web analytics

මොළය රෙපයාර් කරනු ලැබේ


🌼 තමන්ගේ මොළය රෙපයාර් කරගන්න ඕනි අය අනිවාර්යයෙන් මේක කියවන්න. 😂. මේ ගැන මුල්ම පරික්ෂණය කරලා තියෙන්නේ 1980 වර්ෂයේදි විතර. මැකාවෝ වඳුරන්ගේ මොළයේ සෛල වයස්‌ගත වීමේදීත් වර්ධනය වන බව සොයා ගැනිමත් සමඟම මේ ගැන විද්‍යාඥයන්ගේ තියෙන අවධානය තවත් වැඩිවුනා. ඒත් මේ වැඩේ හිතන තරම් නම් ලේසි නැහැ. මොකද , මොළයේ වියපත් සෛල ඉවත් කර , අලුතින් සෛල එකතු කිරීම ඉතාමත් සංකීර්ණ කාර්යයක්.

🌼 පොඩ්ඩක් හිතන්න, දිගින් දිගටම භාවිත කරන යන්ත්‍ර සූත්‍ර, රථවාහන හෝ පරිගණක වුවත් කාලයක්‌ ගතවූ පසුව අලුත්වැඩියා කිරීමට සිදුවෙනවා. එසේ අලුත්වැඩියා නොකර භාවිත කරන්නේ නම් එම උපකරණය ඉතා කෙටිකලකදී අක්‍රීය වී යනවා. අපගේ ශරීරයේ අවයවද එසේමය. මෙම ශරීර අවයවද කාලය ගතවීමත් සමඟ අලුත්වැඩියා කළ යුතුය. එසේ නොවන්නේ නම් එම අවයවවල ආයු කාලයද අඩුවීයයි. මෙම අලුත්වැඩියා කළ යුතු අවයව අතරින් වඩාත් වැදගත් අවයවය තමයි මොළය. මක්‌නිසාද යත් මොළයේ පවතින ස්‌නායු සෛල අඩපණ වීම, අක්‍රිය වීම හෝ වියපත් වීම මතකය ආශ්‍රිත රෝග රැසකට මග පාදන බැවිනි. මේ නිසා කල්ගතවන විට මොළය අලුත්වැඩියා කර ගැනීම ගැන ස්‌නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවෙලා තියෙනවා .

🌼මොළයේ පවතින වියපත්වූ සෛල ඉවත්කර අලුතින් සෛල එකතු කිරීම අවාට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අලුත උපන් කුකුළු කළල වල මොළ ආශ්‍රිතව (brain of chicken embryo) මෙම අධ්‍යයන මාලාව දැනට දියත් වෙනවා. මෙහිදී අලුත් සෛල වටකොට පවතින නව ස්‌නායු සෛලද ඒවායේ DNA විහිදුමද අන්වීක්‌ෂීයව හඳුනාගත හැකිය. මේ අලුතින් ස්‌නායු සෛල නිපදවීමේ ක්‍රියාවලිය හෙවත් (neurogenesis) වල අවසාන අදියරයි.

🌼විවිධාකාර කායික සහ මානසික ව්‍යායාම හරහා මොළයේ සෛල වීනාශවී යැම පාලනය කළ හැකිය. එසේම ස්‌නායු සෛල වියපත් වීම වැනි වළකා තරුණ වීමට එය උපකාරයක්‌ වෙයි. මේ පර්යේෂණ මාලාව හරහා ඉදිරි කාලයේදී මොළයට හානිවූ පසුව අලුතින් ස්‌නායු සෛල නිපදවීමේ යාන්ත්‍රණයට මෙය භාවිත කළ හැකිය.

🌼වියපත් වීම හෝ යම් අනතුරක්‌ සිදුවූ පසුව ස්‌නායු සෛල නැවත ප්‍රතිසංවිධානය වීම සත්ත්වයින් තුළ බොහෝ විට සිදුවන නමුත් එය ඒ ආකාරයට මිනිසා වැනි විශේෂ තුළ සිදුනොවන බව විද්‍යාඥ මතයයි. මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන ලන්ඩන් නුවර ස්‌නායු ජීව විද්‍යාව පිළිබඳ රාජකීය ආයතනයේ අංශ ප්‍රධානී ඇන්ඩෲ ලුම්ස්‌ඩෙන් අදහස්‌ කරන්නේ “මිනිසා තුළද මේ ආකාරයට ස්‌නායු ජනනය සිදුවන බව විශ්වාස කිරීමට අප සියලු දෙනාම කැමති බවයි.” මෙය අද  සිදුවන බවට සාක්‌ෂි නොමැති නමුත් ඉතාම ආසන්නයේදී මේ සම්බන්ධව සාක්‌ෂි ලබා ගත හැකි බව ඔහුගේ මතයයි.

🌼බොහෝ දෙනා විශ්වාස කරන්නේ ස්‌නායු සෛල නැවත ඉපදීම, ප්‍රතිසංස්‌කරණය සහ මිනිසාට එනම් (Regenerative) මිනිස්‌ අපගේ කලල අවධියට පමණක්‌ සීමාව පවතින බවයි. කළල අවධියෙන් අනතුරුව මෙම ස්‌නායු සෛලවල නැවත නිර්මාණය සම්පූර්ණයෙන්ම ඇණහිටින බවයි. 19 වැනි සියවසේදී විසූ ස්‌පාඤ්ඤ ජාතික කායව්‍යවඡේද විශේෂඥ සැන්ටියායේ රාමොන් සඳහන් කළේ අපගේ වර්ධනය අඩාල වීම සමඟ මොළයේ ක්‍රියාවන්ද ඇනහිටින බවයි. අණුක ස්‌නායු විද්‍යාවේ පියා ලෙස සලකන්නේ මෙම සැන්ටියායේ රාමොන්ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වැඩිහිටි අවධියට පත්වීම සමඟ ස්‌නායු සෛල නැවත අපට අවශ්‍ය ආකාරයට වෙනස්‌ කළ නොහැකි බවයි. (immutable)

🌼මේ අන්දමට විද්‍යාත්මකව බලපාන ලද එක්‌ සාධකයක්‌ වන්නේ මොළයට යම් අනතුරක්‌ හෝ පහරදීමක්‌ (stroke / blow) සිදුවූ පසුව එම හානිය නොවෙනස්‌ව පැවතීමයි. කතා චලනය අතපය සෙළවීම අඩාල වී යයි. කාලය ගතවීමත් සමඟ වියපත් වීම සමඟ බොහෝ දුරට යළි යළි අලුත්වැඩියා වන අවයව අතර, සම සහ අක්‌මාවට ප්‍රධාන ස්‌ථානයක්‌ හිමිවෙයි. එහෙත් මොළයේ සම මෙන් සරල නොව ඉතා සංකීර්ණ අවයවයයි.

🌼ඇන්ඩෲ ලුම්ස්‌ඩෙන් මේ සම්බන්ධ පවසන්නේ සංකීර්ණ ස්‌නායු රටා ඇතිවූ පසුව එය යළි වැඩි වර්ධනය කරන්නේ කෙසේද යන්න විසඳාගත යුතුව පවතියි. මිනිසාට අතිවිශාල මොළ පරිමාවක්‌ පැවතීමේ අවාසිය මේ අන්දමට අලුතින් සෛල පුනර්ජනයට එය බාධාවක්‌ වීම බවද ඔහු පවසයි. මිනිසුන් සතු නොවන, අනෙක්‌ සතුන් සතුවන මොළයේ සෛල යළි වර්ධනය වීමේ හැකියාව සම්බන්ධව ප්‍රථම සාධකය 1980 දශකයෙන් ලැබෙයි. නිව්යෝර්ක්‌ සරසවියේ පර්යේෂක ප්‍රනාන්දු නොටෙව්බෝට්‌ මේ අධ්‍යයනය දියත්කළ අතර, බ්‍රිතාන්‍යයේ වෙසෙන ගී ගයන කුරුල්ලන් වර්ගයක්‌ වන Canaries වරුන් සෑම වසරකම තමන් ගායනා කරන ගීත වෙනස්‌ බව සොයා ගන්නා ලදී. මොවුන්ගේ ගී ගයන හැකියාව පාලනය කරන මොළයේ කොටස වසන්ත කාලයේදී වර්ධනය වන අතර, අනෙක්‌ කාලවලදී හැකිලී යන බව අනාවරණය වන ලදී. මේ අනුව වැඩිහිටි අවස්‌ථාවේදීද ස්‌නායු සෛල නිපදවන බවට ඉඟියක්‌ ලැබෙයි.

🌼මේ අනුව කුරුල්ලන් තුළ වැඩිහිටි අවස්‌ථාවේදීද ස්‌නායු සෛල පුනර්ජීවයක්‌ ලබන බව තහවුරු වෙයි. එහෙත් ක්‌ෂීරපායී සත්ත්වයන්ගේද මේ අන්දමට මොළයේ වෙනස්‌වීම සහ ස්‌නායු සෛල වර්ධනයන් වැඩිහිටි අවස්‌ථාවේදී සිදුවී දැයි සොයා බැලිය යුතුව ඇත. 1992 වසරේදී කැනඩාවේ ඇල්බෙරටා සරසවියේ පර්යේෂකයන් පිරිස මීයන්ගේ මොළයේ පවතින සෛල වර්ගය ඉන් වෙන්කර ගැනීමට සමත් වූහ. මෙම සෛල අපගේ ශරීරයේ දෛනික සෛලවලට සමාන බව පර්යේෂණ මතයයි. මෙම සෛලවලට ශරීරයේ ඕනෑම සෛල වර්ගයක්‌ බවට පත්කිරීමේ හැකියාව පවතියි. මෙම සෛල නිවැරදි තත්ත්වය යටතේ විභජානණයට පත්වී මෙම අවශ්‍ය ආකාරයේ සෛල නිර්මාණය වෙයි. මේ නිසා මීයන්ගෙන් වෙන්කර ගත් සෛලවලට අවශ්‍ය කාණ්‌ඩවලදී මොළයේ සෛල හෝ ස්‌නායු සෛලවලට පත්විය හැකිය.

🌼මෙසේ නියුරෝන – ස්‌නායු සෛල – බවට පත්වන සෛල, ස්‌නායු සෛල මෙන්ම ක්‍රියා කරන්නේ දැයි විමසා බැලිය යුතුය. මේ සම්බන්ධව කැලිෆොනියා සරසවිය සඳහන් කරන්නේ මෙම සෛල, ස්‌නායු සෛල බවට පත්වූ පසුව ඒ ක්‍රියාකාරීත්වයම දරන බවය. මෙය සංකීර්ණ ක්‍රියාවලියකි. පළමුව රුධිරය වෙතට Brd U නව රසායනය එන්නත් කිරීම සිදුකරයි. මෙය DNA වල ගොඩනැඟීමේ ඒකකයනට සමාන වෙයි. මෙම රසායනය ඉන් අනතුරුව නව සෛල තුළට ඇතුළුවී ජාන පදනම ලෙස ක්‍රියා කරයි.මෙය ආගන්තුක ද්‍රව්‍යය නිසා මෙම රසායනයට එරෙහිව ප්‍රතිදේහ ක්‍රියාකරන බැවින් මේවාට සාමාන්‍ය DNA ලෙස ක්‍රියාකිරීමට අපහසු වෙයි. කෙසේ වුවත් මෙම රසායනය මීයන්ගේ මොළයේ සෛලවලින් නව සෛල බිහිකරගැනීමට සළකුණක්‌ ලෙස යොදාගත හැකි සමහර ප්‍රතිදේහ නිර්මාණය වන්නේ මෙම නව ස්‌නායු සෛල හමුවේ පමණක්‌ බවද පර්යේෂකයන් පෙන්වා දෙති.

🌼පර්යේෂණය මඟින් සොයාගෙන ඇති පරිදි මීයන්ගේ මොළයේ මෙම නව ස්‌නායු සෛල තිබෙන්නේ ප්‍රධාන කලාප දෙකකය. ඒ මොළයේ කෝෂිකා අතර කලාපයේ බිත්තිවලය. අලුත උපන් කළල වල මොළය සැළකූ විට එය නළයක්‌ ආකාරයට පවතින නිසා ස්‌නායු ජනනය මෙම ස්‌නායු නළයේ බිත්ති ආශ්‍රිතව සිදුවන්නකි. මෙම ස්‌ථානයේ යම් ස්‌නායු සෛල විහිදී ඉවතට යැම නිසා මොළය සහ සුෂුම්නාව නිර්මාණය වෙයි. මෙම ස්‌නායු නළයේ මධ්‍යයේ සෑදෙන කුහර කෝෂිකා (ventricals) ලෙස පවතියි.

🌼නිපදවන ස්‌නායු සෛලවලින් වඩා ඉවතට විහිදී යන සෛලවල ගඳ සුවඳ පාලනය කරන Olfactory bulb ප්‍රදේශයක්‌ සෑදෙයි. අනෙක්‌ සෛල මොළයේ පතුලේ පිහිටි හියෝකම්පස්‌ ප්‍රදේශය සාදයි. අපගේ මොළයේ මතකය පාලනයට මෙම ප්‍රදේශය ඉතා වැදගත් වෙයි. අලුත බිහිවෙන සෛල වලින් මතකය, ඉගෙන ගැනීම යන වැදගත් මානසික ක්‍රියා පාලනය වෙයි.

🌼1990 දශකය තුළදී වඳුරන් වර්ගයක්‌ වන  macaques ආශ්‍රිතව කළ අධ්‍යයනයකදී හෙළිවූයේ ඔවුන්ගේ මොළයේ ආශ්‍රිතව හිපෝකැම්පස්‌ ප්‍රදේශය අලුතින් සෛල බිහිවන බව අනාවරණය වී ඇත. මීයන්ට වඩා මිනිසුන්ට වඩාත්ම සමීප සත්ත්ව කොට්‌ඨාසය වන්නේද වඳුරන්ය. මේ නිසා පර්යේෂකයනගේ මීළඟ ඉලක්‌කය මිනිස්‌ මොළයේ අභ්‍යන්තරය දැකීමයි.

🌼දරුණු පිළිකා රෝගවලින් පෙළෙමින් මාරණාසන්නව සිටි පුද්ගලයන් 05 දෙනෙකුගේ ශරීරයට Brd.U රසායනය එන්නත් කිරීම හරහා මේ සම්බන්ධව අධ්‍යයනයන් දියත් කිරීමට යේ- ප්‍රමුඛ විද්‍යාඥ පිරිසක්‌ සමත් වූහ. ඉන්පසුව ඉතා හොඳින් පිළිකාව පවතින ස්‌ථානය නිරීක්‌ෂණය විය. මෙම රෝගීන් මියගිය පසුව මොළය පරීක්‌ෂා කිරීමේදී මොළය ආශ්‍රිතව Brd.U වැඩුන සෛල දැකගත හැකිවිය. එය වෛද්‍ය විද්‍යාත්මකව ඉතා වැදගත් රසායනයක්‌ විය.

🌼මෙම අධ්‍යයනය මගින් මිනිස්‌ මොළය පුනර්ජනනය කර ගැනීමට සම්පූර්ණයෙන්ම තහවුරු නොවන නමුත් එය වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සොයා ගැනීමකි. වයස අවුරුදු සියය (100) ඉක්‌මවා ජීවත්වූ පුද්ගලයන්ගේ මොළයන්ද ඉහත වර්ණකවලට ලක්‌වීමට ඉඩ සලසා ඔවුන් මියගිය පසුව මොළය පරීක්‌ෂා කිරීමේදී මීයන් ආශ්‍රිතව කළ අධ්‍යයනයන්ට සමාන ප්‍රතිඵල ලැබී ඇත.වයස්‌ගත වීම සහ අලුතින් ස්‌නායු සෛල බිහිවන ප්‍රමාණය අඩුවන නමුත්, ස්‌නායු සෛල ජනනය සිදුවන බව පර්යේෂණ මතයයි. අපස්‌මාරය රෝගය වැළඳී ශල්‍යකර්මවලට භාජනය කළ රෝගීන්ගේ මොළ ආශ්‍රිතවද මේ අන්දමට ස්‌නායු සෛල ජනනය වන බව සොයාගෙන ඇත.

🌼අපස්‌මාරය රෝගයට ගොදුරුවන පුද්ගලයන්ගේ හිපෝකැම්පස්‌ ආශ්‍රිතව සිදුකරන ශල්‍ය කර්මයකින් අදාළ කොටස ඉවත් කිරීම මගින් සුවය ලබා දෙයි. මෙම කපා ඉවත්කරන හිපෝකැම්පස්‌ කොටස පරීක්‌ෂාවේදී ස්‌නායු සෛල ජනනය වන බව හෙළිවී ඇත. මෙම සෛල වෙන්කරගෙන වෙනමම ප්‍රෙටි්‍රදීසිවල වගා කිරීමට නොහැකිවන නමුත් ස්‌වාභාවිකව හෙළිවන තොරතුරුවලින් සුභවාදී ආරංචියක්‌ ජෛව විද්‍යාඥයන්ට හිමිවෙයි.

🌼ආඝාතය, ඇල්ෂයිමර් රෝගය සහ පාර්කින්සන් වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙම නව ස්‌නායු ජනන උපාය හරහා අනාගතයේදී රෝගයන් විඳීමට අවස්‌ථාව උදාවෙනු ඇත. මානසික ආතතිය සහ ඇල්ෂයිටර් වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ මොළයේ හිපෝකැම්පය ප්‍රදේශය ප්‍රමාණයෙන්ද කුඩා වෙයි. මේ නිසා ස්‌නායු සෛල ජනනයද අඩාල වෙයි.

🌼මීයන් ආශ්‍රිතව සිදුකළ අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ වඩා හිතකර සහ ප්‍රියංකර පරිසරවල ජීවත්වන විට මොළයේ ස්‌නායු සෛල ජනනය වඩා උත්තේජනය වන බවය. සතුට ඇතිකරන රසායන හෝ ඖෂධ මගින් මොළයේ වියපත්වීම මේ අනුව පාලනය කළ හැකිය. කෙසේ වුවත් මිනිසුන් සම්බන්ධව මෙය කොතෙක්‌ දුරට සාර්ථක වේදැයි තවදුරටත් අධ්‍යයන සිදුවිය යුතුව තිබේ.මොළයේ සෑම ප්‍රදේශයක්‌මද මේ අන්දමට ස්‌නායු ජනනය නොවන බව විද්‍යාඥ මතයයි.විශේෂයෙන් මොළයේ බාහික ප්‍රදේශවල ස්‌නායු සෛල ජනනය සිදු නොවෙයි. මේ නිසා මිනිසා තුළ ස්‌නායු සෛල අලුත්වැඩියාව ගැන සිතීමට තව බොහෝ දේ ඉතිරි කර ඇත.

▶️▶️වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතාගේ සටහනක් ඇසුරෙනි.◀️◀️


Like it? Share with your friends!

11 SHARES
11 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මොළය රෙපයාර් කරනු ලැබේ

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes