web analytics

ඔසප් සමයේදි නිවසෙන් එළියට දාන කාන්තාවෝ.


මේ අමුතු චාරිත්‍රය වාර්තා වෙන්නේ නේපාල රටේනි. සමාජයේ පිළිලයක් විදියට මුල්බැස ගෙන තියෙන මෙය නේපාල භාෂාවෙන් හඳුන්වන්නේ ” චෞපඩි” (Chhaupadi)ලෙසයි.

මාස් ශුද්ධි සමයේ සහ දරුවන් ප්‍රසූත කළ දිනවල කාන්තාවන් ‘අපිරිසිදු එසේම අවාසනාව උදාකරන්නියන්’ යයි මුල්බැස ගත් පෞරාණික හින්දු පිළිගැනීමක් ඇති අතර එම කාලය තුළ ඔවුන්ට නිවසින් පිටත මඩුවක හෝ හරක් ගාලක නිදා ගන්නා ලෙස බල කෙරෙන අවස්ථා නේපාලයේ දි දැකගන්න පුළුවන් .

හරක් ගාලක නිදාගත්තත් ඔවුන්ට මඩුවේ ඉන්න හරක් අල්ලන්න තහනම්  එපමණක් නොව සිය නිවසේ ආහාර ගැනීමට හෝ වැසිකිළි පාවිච්චියටද ඔවුන්ට ඉඩක් නෑ. ඒ නිසා  ඔසප් වූ සහ ලඟදී දරුවන් වැදූ කාන්තාවන්ට තමන්ගේ උවමනාවන් සපුරා ගැනිමට ගමින් පිටත බොහෝ ඈතට ඇවිද යාමට සිදු වෙනවා. උෂ්ණ කාලය කෙසේ වෙතත් එම කාන්තාවන් දැඩි හිරිහැරයට ලක්වන්නේ ශිත කාලයේ ආරම්භයත් සමඟයි. එසේම ඔසප් වූ දැරියන්ට අධ්‍යාපනය සඳහා පාසල් යාමට ද තහනම් කර තියෙනවා .

ඔසප් සමයේ දි කාන්තාව අපිරිසිදු වෙන කාලයක් ලෙස සලකෙන්නේ නේපාලයේ විතරක් නෙවෙයි. එලෙස හඳුන්වන ආගම් පවා මේ ලෝකයේ තාමත් තියෙනවා . එම මිත්‍යා දෘෂ්ටික චාරිත්‍ර නිසාවෙන් මේ කාන්තාවන් ට තමන්ගේ ආගම අදහන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊට හොඳම උදාහරණය තමයි , කේරලයේ දි පසුගියදා වාර්තා වුනේ. “කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් කාන්තාවන්ට සිය කෝවිලට ඇතුල් වීමට අවසර දෙන බව කේරලයේ, සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවා. ” කාන්තාවන්ගේ පිරිසිදු කම ආගම ඇදහිමේදි පමණක් මුල් කරගන්නා මෙවැනි මුග්ධ මිනිසුන් දරුවන් හැදිමේදි පමණක් කාන්තාව පිරිසිදු යැයි සිතා ළඟට ගැනිම කෙතරම් හාස්‍යජනක ද?

මේ මිත්‍යා දෘෂ්ටික චාරිත්‍රය ගැන නේපාල රජයේ අවධානය යොමු වුනේ පසුගිය දා වාර්තා වුනු අවාසනාවන්ත සිද්ධින් කිහිපයක් නිසයි. ඔසප් වූ යොවුන් පාසල් දැරියක් නිවසින් පිටත මඩුවක නිදා සිටියදී සර්පයකු දෂ්ඨ කිරීමෙන් මරණයට පත්වුනා. එසේම, පහළොස් හැවිරිදි තවත් නේපාල දැරියක් ඔසප් සමයේ මඩුවක නිදා සිටියදී එම මඩුව ගිනි ගැනීමෙන් හුස්ම හිරවී මරණයට පත් අවස්ථාවක් 2016 දෙසැම්බර් මාසයේ දි වාර්තා වෙලා තියෙනවා .

මේ හේතුවෙන් “චෞපඩි” (chhaupadi) චාරිත්‍රය තහනම් කිරීමට නේපාල බලධාරීන් මීට පෙර පියවර ගෙන ඇතත් එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැහැ. නේපාල රජය 2005 වසරේ එම චාරිත්‍රය නීතියෙන් නිල මට්ටමින් තහනම් කළද එයින් වැඩක් වි නොමැති බවයි ඔවුන් පවසන්නේ. තාමත් නේපාලයේ සමහර ගම්මානවල “චෞපඩි” (chhaupadi) චාරිත්‍රය දිගටම පවතින බව වාර්තා වෙනවා. නේපාල රජය පවසන්නේ , චෞපඩි’ පුරුද්ද නීතිය මගින් විතරක් නතර කරන්න බෑ කියලයි. හේතුව  එය ගැඹුරින් මුල් බැසගත් සමාජ චාරිත්‍රයක් නිසා මිනිසුන් මෙය නතර කරන්න කැමැත්තක් නැති බවයි ඔවුන් පවසන්නේ. අනිත් අතින් සමහර කාන්තාවනුත් ඒකට හවුල්.

නේපාලයේ වගේම මාලි රටේ ඩොගොන් (Dogon ) ගෝත්‍රයේ කාන්තාවෝද ඔසප් සමය නිවසින් පිටත මඩුවක ගත කරනවා. මේ නිසා පසුගියදා නේපාල අධිකරණය විසින් ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රය සාපරාධී වරදක් කෙරෙන නීතියක් පාර්ලිමේන්තුවේ දි  සම්මත කර ගත්තා.එලෙස කරන ඕනෑම පුද්ගලයෙකුට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක ( ඇමෙරිකානු ඩොලර් 30ක) දඩ මුදලක් නියම කිරිමට නව නිතිය යටතේ බලය ලබා ගත්තා. දඩ ගහලා විතරක් මදි ,මොකද ගැහැණියකගේ ඔසප් වේදනවා නොදන්න මිනිස්සුන් මිත්‍යා දෘෂ්ටික හේතු නිසා කාන්තාවන්ට මේ විදියට සැළකිම මානුෂිය නැහැ.


Like it? Share with your friends!

19 SHARES
19 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
1
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
3
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඔසප් සමයේදි නිවසෙන් එළියට දාන කාන්තාවෝ.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes