැල්ලකින් වහලා පිපෙන්න තියා ගන්න ඕනේ.

❤️පස්සේ මිශ්‍රණය රවුමට පීසා 1ක් විදියට තුනී කරලා ඇඟිලි තුඩු වලින් තද කරලා දිය කරපු බටර් බ්‍රෂ් එකකින් ගා ගන්න.

❤️ඊළඟට කලින් 200°C / 400°F උෂ්ණත්වයට රත් කර ගත්ත අවන් එකක විනාඩි 8 – 10ක් විතර රන්වන් පාට වෙනකන් බේක් කර ගන්න ඕනේ.

❤️දැන් පීසා එක ටිකක් (විනාඩි 5 – 10ක්) නිවෙන්න තියලා ඒ උඩින් නිව්ටෙලා දා ගෙන හොදට තවර ගන්න.

❤️ඊට පස්සේ ඒ උඩින් චොකලට් කැලිත් එකතු කර ගන්න.

❤️පස්සේ රටකජු ටිකත් උඩින් දා ගෙන කැමති විදියකට සරසලා කෑලි කපලා රස බලන්න.

❤️මේ පීසා එකට ඔයාලා කැමති ඕනෙම දෙයක් ගැළපෙන විදියට එකතු කර ගන්න පුළුවන්. (පළතුරු, දිය කරපු චොකලට්, වයිට් චොකලට්, ක්‍රීම් චීස්, අයිසින් වර්ග, මාෂ්මෙලෝස් වගේ දේවල්.)

❤️කැමති නම් පීසා ඩෝ එක (පිටි ගුලිය) අනා ගන්න කොට කොකෝවා පවුඩර් මේස හැදි 1ක් වගේ එකතු කරලා පීසා ඩෝ එකත් චොකලට් පාටට ගන්න පුළුවන්.


Like it? Share with your friends!

20 SHARES
20 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

රස වෑහෙන චොකලට් පීසා එකක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes